නගරවල භාවිතා කෙරෙන ඊ ස්කූටර්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    Lalith Karunaratna
    EV Club Sri Lanka
    \

    ලන්ඩනයේ සහ ලෝකයේ අනෙක් නගරවල භාවිතා කෙරෙන ඊ ස්කූටර්.
    ලන්ඩනයේ ඊ-ස්කූටර අත්හදා බැලීමක් ආරම්භ කර ඇත. එමඟින් ලන්ඩනයේ කුඩා සංචිත පෙදෙස් [Boroughs] සංඛ්‍යාවක ඒවා කුලියට ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත. “කැනරි වෝෆ්”, “හැමර්ස්මිත්”, “ෆුල්හැම්”, “කෙන්සිංටන්”, “චෙල්සි”, “රිච්මන්ඩ්”, “ටවර් හැම්ලට්” ඒ ප්‍රදේශ වේ.
    ලන්ඩන් බළධාරීන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ... “තිරසාර ගමන් සඳහා මාරුවීමට සහාය දැක්වීමේදී ඊ-ස්කූටරයට භූමිකාවක් ඉටු කළ හැක්කේ කෙසේද යන්න සොයා බැලීය යුතුය”... සේය. ඊ-ස්කූටර භාවිතය දැනටමත් ලන්ඩන් මාර්ගවල පොදු දෙයකි. ඒවා අත්හදා බැලීමට ඇති එකම නෛතික ක්‍රමය, අත්හදා බැලීමයි.
    කුලී ඊ-ස්කූටර විවිධ පෞද්ගලික ක්‍රියාකරුවන් තිදෙනෙකු විසින් සපයනු ඇත: Dott, Lime සහ TIER ඒ සමාගම් වේ. දැඩි ආරක්‍ෂිත අවශ්‍යතා සහ ඉහළ මෙහෙයුම් ප්‍රමිතීන් සපුරාලීමට ඇති හැකියාව තක්සේරු කිරීම සඳහා ටෙන්ඩර් ක්‍රියාවලියකින් පසුව ඔවුන් තෝරා ගන්නා ලදී.
    මේ නගරවල ඊ ස්කූටර් භාවිතා කිරීමට බලාපොරොත්තු වන අය, ඔවුන්ගේ පුද්ගලික තොරතුරු සත්‍යාපනය කර රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමන් පසුව ලියාපදිංචි විය යුතුය. ඔවුන්ගේ පළමු ගමනට පෙර අනිවාර්යයෙන්ම පුහුණුව සම්පූර්ණ කිරීමටද ඔවුන්ට අවශ්‍ය වනු ඇත. ට්‍රාන්ස්පෝර්ට් ෆෝ ලන්ඩන් (ටීඑෆ්එල්) කියා සිටියේ, මේ ප්‍රයත්නය ලන්ඩන් කවුන්සිල, ලන්ඩන් නගර සහ එක්සත් රාජධානි රජය විසින් පරිසරවේදී ධාවන ක්‍රම භාවිතා කිරීමට මිනිසුන්ට ලබා දෙන පුළුල් උත්සාහයක කොටසක් බවයි.
    කොවිඩ් -19 වසංගතයෙන් පසුව අපේක්ෂිත මෝටර් රථ භාවිතය වළක්වා ගැනීමට ද එය ඉවහල් වන අතර එමඟින් ලන්ඩනයේ රථවාහන තදබදය සහ වාතයේ ගුණාත්මකභාවය හොඳ අතට හැරෙනු ඇත.
    ලන්ඩනයේ ඇවිදීමේ සහ පාපැදි කොමසාරිස් [London’s walking and cycling commissioner] විල් නෝමන් මෙසේ පැවසීය: “ඊ-ස්කූටර අපගේ වීදිවල කලක සිට පැවතුන නමුත් ඉතා සුළු නියාමනයක් එහි තිබිණ. මෙම අත්හදා බැලීම ආරක්ෂාව සනිටුහන් කරනු ඇති අතර, සියලු මාර්ග භාවිතා කරන්නන්ගේ අවශ්‍යතා සැලකිල්ලට ගනු ඇත. එමගින් ලන්ඩනයේ අනාගතයේදී ඊ-ස්කූටරයට කළ හැකි කාර්යභාරය දැකගත හැකිය. ”
    මෙට්‍රොපොලිටන් පොලිසියේ ප්‍රධාන අධිකාරී සයිමන් ඕවන්ස් පැවසුවේ මීට සහය දැක්වීම සතුටු වන නමුත්, ... “මෙයට පරිබාහිරව භාවිතා කරන පුද්ගලික ඊ-ස්කූටර නීතිවිරෝධී වන අතර ඒවා සම්බන්ධයෙන් කටයුතු කරනු ඇති බව අපි සෑම කෙනෙකුටම මතක් කර දීමට කැමැත්තෙමු”... ” පොදු මාර්ගවල, පුද්ගලික ස්කූටරයක් හෝ වෙනත් බලැති ප්‍රවාහකයෙකු භාවිතා කරන ඕනෑම අයෙකු රක්ෂණයක් නොමැති මෝටර් රථයක් පැදවීම වැනි වැරදි ගණනාවකින් අවම වශයෙන් එකක්වත් කිරීමට ඉඩ තිබේ”....
    වර්තමානයේදී බ්‍රිතාන්‍යයේ එවැනි අවස්ථා වලදී ඩොලර් 300 ක දඩ මුදලක් අය කළ හැකි අතර, රියදුරුගේ රියදුරු බලපත්‍රයට කළු ලකුණු හයක් එකතු කර ඇත.
    එක්සත් රාජධානියේ වැඩිහිටියන් හත්දෙනෙකුගෙන් එක් අයෙකු ඊ-බයිසිකලයක් හෝ ඊ-ස්කූටරයක් මිල දී ගැනීමට සැලසුම් කර ඇති බව අනාවරණය වීමෙන් පසු 2020 දී ප්‍රවාහනයට සම්බන්ද එක් ආයතනයක් ජනතාවගෙන් ඉල්ලා සිටියේ ආරක්ෂාව ගැන බැරෑරුම් ලෙස සලකා බලන ලෙසයි.
    ඊ ස්කූටර ලෝකයේ බොහෝ රටවල් වල වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතී. එක හේතුවක් වන්නේ පදින බයිසිකලයක් මෙන් පුද්ගලික ප්‍රවාහනයට ඉන් ඇති ප්‍රයෝජනය වේ. කෙනෙක් එවැනි ඊ ස්කූටරයක් පැදගෙන ගොස්, එය තමා ජීවත් වන තට්ටු නිවාසයටම සෝපානය දිගේ රැගෙන යනවා දැකීම, විදේශීය රටවල් වල සුලභ දර්ශනයකි.
    එක් අතකට එය පදින බයිසිකලයකට වඩා පහසු වන්නේ, එය සාපේක්ෂව කුඩා හෙයිණි. නමුත් පදින බයිසිකලයකින් ලැබෙන ශාරීරික අභ්‍යාසය නම් ඉන් නොලැබේ. එසේම ආරෝපණය සඳහා කුඩා හෝ මුදලක් යයි. නමුත් මහන්සි වීම අවමයක් නිසාත්, කුඩා නිසාත්, පහසුව වැඩිය. කොරෝනා වසංගත සමයේ සමාජ දුරස්ථ භාවයද ඉන් සැපයේ. ඊට අමතරව එය ආරෝපණය කර ගැනීමට වැයවෙන කුඩා මුදලද සැළකිය යුතුය.
    විශේෂයෙන් ලංකාව වැනි සූර්ය බලය යහමින් ඇති රටකට ඊ ස්කූටර ඉතා යෝග්‍ය වේ. මේ කුඩා වාහන ධාවනයට අවශ්‍ය මංතීරු විගස නිර්මාණය කල යුතු වේ. ඇත්තෙන්ම ඒවා විශේෂයෙන් නිර්මාණය කල යුතු නැත. තිබෙන මංතීරු වල නෛතික භාවය ඒ සඳහා අදාළ කිරීමෙන් එය කල හැක. ඊ ස්කූටර සහ පදින බයිසිකල යන වාහන දෙකටම ගැළපෙන ආකාරයෙන් ඒ කුඩා මංතීරු ඇති කිරීම වටී.
    මෙහි සාමාන්‍යයෙන් නොදකින අනෙක් පැත්ත වන්නේ අනතුරක් සිදුවුවහොත් ඒ ගැන ඇති නීතිමය තත්වය කුමක්ද යන්නය. ඊ ස්කූටරය, පදින බයිසිකලයද තවත් ආකාරයේ වාහනයකි. ඒ සඳහාද රක්‍ෂණ ක්‍රමයක් මහා බ්‍රිතාන්‍යයේ ඇති බව ඉහත ආරංචියෙන් පෙනී යයි.
    දශක කීපයකට පෙර නම් පදින බයිසිකල් සඳහා බලපත්‍රයක් ලබා ගැනීම නීතිය විය. එය කුඩා මුදලක් විය. මගේ මතකය නිවැරදි නම් එය රුපියල් පහකි. නමුත් එය රක්ෂණයකට සම්බන්ද වුනේ නම් නැත. පදින සයිකල් බොහෝ ඇති නෙදර්ලන්තයේ වත් පදින බයිසිකල් වලට රක්‍ෂණ අවශ්‍ය වේ යයි ආරංචියක් නම් නැත. එහෙත් ඊ ස්කූටරය ඊට වඩා වෙනස් දෙයකි. එය ඉතා කුඩා නිසා සාමාන්‍යයෙන් ජනතාව ගමන් කරන පදික වේදිකා වල පවා ධාවනය වේ.
    අද පවතින වසංගත මෙන්ම වාහන සඳහා අවශ්‍ය ෆොසිල තෙල් මිළ ඉහළ යෑම වැනි තත්ත්ව යටතේ පදින බයිසිකල් මෙන්ම ඊ ස්කූටරද ජනප්‍රිය වීම නොවැලැක්විය හැකි කරුණකි. එහෙත් ඉන් ඇතිවන හොඳ පැත්ත ගැන සිතා ඒවා දිරිමත් කිරීමට කෙරෙන මූලික යටිතල පහසුකම් අතරේ, ඉන් ඇතිවිය හැකි අනෙකුත් ව්‍යාකූලතා ද සැළකිය යුතුය.
    May be an image of 1 person, standing and outdoors



    Like



    Comment


    Share
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,817
    113
    Homagama
    ලන්කාවේ දැම්මානම් ඕවා පැයයි තියෙන්නේ.... ඊලග පැයේ කුඩ්ඩෝ ටික බුදි කුඩු ගහල... :rofl: :rofl:
    Uk වලත් පට්ට හොරු තමා ඉන්නේ. ⁣දෙවැනි නැ.

    සිස්ටම් එකක් තියනවානම් ඔය මොන පකයා හිටියත් වැඩේ කරතැකි. නමුත් මෙකේ ලොකු එකාම පකයා වෙලානේ
     

    eyes

    Well-known member
  • Jul 25, 2020
    499
    608
    93
    oka machan lock karala tiyeddi kawruhari thallu karagena yanna haduwoth alarm ekak wadinawa neda
    lock/unlock unath godak ewa smart phone walin neda karanna tiyenne
     

    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    පොඩ්ඩක් ඉවසල හිටහල්ල...පොර්ට් සිටියෙන් ලංකාව සිංගප්පූරුවක් වෙනකල්😎😎😎😎
     
    • Like
    Reactions: Ozone4

    LPMAC

    Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    194482017_10158448069258391_5970889678103788298_n.jpg
     
    • Like
    Reactions: PHBhagya