මේක ඇවිත් කියවන්න දේශපාලන මතය ඕන එකක් උනාට සහෝදරයිනි මේක අපේ රට සිංහලයන්ට ඉන්න තියෙන එකම රට එක නිසා අපේ උන් ගැන ආඩම්බර වියන්
මේජර් නිශ්ශංක හෙලිකරන
පාවෙන අවි ගබඩාවේ ඇත්ත කතාව
පාවෙන නොයෙකුත් දේවල් ගැන නොයෙකුත් කතා මීට පෙර අප කොතෙකුත් අසා ඇත්තෙමු. පාවෙන පීරිසි, පාවෙන මාලිගා, පාවෙන පාලම්, පාවෙන පාරු, පාවෙන විදුලි බලාගාර ආදී දෑ කොතෙක්‌ද?
එහෙත් පාවෙන අවි ගබඩාවක් පිළිබඳ පුවතක් පසුගිය දිනවල අපි ඇසුවේ ප්‍රථම වතාවටය. මගේ මෙන්ම නිසැකවම මෙය කියවෙන ඔබගේත් කුතුහලය ඇවිස්‌සී මොකක්‌ද මේ පාවෙන අවි ගබඩාව කියා අපි සැවොම සොයන්නට වූයේ ඒ නිසාම විය යුතුය.
ගාල්ල වරායේ නවතා තිබියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද පාවෙන අවි ගබඩාව ගැන නොයෙකුත් කටකතා රටේ පැතිර යන්නට වැඩි වේලාවක් ගත වූයේ නැත. අලුත් කතා පිළිබඳ උනන්දු සමාජීය වෙබ් අඩවි හා ඕපාදූප මාධ්‍ය මේ අවි ගබඩාව පිළිබඳ නොයෙක් කතා ගොතන්නට වූහ. අන්ධයා අලියා ගැන විස්‌තර කීවා සේ තම තමන්ට අසුවෙන පදාස විස්‌තර කරමින් සමස්‌තයම මෙසේ යෑයි කියන්නට වූහ. මේ නිසා පාවෙන අවි ගබඩාව ගැන ''හරි කතාන්දරය'' රටේ පැතිර යනවාට වඩා බහුල වශයෙන් පැතිර ගියේ ඒ ඒ අය ඔවුනොවුන්ට වැටහෙන ප්‍රමාණය අනුව ගොතාගත් වෙන වෙන කතාය.
එසේ නම් අපි පාවෙන අවි ගබඩාවේ ඇත්ත කතාව කෙසේ දැයි සොයන්නට මෙතැන් සිට උත්සාහ කරමු.
පාවෙන අවි ගබඩාවක් අපට අවශ්‍ය ඇයි.....? මුලින්ම අපි ඒ මාතෘකාව ඔස්‌සේ කරුණු හදාරන්නට පෙළඹුනෙමු.
ලෝක යුද්ධ සමයන්වලින් පසුව ජාත්‍යන්තර මහ මුහුදට පාවෙන අවි ගබඩාවන් මෑත කාලීනව අවශ්‍ය වූයේ සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ක්‍රියාකාරකම් ඉන්දියන් සාගරයේ ව්‍යාප්ත වීමත් සමඟය. ඒ සමග ඉන්දියන් සාගරය හරහා බටහිරට හා නැගෙනහිරට ගමන් ගත් වානිජ නෞකාවල ආරක්‍ෂාවට නොයෙකුත් දියුණු රටවල් හා ආරක්‍ෂක සංවිධාන යෙදූ ආරක්‍ෂක විධි විධාන අතර පාවෙන ආයුධ ගබඩාව ද එක් අංගයක් පමණි. එවන් අවි ගබඩා ගණනාවක් දැන් ජාත්‍යන්තර මුහුදේ ක්‍රියාත්මක බව දන්නේa කෝටි දෙකක් ඉක්‌ම වූ අපේ රටේ ජනතාවගෙන් කොතරම් ස්‌වල්ප දෙනෙක්‌ද ?
සැබැවින්ම මෙය රසවත් කතාවකි. එහෙයින් එය විස්‌තර කර දීම අප සතු යුතුකමක් යෑයි අපි විශ්වාස කරමු.
නැව් මගින් මහ සාගරයේ රටින් රටට යමින් වෙළඳාමේ යෙදෙන වෙළෙඳුන්ට මහ මුහුදේදී හිරිහැර කර නැව්වල ඇති භාණ්‌ඩ කොල්ලකන ''මුහුදු කොල්ලකරුවන්ට'' දිගු ඉතිහාසයක් තිබේ. ලොව අංක එකේ වෙළඳ වරායක් වන ඩුබායි ප්‍රදේශය අතීතයේ මුහුදු කොල්ලකරුවන්ගේ පාරාදීසයක්‌ව තිබුණ බවට ඉතිහාසගත තොරතුරු තිබේ. ඩුබායි වරායේ අදටත් කොටසක් මුහුදු කොල්ලකරුවන්ගේ ඉපැරණි යාත්‍රා, භාණ්‌ඩ හා අවි ආයුධ වෙනම ප්‍රදර්ශනයට තබා කෞතුකාගාරයක් පවත්වා ගෙන යන්නේ ඒ ඉතිහාසය ලොවට කියන්නට ය.
එහෙත් නාවුක කර්මාන්තයේ දියුණුවත් ආරක්‍ෂක විධි විධාන වල දියුණුවත් සමග මුහුදු කොල්ලකරුවන් නැත්තටම නැති වී ගියේය.
2005 දී පමණ ඊසාන අප්‍රිකාවේ පිහිටි සෝමාලියාව නම් අන්ත දුගී දුප්පත් රටේ ආර්ථිකය හා දේශපාලන ස්‌ථාවර භාවය බිඳ වැටීමත් සමඟම ජනතාව නොයෙකුත් අපචාර හා අපරාධවලට පුරුදු වූහ. ධනවත් රටවල්වලට අයත් බඩුභාණ්‌ඩ හා තෙල් සම්පත රැගෙන යන නැගෙනහිර බටහිර යා කරන මහා මුහුදු ගමන් මාර්ගය සෝමාලියානු මුහුදු සීමාව ආසන්නයෙන් වැටී තිබීම නිසා සෝමාලියාවේ මුහුදු රස්‌සාව කළ මාෆියා කණ්‌ඩායම් ආදායම් මාර්ගයක් ලෙස තෝරාගත්තේ මුහුදු මංකොල්ල කෑමයි.
වැඩි කල් යන්නට මත්තෙන් මෙය ලෝකයටම මහත් හිරිහැරයක් කරදරයක් වූහ. සෝමාලි කොල්ලකරුවන් වැඩිදුරටත් කළේ නැව්වල තිබෙන භාණ්‌ඩ කොල්ලකෑම ම නොවේ. නැව් තම අත්අඩංගුවට ගෙන තම මුහුදු සීමාව ඇතුළට රැගෙන විත් සඟවා නැව හා නාවුක ජීවිත ප්‍රාණ ඇපයට ගෙන විශාල වශයෙන් කප්පම් මුදල් ලබා ගැනීමයි. 2005 වසර වන විට මේ සෝමාලි ක්‍රියාකාරකම් වඩාත් උත්සන්නව තිබිණි.
ලෝකයේ නැගෙනහිරත් බටහිරත් සම්බන්ධ කරමින් අත්ලාන්තික් සාගරයේ සිට පැසිµsක් සාගරයටත් යළි එහි සිට මෙහාටත් කෙරෙන නැව් ගමන් වාරවලින් 2/3 ක්‌ම මේ වන විට සිදුවෙමින් තිබුණේත් ඉන්දියන් සාගරය හරහාය. මේ සිදුවීම් නිසා නැව් මේ ගමන් වාර සීමා කරගන්නට වූහ. නැව් සමාගම් භාණ්‌ඩ ප්‍රවාහනයට අති විශාල මුදලක් අය කරන්නට වූයේ මේ සෝමාලි නස්‌පැත්තිය නිසා තර්ජිත කලාපය හරහා යන නැව්වල රක්‍ෂණ මුදල අධික වූ නිසාය.
සමහර රක්‍ෂණ සමාගම් නැව් සමාගම්වලට උපදෙස් දුන්නේ ප්‍රකට මුහුදු ආරක්ෂක සමාගමක සහාය නැවේ ආරක්‍ෂාව සඳහා යොදා ගන්නා ලෙසයි. එබඳු ආරක්‍ෂාවක් සපයා නොගන්නා නෞකා රක්‍ෂණය කිරීම ප්‍රතික්‍ෂේප කරන මට්‌ටමකට ලෝක මුහුදු රක්‍ෂණ සමාගම් පත්වන්නට වැඩි කලක් ගතවූයේ නැත.
සාමාන්‍යයෙන් ජාත්‍යන්තර මුහුදු නීතියට අනුව අවසර ලත් පුද්ගලික ආරක්‍ෂක සේවාවන්ට මිස රජයකට අයත් නාවික හමුදාවකට හෝ රාජ්‍ය හමුදාවකට මේ වෙළඳ නැව් වලට ආරක්‍ෂාව දීමට නොහැකිය. හැකියාව තිබුණත් එය මහත් වියදම් අධික කටයුත්තක් ලෙස කැපී පෙනුණි. එය එසේ වූවා සේම නැවකට තමන් විසින්ම ආරක්‍ෂාව සඳහා අවි ගත් සෙබළුන් යෙදවීම ද කළ නොහැකිය. එබඳු අවි ආයුධ සහිත සෙබළුන් සිටින නැව් ලොව බොහෝ වරායන්වලට ඇතුල් නොකිරීම එක් හේතුවකි. අනිත් හේතුව වන්නේ එබඳු කටයුතු සඳහා යන වියදම අධික වීමය. එය අනවශ්‍ය බරක් ලෙස මුහුදේදී සැලකිණි.
කළ හැකි හා කළ යුතු හොඳම කටයුත්ත වූයේ තර්ජිත වන ඉන්දියන් සාගරයේ සෝමාලියන් වෙරළ තීරය තුළදී පමණක් අවිගත් සෙබළුන් කිහිප දෙනෙක් නැවට නග්ගවාගෙන තර්ජිත කලාපය අවසන් වූ තැනින් ඔවුන් බැස්‌සවීමය. මුහුදු ආරක්‍ෂාවේ යෙදෙන ආරක්‍ෂක සේවාවන් ඉන්දියන් සාගරයට ඇතුල් වන තැන්වලත් ඉන් පිටවන තැන්වලත් අවි ආයුධ හා මුහුදු ආරත්ෂක සෙබළුන් සහිත පාවෙන අවි ගබඩා ස්‌ථාපිත කළේ මෙන්න මේ අවශ්‍යතා සපුරාලන්නටය. යුරෝපයේ සිට වටිනා බඩු භාණ්‌ඩ පුරවා ගත් නැවක් සූවස් ඇළ හරහා රතු මුහුදට පැමිණ එහි තිබෙන පාවෙන අවි ගබඩාවකින් අවි සහිත සෙබළුන් කිහිප දෙනෙක් නග්ගවා ගනිති. ආරක්‍ෂා සහිතව සෝමාලි මුහුදු තීරය ළඟින් පැමිණ ඉන්දියන් සාගරය තරණය කරන ඒ නැව් ගාල්ලේදී අර නග්ගවා ගත් අවි ආයුධ සහිත සෙබළුන් බස්‌සවා චීනයට, ජපානයට හෝ සිංගප්පූරුවට යති. ඒ ආකාරයට චීනයෙන්, සිංගප්පූරුවෙන් හෝ ජපානයෙන් බටහිරට යන නැව් ද යන්නේ ලංකාව අසලිනි. ඔවුන් ගාල්ලේ අවි ගබඩාවෙන් මුහුදු ආරක්‌ෂක සෙබළුන් හා අවි නග්ගවාගෙන ගමන ගොස් යළි රතු මුහුදේදී හෝ ඕමානය අසලදි ඔවුන් බස්‌සවති.
මෙය නැව් ගමනාගමනයේ දී ආරක්‍ෂාව සඳහා ගෙනයන වඩාත්ම යහපත් ලාභදායීම ක්‍රියාකලාපය බව තහවුරු වන්නට වැඩි කලක් ගියේ නැත. සෝමාලි කොල්ලකරුවන්ටද එවන් නැව්වලට පහර දෙන්නට නොහැකි වූයේ නැව් වල සිටි මුහුදු ආරක්‌ෂක සෙබළුන්ගේ අත වූ ආයුධ ලත් ඇසිල්ලකින් ක්‍රියාත්මක වූ නිසාය.
මෙම සේවාව සැපයීමට මුහුදු ආරක්‍ෂාවේ යෙදුණු ආරක්‍ෂක සමාගම් සතුව රතු මුහුදේ පාවෙන අවි ගබඩා 6 ක් තිබේ. ඉන් එකක් අයත් වන්නේ ශ්‍රී ලාංකිකයෙකුටය. ඕමානය අසලත් මෙවන් අවි ගබඩා 5 ක් ජාත්‍යන්තර මුහුදේ තිබේ. ඉන් එකක්‌ද අයත් වන්නේ ශ්‍රී ලාංකිකයෙකුටය. එහෙත් එම මුහුදු ගමනේ තර්ජිත මුහුදු කලාපය කෙළවර වන ඉන්දියන් සාගරයේ ලංකාව අද්දර තිබුණේ එකම එක පාවෙන අවි ගබඩාවක් පමණි. එහි අයිතිය ද අර තැන් දෙකෙහිම පිහිටි අවි ගබඩා දෙක අයත් ශ්‍රී ලාංකිකයාටම වීම ලාංකිකයෝ හැටියට අපට නම් ආඩම්බරයට කරුණකි.
ඔහු අන් කවරෙකු වත් නොව ඇවන්ට් ගාර්ඩ් මැරිටයිම් පෞද්ගලික ආරක්‍ෂක සේවාව අයත් ඇවන්ට් ගාර්ඩ් ආරක්‍ෂක සේවා පෞද්ගලික සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපතිය. පාවෙන අවි ගබඩාවක් ගාල්ල වරායට නුදුරු මුහුදේ ජාත්‍යන්තර සීමාවේ රඳවා තබා ගනිමින් සිට හදිසි අවශ්‍යතාවක් සඳහා ගාලු වරායට පැමිණි අවස්‌ථාවේ නීති විරෝධී අවි ගබඩාවක් යෑයි කියා අත්අඩංගුවට ගත් ''මහනුවර'' නම් නෞකාවේ හිමිකරු ඔහුය. මෙය අද ඊයේ පටන්ගත්තක් නොව මීට වසර දෙකහමාරකට පමණ කලින් ශ්‍රී ලංකා වරාය අධීකාරියද, ගාලු වරායේ කළමනාකාරිත්වයද, ශ්‍රී ලංකා රේගුව, ශ්‍රී ලංකා වාණිජ නැව් අධිකාරිය, දකුණූ පලාත භාර නාවික හමුදා අද්මිරාල්වරයාගේ මෙන්ම ගාලු වරාය පොලිසියේද, අනුදැනුම මත පවත්වාගෙන යන ලද්දකි. එසේ හෙයින් මෙය රහසිගතව පවත්වාගෙන ගිය පාවෙන අවි ගබඩාවක් යෑයි සඳහන් කිරීම මහත් වූ විහිලුවකි.
මේ නැව් නීති විරෝධී අවි ගබඩාවක්‌ය යන චෝදනාව ඔහු තරයේ ප්‍රතික්‍ෂේප කරයි. මෙය සියයට සියයක්‌ම නීත්‍යානුකූල පදනමක පිහිටා ක්‍රියාත්මක කරන සද්කාර්යයක් බව ඔහු පවසයි. එය එසේද නැද්ද කියා තමන් සතු ලියකියවිලි හා සාක්‍ෂි අනුව සාධාරණ පරීක්‍ෂණයකින් ඔප්පුවනු ඇතැයි ද ඔහු පවසයි.
මේ නැව්වල අයිතිය ඔබගේද ?
''අනේ නැහැ..... මම මේ මහනුවර නැවයි, ඕමාන් මුහුදේ නැවයි, රතු මුහුදේ නැවයි කියන මේ නැව් තුනම අපේ සමාගම යටතේ ලබාගත්තේ කුලී පදනමට. මහනුවර නැව කුලී පදනම යටතේ අපි ලබාගත්තේ 2013 ඔක්‌තෝම්බර් මස 01 වන දා. ඒ නිසා මෙම නැව 2014 දෙසැම්බර් මස 31 වනදා වන විට එහි අයිතිකරුවන්ට නිදහස් කළ යුතුව තිබුණ නමුත් එවකට පැවති ජනාධිපතිවරණය නිසා එසේ කිරීමට නොහැකි වුණා. මේක නීති විරෝධී නෞකාවක් නම් ලෝකයටම පේන්න ඒක මම වරායේ තියාගෙන ඉන්නවාද ? එහෙමනම් මට තිබුණා ජනවාරි 09 වනදා උදේම මේ නැව ඈත මුහුදට ගෙනිහින් හංගගන්න. මට එහෙම කරන්න වුවමනාවක් තිබුණේ නැහැ. මොකද මේක නීත්‍යානූකූල නිසා පොලිසියෙන් මෙම නෞකාව පරීක්‌ෂාවට ලක් කළේ ජනවාරි 16. ඒකෙන්ම පේනවා නේද මේ කරන චෝදනා පදනම් විරහිත මහා විහිළුවක් බව.
මේ නැවේ තිබෙන ආයුධ ඔබගේද ?
''ඒත් නැහැ..... ඒවාත් මේ මුහුදු ආරක්‍ෂක සේවයේ යෙදී සිටින විදේශික මුහුදු ආරක්‌ෂක සමාගම් 270 ගණනකට පමණ අයත් ආයුධ. ඔබට අපේ සේවය තවම වැටහිලා නැතිව ඇති. අපි කරන්නේ පහසුකම් සලසන එක. නැව්වලට ආයුධ සපයන අවි සමාගම් එයාලගේ ආයුධ අපේ භාරයේ තබනවා. අපි ඒවා රැක බලා ගන්නවා. මුහුදු ආරක්‌ෂකයන් නැව්වලට නග්ගනවා. ඔවුන්ට ආයුධ නිකුත් කරනවා. නැව්වලින් බස්‌සනවා. ආයුධ භාරගන්නවා. ඒ සෙබළුන්ව ප්‍රවාහනය කරනවා. ඕවා තමයි අපි සේවාවන් සපයනවා කියලා මේ කරන්නේ.''
ඒ අතරේ ඔබගේ සෙබළුත් ඉන්නවාද ?
''ඔව්.... අපි මෙයාලට රණවිරුවෝ කියලයි කතා කළ යුත්තේ. මොකද මගේ ළඟ මේ සේවාවේ යොදවලා ඉන්නවා 3500 ක් විතර පෞද්ගලික ආරක්‌ෂක සෙබළු. එයාලා යුධ, ගුවන්, නාවික කියන ත්‍රිවිධ හමුදාවල වගේම පොලීසියේ, විශේෂ කාර්ය බළකායේ, අයත් මේ අතර ඉන්නවා. හැම කෙනෙක්‌ම ක්‍රියාන්විත රාජකාරි වල දක්‍ෂතා පෙන්වා සේවයෙන් විශ්‍රාම ගිය අති දක්‍ෂ සෙබළුන්. රට බේරා ගැනීමේ සටනට උර දීලා අවුරුදු 22 කින් පසුව විශ්‍රාම ගිහින් අවුරුදු 42 දි පමණ සමාජයට යන මේ තරුණයෝ මොනවා කරන්න ද? එයාලගේ හොඳ කාලේ. බොහෝ විට ළමයි පාසල් ගොස් ඉවර වෙලත් නැහැ. පෙන්ෂන් එක විතරක් අරගෙන මෙයාලට ඇත්ද ? අන්න ඒ වගේ අයට අමතර ශක්‌තියක් දීම තමයි මම ඒ අයව මෙම මුහුදු ආරක්ෂක සේවාවට බඳවාගෙන කරන්නේ. මෙතන ඉන්න හැම සෙබළෙක්‌ම අඩුම ගානේ රුපියල් ලක්‍ෂයකට වඩා පඩි ගන්නවා.
ඉස්‌සර මේ රාජකාරියේ යෙදිලා හිටියෙම විදේශිකයෝ විතරයි. මම ඉල්ලුවා අපේ සෙබළුන්ටත් මෙම රැකියා අවස්‌ථා ලබා දෙන්න අවසර දෙන්න කියලා අමාත්‍යංශයෙන් අවස්‌ථාවක්. සමහර හමුදා ප්‍රධානීන් මට හිනහ වුණා. අපේ එවුන්ව ඔය සුද්දන්ගේ නැව් වලට ගන්නේ නැහැ. උන්ට ඉංග්‍රීසි බැහැ කියලා ඒ අය කිව්වා. ඒ ගොල්ලො කියපු පූර්ව අනාවැකි මම බොරු කළා. මම හමුදාවෙන් ඉවත් වෙච්ච කොල්ලෝ දාහක් අරන් ටේ්‍රනින් කළා. සුද්දෝ ගෙනත් දාලා එයාලට ඉංග්‍රීසිත් ඉගැන්නුවා. ඊට පස්‌සේ වැඩට දැම්මා. හරියටම හරි ගියා.
මෙතනදී වුවමනා වන්නේ ඉංග්‍රීසි භාෂාව නොවේ. නිර්භීත කම, කැපවීම හා දක්‍ෂතාවය පමණක් කියලා මම ඔප්පු කළා. අපේ කොල්ලෝ මහ විශාල යුද්ධයක් කරලා ජයගත්ත කොල්ලෝ. හරිම නිර්භීතයි, ඒ වගේම අවංකයි. රාජකාරිය වෙනුවෙන් කැපවෙනවා. ඒ නිසා අපේ සෙබළුන්ට තියෙන ඉල්ලුම වැඩි වුණා. මගේ නැව් වල නාවික හමුදාවේ සෙබළු තමයි යුනිෆෝම් සහිතව රාජකාරි කරමින් මේ අවි ආයුධ භාර දීම් වගේම භාර ගැනීම් කරන්නේ. නීත්‍යානුකූලව කරන රාජකාරිය අන්න එහෙමයි. රක්‌නා ලංකා එකී සෙබළුයි නාවික හමුදාවයි ඒ රාජකාරි අධීක්‍ෂණය කරනවා. අපේ සෙබළු රාජකාරිය කරනවා. තුන් ගොල්ලොම නැව්වල රාජකාරි ඉටු කරනවා. එයාලා කැපවීමෙන් හා වගකීමෙන් රැකියාව කරනවා.'' හදිස්‌සියේ අප ආරක්‌ෂාව සපයන නැවක් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් විසින් පැහැර ගතහොත් මම මගේ මුදල් වැයකර පෞද්ගලිකවම සෝමාලියාවට ගොස් ඔවුන් බේරා ගැනීම සඳහා අවශ්‍ය සෑම පියවරක්‌ම ගැනීමට සුදානම් බවට මා විසින් ලි�තව පොරොන්දු දී තිබෙනවා. ලෝකයේ කිසිම මුහුදු ආරක්ෂක සමාගමක සභාපතිවරයෙක් තමන්ගේ දිවි පරදුවට තබා සෝමාලියාවට ගොස් තම මිනිසුන් බේරා ගැනීමට ඉදිරිපත් නොවීය. ලංකාවේදී මා මාගේ ජීවිත අවදානම පසෙක තබා මෙම කාර්යයට ඉදිරිපත් වූයේ මා සමග සිටින වෙන කිසිවකු හෝ එවන් අවදානමක් ගැනීමට ඉදිරිපත් නොවූ බැවිනි. නොහැක්‌කක් නොමැත. යන්න මා ඉගෙන ගත්තේ මා සේවය කළ කොමාණ්‌ඩෝ රෙජිමේන්තුව තුළිනි. එය ඕනෑම ආකාරයේ අවදානමක් දැරීමට මා පුරුදු පුහුණු කර ඇති නිසා මා මුළු හදවතින්ම මේ අවදානම දැරීමට ඉදිරිපත් වුණා. මම කිසි දිනක මට කළ නොහැකි වැඩක් පිළිබඳව කථා කර නැහැ. ඒ හේතුව නිසාම මම මගේ මුදලින් ඩොලර් මිලියන 1.2 ක් මේ සම්බන්ධව වැය කිරීමට එකඟව රක්‌නා ආරක්‌ෂක ලංකා සමාගමට ලි�තව පොරොන්දු වී තැන්පත් කර තිබෙනවා.
මෙය මේජර් නිශ්ශංක සේනාධිපති මහතා තම උදාර නායකත්වය පෙන්වා දුන් තවත් එක් අවස්‌ථාවකි.
ඔබ මුලින් ගොඩ දේපළ හා ප්‍රභූ ආරක්‌ෂක සේවා සඳහා ආරක්‌ෂක සේවාවන් සපයපු ආයතනයක හිමිකරුවෙක්. ඔබ කොහොමද මුහුදු ආරක්ෂක සේවාවට යොමු වෙන්නේ ?
''ඒක දිග කතාවක්, කමක් නැහැ මම කෙටියෙන් කියන්නම්. ඇත්තම කියනවා නම් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගෙන් ලොකුම තර්ජනය තිබුණේ ඔය ලොකු වෙළඳ නැව්වලටත් වඩා ඉන්දියන් සාගරයේ ධීවර කර්මාන්තයේ යෙදුණු ලොකු කුඩා නැව්වලටයි. මාළු බහුල නිසා පෙර අපර දෙදිගින්ම ඇවිල්ලා ඉන්දියානු සාගරයේ මාළු ඇල්ලුවා. හැබැයි සෝමාලියන් කොල්ලකාරයන්ගේ ක්‍රියාකාරකම් නිසා මේ ධීවර කර්මාන්තය නැත්තටම නැතිවුණා.
ඔහොම ඉන්නකොට එක්‌තරා ධීවර සමාගමක් මගෙන් ඉල්ලීමක් කලා 2009 දී මුහුදු රස්‌සාවට යන එයාලගේ නැව් වලට ආරක්‍ෂාව දෙන්න කියලා. (මගේ ලග මේ සම්බන්ධව සියලු ලිපි ලේඛන තියෙනවා) මේ කාලයේ ලංකාවේ කිසිම කෙනෙක් මේ ගැන මෙලෝ හසරක් දැනගෙන හිටියේ නැහැ. මම ටිකක් හොයලා බැලුවා. මට තේරුණා ඒක හොඳ වැඩක් කියලා. ඒ අනුව මම විශේෂ පුහුණුවක් දුන්නු භටයින් නව දෙනෙක් ආයුධත් සමඟ නැව් තුනකට නැග්ගුවා. මාස 05 ක් ඇතුළේ මම පෞද්ගලික ආරක්‌ෂක සෙබළු 1000 කට පුහුණුව ලබාදුන්නා.
එයාලා බය නැතිව ගිහිල්ලා සෝමාලියානු මුහුදේ රාජකාරි කළා. මාස තුනක් ඇවෑමෙන් ඔය නැව් තුන නැව් 14 ක් දක්‌වා වැඩි වුණා. තව තව අය අපි හොයාගෙන ආවා. මම ආරක්‍ෂාව දුන්නා. ඔය කාලෙ අපිට පුළුවන් වුණා සෝමාලියානු ප්‍රහාර තිස්‌පහක් මහ මුහුදේදී ව්‍යාර්ථ කර දාන්න. දිනෙන් දින අපේ කොල්ලන්ගේ වැඩ ගැන මුහුදේ කීර්තිය ප්‍රචලිත වුණා. අන්තිමේ නැව් 14 නැව් 195 දක්‌වා වර්ධනය වෙන්න වැඩි දවසක් ගියේ නැහැ. ඒ 2012 දී. මගේ කොල්ලෝ 900 ක් මුහුදේ වැඩ කළා.'' මතක තබා ගන්න නාවික සැතපුම් 4000 ක් පමණ දුරින් මෙම රාජකාරිය සඳහා මා ඔවුන් යොමු කළේ ලංකාවේ සිටයි. ලෝකයේ වෙනත් කිසිම රටක් මෙවන් කටයුත්තක් සාර්ථකව කර නැහැ. එක්‌සත් ජාතීන්ගේ මුහුදු ආරක්‌ෂක හමුදාවට පසුව ලෝකයේ දෙවැනි විශාලතම මුහුදු ආරක්‌ෂක හමුදාව මා විසින් ඇති කරනු ලැබුවා. මේ සියලු දෙනාම ශ්‍රී ලාංකික රණවිරුවන්. මේ හේතුව නිසා මම ලෝකයේ අංක එකේ පෞද්ගලික මුහුදු ආරක්‌ෂා සේවා සපයන්නා බවට පත් වුණා. එසේම අපේ රටේදී මවිසින් කරන ලද සේවයට නිසි පිළිගැනීමක් නොලැබුණත් වෙනත් රටක් මා කළ සේවය අගයමින් එම රටේ මුහුදු ආරක්‌ෂක කටයුතු පිළිබඳ රාජ්‍ය තාන්ත්‍රික උපදේශකයා වශයෙන් නිල වශයෙන් පත් කළා. මා තවමත් එම ධූරය දරනවා. අන්න ඒවගේ ගෞරවයක් තමයි මම අපේ මව් බිමට ලබා දුන්නේ
හරි.. ඔබ කොහොමද වෙළඳ නැව්වලට ආරක්‌ෂාව දීමට පටන් ගත්තේ
''එහෙමම තමයි. මම ඊළඟට හොයලා බැලුවා මොකක්‌ද ඒ රාජකාරිය කියලා. මට පුළුවන් වුනා. රට රටවල්වලට ගිහිල්ලා ඒ ගැන ඉගෙන ගන්න. මම ඉගෙන ගත්තේ සල්ලි දිලා. සමහර විට පිටරට නැව්වල සේවය කළා. හාර්වර්ඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය සහිත ලෝක ප්‍රකට මුහුදු උපදේශකයන්ගෙන් මේ ක්‍ෂේත්‍රය ගැන ඉගෙන ගත්තා. පුහුණු වුණා. මේ හැම දෙයක්‌ම මම කළේ ලොකු ඉලක්‌කයක් තියාගෙන. ලොකු ගානක් වියදම් වුණා. ඒත් අන්තිමේ මම ඉගෙන ගත්තනේ. මගේ ආයතනයේ ප්‍රධානතම උපදේශකයෙක් වන්නේ ඕමාන් රාජකීය නාවික හමුදාවේ හිටපු ප්‍රධානියෙක් වන අද්මිරාල් සලීම් අල් අලවි මැතිතුමායි. එතුමා ජාත්‍යන්තර මුහුදු නීතිය හා රෙගුලාසි පිළිබඳවද හමුදා නීතිය පිළිබඳවද ගෞරව උපාධිධාරියෙකි.
මම අපේ රටේ ආරක්‍ෂක අමාත්‍යංශයෙන් අවසර ඉල්ලුවා මේ මුහුදු ආරක්‍ෂාව, ආරක්‍ෂක සේවාව විධිමත්ව කරගෙන යන්න. ඔය කාලයේ විදේශීය සමාගම් විතරයි මේ දැන් අපි කරන රැකියාව කරගෙන ගියේ. පුංචි පුංචි නැව් සමාගම් ගාල්ලේ ඉඳගෙන ඒ අයට පහසුකම් සැලසුවා. නාවුක හමුදාවත් ඊට අනුබද්ධ රක්‌නා ආරක්‌ෂක ලංකා සමාගමත් එයාලගේ ළඟට එන විදේශීය සමාගම් වලට පහසුකම් සලසමින් නැව් වලට නග්ගන බස්‌සන එක පොඩියට කරගන ගියා.
පිටරට සමාගම් කරන්නේ එයාලගේ සෙබළු ගුවනින් කටුනායකට එවන එක. ඊට පස්‌සේ ගාල්ලට ඇවිල්ලා නැවකට නගින්න අවස්‌ථාව එනකන් බලාගෙන ඉන්නවා. එයාලට ආයුධ අතට දීලා නග්ගවන එකයි බස්‌සවන එකයි තමයි මේ හැමෝම කරමින් හිටියේ.''
එතකොට ඔවුන්ට ආයුධ කොහෙන්ද ?
''2010 වන විට ලංකාවේ යුද්ධය ඉවරයි. නාවික හමුදාවේ ආයුධ තිබුණේ ගබඩාවල. එයාලා රාජ්‍ය නීති රෙගුලාසි වලට අනුව මුහුදු ආරක්‍ෂක සේවාවන්ට ආයුධ නිකුත් කරලා මුදල් හොයන්න ක්‍රමවේදයක් හැදුවා. ඒක කරගෙන යමින් රක්‌නා ලංකා එකත් සමඟ එකතු වෙලා මෙන්න මේ ආරක්‍ෂක සේවාවන්වලට අවශ්‍ය ආයුධ ලබා දුන්නා. ඒවා ඉතාම සුළු ප්‍රමාණයක්. ඒ හැරුනහම ජාත්‍යන්තර මුහුදේ ඒ දවස්‌වල ඕනෑතරම් ආයුධ තිබුණා. ගාල්ල වරායේ ඉඳලා සැතැප්ම 12 ක් මුහුදට ගියාම අපේ ආරක්‍ෂක කලාපය ඉවරයි. එතනින් එහාට ජාත්‍යන්තර මුහුද. එහෙදි කවුරු ගෙනත් ආයුධ ලබා දුන්නත් ඒ පිළිබඳව නීති පියවර ගන්න අපිට බැහැ. ඒක නිසා 2011 පමණ වන විට නීති විරෝධී පාවෙන අවි ගබඩා 4 ක් ගාල්ලට යාබද ජාත්‍යන්තර මුහුදේ තිබුණා. ඒවායින් අර ආරක්‍ෂක සේවාවන්ට ඇති තරම් ආයුධ ලැබුණා. ඒ කාලයේ මුහුදේ තිබුණේ කිසිම වගකීමක් නැති භයානක ආයුධ ජාවාරමක්. නීති විරෝධී භයානක අවි පවා අර හොර ආමරි 4 හරහා ලංකාවේ මුහුදු සීමාවේ තිබුණ බව මම අමුතුවෙන් කියන්න ඕන නැහැ.''
නිශ්ශංකගේ කථාවට මා නාවුක හමුදා ඉහළ නිලධාරියෙකුගෙන් ලබාගත් තොරතුරු කිහිපයක් ද එකතු කළ යුතුව තිබේ. එවකට නාවුක හමුදාවේ ආයුධ ද නීත්‍යානුකූලව මුහුදු ආරක්‍ෂක සේවාව සඳහා සමාගම්වලට කුලී පදනම මත ලබා දී තිබුණි. එහෙත් ලබා ගන්නා ලද ආයතන මහ මුහුද මැදදි කර ඇත්තේ ඒවා තව තවත් වෙනත් ආයතන සඳහා කුලියට ලබා දීමය. මෙසේ වගකීමකින් තොරව අතින් අත යැම නිසා එම අවිවලින් ආයුධ 195 ක් අස්‌ථානගතව තිබිණ. ඒවා නැවත සොයා ගැනීමට පවා ශ්‍රී ලංකා රජය අපොහොසත් වී තිබුණා.
මේ වන විට ජාත්‍යන්තර මුහුදේ ධීවර ආරක්‍ෂක කටයුතු නිසා එක්‌සත් ජාතීන්ගේ මුහුදු ආරක්‍ෂක මණ්‌ඩලයේ නිලධාරින් හා ඇවන්ට් ගාර්ඩ් මැරිටයිම් සේවයේ ප්‍රධානියා අතර හොඳ සබඳතාවයක් හා අවබෝධයක් ද ගොඩනැගී තිබුණේ ඔහු මුහුදු ආරක්‌ෂක කටයුතු පිළිබඳව රටවල් 26 ක පමණ සංචාරය කර තිබු නිසාය. ලංකාවේ රජයට අයත් අවි ආයුධ තොගයක් ඉන්දියන් සාගරයේදී අස්‌ථානගතව ඇතැයි යන ආරංචිය එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්‌ඩලයට ද වාර්තා වී තිබිණි. එම පුවත පිළිබඳ එක්‌සත් ජාතීන් විමසා සිටියේ නිශ්ශංක සේනාධිපතිගෙනි. එම අවි ආයුධ සොයා ගැනීම සම්බන්ධයෙන් විකල්පයක් නාවික හමුදාවට නොතිබූ කල, එම භාරදූර වගකීම ද පැවරුණේ නිශ්ශංක සේනාධිපතිටය. මම ඒ පිළිබඳව ඔහුගෙන් විමසා සිටියෙමි.
"ඇත්ත" ඔවුන් මගෙන් විමසා සිටියා. මොකද ඒක ජාත්‍යන්තර මුහුදේ ආරක්‍ෂාවට ලොකු ප්‍රශ්නයක්. තර්ජනයක්. මගෙන් ඇහුවා ඔවුන් ඒක හොයාගන්න පුළුවන් ද කියලා. ඒ වන විට එම මුහුදේ 900 ක් සෙබළු හිටපු එකම ආරක්‍ෂක සේවය මම විතරයි. මං ගැන නාවුක හමුදාවත් යම් විශ්වාසයක් තැබුවා. මට පුළුවන් වුණා මගේ සම්බන්ධකම් හා මාගේ උත්සාහය යොදවලා මගේ පෞද්ගලික මුදල් රුපියල් මිලියන 26 ක් වැය කරලා එයින් ආයුධ 14 ක් හැර ඉතුරු අවි ආයුධ තොගයම ගෙනල්ලා අදාළ අංශ වෙත භාර දුන්නා. මේ ආයුධ අස්‌ථානගත කරලා තිබුණේ ලංකාවේ පෞද්ගලික නැව් එජන්තවරුන්. එලෙස අස්‌ථානගතවීම ලංකාවට මහත් වූ ජාත්‍යාන්තර අපකිර්තියක් අත්කර දී තිබුණා. මම ඒ අපකීර්තිය මුළුමනින්ම නැති කළා. එසේ නොකළා නම් එක්‌සත් ජාතීන් අප රටට සම්බාධක පැනවීමට පවා ඉඩ තිබුණා. මමයි ඒ හැම දේම නතර කර ගත්තේ. එක්‌සත් ජාතීන් සම්බාධක පැනවීම පිණිස එ වූ ලිපියක් මගේ ළඟ තියෙනවා ඒ අනුව මමත් නාවුක හමුදාවත් අතර ලොකු විශ්වාසයක් ගොඩනැගුණා. මහ මුහුදේ නීති විරෝධී අංශ හා ආයතන විසින් සිදුකරන මගඩි, අක්‍රමිකතා හා ආරක්‍ෂාවට අහිතකර ක්‍රියාකාරකම් ගැන නාවික හමුදාව මගෙන් දැනගත්තා. පාවෙන ආමරි 4ක් ගැන විස්‌තර කිව්වේ මම. ඒ වෙනුවට නාවික හමුදාව මට ස්‌තූති කරලා ලි�තව දීපු ලියුම් මං ළඟ තියෙනවා.
ඔන්න ඔහොම කාලයක් තිස්‌සේ විශ්වාසය තහවුරු කරගෙන ගොඩනගා ගත්ත සබඳතාවය අනුව තමයි මම මේ මුහුදු ආරක්‍ෂක සේවය පවත්වාගෙන යන්න රජයේ අවසරය ලැබුණේ. හැබැයි මට තනිව නෙවෙයි. නාවුක හමුදාවට අනුබද්ධව පවත්නා රක්‌නා ලංකා ආරක්‍ෂක සමාගම සමඟ ගිවිසුම්ගත වෙලා තමයි මම මේක කළ යුතු වුණේ. ඔන්න ඔහොමයි මම මෙතෙන්ට ආවේ. මම දුක්‌විඳලා මේවා ගොඩනැගුවේ. මුහුදේ අව්වේ දුක්‌විඳලා රටවල් 25ක පමණ ඇවිදලා වතාවක් ඊජිප්තුවේදී හිරෙත් ගිහින් දුක් වින්දා. එහෙම කරලයි මේ රස්‌සාව මම ඉගෙන ගත්තේ.'' ලෝකයේ කිසිම කෙනෙක් ඊජිප්තුවට නොයෙන කාලයක මම එහේ සුවස් ඇළ ප්‍රදේශයට ගිහින් මේ පිළිබදව ඊජිප්තු බලධාරීන්ගෙන් ඉගෙන ගත්තා ඊජිප්තුවට ගිය ගමනේදි මට දවස් තුනක් හිරේ ඉන්නත් සිද්ධ වුණා. මම ඔවුන්ට මගේ අරමුණු එකින් එකට පැහැදිලි කළාට පස්‌සේ එම බලධාරින් මාව සම්පුර්ණයෙන්ම විශ්වාස කරලයි මට ඔවුන්ගේ මුහුදු ආරක්‌ෂක සේවා කටයුතු කියලා දුන්නේ. මම එහේ යන්න කලින් දවසේ තමයි 1200 දෙනාව මරලා තිබුණේ. ඒවගේ භයානක කාලයකයි මම ඊජිප්තුවට ගියේ.
හොඳයි දුක් විඳලා. කට්‌ට කාලා ඉගෙන ගත්ත රස්‌සාවේ අද ලබපු ප්‍රගතිය මොකක්‌ද ?
''ප්‍රගතිය තියෙන්නේ මට නෙමෙයි මේ රටට... මම මේ රස්‌සාව බාර ගන්න කොට කලින් මේක කරපු නාවුක හමුදාවයි රක්‌නා ලංකා එකයි කළේ මසකට ආරක්‍ෂක සැපයීම් 525යි. මම ඒක දියුණු කළා. මසකට ජොබ් 850 දක්‌වා. ඉස්‌සර නාවික හමුදාවයි රක්‌නා ලංකා එකයි ඉන් මාසිකව ලබාපු ආදායම රුපියල් මිලියන 80යි. මම ඒ ආදායම මිලියන 140 කර නාවික හමුදාවටත් රක්‌නා ආරක්‌ෂක ලංකා සමාගමටත් මාසිකව ලබා දුන්නා. මේක වැරැද්දක්‌ද? ඒක ඩොලර්වලින් ගත්තාම වාර්ෂිකව ඩොලර් මිලියන 9 ක ඉඳලා ඩොලර් මිලියන 30ක් දක්‌වා සිද්ධ වුණු විශාල වර්ධනයක්. ඉන් මම මේ වසර දෙක තුළ උපයපු මුළු මුදල රුපියල් බිලියන 8ක් වෙනවා. ඉන් රුපියල් බිලියන 3 ක්‌ම මම ගෙවලා තියෙන්නේ රජයට. ලද පිරිවැටුමෙන් මෙය 38% ක ටත් වැඩියි. ඉතිරි බිලියන 5 න් අපිට ලාභය හැටියට ලැබෙන්නේ 3% කටත් අඩු ප්‍රමාණයක්. එම මුදල මිලියන 200 කටත් අඩුයි. අපිට මුදල් වියදම් වෙනවා නැව් කුලියට ගන්න. පාවෙන අවි ගබඩා පවත්වාගෙන යන්න. ලෝකයේ රටවල්වල කාර්යාල පවත්වාගෙන යන්න.
බුලිත ප්‍රදීප් කුමාර - දිවයින