නංගියේ ඔබෙ නමින් හෙටත් හිරු නැගේවා....!

creed1

Well-known member
  • Aug 19, 2007
    6,748
    1,592
    113
    Hakata-ku, Fukuoka
    අතීතය සිහිව එයි.. නිතැතින්ම පියඹලා...
    මවාගෙන හිතෙන් අපි..හිටි අයුරු සිහිවෙලා..
    කදුළු කැට නෙතු කොනේ.. නෙතු පියන් සිරකලා..
    හිතේ රැදි වේදනා...සුසුමකින් පිටකලා...

    දුකක් මා හිත පුරා... මුසුව රැදෙනා විටෙක....
    සැනහුනේ ඔබ ලගයි... තවම සිහිවෙයි මෙමට....
    ඉදින් මින් පසුව නම්... ‍ඔබත් නැත මා අසල...
    කෙලෙස නම් සැනහෙම්ද.. ඔයා ලග නැති තැනක..

    එකම බත් පත පවා .. දෙකට බෙදලා ඔබම...
    සිනාවෙන් ආදරෙන්.. කටින් කට මට කවන...
    එකම වරදක් නොවී .... සොහොයුරන් සේ මෙලෙස...
    ‍අනේ මගෙ නංගියේ... සුන්දරයි ඒ දවස....

    රන්ඩුවට හරි බරයි... නෝක්කඩු කෝටියට...
    සුදු මුහුණ අදුරු වෙයි...... පසුව දුක දැනෙයි මට.....
    මේ තරම් ලංවෙලා... අපි අපේ දෛවයට....
    පිටු නොපා මුහුණ දෙමු... නංගියේ හෙට දිනට....!

    බක් මහේ කොවුල් හඩ... නෑසෙනා යාමයක...
    ඒ සිරිය මා දෑස... නොදකිනා ලෝකයක....
    නික්ම යන්නට මගෙන් සැරසෙනා නැගනියට...
    සතුටු ගංගා ගලයි....හෙට ඔබේ දිවි මගට.....!

    හිත් පුරා උතුරනා පැතුම් මල් පිපේවා.....
    දිස් නැගී ලොව පුරා කිතු යසස් රැදේවා...
    දක්වනා පහන් හිත තව තවත් වැඩේවා...
    නංගියේ ඔබෙ නමින් හෙටත් හිරු නැගේවා....!

    මචං මාර ගතියක් තියෙනවා...............................