ධාතු ශක්තිය වැඩි කරන වැල් පෙනෙල

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    ධාතු ශක්තිය වැඩි කරන වැල් පෙනෙල

    Welpenel-300x220.jpg

    කෙතරම් සෞඛ්‍ය සම්පන්නව සිටියත් රෝගාබාධවලින් වැළකෙන්න අපහසුයි. ආයුර්වේදයේ තුන්දොස් වලින් මිදීමට විශේෂයෙන් වාත අමාරුවලදී ඖෂධීය ගුණ ලබා ගැනීමේදී පෙනෙල වැල් ප්‍රධාන තැනක් ගනී.මැල්ලුමක් සේ ආහාරයට ගැනීමේදී තිත්ත රසයක් ගෙනදේ.:angry: නමුත් පවතින ඖෂධීය ගුණය නිසා ශරීර ශක්තිය වැඩි වීමේ ගුණයක් පවතී.:P

    වැල් පෙනෙලවල අඩංගු රසායනික සංයෝග
    1.Saponin
    2.Quebrachitol and an alkaloid
    3.a glucoside, resins

    මෙහි ඇටවල වාෂ්පශීලි තෛල ඇත. හර්නියා, අන්ඩවාත ඇතුළු වාතාබාධ ප්‍රතිකාරය සඳහා පෙනෙල පංචාංගයම (කොළ, පොතු, මල් ආදී පැළෑටියම) උපයෝගි කර ගනියි. ඊට අමතරව කසාය, මැල්ලුම් සහ කැඳ පිණිසත් යොදා ගනී.:yes:


    පෝෂ්‍යදායී ආහාරයක්

    පෙනෙල දළු, රතුළූණු, උම්බලකඩ සමඟ එක පමණට ගෙන එළඟිතෙලින් මලවා කෑමෙන් ශරීර වර්ධනය සඳහා ඉමහත් පෝෂණයක් ලැබේ.:oo: ඉක්මනින් ශුක්‍ර ධාතු වැඩීමේ ගුණයක් ද වැල් පෙනෙලවල ඇත.:P
    නිතර නිතර වැල් පෙනෙල පාවිච්චි කරන්නේ නම් පෙරකී ධාතු ශක්තිය වර්ධනය කරගත හැකියි. මෙය ප්‍රකට කරුණකි. වැල් පෙනෙල කැඳ පානයක් ලෙස ඔබ භාවිතා කරන්නේ නම් මෙකී ගුණ රාශියක් ඔබට ලබාගත හැකියි. වැල් පෙනෙල කොළ කැඳ පිණිස යොදා ගනියි.


    ඖෂධීය වටිනාකම

    * වැල් පෙනෙල ශාකයේ යුෂ ස්තී‍්‍රන්ගේ ආර්තව සම්බන්ධ රෝගවලට යොදා ගනී. මුත්‍රා රෝගවලට ගුණදායකයි. මුත්‍රා හොඳින් පිට කිරීම පහසු කරයි.
    * වැල් පෙනෙල මුල් හා පත්‍ර මුත්‍රා ආසාදන තත්ත්වයන්හිදී ගුණදායකයි. කුසගින්න ඇති කරයි. මෙය සමෙහි ගැල් වූ විට රත් පැහැ වේ. වමනය ඇති කරයි. වාත නාශක ගුණය ඇත.
    * වැල් පෙනෙල කොළ හා මුල් අතීසාරයට යොදා ගනී. එසේම රක්තාතීසාර රෝගයට ද ගුණයි.
    * පෙනෙල් මුල් යොදා සැකසූ ඖෂධ වාත රෝග, ආමවාත, අර්ශස්, පණු රෝග වලට යොදා ගනු ලබයි.
    * පෙනෙල ඇට චූර්ණය (කුඩු)

    ආම වාතයේදී උණ රෝගයට භාවිතා වේ. වැල් පෙනෙල ඇටවල තිත්ත උත්තේජක වාෂ්පශීලි තෛලය අඩංගුව ඇත. පුරුෂයින්ට ඉක්මනින් ශුක්‍ර ධාතු වැඩීමට නම් ශරීර ශෝධනයක් හෙවත් වැල් පෙනෙල සහමුලින්ම ක්ෂාය කර එයට එඬරු තෙල් දමා දීමෙන් පසුව වැල් පෙනෙල ආහාරයට ගත හැකියි.:rolleyes:
    එවිට මෙහි ප්‍රකට ධාතු වැඩීමේ ශක්තිය නිසියාකාරව ලබාගත හැකියි. වැල් පෙනෙල විස චිකිත්සාවට ගන්නා ප්‍රධාන ඖෂධයකි. සර්ප විස නිසා ඇතිවන උණට යොදන ක්ෂායට පෙනෙල වැල් අඩංගු වේ. සර්ප විෂ අවස්ථාවන්ට යොදන ඖෂධ සඳහා ගනු ලබයි. උදර වේදනා නාශකයක් ලෙස ද පෙනෙල ගනු ලැබේ.:cool: ස්වාස නාල ප්‍රදාහ අවස්ථාවලදී පෙනෙල ගුණදායකයි.
    රෝග ගණනාවකට සුදුසුයි.

    * ධාතු පෝෂණයට හා වර්ධනයට පෙනෙල දළු, රතු ළූණු, උම්බලකඩ සමව ගෙන එළඟිතෙලින් මලවා කෑමට හොඳයි.
    * මී විෂට වැල් පෙනෙල් හා රතුළූණු දෙහි ඇඹුලින් අනා පානයට සුදුසුයි. මෙය ශරීරයේ ගඩු මතු වී වේදනා කරන තැන්වල ගාන්න. මී විෂ නිසා ඇතිවන කබර මතුවීම, කැක්කුම, දැවිල්ල හා ඉදිමුම නසයි.
    * ආමවාත හා සන්ධි වේදනාව

    වැල් පෙනෙල කොළ එඬරු තෙලින් තම්බා අඹරා ගාන්න.
    සර්ප විෂ නිසා ඇතිවන උණට යොදන කසායට වැල් පෙනෙළ අඩංගු වේ. එසේම සර්ප විෂ අවස්ථාවන් සඳහා යොදන ඖෂධයන්හිදී ද වැල් පෙනෙල උපයෝගී කර ගනියි. ලෙඩ රෝග වලදි මුළු ශාකයම බාහිරින් සේම අභ්‍යන්තරව ද ඖෂධ සඳහා යොදා ගනී.

    බාහිරින් පත්තු බැඳීම හෙවත් ආලේපන සඳහා සහ අභ්‍යන්තරින් බීමට හෝ කෑමට ලබා දෙනු ලබයි. ආමවාත, ස්නායු රෝග, පුරුෂයින්ගේ වෘෂණ කෝෂවල ඇතිවන රෝගවලට පෙනෙල භාවිතා වේ.

    පෙනෙල මුලෙහි බොහෝ ගුණ ඇත.
    බඩ බුරුල් කර යාම ඇති කරයි. වමනය ඇතිවීම සහ මල පිටවීම පහසු කිරීම ඒ අතර වේ. කෑම රුචිය ද වඩයි. මුළු ශාකයම ඉවතලන්නට නොහැකි සේ ඖෂධීය වටිනාකමින් හෙබි වැල් පෙනෙල ඔබේ ගෙවත්තේ වැටකට හෝ ඉන්නකට යවා වැවීමෙන් ඉහත කී ගුණාංග රාශියක් ළඟා කරගත හැකි බව මතක තබා ගන්න.
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,688
    2,543
    113
    නිධානයක් උඩ
    වැල්පෙනෙල ශාකා ...........
    ගිතෙලින් මලවලා කා............
    තම අඹු නොපතන එකා.......
    සියක් අඹුවන් පතයි පසුදා........