නංගි වෙනුවෙන් බෙලි අටක්‌ කපයි...

Lakshan Helawijaya

Active member
  • Jan 10, 2015
    600
    29
    28
    Kandy
    නංගි වෙනුවෙන් බෙලි අටක්‌ කපයි...

    නංගි වෙනුවෙන් බෙලි අටක්‌ කපා වසර 129 කට හිරේ ගොස්‌
    අනුරාධපුරයේ නිදහසේ ඇවිදින හිතුමතේ ජීවිතේ

    පාසල නිමවී නිවසට යමින් සිටි පහළොස්‌ හැවිරිදි පී. ඩී. කුසුමාවතී කිසියම් පිරිසක්‌ විසින් මහ මඟදී පැහැරගෙන ගියේ ඇයගේ යෙහෙළියගේ විලාප හඬත් සමඟය. ඒ 1972 මැයි මස 28 වැනි දිනදීය. කළුතර දිස්‌ත්‍රික්‌කයේ අවුරුදු කුමාරිය තේරීමේ තරගයෙන් ප්‍රථම ස්‌ථානය හිමිකරගත් කුසුමාවතී අවුරුදු කුමරිය ලෙස කිරුළු පළ¹ ගතවූයේ දින කීපයක්‌ පමණි. ඇය පැහැර ගෙන යාම රට පුරා මහත් ආන්දෝලනයක්‌ ඇති කළේය.

    කළුතර ගෝනදූව මොරන්තුඩුව ප්‍රදේශයේ ජීවත් වූ කුසුමාවතී වරාය සේවකයකු වූ පී. ඩී. විල්සන් පෙරේරාගේ හා එවකට මීගමුව රෝහලේ සේවය කළ හෙදියකගේ දරුවා වූවාය. ඇයට සිටි එකම සහෝදරයා වූයේ පී. ඩී. සුමතිපාලය. අ.පො.ස. (උ.පෙළ) නිමා කළ සුමතිපාලගේ වයස මේ වන විට අවුරුදු දාහතක්‌ විය. නැගණියගේ අතුරුදන්වීමෙන් කම්පාවට පත් මව්පියන් හා සුමතිපාල එදාම කළුතර පොලිසියට ගියේ මේ බව පැමිණිලි කිරීමටය. එහිදී පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා සුමතිපාලට කිව්වේ

    "අයිසේ තමුසෙගෙ නංගි කොල්ලෙක්‌ එක්‌ක පැනල ගිහිල්ල අවුරුද්දකින් විතර එයි දරුවකුත් අරගෙන"

    මෙයින් දැඩි කම්පාවට පත් සුමතිපාල "මගේ නංගී වැදගත් විදිහට ජීවත් වුණේ කවදාවත් ඒක වෙන්න බැහැ" යනුවෙන් පවසා ආපසු නිවසට පැමිණ තම නැගණියට සිදුවූ දේ කෙසේ හෝ හොයාගන්නවා යනුවෙන් දැඩි තීරණයකට පැමිණියේය. ඉන් අනතුරුව නැගණිය සමග ගිය යෙහෙළිය වූ ලීලාවතී හමුවී සියලු තොරතුරු දැනගත්තේය. එහිදී නංගි පැහැරගත් වාහනය පදවා ගෙන ආ රියෑදුරා පිළිබඳව යම් හෝඩුවාවක්‌ ලබා ගැනීමට සුමතිපාල සමත් විය. අවසානයේ රියෑදුරා නිශ්චිතවම හඳුනා ගැනීමට ඔහුට හැකිවීමත් සමග මහ අපරාධයක සුල මුල හෙළිකර ගත්තේය. එහි අවසානය වූයේ පුද්ගලයන් අට දෙනකු ඝාතනය කර වසර හතළිස්‌ හතරක්‌ හිරබත් කෑමට සුමතිපාලට සිදුවීමය. තම නැගණිය වෙනුවෙන් සිරගෙට ගිය මේ සහෝදරයා පසුගියදා නිදහස්‌ විය. අද වන විට ඔහුට යන්නට ඉන්නට තැනක්‌ නැත. සුමතිපාල නම්වූ හැටඑක්‌ වියෑති මේ පුද්ගලයා අනුරාධපුර නගරයේ මැදින් ජයශ්‍රී මහ බෝධිය වෙත යමින් සිටියදී පාඨකයන් වෙනුවෙන් ඔහු සමග කතා කරන්නට හැකිවූයේ හිතවත් වෙළෙඳ ව්‍යාපාරිකයකු මගිනි.

    වැට මායිමට ඇන කොටා ගන්නා සහෝදරයන් සිටින අද සමාජයේ තම එකම සහෝදරිය වෙනුවෙන් මුළු ජීවිතයම සිරබත් කෑ මේ අපූරු මිනිසාගේ අනුවේදනීය හා විශ්මය ජනක කතාව මෙතැන් සිට ඔහුගේ වචනයෙන්ම සටහන් කරමු.

    සිය පපුවේ "හිතුමතේ ජීවිතය" යනුවෙන් පච්චයක්‌ද ඔහු කොටගෙන ඇති අයුරු පැහැදිලිව දැකගත හැකිය. දැන් ඔහුගේ කතාවට සවන් දෙමු.

    නංගිගේ යෙහෙළිය වූ ලීලාවතීගෙන් දැනගත් තොරතුරු අනුව මම රියෑදුරා නිශ්චිතව සොයා ගත්තා. පස්‌සෙ දින ගණනක්‌ රැකල ඉඳලා රබර්වත්ත මැදින් ඔහු එද්දී පිහිය බෙල්ලට තියල "ඇත්ත කියපං මම උඹව මරන්නෙ නැහැ කිව්ව" මම ඔහුගේ ඇඟේ දෙපොලක්‌ විතර පිහියෙන් කැපුව. ඒ පාර ඌ මට ඇත්ත කිව්ව. මගෙ නංගි කළුතර බෝධිය ළඟදී පැහැරගෙන ගිහිල්ල දූෂණය කරල නාත්තණ්‌ඩිය කනත්තකදී පුච්ච දාල තියෙනවා. මේකට පොලිසියේ ඕ.අයි.සී, මන්ත්‍රී කෙනෙක්‌, උළු මුදලාලි කෙනෙක්‌, විදුහල්පතිවරයෙක්‌, මස්‌කඩ මුදලාලි කෙනෙක්‌ හා ඕ.අයි.සී. ගේ මස්‌සිනා කෙනෙක්‌ වන හෝටල් හිමියකුත් සම්බන්ධවෙලා තියෙනවා. පස්‌සේ මම රියෑදුරාගේ තොරතුරු අනුව නාත්තණ්‌ඩිය කනත්ත හොයාගෙන ගියා. මට තැන හොයාගන්න පුළුවන් වුණා.

    එතන තිබිල නංගි කරේ දාගෙන හිටපු ෙච්න් එකයි සුරයයි හමුවුණා. සුරය ඇතුලෙ තිබුණ තඹ කොළේ නංගිගෙ නම ලියල තිබුණා. මම ආපහු ආවා. මේ බව අම්මටත් තාත්තටවත් කිව්වේ නැහැ. පහුවදා ගියා පොලිසියට. ඕ.අයි.සී. වාඩිවෙලා හිටියා. මම කිව්ව මටයි උඹටයි බේරගන්න ගනුදෙනුවක්‌ තියෙනව කියල. එතකොට ඕ.අයි.සී. පිස්‌තෝලය අතට ගන්න හැදුව මම ඉස්‌සර වුණා. මම අරගෙන ගිය රා කපන පිහියෙන් ඕ.අයි.සී. ගෙ හිස කඳින් වෙන්වෙන්න කැපුව. පොලිසියේ අනිත් අය දිව්වා. මම හිසත් අරගෙන පයින්ම පොලිස්‌ අධිකාරි ළඟට ගිහින් හිස පෙන්නුව.

    "මම හිතුව ඕක වෙයි කියල. ඔහෝම ඉඳගන්න කිව්වා."

    පස්‌සේ මාව නඩුකාරයා ළඟට අරන් ගියා. නඩුකාරය මගෙන් විස්‌තර අහල මාත් එක්‌ක නාත්තණ්‌ඩිය කනත්තට ගිහින් එතන පරීක්‍ෂා කළා ඊට පස්‌සේ මාව මීගමුව බන්ධනාගාරයට දැම්මා. මම එහිදී දින කීපයකට පස්‌සේ හිරෙන් පැන්න. දින ගාණක්‌ රැකල ඉඳල මන්ත්‍රී හොයාගෙන බෙල්ල කැපුවා. හිසත් අරන් පොලිසියට ගියා. භාර වුණා. ඊට පස්‌සේ මාව මහර හිරගෙදරට යෑව්වා. එහිදී හිරෙන් පැන්නා. දින ගාණක්‌ ගමේ හැංගිල ඉඳල විදුහල්පතිගෙ බෙල්ල කැපුව. හිසත් අරන් ගිහින් පොලිසියට භාර වුණා. ඊට පස්‌සේ මාව යෑව්වා අනුරාධපුර බන්ධනාගාරයට. එහේ මාස ගාණක්‌ හිටියා. මට එහිදී "මරුසිරා" හමුවුණා. පස්‌සේ මම මරුසිරා එක්‌ක හිරගෙදරින් පැනල ගියා. ඒ ගිහින් දින ගාණක්‌ හැංගිල ඉඳල මස්‌ කඩ මුදලාලි අල්ලගෙන බෙල්ල කැපුවා. හිසත් අරන් ගිහින් පොලිසියට භාර වුණා. පස්‌සේ මාව යෑව්ව යාපනේ හිරගෙදරට. මාස කීපයකට පස්‌සේ හිරෙන් පැන්නා. ඇවිත් දින ගාණක්‌ රැකල ඉඳල උළු මුදලාලිගේ බෙල්ල කැපුවා. හිසත් අරන් පොලිසියට භාර වුණා. ඊට පස්‌සේ මාව දැම්මා පොළොන්නරුව හිරගෙදරට. එහිදී මට "පොඩි විඡේ" හමුවුණා. මම පොඩි විජෙත් එක්‌ක හිරෙන් පැන්නා. රයිෆල් දෙකකුත් අරගෙන පැන්නේ. ඒ ඇවිත් ඕ.අයි.සී.ගෙ මස්‌සිනා වන හෝටල් හිමිය අල්ලා ගත්තා. උගෙත් බෙල්ල කපල අරන් පොලිසියට ගිsහින් භාර වුණා. ඊට පස්‌සෙ මම දැම්මා බෝගම්බර හිරගෙදරට. එහෙත් මාස ගාණක්‌ ඉඳල පැනල ඇවිත් දින ගාණක්‌ රැකල ඉඳල රියෑදුරා මැරුවා. බෙල්ල කපල හිසත් අරන් ගිහින් පොලිසියට භාර වුණා. මම මහර බන්ධනාගාරයට දැම්මා.

    හිරේ ඉන්න කාලේ පොලිසිය හිරගෙදරට එව්වා ගංජා ලක්‍ෂ්මන් කියල කෙනෙක්‌ මාව මරන්න සැලසුම් කරල. මිනිහ මට පිහියෙන් ඇන්නා. මම පිහිය උදුරගෙන ඌ මරල දැම්මා. හැමදාම උසාවිවලට අරන් යනව නඩු අහන්න.

    1975 මැයි මාසෙ හත්වැනිදා මාව එල්ලා මරන්න නියම වුණා. මරන්න නියම වුණ දිනට පෙරදින අම්ම ආවා මාව බලන්න.

    අම්මා මාව දැකල පපුව පැලිල හිරගේ තුළම මැරුණා. මම ඒ වෙලාවේ බත්කන බෙලෙක්‌ පිඟාන හතරට කඩල කෑල්ලකින් මගේ බඩ පලා ගත්තා. බඩවැල් අරගෙන බෙල්ලවටේ දාගත්තා. මාව ඊට පස්‌සේ ඉස්‌පිරිතාලෙ අරන් ගිහින් බෙහෙත් කළා. පහුවදා මාව මරන්න තිබුණ නිසා බන්ධනාගාර නිලධාරීන් ඉස්‌පිරිතාලෙට ඇවිත් මාව ගෙනියන්න හැදුව. ඒත් දොස්‌තර මහත්තුරු මාව ගෙනියන්න දුන්නේ නැහැ. පස්‌සේ මාව බලෙන් අරන් ගියා.

    ඒ පාර දොස්‌තරලා වැඩ වර්ජනය කළා. එල්ලලා මරන්න විනාඩි පහක්‌ තියෙද්දී විලියම් ගොපල්ලව ජනාධිපතිතුමාගෙන් නියෝගයක්‌ ආවා එල්ලා මරන්න එපා කියල. මාව ආපහු ඉස්‌පිරිතාලෙට අරන් ගියා. කරපු වැරදිවලට අවුරුදු එකසිය විසිනවයක්‌ හිරදඬුවම් ලැබුණා. අවුරුදු හතළිස්‌ දෙකක්‌ම හිරගෙදර හිටියා. ඊට පස්‌සේ මම මාරාන්තික උපවාසයක්‌ කළා. මාව නිදහස්‌ කරන්න නැත්නම් එල්ලා මරන්න කියල. දවස්‌ පහළොවක්‌ වහලෙ උඩ හිටියා. මට අමාරු වුණා. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහත්තය හෙළිකොප්ටරයක්‌ එවල මාව කොළඹ ඉස්‌පිරිතාලෙට දැම්මා. මාස ගාණක්‌ හිටිය. හොඳ වුණේ නැහැ. ඊට පස්‌සේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මාව ඉන්දියාවේ රෝහලකට යෑව්වා. ඒ ගිහින් පසුගිය දෙසැම්බර් 28 වැනිදා ලංකාවට ගෙනත් පේරාදෙණියේ රෝහලේ ප්‍රතිකාර ගත්ත. ගිය සතියේ ටිකට්‌ කපල මට යන්න කිව්ව. ඒත් මට දැන් යන්න තැනක්‌ නැහැ. මාව කිසි කෙනෙක්‌ අඳුරන් නැහැ. ජනාධිපතිතුමා මට රුපියල් ලක්‍ෂ පහක්‌ දුන්නා. ඒක දාන්න බැංකු පොතක්‌ අරගෙන අංකය අරන් එන්න කිව්වා. මට මිට්‌සුබිසි සමාගමෙන් කාරෙකක්‌ දුන්නා. මේ තියෙන්නේ යතුර. ඒක තාම ගත්තේ නැහැ. ඒකේ ලියාපදිංචි වැඩ ඉවුර වුණාම ලැබෙනවා යෑයි දිගකතාවක්‌ කෙටියෙන් පවසා සිටියේ තම නැගණිය වෙනුවෙන් වයස අවුරුදු දාහතේදී කැපවූ ඔහු තම යුතුකම නිසිලෙස ඉටුකළා යන හැඟීමෙන් යුතුවය.

    සියල්ල එසේ වුවද කුඩා බෑගයක වටිනා ඡායාරූප, සහතික හා ඔහු පිළිබඳ පළවූ පුවත්පත් වාර්තා කීපයක්‌ද පමණක්‌ ඔහු අත ශේෂව තිබිණි. හෙට දවස ගැන කිසිත් අපේක්‍ෂාවක්‌ නැති ඔහු දැන් රෝගාතුරය. මහලුය. එහෙත් ඔහුගේ පපුවේ කොටා ඇති "හිතුමතේ ජීවිතේ" යන අකුරු ඔහු මියෙනතුරු නොමැකෙන ලෙස සටහන්ව ඇත. මතු දිනක ඔහුගෙන් කුරා කුහුඹියකුගේවත් ජීවිතයකට හානියක්‌ නොවන බව නම් ඉඳුරාම කිව හැකිය.

    හෙට දවස ගැන අමුතු හැඟීමක්‌ ඔහු සතුව නැත. වසර හතළිස්‌ දෙකක්‌ හිරබත් කෑ ඔහුගේ යෞවනයම සිය නැගණිය වෙනුවෙන් කැප කළාය. අද ඔහු ඒ සියල්ල අභිමානයෙන් යුතුව සිහිපත් කරන්නේ මහත් සැහැල්ලුවකිනි. අවසාන වශයෙන් ඔබ දැන් යන්නේ කොහෙදැයි මම විමසා සිටියෙමි.

    "මම අද ජයශ්‍රී මහ බෝධියට ගිහින් එතන ඉන්නවා" යෑයි පවසා මගෙන් සමුගෙන නගරය ඔස්‌සේ ශ්‍රී මහ බෝධිය දෙසට ගමන් කරන්නට විය.

    නොච්චියාගම -
    එම්. එම්. පී. ජී. පෙරේරා
    "දිවයින"
     
    Last edited:

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    පොලිසිය තමන්ගේ රාජකාරිය හැරියට කරා නම් මේ වටිනා මනුස්සයට හොද ජිවිතයක් ගත කරන්න තිබුනා.
     

    Lakshan Helawijaya

    Active member
  • Jan 10, 2015
    600
    29
    28
    Kandy
    පොලිසිය තමන්ගේ රාජකාරිය හැරියට කරා නම් මේ වටිනා මනුස්සයට හොද ජිවිතයක් ගත කරන්න තිබුනා.
    ow bn ekanam aththa.. unge werdi nisa thma godakma me wdiha dewal wenne lankawe...