ධවල පත්‍රිකාව - දෙබිඩි පිළිවෙත් අලුත් දෙයක් නොවේ

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113

    ධවල පත්‍රිකාව​

    රාජ්‍ය මන්ත්‍රණ සභාවේ එවකට අධ්‍යාපන ඇමැතිව සිටි සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා විසින් ඉදිරිපත් කොට සම්මත කරගනු ලැබූ නිදහස්‌ අධ්‍යාපන පනතින් පසු ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ විශාල වෙනසක්‌ ඇතිකිරීම අරමුණු කොටගත් අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ යෝජනා හෙවත් අධ්‍යාපන ධවල පත්‍රිකාව එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුවේ යෞවන කටයුතු, රැකීරක්‍ෂා සහ අධ්‍යාපන ඇමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ 1982 ජනවාරි මස 21 දාය.
    එහෙත් මෙම අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ යෝජනා මුලින්ම ප්‍රකාශයට පත්කරන ලද්දේ 1981 අගෝස්‌තු මාසයේ දීය. පවතින අධ්‍යාපන ක්‍රමය උඩුයටිකුරු කිරීමට හේතුවන මෙම අධ්‍යාපන ධවල පත්‍රිකාවට රටපුරා සිව්දෙසින් දැඩි විරෝධයක්‌ එල්ල විය.
    මෙම අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ යෝජනා වල අඩංගු වී තිබූ ප්‍රධාන යෝජනා කිහිපයක්‌ මෙසේය.
    • පෙර පාසල් පවත්වාගෙන යැම පෞද්ගලික අංශයට පැවැරේ.
    • බාලාංශ පංතිය අහෝසි කෙරේ.
    • පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කෙරේ.
    • ඒ වෙනුවට 8 වැනි ශ්‍රේණියේ සිසුන් සඳහා විභාගයක්‌ පවත්වනු ලබන අතර ඉහළ පංති වලට යොමු කරන්නේ ඉන් සමත්වන අය පමණි. එමෙන්ම අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට ඉඩ ලැබෙන්නේද 8 වැන්නේ රජයේ විභාගයෙන් සමත්වන අයට පමණි.
    • අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය කෙරේ.
    • එසේම අ.පො.ස. උසස්‌ පෙළ පංතිවලටද ඉංග්‍රීසි භාෂාව අනිවාර්යවේ.
    • පෞද්ගලික පාසල් ආරම්භ කිරීමට අවසර දෙනු ලැබේ.
    • පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක්‌ පිහිටුවීමටද අවසර දෙනු ඇත.
    • රජයේ පාසල් ඒකීය පාසල් හා පර්ෂද (පොකුරු) පාසල් වශයෙන් වර්ග කරනු ඇත.
    • ඒකීය පාසල් පවත්වාගෙන යැම සඳහා රජයේ ආධාර නොලැබෙන අතර එම පාසල්වල නඩත්තු කටයුතු දෙමාපියන් විසින් දැරිය යුතුය.
    • පෞද්ගලික පාසල් ආරම්භ කළ විට ඒවායේ ගුරුවරුන්ගේ වැටුප් රජය මගින් ගෙවනු ලැබේ.
    • විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගනු ලබන්නේ අ.පො.ස. උසස්‌ පෙළ ප්‍රතිඵල මත නොව ඒ සඳහා පවත්වන විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණය මගිනි. සිසුන්ට මෙම විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණයට පෙනී සිටිය හැක්‌කේ දෙවතාවක්‌ පමණි.
    මෙවැනි යෝජනා රාශියකින් යුත් අධ්‍යාපන ධවල පත්‍රිකාවට විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂවලින් මෙන්ම රටේ සෑම දෙසින්ම දැඩි විරෝධතා එල්ලවන්නට වූයෙන් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමද කිහිපවරක්‌ම කල් දැමීමට අධ්‍යාපන ඇමැතිවරයාට සිදුවිය. මහාචාර්ය විශ්වා වර්ණපාල, මහාචාර්ය මැන්දිස්‌ රෝහණධීර, මහාචාර්ය බන්දුසේන ගුණසේකර,නීල් ප්‍රැන්සිස්කු මහතා ඇතුළු ප්‍රවීණ අධ්‍යාපනඥයන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ගුරු සංගම් ද මෙම අධ්‍යාපන ධවල පත්‍රිකාවේ අදාළ යෝජනා පිළිබඳව මාධ්‍ය මගින් ජනතාව දැනුවත් කළහ.
    මෙම අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ යෝජනා ඇතුළත් අධ්‍යාපන ධවල පත්‍රිකාව මගින් බෞද්ධ අධ්‍යාපනයට සිදුවන හානිය පෙන්වාදෙමින් මඩිහේ පඤ්Æසීහ මහ නාහිමියන්, බද්දේගම විමලවංශ අනුනායක හිමියන්, අකුරැටියේ අමරවංශ නායක හිමියන් වැනි සම්භාවනීය පැවිදි නායක හිමිවරුන්ගේ අනුශාසකත්වයෙන්ද ගිහි බෞද්ධ නායකයකු වූ අධිනීතිඥ සිරි පෙරේරා මහතාගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා බෞද්ධ සමිති නියෝජිත සභාව රටපුරා ප්‍රබල විරෝධතා ව්‍යාපාරයක්‌ ගෙන ගියේ මේ පිළිබඳව ගිහි බෞද්ධ ජනතාව සහ භික්‍ෂුන් වහන්සේලා දැනුවත් කිරීම සඳහාය.
    මේ හැර කොළඹ පරම විඥනාර්ථ බෞද්ධ සංගමයද මෙම ධවල පත්‍රිකාව මගින් සිංහල භාෂාවට සහ බෞද්ධ අධ්‍යාපනයට සිදුවන විනාශය පැහැදිලි කරමින් දීර්ඝ ප්‍රකාශනයක්‌ නිකුත් කොට තිබිණි.
    එක්‌සත් ජාතික පක්‍ෂ ආණ්‌ඩුව මෙම අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ යෝජනා ගෙන එන්නේ ශ්‍රී ලංකාවට ණය ලබාදීමේ දී ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අධ්‍යාපනය කප්පාදු කිරීම සඳහා ඉදිරිපත් කොට ඇති කොන්දේසි ඉටු කිරීමක්‌ වශයෙන් යෑයි විපක්‍ෂ නායකයෝ පෙන්වා දුන්හ.
    රජයේ පාසල්වලින් වැඩි ප්‍රමාණයක ඉංග්‍රීස s ඉගැන්වීම සඳහා අවශ්‍ය තරම් ගුරුවරුන් නොමැති වීම හා පහසුකම් නොතිබීම හේතුවෙන් (විශේෂයෙන් ගම්බද පාසල්වල) සිසුන්ගෙන් බහුතරයකට ඉංග්‍රීසි ඉගෙන ගැනීමට අවස්‌ථාවක්‌ නොමැති තත්ත්වයක්‌ තුළ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට හා විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණයට ඉංග්‍රීසි අනිවාර්ය කිරීම අධ්‍යාපනඥයන්ගේ හා දේශපාලන පක්‍ෂවල දැඩි විරෝධයට හේතු විය. ගම්බද දුප්පත් දෙමවුපියන්ගේ දරුවන්ට මේ නිසා උසස්‌ අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්‌ථාව අහිමි වන බවත් උසස්‌ අධ්‍යාපනය ධනවතුන්ගේ දරුවන්ට සීමාවන බවත් ඔවුහු පෙන්වා දුන්හ.
    එසේම ප්‍රධාන නගරවල තිබෙන සියලු පහසුකම් වලින් යුත් පාසල් ඒකීය පාසල් වශයෙන් හඳුන්වා, ඒවා පවත්වාගෙන යැම දෙමවුපියන්ට පැවැරීමට යැමෙන් දුප්පත් දෙමවුපියන්ගේ දරුවන්ට ඒවායේ දොර වැසී එම පාසල් ධනවතුන්ගේ දරුවන්ට සීමාවන බවටද ඔවුහු චෝදනා කළහ.
    පෞද්ගලික පාසල් ආරම්භ කිරීමට ඉඩදීම හා ඒවායේ ගුරුවරුන්ගේ වැටුප් රජය මගින් ගෙවීමට යැම හේතුවෙන් එම පාසල්ද ධනවතුන්ගේ දරුවන්ට සීමාවනු ඇතැයිද මෙරට අධ්‍යාපනය හැසිරවීම පෞද්ගලික අංශය යටතට පත්වනු ඇතැයිද බොහෝ අධ්‍යාපනඥයන් පෙන්වා දී තිබිණි.
    තවද ධවල පත්‍රිකාව මගින් යෝජිත තාක්‍ෂණික අධ්‍යාපන ආයතන පිහිටුවීම හා ඒවා පවත්වාගෙන යැමට පෞද්ගලික අංශයට පැවැරීමෙන්, ඒවායේ අධ්‍යාපනය ලැබීමට දුප්පත් දරුවන්ට අවස්‌ථාව නොලැබෙන අතර ඒවාද ධනවතුන්ගේ දරුවන්ට සීමාවනු ඇතැයි ද විද්වත්හු පෙන්වා දුන්හ.
    සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා විසින් ආරම්භ කළ නිදහස්‌ අධ්‍යාපන ක්‍රමය මෙම අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ යෝජනා ක්‍රියාත්මක වුවහොත් මුළුමනින්ම විනාශ වී ගොස්‌ අධ්‍යාපන පහසුකම් සියල්ල සුපිරි පන්තියට සීමාවන බව පවසමින් විශ්වවිද්‍යාල සිසුන්, පාසල් සිසුන්, වෘත්තිය සමිති, මහජන සංවිධාන මෙයට විරුද්ධව රටපුරා විශාල උද්ඝෝෂණ ව්‍යාපාර ආරම්භ කරන්නට විය.
    මෙම අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ යෝජනා ඇතුළත් අධ්‍යාපන ධවල පත්‍රිකාව කෙසේ හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කරගැනීමට අධ්‍යාපන ඇමැති රනිල් වික්‍රමසිංහ මහතා දැඩි උත්සාහයක්‌ ගත්තේය. ඒ අනුව 1982 ජනවාරි 6 දින මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. එහෙත් ආණ්‌ඩු පක්‍ෂයේ සෙසු මැති ඇමැතිවරුන්ගෙන් එයට යහපත් ප්‍රතිචාර නොලැබිණි. එදින පෙරවරුවේ පැවැති ආණ්‌ඩු පක්‍ෂ පාර්ලිමේන්තු කණ්‌ඩායම් රැස්‌වීමේදී කතා කළ මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු තමන්ට මෙම ධවල පත්‍රිකාවේ අඩංගු යෝජනා තවදුරටත් අධ්‍යයනය කිරීමට අවශ්‍ය බැවින් එය පාර්ලිමේන්තුවේ සාකච්ඡා කිරීම කල් දමන්නැයි ඉල්ලා සිටියහ. ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන මහතා එම ඉල්ලීමට ඉඩදීම නිසා ධවල පත්‍රිකාව එදින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නොහැකි වූ අතර එය 1982 ජනවාරි 21 වැනි දින පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට තීරණය විය.
    ඒ අනුව යළිත් ජනවාරි 21 දා මෙම ධවල පත්‍රිකාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරද්දී රටපුරා පාසල්, විශ්වවිද්‍යාල, කාර්මික විද්‍යාලවල සිසුන් පාරට බැස එයට විරුද්ධව උද්ඝෝෂණ කරන්නට වූහ.
    ගාලුමුවදොර පිහිටි පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල අවට දැඩි පොලිස්‌ ආරක්‍ෂාව යොදවා තිබූ නමුත් දහස්‌ ගණන් සරසවි සිසුන් හා භික්‍ෂුන් වහන්සේලා අධ්‍යාපන ධවල පත්‍රිකාවට විරෝධය පළ කිරීම සඳහා ගාලු මුවදොර පාර්ලිමේන්තුව ඉදිරිපිට රැස්‌වූහ.
    එහිදී පොලිසිය සිසුන්ට පහරදුන් අන්දම 'ඇත්ත' පුවත්පත වාර්තාකොට තිබුණේ මෙසේය.
    "අධ්‍යාපන ධවල පත්‍රිකාව ඉරාදමව්, නිදහස්‌ අධ්‍යාපනය කප්පාදු නොකරනු, වරප්‍රසාද ලත් කොටසකට උසස්‌ අධ්‍යාපනය යළි සීමා නොකරව්" ආදී වශයෙන් වූ සටන් පාඨ ලියූ පුවරු ප්‍රදර්ශනය කරමින් සාමකාමීව පදිකවේදිකාවේ පෙළගැසී සිටි භික්‍ෂුන් වහන්සේලාට සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පොලිසිය පහරදුන්නේය. අශ්වයින් පිට නැඟුණු පොලිස්‌ නිලධාරීහු පිරිසක්‌ සිසුන්ගේ ඇඟට අශ්වයන් පැන්නවූහ. කරකියා ගන්නට දෙයක්‌ නැතිවූ අහිංසක සිසුහු මුහුදට පැන්නාහ. මෙහිදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් කිහිප දෙනෙක්‌ම තුවාල ලැබූහ.
    අශ්වාරෝහක පොලිස්‌කාරයන් සිසුන් වෙත අශ්වයන් පන්නා ඔවුන් පලවා හැරියේ අශ්වයාට තලන කසයෙන් සිසුන්ට පහර දෙමිනි. ඇතැම් භික්‍ෂුන් වහන්සේලාටද එම පොලිස්‌කාරයෝ අශ්ව කසයෙන් පහර දුන්හ.
    මේ අවස්‌ථාවේදී ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු ගොඩනැඟිල්ලේත්, ඇතැමුන් එම බිම් ප්‍රදේශයේත් සිට මේ දර්ශනය නරඹනු දක්‌නා ලදී.
    පොලිසියේ මෙම අස්‌ප පහරදීම වරින්වර සිදුවූ නමුත් සිසුහුද සටන් පාඨ කියමින් යළි යළිත් පදික වේදිකාවේ පෙළ ගැසුණාහ.
    කීප වතාවක්‌ම මෙසේ සිදුවෙද්දී කුළු පොලු රැගත් කැරලි මර්දන පොලිස්‌ හමුදාවක්‌ද එම ස්‌ථානයට පැමිණ සිසුන් පසුපස එළව එළවා පහර දෙන්නට වූයේය. එයින් සිසුහු කීප දෙනෙක්‌ම තුවාල ලැබූහ.
    විරෝධතා සටන් පාඨ කියමින් මුලින්ම රැස්‌ව සිටි පිරිස පන්සියයක්‌ පමණ වූ අතර, පසුව එම පිරිසට හතරවටින්ම පැමිණි විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සහ මහා සංඝරත්නයද එක්‌වූහ. අන්තිමේදී මේ විරෝධතා ව්‍යාපාරයට දෙදහසකට අධික පිරිසක්‌ එක්‌ව සිටියහ".
    මේ අතර කොළඹ ආනන්ද ,නාලන්ද, තර්ස්‌ටන්, ඉසිපතන ආදී ප්‍රධාන පාසල්වල සිසුන්ද වෛද්‍ය විදයාලය, නීති විද්‍යාලය, කාර්මික විද්‍යාලය ආදී ප්‍රධාන අධ්‍යාපන ආයතනවල සිසුන්ද පිට පළාත් වල පාසල් සිසුන්ද අධ්‍යාපන ධවල පත්‍රිකාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දිනයේ (21 දා) පාර ට බැස උද්ඝෝෂණ පැවැත්වූහ.
    අන්තිමේදී රටේ සෑම දෙසින්ම එල්ල වූ විරෝධය මධ්‍යයේ යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ ඇතුළත් අධ්‍යාපන ධවල පත්‍රිකාව ඉවත්කර ගැනීමට එවකට අධ්‍යාපන ඇමැතිව සිටි රනිල් වික්‍රමසිංහ මහතාට සිදුවිය.

    එහෙත් වර්තමාන විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්‌සත් ජාතික පක්‍ෂය, වර්තමාන රජය, අධ්‍යාපනයට වෙන් කරන මුදල් කපා හරිමින් නිදහස්‌ අධ්‍යාපනය අහෝසි කිරීමට ක්‍රියාකරන බවට චෝදනා කරමින් රටපුරා රැස්‌වීම් පැවැත්වීමට තීරණය කොට තිබීම දෛවයේ සරදමක්‌ නොවන්නේද?
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Wikipedia article එකක් හදන විදිය දන්නෙ නැති ගොබ්බයෙක් ලියපු එකක්නෙ මේ 🤦‍♂️
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567

    මේක කරන්න තිබුන වැඩක්. දැන් හරි කරොත් ලොකු දෙයක්
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මේක කරන්න තිබුන වැඩක්. දැන් හරි කරොත් ලොකු දෙයක්
    උබ කොහොමද දන්නේ නැහැ මම නම් මෙහෙම කොටන්න මෙතන නැති වෙයි මේක උනා නම්

    රටේ වැඩි පිරිසකට අද්‍යාපනය නැති වෙනවා කියලා උබට තේරෙන්නේ නැත්තේ උපතින් සල්ලි කාරයෙක් වෙන නිසා වෙන්න ඕනේ

    දැන් යම් ප්‍රමාණයකට මේ දේවල් කරන්න පුළුවන් වෙයි මොකද දැන් යමක් කරගන්න පුළුවන් මිනිස්සු වැඩි ප්‍රමාණයක් රටේ ඉන්න නිසා

    නමුත් එසේ නොහැකි වෙන අයට රජයේ පුර්ණ අනුග්‍රහය යටතේ ඒ දේවල් ලබාදෙන වැඩපිළිවෙලක් නැතිව රටේ වරප්‍රසාද ලත් පිරිසකට විතරක් අධ්‍යාපනය සිමා නොවිය යුතුයි

    රටක් එසවෙන්නේ වැඩි පිරිසක් දැනුමෙන් පෝෂණය උන විටයි
     
    දැන් 1982 ඉඳල ඕක වෙලා රට ඉස්සිලද තියෙන්නෙ... 😂education kiyanne dollar hoyanna puluvan ekak.. private medical college ehema damma nan dollar billion ganak hoyanna thibuna.. rate vadi pirisakata bari venne salli nathi nisa neda?? Ita vada honda nadda govithan karana ayata ehema vadipura salli ena vidiyak haduva nan.. ethakota un viyadan karai

    Upathin salli karayek nemei.. mn gov uni ekakin degree ekak gaththa kenek.. dan rata inne.. mege education eka ekka baladdi lankave kisima skill ekak develop venne na..mn oka uba dammam thamai dana gaththe.. Ranila patta mola karayek
    ------ Post added on Aug 5, 2022 at 8:05 PM
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    First what is a White Paper and why do you put a white paper needs to be understood. In sri lanka there are lot of people who do not want a change for better or worse. These include uni staff, doc, lawyers and other professional bodies etc.
    then comes the most dangerous lot the opposition (irrespective of part in opposition) so we will be like this for near furture.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,891
    113
    Fantasy
    ඕකට "ධවල" පත්‍රිකාව කියන්නේ ඇයි සින්හලු. සුදු කොලේකද ප්‍රින්ට් කරලා තිබ්බේ
     
    • Love
    Reactions: sarika406

    Domainnasa

    Well-known member
  • Nov 30, 2009
    421
    762
    93
    දැන් හරි හදිසි නීතිය පනවල හරි කරන්න ඕන දෙයක්. අපි එකා පිට එකා මැරුණත් මේක මේ සැරේ කරනව. ධවල පත්‍රිකාව අනාගතය දැක්මක්. බණ්ඩාරනායක #රිය කරපු විනාශය ආපහු හරවන්න ධවල පත්‍රිකාවට පුළුවන්.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    what a great policy 😍

    if this was implemented back then we would be a top country today
    These are the reasons that this act couldn’t pass

    රජයේ පාසල්වලින් වැඩි ප්‍රමාණයක ඉංග්‍රීස s ඉගැන්වීම සඳහා අවශ්‍ය තරම් ගුරුවරුන් නොමැති වීම හා පහසුකම් නොතිබීම හේතුවෙන් (විශේෂයෙන් ගම්බද පාසල්වල) සිසුන්ගෙන් බහුතරයකට ඉංග්‍රීසි ඉගෙන ගැනීමට අවස්‌ථාවක්‌ නොමැති තත්ත්වයක්‌ තුළ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට හා විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණයට ඉංග්‍රීසි අනිවාර්ය කිරීම අධ්‍යාපනඥයන්ගේ හා දේශපාලන පක්‍ෂවල දැඩි විරෝධයට හේතු විය. ගම්බද දුප්පත් දෙමවුපියන්ගේ දරුවන්ට මේ නිසා උසස්‌ අධ්‍යාපනය ලබා ගැනීමේ අවස්‌ථාව අහිමි වන බවත් උසස්‌ අධ්‍යාපනය ධනවතුන්ගේ දරුවන්ට සීමාවන බවත් ඔවුහු පෙන්වා දුන්හ.
    එසේම ප්‍රධාන නගරවල තිබෙන සියලු පහසුකම් වලින් යුත් පාසල් ඒකීය පාසල් වශයෙන් හඳුන්වා, ඒවා පවත්වාගෙන යැම දෙමවුපියන්ට පැවැරීමට යැමෙන් දුප්පත් දෙමවුපියන්ගේ දරුවන්ට ඒවායේ දොර වැසී එම පාසල් ධනවතුන්ගේ දරුවන්ට සීමාවන බවටද ඔවුහු චෝදනා කළහ.
    පෞද්ගලික පාසල් ආරම්භ කිරීමට ඉඩදීම හා ඒවායේ ගුරුවරුන්ගේ වැටුප් රජය මගින් ගෙවීමට යැම හේතුවෙන් එම පාසල්ද ධනවතුන්ගේ දරුවන්ට සීමාවනු ඇතැයිද මෙරට අධ්‍යාපනය හැසිරවීම පෞද්ගලික අංශය යටතට පත්වනු ඇතැයිද බොහෝ අධ්‍යාපනඥයන් පෙන්වා දී තිබිණි.
    තවද ධවල පත්‍රිකාව මගින් යෝජිත තාක්‍ෂණික අධ්‍යාපන ආයතන පිහිටුවීම හා ඒවා පවත්වාගෙන යැමට පෞද්ගලික අංශයට පැවැරීමෙන්, ඒවායේ අධ්‍යාපනය ලැබීමට දුප්පත් දරුවන්ට අවස්‌ථාව නොලැබෙන අතර ඒවාද ධනවතුන්ගේ දරුවන්ට සීමාවනු ඇතැයි ද විද්වත්හු පෙන්වා දුන්හ.
    සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා විසින් ආරම්භ කළ නිදහස්‌ අධ්‍යාපන ක්‍රමය මෙම අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ යෝජනා ක්‍රියාත්මක වුවහොත් මුළුමනින්ම විනාශ වී ගොස්‌ අධ්‍යාපන පහසුකම් සියල්ල සුපිරි පන්තියට සීමාවන බව පවසමින් විශ්වවිද්‍යාල සිසුන්, පාසල් සිසුන්, වෘත්තිය සමිති, මහජන සංවිධාන මෙයට විරුද්ධව රටපුරා විශාල උද්ඝෝෂණ ව්‍යාපාර ආරම්භ කරන්නට විය.

    මේ පහත විදියට කරන්න ගියා නම් විශාල ගම්බද සිසුන් පිරිසක් අධ්‍යාපනයෙන් හැලෙනවා ඒක උනාම ආයේ ඒ පරම්පරා දියුණු වීමක් වෙන්නේ නැහැ රටක කොටසක් විතරක් දියුණු වෙලා ඒ රට දියුණු කරන්න මේ කපේට බැහැ
    • අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට ඉංග්‍රීසි භාෂාව අනිවාර්ය කෙරේ.
    • එසේම අ.පො.ස. උසස්‌ පෙළ පංතිවලටද ඉංග්‍රීසි භාෂාව අනිවාර්යවේ.

    ඉංග්‍රීසි භාෂාවක් හැටියට රටේම ඉහලට ගෙන ඒමට අවශ්‍ය නම් එය පටන් ගත යුත්තේ දරුවන්ගේ කුඩා අවදියෙයි ඒක ලෝකේ විද්‍යාත්මකව ඔප්පු කරපු දෙයක්

    • පෙර පාසල් පවත්වාගෙන යැම පෞද්ගලික අංශයට පැවැරේ
    මේක නෙවෙයි වෙන්න ඕනේ ලංකාවේ ජනගහනය බෙදී ඇති භුමි විෂමතාවය අනුව රජයට පුලුවන්නම් ප්‍රාථමික පාසැල් පවත්වාගෙන යන්න ඉහල තත්වයන් යටතේ ඉංග්‍රීසි හා තාක්ෂනය හැකි ඉහලම මට්ටමින් ලබා දෙමින් ඒක ලොකු වෙනසක් කරාවි රටේ අවුරුදු 15ක් ඇතුලත

    මේ අතර රජයට පුළුවන් රාජ්‍ය සේවය ක්‍රමයෙන් ඉංග්‍රීසි භාෂාව හා තාක්ෂනය දෙසට හරවන්න කඩඉම් විභාග කිහිපයක් යටතේ යම් දීමනාවක් දෙනවා කිව්වා නම් අර පෙර පාසැල් සිසුන් වැඩ කරන කාලේ එනකම් (අවු 20ක් වගේ) ගොඩක් රාජ්‍ය සේවකයෝ ඒ දියුණු වීම ලබයි.

    අනෙක් අතට රාත්‍රී පාසැල් ක්‍රමයක් ( ඒ කාලේ හැටියට, දැන් නම් ලේසි ක්‍රම තියෙනවා) විශේෂයෙන් ගම ආශ්‍රිතව ඉංග්‍රීසි හා තාක්ෂනය සදහා එහෙනම් අවුරුදු 15ක් යද්දී රටේ ලොකු වෙනසක් කරන්න තිබ්බා

    • විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කරගනු ලබන්නේ අ.පො.ස. උසස්‌ පෙළ ප්‍රතිඵල මත නොව ඒ සඳහා පවත්වන විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණය මගිනි. සිසුන්ට මෙම විශ්වවිද්‍යාල ප්‍රවේශ පරීක්‍ෂණයට පෙනී සිටිය හැක්‌කේ දෙවතාවක්‌ පමණි.
    මේ මොකද්ද ?
    අ.පො.ස. උසස්‌ පෙළ පස්සේ ඇයි තව විභාගයක් වියදමත් වැඩියි උසස් අධ්‍යාපන අවස්ථාවත් අඩු වෙන එකනේ මේකෙන් වෙන්නේ හරි නම් O/L ෆේල් වෙන කෙනාටත් උසස් අධ්‍යාපන අවස්තාවක් නිර්මාණය කිරීමයි වෙන්න ඕනේ
    ------ Post added on Aug 6, 2022 at 8:06 AM
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,536
    3,961
    113
    igena gena wadi wunamth prashna.
    okkotoma one office wala wda kranna

    kuburaka bahala wada kranna ekek na
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    igena gena wadi wunamth prashna.
    okkotoma one office wala wda kranna

    kuburaka bahala wada kranna ekek na
    කුබුරට බහින්න එවුන් හදන්නද බං අද්‍යාපනය තියෙන්නේ අනික ඉගෙන ගත්ත එකෙක්ට කුබුරකට බහින්න තහනමක් නැහැනේ දැනටත් ඔෆිස් වල ඉන්න කී දෙනෙක් කුබුරු කරනවද ? මාරයි උබලා හිතන විදිය
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    කුබුරට බහින්න එවුන් හදන්නද බං අද්‍යාපනය තියෙන්නේ අනික ඉගෙන ගත්ත එකෙක්ට කුබුරකට බහින්න තහනමක් නැහැනේ දැනටත් ඔෆිස් වල ඉන්න කී දෙනෙක් කුබුරු කරනවද ? මාරයි උබලා හිතන විදිය
    1) your education level?
    2) what your parents do for their living?
    3) your English level?
    4) your IT level?
    Can you plz answer.. (only if you like)
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,536
    3,961
    113
    කුබුරට බහින්න එවුන් හදන්නද බං අද්‍යාපනය තියෙන්නේ අනික ඉගෙන ගත්ත එකෙක්ට කුබුරකට බහින්න තහනමක් නැහැනේ දැනටත් ඔෆිස් වල ඉන්න කී දෙනෙක් කුබුරු කරනවද ? මාරයි උබලා හිතන විදිය
    ඔෆිස් වල ඉන්න කී දෙනෙක් කුබුරු කරනවද ??

    ඒකද බන් පාර දෙපැත්තේ කුඹුරු පුරන් වෙලා, ගොඩ කරලා ගෙවල් හදන්නේ.

    poddak hari igena gaththa gaman , eka godak unge oluwata gahanwa
    ekayi awula

    hama paththama hithanne na, okkomala office wlata gihin, tie dala inna kamathi,

    athe paye rassa kranne na,

    job illana upadi karayuoma kochchara innwada ban
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    මේ ලිපියෙ තියෙන සමහර දේවල් බොරු. රනිල් තමයි ඔය කාර්මික විද්‍යාල,ඉන්ජිනේරු තාක්ශන ආයතනය,ගුරු විද්‍යාපීඨ වගේ දේවල් පටන් ගත්තෙ.

    විවුර්ත ආර්තිකේ ලන්කාවෙ පටන් අරන් නිදහස් වෙළද කලාප ලන්කාවෙ ඇති වෙලා අලුත් කර්මාන්ත, පුද්ගලික විදේශ ආයෝජන ලන්කාවට ආපු ඒ කාලෙ රජයට ඕන උනේ වුර්තීය අධ්‍යාපනයක් තියෙන තරුණ පරපුරක් ලන්කාවෙ හදන්න.

    ඒ කාලෙ මේ යෝජනා වලින් බහුතරයක් ක්‍රියාත්මක උනා නන්, ලන්කාවට මීට වඩා ඩොලර් හොයන්න තිබුන. මේ වගේ රට බන්කොලොත් වෙන්නෙ නෑ ලොවෙත්.

    දකුණු කොරියාව මේ වගේ තත්වයකට ඇවිල්ල තියෙන්නෙ මොන වගේ ආර්තික ප්‍රතිසන්ස්කරන වලින් පස්සෙද කියල පොඩ්ඩක් හොයල බලන්න.

    මේ පටු චින්තනය අපේ අධ්‍යාපනය අද ගෙනල්ල තියෙන්නෙ 'සන්වර්ධන නිලධාරීන්' කියල කිසිම වුර්තීය දැනුමක් නැති උන්ටත් වැඩක් නැති රටටත් වැඩක් නැති මිනිස්සු ටිකක් බිහිකරන තැනට.

    මම පුද්ගලිකවම දන්නව සන්වර්ධන නිලධාරියෙක්ව, හොද හැකියාවක් තියෙනව cooking වලට ඒ මනුස්සය, මෙහෙ හොටෙල් කෝස් එකක් කරල අඩු තරමෙ මිඩ්ල් ඊස්ට් ජොබ් එකකට ගියා නන් ලක්ශ 3 කවත් පඩියක් ගන්න තිබුණ මිනිහෙක් අද 50,000 විතර පඩියක් අරන් ආණ්ඩුවට බැන බැන අමාරුවෙන් ජීවත් වෙනව.

    ------ Post added on Aug 6, 2022 at 9:24 AM
     
    Last edited:

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    1) your education level?
    2) what your parents do for their living?
    3) your English level?
    4) your IT level?
    Can you plz answer.. (only if you like)

    I don't get how my academic skills have related to your answers, on the other hand, why would I disclose them to you ?
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    I don't get how my academic skills have related to your answers, on the other hand, why would I disclose them to you ?
    I asked because you are talking about the education and there is no point arguing with a taxi driver about educational reforms.. You only have to disclose it if you like. Can't you see 😂
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    I asked because you are talking about the education and there is no point arguing with a taxi driver about educational reforms.. You only have to disclose it if you like. Can't you see 😂
    my point is education should be equal for every citizen despite of whether the taxi driver's family or so-called elite family.
    Better you keep this in mind, we are being ruled by some the ministers and their previous careers were driving (Rohitha, Sanath nishantha etc.)