ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමය යළිත්

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,272
    8,411
    113
    image_0529ea54c4.jpg


    ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමවේදය යළි එළැඹෙන මාසයේ සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා.

    ඒ සඳහා සුදුසු පුද්ගලයින් හඳුනා ගැනීම සඳහා මේ වන විට දැනුවත් කරමින් පවතින බවද එම මණ්ඩලයේ සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි මහතා පැවසුවා.

    කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සහ ධීවර දෙපාර්තමේන්තුව එක්ව මෙම ක්‍රියාවලිය නැවත ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

    සභාපතිවරයා පැවසුවේ පැවැති ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමවේදය අක්‍රීය වන අවස්ථාව වන විට ධීවරයින් 60,000කට ආසන්න ප්‍රමාණයක් එමගින් ප්‍රතිලාභ ලබා ගනිමින් සිටි බවයි.

    ඒ අනුව යළිත් මෙම ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමය ආරම්භ කිරීමේදි එම ප්‍රමාණයට වඩා වැඩි ධීවරයින් පිරිසකට මෙමගින් ප්‍රතිලාභ ලබා දීමට පියවර ගන්නා බවද කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති ප්‍රේමසිරි ජාසිංහආරච්චි මහාතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    යකො රට ඉදන් ඩොලර් එවන උන්ට දිපන්කො පැන්ශන්
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    @AnuradhaRa යකෝ තව පෙන්ෂන් එකක් හදාගන්න පුලුවන් .. මීගමුවට වෙලා ඉන්න එකේ දැල් අදින්න හරි පලකො .........

    මැවිල පේනව කලු උස මහත බඩ තඩි එකෙක් වැල්ලෙ මාදැල් අදිනව :eek: