නක්ල්ස් රක්‍ෂිතය ආශ්‍රිතව ඇති මීමුරේ ගම්මානයේ වැසියන්ට වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්‍ෂණය යටතේ නකල්ස් රක්‍ෂිතයේ තෝරාගත් ස්ථානවල තුළ එනසාල් වගා කිරිමට ඉඩ ලබාදීමට තීරණය කළ බව කුඩා වැවිලි භෝග ආශ්‍රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.
ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව මීමුරේ ගම්මානයේ කළ චාරිකවකින් පසු රත්නපුරේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
වෙළඳපොලේ එනසාල් කිලෝවක සිල්ලර මිල රුපියල් 20,000 ඉක්මවා ඇත. එනසාල් ආනයනය නොකිරිමත් රටතුල එනසාල් නිෂ්පාදනය අඩුවිමත් නිසා මෙසේ මිල 150%කින් පමණ ඉහළ ගොස් තිබේ.
එනසාල් වගාව වැඩිපුරම සිදුවන්නේ ඉහළ කඳුකරයේය. කලකට පෙර එසේ එනසාල් වගාකළ ප්‍රදේශ මේවනවිට රක්‍ෂිත බවට නම්කර තිබේ. එනිසා රක්‍ෂිතවල එනසාල් අස්වැන්න ලබාගැනීමට මහජනතාවට අවසර නැත.
මීමුරේ වැසියන් ද එකී අවසරය නැතිකමින් රක්‍ෂිතවල එනසාල් වගාවන් වල නිරතවීමට නොහැකිව සිටින බව පසුගියදා ගම සමග පිළිසඳරක් වැඩසටහනේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට දැනුම් දි සහන ඉල්ලා සිටියේය. එසේම තමන්ගේ ප්‍රධාන ආර්ථික වැවිල්ලක් වු ගම්මිරිස් සඳහා ද නිසි මිලක් මෙන්ම වැඩි අස්වනු ඇති ප්‍රභේද සහ වගා සහන ඉල්ලා සිටියේය.
ජානක වක්කුඹුර රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ තමන් මීමුරේ ගමට ගියේ මේ සම්බන්ධව සොයා බලා වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා කළ දැනුම් දීමක් අනුව බවයි.
LANKADEEPA
Respect-ස