නකල්ස් ඉවරද ?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    නකල්ස් ස්වාරක්ෂක කලාපයේ බෙලිගම රක්ෂිතය තුල චීන සමාගමක් කරන මහා පරිමාණ වන විනාශය නොබලා පරිසර ඇමැති සිරිසේන බම්බු ගහනවාද?
    පරිසර ඇමැතිවන්නේ ජනාධිපති සිරිසේන ය. ඒ මදිවාට මොරගහකන්ද තමාගේ වැඩක් බව කියමින් පම්පෝරිද කෙළින්නේ ය. කට ඇරිය ගමන් තමා සුදනා බවත් අන් සියළුම දෙනා මේ රට විනාශ කරන උන් බවටත් අවලාද නගන්නේය. ඒ නමුත් මොරගහකන්ද ව්‍යාපෘතියේ ඇලහැර උමං ව්‍යාපෘතිය සිදුකරන ස්ථානය වෙත ප්‍රවේශ මාර්ගයක් ඉදිකරන චීන සමාගම විසින් ලෝක උරුම නකල්ස් වනාන්තරය වනසමින් සිටිනවා මේ පරිසර ඇමැතියා සිරිසේන දන්නේ නැත. මේ මහා විනාශය පිළිබඳ වැසි වනාන්තර සුරකින්නන්ගේ සංවිධානය විසින් කරනු ලබන හෙළිදරව්වක් පහත දැක්වේ.

    මොරගහකන්ද ජලාශය නූතනයේ ඉදිවුණු රට මැද මහ සයුර ලෙස හඳුන්වන අතර එය අක්කර අඩි 660,000ක් පමණ වේ. ඇමෙරිකානු ඩොලර් මිලියන 557.5ක් වැයකොට අඹන් ගඟ හරස් කොට තැනූ මේ මහා ජලාශයේජල පෝෂක කලාපය දුම්බර වනාන්තරයයි. මහනුවර සහ මාතලේ දිස්ත්‍රික්ක තුළ පිහිටා ඇති මෙම මහා ජල පෝෂකයේ වපසරිය (දුම්බර වනාන්තරය = නකල්ස් වනාන්තරය) හෙක්ටයාර් 21,000ක් පමණ වේ.යුනෙස්කෝව 2010දී මෙම මහා වනාන්තරය ලෝක උරුමයක් බවට පත් කළේ ආවේණික සත්ත්ව හා ශාක ජීවීන් මෙන්ම ජෛව විවිධත්වයේ ඇති අපූර්වත්වය නිසාය.
    මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ ඉහල ඇලහැර උමං ව්‍යාපෘතිය සිදු කරන ස්ථානය වෙත ප්‍රවේශ මාර්ගයක් ඉදිකිරිම සඳහා Sinohydro corporation limited නැමැති ආයතනය විසින් ටෙන්ඩර ලබා ගෙන ඇත්තේ නකල්ස් වනාන්තරයට අයත් ස්වාරක්ෂක කලාපය තුල එම මාර්ගය ඉදි කිරීමටයි. එම ටෙන්ඩරයට අනුව නකල්ස් රක්ෂිත වනාන්තරයේ සේර ඇල්ල ආසන්නයේ සිට 1.8 km ක දුරක් වනාන්තරය තුලින් මාර්ගයක් ඉදිකිරිම සඳහා පරිසර අධ්‍යනය වාර්තාවක් සකස්කර අදාල අවසරයන්ද ලබා ගෙන ඇත. එකී අදාල අවසරයන් ලබා දීමේදී මූලික වශයෙන් පරිසර සංරක්ෂණය සඳහා නිර්ණායක අති විශාල ප්‍රමාණයක් ලබා දී ඇති අතර එම අදාල නිර්ණායකයන් තුල නිසි පරිදි කානු සැකසීම, බෝක්කු දැමීම, පැති බැමි ඉදිකිරීම, තට්ටු ආකාරයෙන් බැමි සකස් කිරීම, ගලවා දමන ලද හා කපා දමන ලද ගස් නිසි පරිදි අදාල ස්ථාන වල ගොඩ ගැසීම, ගඟකට, ඇළකට හෝ ජල මාර්ගයකට කපන ලද පස් බැහැර නොකිරීම වැනි මුලික කෝන්දේසි සමගින් විශාල කොන්දේසි ප්‍රමාණයකට යටත්ව ඇත. එලෙස කොන්දේසි වලට යටත්ව ඉදි කරීම් කල යුතු ඉදිකිරීම් භූමිය නිරීක්ෂණයේදී අපට දැක ගන්නට ලැබුනේ අවසර ලබා දී ඇති 1.8 km ක් වන දුර ප්‍රමාණය ඉතාම ප්‍රථමික ආකාරයෙන් කිසිඳු තත්ත්ව සහතිකයක්, කිසිඳු පරිසර සංරක්ෂණ මුලධර්මයන්, මූලික ඉදිකිරීම් මුලධර්ම සහ සංකල්ප කිසිවක් අනුගමනය නොකරමින් විනාශකාරී ලෙස කපා දමා මහා පරිමාණ විනාශයක් නකල්ස් ස්වාරක්ෂක වනාන්තරයට සිදු කර ඇති බවයි.