නංගිගේ ෆේස්බුක් එක දැක්කම අපිට අදහගන්න &#3510

~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
නංගිගේ ෆේස්බුක් එක දැක්කම අපිට අදහගන්න &#3510

Facebook.jpg
ලෝකයේ දියුණුවත් සමගම තාක්ෂණයේදියුණුව මිනිස්සුන්ගේ යහපත මෙන්ම අයහපත සඳහාද භාවිතා කරන අයුරු දක්නට ලැබිම කනගාටුවට කරුණකි. අසත්පුරුෂ මිනිසුන් අද මෙන්ම එදාද ලෝකයේ සිටින්නට ඇත. අද එකිනෙකාට මුණගැසීමට ඇති අවකාශය පුළුල් වීම නිසා රැවටීම් හා වංචාවලට හසුවන ප්‍රමාණයද පෙර කාලයට වඩා වැඩිවී ඇත්තේ පුදුමාකාර ලෙසිනි. මේත් එවැනි කතාවකි. අපි ඇය චන්දිමා ලෙස හඳුන්වමු. ඇගේ නැගණියගේ කතාව ඇගේ වචනවලින්ම අසමු.
Facebook“මේ කතාව මම කියන්නේත් තවත් මේ රටවල ඉන්න තරුණ ගෑනු ළමයින්ට පාඩමක් නිසාමයි. අපි ලංකාවේ දකුණු පළාතේ අය. අපේ තාත්තා ව්‍යාපාරික කටයුතු කළේ.අම්මා නම් රැකියාවක් කළේ නෑ. ඒත් තාත්තා සාර්ථක ව්‍යාපාරිකයෙක් නිසා අපිට ‍පොඩි කා‍ලේ ඉඳලම කිසිම අග හිඟයක් තිබ්බෙ නෑ. අපේ පවු‍ලේ ගෑනු ළමයින්ම තුන් දෙනෙක්. අපේ පවුලට හිතවත් කෙනෙක් ගෙන් ආපු විවාහ යෝජනාවකින් විවාහ වෙලා තමයි මම ඉතාලියට ආවේ.
මම විවාහ වෙලා ටික කාලෙකින් මගේ දවෛනි නංගිවත් යෝජනාවකින් විවාහ කරලා දුන්නා තාත්තාගේ ඕනේකමට. ඒත් ඒ විවාහේ වැඩිකල් තිබ්බේ නෑ. නංගී ආපහු ගෙදර ආවා. එහෙම ගෙදර ඇවිත් ඉන්නකොට එයා හිටියේ මානසික පීඩනයකින්. මම කතා කළාමත් එයා හැමවෙ‍ලේම කිව්වා. “අනේ අක්කේ මට මෙහෙම ඉන්න බෑ. මිනිස්සු මගේ දිහා බලන්නේ අමුතු විදියට මාව ඉතාලියට ගෙන්න ගන්නකෝ” කියලා. අම්මයි තාත්තයි මේ අදහසට කැමති වුණ නිසා මගේ මහත්තයා දන්න හඳුනන ඉතාලි කෙනෙක්ට කියලා ‍පොඩි නංගීව ඉතාලියට ගෙන්න ගත්තා.
නංගී ඇවිත් අලුත් ජීවිතයක් පටන් ගත්තේ හරිම සතුටෙන්. එයාට හොඳ රැකියාවකුත් ඉක්මනින් ලැබුණා. එයත් හිටියේ අපේ ගෙදරමයි. මගේ බබා බලාගන්නත් හැමදේටමත් එයා උදව් වෙන නිසා මටත් හරිම පහසුවක් වුණා එයා ඉන්න එක. දැන් තරුණ අය හැමෝම කොම්පියුටර්, දියුණු දුරකතන පාවිච්චියට හරිම ආසයිනේ. නංගිත් ඉතින් ඕවා අරගෙන විනෝදෙන් හිටියා. එයා නිතරම ස්කයිප් එකෙන් ගෙදර අයයි එයාගේ යාළුවොයි එක්ක කතා කරනවා. අපි ඉතින් ඒවා ගැන වැඩියේ හෙව්වේ නෑ. මොකද එයා දැන් වැඩිහිටියෙක්නේ. මම දැනගෙන හිටියා එයා නිතරම ඉන්ටර්නෙට් එකේ ඉන්නවා ඒකෙන් ගොඩක් යාළුවෝ හොයාගෙනත් කියලා.
මගේ ‍පොඩි නංගී රූමත් කෙනෙක්. එයා ෆේස් බුක් එකෙත් එයාගේ ලස්සන ෆොටෝ දාලා තිබ්බා. අපි හැමෝම ෆේස් බුක් එකේ හිටපු නිසා ඒක මම වැරද්දක් විදියට දැක්කෙත් නෑ. ඔය අතරේ නංගී ටිකක් වෙනස් වෙන්න ගත්තා. එයා ගොඩක් සතුටෙන් ඉන්න ගත්තා. නිතරම හිටියේ කොම්පියුටර් එකේ. කාත් එක්කද ඔයා ඔය තරම් කතා කරන්නේ කියලා ඇහුවම “අයියෝ අක්කේ මේ යාළුවෝ ගොඩක් චැට් කරනවා” කියලා මග ඇරියා. ඒත් මම ටිකක් ඕනේකමින් බැලුවම එක තරුණයෙක් නංගී එක්ක වැඩි සම්බන්ධයක් තියෙනවා කියලා තේරුණ නිසා මම ඒ ගැන ඇහුවම එයා කිව්වා ඒ තරුණයා නංගීට කැමතියි කියනවා කියලා. මේ තරුණයා මැදපෙරදිග රටක සේවය කළේ.
අපි නංගීට කීවා ඔයාගේ කලින් විවාහය ගැනත් කියලා ඒ තරුණයාට කියන්න අපි එක්ක කතා කරන්න කියලා. නංගී කියපු විදියටම ඒ තරුණයා ස්කයිප් එකෙන් අපිත් එක්ක කතා කළා. ඔහුගේ නම අමිල. ගම කොළඹට
කිට්ටුව. ගිහින් තියෙන්නේ කොළඹ ජනප්‍රිය පාසලකට. කතාබහෙන් පෙනුමෙන් හරිම වැදගත් විදියක් තමයි අපි දැක්කේ. මැදපෙරදිග ආයතනයක රැකියාවක් කරනවා කියලා ඒ වැඩ කරන ස්ථානයේ ෆොටෝ පවා අපිටත් පෙන්නුවා. කියපු විදියට හොඳ රැකියාවක්. ඒක නිසාම ඔහු උගත් තරුණයෙක් කියලා අපිට තේරුණේ. අපි ඇහුවම නංගිගේ කලින් විවාහය එයාට ප්‍රශ්නයක් නැද්ද කියලා. ඔහු කීවේ “මම ජීවත් වෙන්නේ ගල් යුගයේ නමෛයි අක්කේ” කියලයි.
ඉතින් ඔය විදියට ඒ දෙන්න ආදරේ කරන්න ගත්තා. නංගී මහ රෑ වෙනකන් ඒ තරුණයා එක්ක ස්කයිප් එකේ කතා කර කර ඉන්නවා අපිට සමහර දවස්වලට ඇහෙනවා. මේ දෙන්නා ලංකාවට එකට ගිහින් එහිදි විවාහ වෙන්න පවා දින කතා කරගෙන හිටියේ. අමිල එයාගේ අම්මගේ දුරකතන අංකය පවා නංගීට දීලා තිබ්බා. නංගිත් ඒ ගෙදර අයටත් කතා කරලා දැන හඳුනාගෙන තිබ්බේ. නංගී හිතන් හිටියේ විවාහයෙන් පස්සේ එයාව ඉතාලියට ගෙන්න ගන්න. ඔහුත් කැමැත්තෙන්ලු හිටියේ ඉතාලි එන්න. ඉතින් අවුරුද්දකට වැඩිකාලයක් මෙයාලගේ ආදරේ ඔහොම ගියා.
එක දවසක් නංගී පුදුමාකාර දුකකින් අඬ අඬා හිටියා. මම ඇයි කියලා ඇහුවත් කියන්න අදිමදි කළා. පස්සෙ වද කරල ඇහුවම කිව්වා එයා දන්න කෙනෙක් කියලා තියෙනවා අමිල කියන්නේ හොරෙක් බොරුකාරයෙක් හොයලා බලන්න කියලා. අමිල ගෑනු එක්ක යාළුවෙලා සල්ලි අරගන්නවලු. බඳිනවා කියලා බොරු කියලා එයාලගෙ ගෙවල් වල පවා යනවලු. එහෙම සිද්ධියක් වුණ කෙනෙක් තමයි මේක කියලා තියෙන්නේ. එයා කිව්වලු මේක ඕනෙ නම් ඔප්පු කරලම පෙන්නම් කියලා. නංගී සෑහෙන්න මානසිකව වින්දා මේක නිසා. අමිල කතා කරත් නංගී වැඩි ඕනේ කමකින් නමෛයි කතා කළේ.
ටික ටික හොයලා බලද්දි අර ආරංචිය ගෙනාපු කෙනා කියපු දේ හරි. අමිලගේ තවත් සම්බන්ධයක් අපේ අතටම අහුවුණා. ඒ වගේම අපි අපේම නෑයෝ වෙන නංගී කෙනෙක් දාලා අමිලට කතා කරන්න සැලැස්සුවා.
මේ මනුස්සයා ඒ ළමයටත් කැමතියි ආදරෙයි කියලා තියෙන්නේ පළවෙනි දවසෙමයි. ඒක දැනගත්තට පස්සේ නංගීට පිස්සු හැදුණේ නැති ටික විතරයි. ඊට පස්සේ හොයලා බලද්දි අර වැඩ කරන තැන් අම්මගේ කියලා දුන්න ටෙලිෆෝන් අංක පවා පට්ට පල් බොරු. අපි නොදැනුවත්වම නංගී අමිලට සෑහෙන්න මුදල් දීලා තියෙනවා. අපි ඇහුවා මොනාටද ඒවා ගත්තේ කියලා. එක එක හදිසි ඕනෑකම් කියලා සැරින් සැරේ සල්ලි ඉල්ලගත්තලු. ආපහු දෙන්නම් කියලයි සල්ලි අරන් තියෙන්නේ.
අමිල කතා කරපු අන්තිම දවසේ නංගී අමිලට හොඳට බැන්නා. අපිත් එයාට හොඳටම දොස් කීවා. අමිල හිනාවෙලා කෝල් එක කට් කරලා ගියා. එදා රෑ නංගීට ෆෝන් එකට මැසේජ් එකක් ආවා ෆේස් බුක් එක බලන්න කියලා. නංගී ෆේස් බුක් එකට ගිහින් දැකපු දෙයින් අපි හැමෝටම අදහා ගන්න බැරුව ගියා. නංගීගේ නමින් තවත් එකවුන්ට් එකක් හදලා ඒකේ නංගීගේ අඩ නිරුවත් ඡායාරූප ගොඩක් දාලා. ඒ මදිවට නංගීගේ දුරකථන අංක පවා දාලා. ඒ ෆොටෝ ඔක්කොම අපිටත් ටැග් කරලා. අපේ නෑයෝ ළඟම යාළුවෝ පවා අමිල දැනගෙන හිටියා. ඒ හැමෝටම ඒ ෆොටෝ ටැග් කරලා.
නංගී රෑට අමිල එක්ක කතා කරද්දි ඔහු නංගීටත් නොදැනුවත්ම ස්කයිප් එක හරහා එක එක ඡායාරූප අරන්. අපේ නංගී මෙහෙම මෝඩ වැඩක් කරයි කියලා අපි හිතුවේ නෑ. අන්තිමේ නංගී වැසිකිළිවලට දාන්න තියෙන ඇසිඩ් වර්ගයක් බිව්වා. ජීවිතේ නැති කරගන්න හිතාගෙන. අපි ඉක්මනින් රෝහලට ගෙනිච්ච නිසා එයාගේ ජීවිතේ බේරුනා. අපි හැමෝගෙම ෆේස් බුක් එකවුන්ට් වහලා දැම්මා. ආයෙත් අමිල ගැන හොයන්නවත් ‍පොලීසියට කියන්නවත් ගියේ නෑ.
නංගී දැන් එයාගේ පාඩුවේ ඉන්නවා. ඒත් එයා සමාජයට යන්න හරිම බයයි. එයා කියනවා ඒ ඡායාරූප තව කොහේ කොහේ තියෙනවද දන්නේ නෑනේ කියලා. ඒක නෑ කියන්නත් බෑ. මට මගේ නංගී ගැන හරිම දුකයි. ජීවිතේ දවෛනි පාරටත් එයාට වැරදුණානේ. ආයෙත් කවදාවත් විවාහයක් ඕනේ නෑ කියලා එයා කියනවා. මේ ලෝකේ පිරිමි ගෑනුන්ගේ ජීවිතත් එක්ක මෙහෙම සෙල්ලම් කරන්නේ ගෑනුන්ගේ මෝඩකමයි අහිංසක කමයි
නිසාද ?
චන්දිමා අසන පැනයට පිළිතුර කුමක් වුවත් බොහෝ දේ නිසාවෙන් අන්තිමේ බැට කන්නේ කාන්තා පාර්ශ්වය විතරක් වීම නම් කනගාටුවට කරුණකි.

Lakbima​

මට මේක කියවද්දි පුදුම කලකිරීමක් ඇති උනා අපේ කෙනෙක්ට මෙහෙම දෙයක් උනා නම් කියල. ( හොදට හිටියොත් මෙහෙම වෙන්නේ නෑ තමයි, ඒත් අද ලිංගිකත්වය කියන එක සාමාන්‍ය දෙයක් වේලා ඉස්සර වගේ බදිනකම් ඉන්නේ නෑනේ දැන් ගොඩක් අය ඊට කලින් ඒවට යනව )

මට හිතුනේ එලකිරි එකේ අපිම වක්‍රව හරි මේවට දායක වෙනව නේද කියල? ලංකාවේ porn industry එකක් නෑ, ඒ කියන්නේ එලියට එන, අපි බෙදාගන්න හැම photo/video එකක්ම මේ වගේ එලියට ආපුව නේද? :(:(
එලියට දාපු කෙනා වගේම වටේට පතුරවන අපිත් තව කෙනෙක්ගේ ජීවිතයක් අපායක් කරන්න හවුල් වෙනව නේද? :(:(:( (මම හොද එකා වෙනව නෙමේ මචන්ල, මේව කරන කෙල්ලෝ සුද්ද කරන්නෙත් නෑ, ඒත් එහෙම කෙල්ලෝ හොද නෑ, කෙල්ලන්ගේ වැරදී කියන අපි කීදෙනෙක්ම එලකිරි එකේ රූම් යන්න අහල ත්‍රෙඩ් දානවද )
 
~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
අපි බනිනව කෙල්ලන්ට මෝඩයි කියල මචන්, දැන් අපි කී දෙනෙක් අපි ලව් කරන කෙල්ලව රූම් ඇදල ඇද්ද? අඩුගානේ ඒකිගේ රහස් තැනක් අල්ලල හරි බලල හරි නැද්ද? ( breast කියමු )

1) එතකොට උබල කියන විදිහට උබ එක්ක රූම් ආපු , උබ ෆිල්ම් එකක් බලන්න ගිහින් ගෙඩිය අල්ලනකොට මුකුත් නොකිය හිටපු උබේ කෙල්ල මෝඩ ගොන් කෙල්ලෙක්ද?

2) එහෙම ඉල්ලන , කෙල්ලව රූම් අදින අපි කාලකන්නි නෙමේ ද?

3) උබල රූම් යන්න අහද්දි, ගෙඩි අල්ලද්දි උබේ කෙල්ල කිවුව නම් "මම මෝඩ කෙල්ලෙක් නෙමේ හරිද තමුසේ මාව රවට්ටන්න හදන්නේ කියල" උබල ඒත් කෙල්ලට කියන්නේ නැද්ද තමුසෙට මාව සැකයි කියල? නැත්තම් උබල කියයිද, ශා ඔයා මාර මොලේ තියන කෙල්ලෙක් කියල?

කෙල්ලන්ට 100% වැරැද්ද දාන්න තිබ්බ අපිත් කෙල්ලන්ව රූම් ඇදල නැත්තම්, ඒ පැත්තට යන ඒව කරල නැත්තම්.

මොකද එකේදි උබ අල්ලනකොට ආදරේ නිසා මුකුත් නොකිය ඉන්න කෙල්ල උබල skype එකේ කතා කරනකොට පොඩ්ඩක් පෙන්නන්න කිවුවම බැහැ කියන්නේ නෑනේ, ආදරේ කියන්නේ ඒකයි රැවටෙනව, අනික කෙල්ලො කොහොමත් මෝඩයි තමයි.

හැගීම් ආවම බුද්ධිමත් වෙවී ඉන්නේ නෑනේ අපි කවුරුවත්. කොල්ලොත් එහෙම බැලුවොත් ඕන බඩුවක් එක්ක යයි එන්න කිවුවොත්, ඒත් කොල්ලන්ට ඔව කේස් නැති නිසා අවුලක් නෑ.

මම කෙල්ලන්ව සුද්ද කරන්නේ නෑ, ඒත් කෙල්ලන්ට 100% වැරැද්ද දාල අත හෝදගන්න අපිට බෑ කියලයි කියන්නේ

උබල අවන්කව හිතල බලපන් උබලගේ කෙල්ල උබලට ගෙඩියක් හරි පෙන්නල තියනව නම් ඒ ආදරේට නෙමේද කියල, එතකොට උබල කෙල්ලව අතාරින්නේ නෑ උබ මාර මෝඩයි කියල, උබල තවත් ආදරේ වෙනව මෙයාට මාව ගොඩක් විශ්වාසයි කියල. මෙතන වෙලා තියෙන්නේ ඒ කෙල්ල විශ්වාස කරපු එකා බොරු කාරයෙක් උන එක, අපි උනත් ඕන තරම් බොරු කාරයන්ට අහුවෙලා තියනව නේ, කාල බලන්න බෑ මිනිස්සු

මම මේ කිවුවේ හැම කොල්ලම ගැන නෙමේ , සමහරක් අය ගැන

කෙල්ලෙක් වන්චාකාරයෙක්ට ඇග පෙන්නල ඌ කෙල්ලව expose කරහම ඒ කෙල්ල වල් ගොන් මෝඩ බඩුවක්, ඒත් උබේම කෙල්ල උබට පෙන්නනකොට ඒ ආදරේට විශ්වාසේ නිසා. එහෙමද?

updated
 
Last edited:

okay

Member
Apr 29, 2013
927
120
0
System32
හ්ම්ම් :(
කාලකන්නි යක්කෝ ඔය කරන දේවලින් උන්ට කවදාවත් හරියන්නේ නම් නෑ
:no:ඊටත් එහා අද කාලේ ඉන්න ගෑනු හරි මෝඩයි :angry:
 
dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මූලිකම දේ කෙල්ලන්ගේ මෝඩකම මචන් කොල්ලෙක් හම්බුනාම ගෙදර අය මතක නෑ නිකන් සුරන්ගනා ලෝක වල අතරමන් වෙනවා .මේ වගේ දේවලින් ප්‍රයෝජන ගන්න උන් ලේසියෙන් කෙල්ලන්ව රවට්ටනවා
    අනික දැන් ඉන්න දෙමව්පියොත් ලමයි අලුත් රැල්ලට යවන්න ඕනි නැත්නම් කොන් වෙනවා ඔය වගේ දේවල් කිය කිය අසීමිත නිදහසක් දෙනවා නිකන්ම අත ඇරල දානවා වගේ
    එහෙම හොයලා බලන්නෙ නැතුව ඉන්නකොට ඕනිම දෙයක් වෙන්න පුලුවන් ..
     
    NΞTHUSHI

    Member
    Apr 5, 2014
    85
    4
    0
    27
    Boy tharaha wewi kiyala tama godak ganu lamai owa karanne.. Habai ithin mole thiyenawa nam kelinma baha kiyanna puluwan
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    තමන් අකමැති නම් කෙලින්ම බෑ කියන්න ඕන:no::no::no:කොල්ලට ඕන විදියට හැසිරිලා දැන් එනවා බබා වෙන්න... :angry::angry::angry:
     
    Last edited:

    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    මම හොද එකා වෙනව නෙමේ මචන්ල, මේව කරන කෙල්ලෝ සුද්ද කරන්නෙත් නෑ, ඒත් එහෙම කෙල්ලෝ හොද නෑ, කෙල්ලන්ගේ වැරදී කියන අපි කීදෙනෙක්ම එලකිරි එකේ රූම් යන්න අහල ත්‍රෙඩ් දානවද ???
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ganunge mole hadimite tharam kiyanne kata kahanavata ya... dukai vunata vihin karaganna deval valata ithin duka vela therumak na..
     
    qihansa

    Junior member
  • Aug 24, 2006
    307
    23
    18
    Ada sitawath e wage videos/photos net eke share nokaranna saha ewage dewal net ekata ekathu nokaranna waga bala ganilla. ratama hadanna bari unoth upi tikawath me prathipathiya rakinawanam meka diya bidakin hari aduwenna udawwak wei..............
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    අපි බනිනව කෙල්ලන්ට මෝඩයි කියල මචන්, දැන් අපි කී දෙනෙක් අපි ලව් කරන කෙල්ලව රූම් ඇදල ඇද්ද? අඩුගානේ ඒකිගේ රහස් තැනක් අල්ලල හරි බලල හරි නැද්ද? ( breast කියමු )

    1) එතකොට උබල කියන විදිහට උබ එක්ක රූම් ආපු , උබ ෆිල්ම් එකක් බලන්න ගිහින් ගෙඩිය අල්ලනකොට මුකුත් නොකිය හිටපු උබේ කෙල්ල මෝඩ ගොන් කෙල්ලෙක්ද?

    2) එහෙම ඉල්ලන , කෙල්ලව රූම් අදින අපි කාලකන්නි නෙමේ ද?

    3) උබල රූම් යන්න අහද්දි, ගෙඩි අල්ලද්දි උබේ කෙල්ල කිවුව නම් "මම මෝඩ කෙල්ලෙක් නෙමේ හරිද තමුසේ මාව රවට්ටන්න හදන්නේ කියල" උබල ඒත් කෙල්ලට කියන්නේ නැද්ද තමුසෙට මාව සැකයි කියල? නැත්තම් උබල කියයිද, ශා ඔයා මාර මොලේ තියන කෙල්ලෙක් කියල?

    කෙල්ලන්ට 100% වැරැද්ද දාන්න තිබ්බ අපිත් කෙල්ලන්ව රූම් ඇදල නැත්තම්, ඒ පැත්තට යන ඒව කරල නැත්තම්.

    මොකද එකේදි උබ අල්ලනකොට ආදරේ නිසා මුකුත් නොකිය ඉන්න කෙල්ල උබල skype එකේ කතා කරනකොට පොඩ්ඩක් පෙන්නන්න කිවුවම බැහැ කියන්නේ නෑනේ, ආදරේ කියන්නේ ඒකයි රැවටෙනව, අනික කෙල්ලො කොහොමත් මෝඩයි තමයි.

    හැගීම් ආවම බුද්ධිමත් වෙවී ඉන්නේ නෑනේ අපි කවුරුවත්. කොල්ලොත් එහෙම බැලුවොත් ඕන බඩුවක් එක්ක යයි එන්න කිවුවොත්, ඒත් කොල්ලන්ට ඔව කේස් නැති නිසා අවුලක් නෑ.

    මම කෙල්ලන්ව සුද්ද කරන්නේ නෑ, ඒත් කෙල්ලන්ට 100% වැරැද්ද දාල අත හෝදගන්න අපිට බෑ කියලයි කියන්නේ

    උබල අවන්කව හිතල බලපන් උබලගේ කෙල්ල උබලට ගෙඩියක් හරි පෙන්නල තියනව නම් ඒ ආදරේට නෙමේද කියල, එතකොට උබල කෙල්ලව අතාරින්නේ නෑ උබ මාර මෝඩයි කියල, උබල තවත් ආදරේ වෙනව මෙයාට මාව ගොඩක් විශ්වාසයි කියල. මෙතන වෙලා තියෙන්නේ ඒ කෙල්ල විශ්වාස කරපු එකා බොරු කාරයෙක් උන එක, අපි උනත් ඕන තරම් බොරු කාරයන්ට අහුවෙලා තියනව නේ, කාල බලන්න බෑ මිනිස්සු

    මම මේ කිවුවේ හැම කොල්ලම ගැන නෙමේ , සමහරක් අය ගැන

    කෙල්ලෙක් වන්චාකාරයෙක්ට ඇග පෙන්නල ඌ කෙල්ලව expose කරහම ඒ කෙල්ල වල් ගොන් මෝඩ බඩුවක්, ඒත් උබේම කෙල්ල උබට පෙන්නනකොට ඒ ආදරේට විශ්වාසේ නිසා. එහෙමද?
     
    Last edited:

    BrianTho

    Banned
    Apr 9, 2014
    134
    5

    well said...