ධීවරයෝ කොල්ලකරුවන්ගෙන් බේරී එති
ධීවරයෝ කොල්ලකරුවන්ගෙන් බේරී එති
සෝමාලි මුහුදු කොල්ලකරුවන්ට හසුවී මාස හයක් ඔවුන්ගේ ග්රහනයේ සිටි ධීවරයෝ හය දෙනා -- එස්.කේ වීරසේන සිල්වා, දිනේෂ් සුසන්ත, පෙරුමාල් සෙල්වරාජා, ලෙවන් රුදි්රගු, ජූඩ නිශාන්ත සහ ශාන්ත සෙබස්කතියන්-- අද කටුනායකින් දිවයිනට ආහ.
ටැන්සානියාවේ සිට පැමිණි ඔවුන් හමුවි ඔවුන්ගේ අත්දැකීම් දැන ගැනීමට ධීවර අමාත්‍යංශය පෞද්ගලික මාධ්‍යයට ඉඩ නොදුන්නේය. ධීවරයන් එළියට එන්නට මොහොතකට පෙර ඇතුළුවීමට අවසර දුන්නත් ඉන් පළක් නොවීය. ඒ වන විට රජයේ මාධ්‍ය හා අමාත්‍යංයේ හිතවත්කම් පිට ඇතුළට ගිය පෞද්ගලික මාධ්‍යය ඇතුළට ගොස් සිටියහ.
පෞද්ගලික මාධ්‍යට එහි ඇතුළුවීමට ඉඩ නොදෙන ලෙස දන්වා ඇත්තේ ධීවර ඇමැතිගේ පෞද්ගලික ලේකම් දොස්තර කොලින් ෆනෑන්ඩුපුල්ලේ බව දැනගන්නට ලැබිණි. දොස්ර ෆනෑන්ඩුපුල්ලේ ලංකාදීප එසැණ වෙබ් අඩවියට පැවසුවේ නියෝජ්‍ය ඇමැතිගේ උපදෙස් අනුව තමා ක්‍රියා කළ බවයි.
http://www.lankadeepa.lk/index.php/articles/39030