නගර සෝබනියන් මරා දැමූ කවියා

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නගර සෝබනියන් මරා දැමූ කවියා

    Jack.jpg

    IMAGE LINK

    කලාකරුවා ඉතාමත් සංවේදී පුද්ගලයකු බව අපි දනිමු. ඔහු අතින් කූඹියකුට වුවද හිංසාවක් කරදරයක් සිදුවන්නේ ඉතාමත් කලාතුරකිනි. එසේ වුවද කලාකරුවන් අතරද අතිශයින්ම බිහිසුණු අතිශයින්ම දරුණු මං පහරන්නන්ද මැරයන් ද ප්‍රසිද්ධ මිනීමරුවන් ද ඇති බව අපි අසා ඇත්තෙමු. ගැහැනුන් දාහතර දෙනකු අමු අමුවේ මරා දමා පෝරකයට යෑමට පෙර තමන්ගේ අධම ජීවිතයට හොඳ පාඩමක් ඉගැන්වූ සුප්‍රසිද්ධ ලේඛකයකු පිළිබඳ අනුවේදනීය කතාවක් අපිට ඔස්ට්‍රේලියාවෙන් අසන්නට ලැබෙයි. රසවත් මෙන්ම එම බිහිසුණු කතාව මෙසේය.

    ජැක් ඇන්ටර්වේගර් (
    Jek Anterveger) ඕස්ටේ‍්‍රලියාවේ ජීවත් වූ ප්‍රසිද්ධ කවියකු මෙන්ම නාට්‍ය රචකයෙකි. මෙම ලේඛකයාගේ සෞන්දර්ය චාරිකාව ගැනත් ඔහු විසින් කරන ලද මිනී මැරුම් ගැනත් අපට අසන්නට ලැබුණේ ඕස්ට්‍රේලියාවේ කළ චාරිකාවකදීය.

    ජැක් ගැහැනුන්ට බෙහෙවින්ම ලොල් පුද්ගලයෙකි. ඔහු ගැහැනු සොෙඬකු මෙන්ම සල්ලාලයකු ලෙසද එම රසිකයන් අතර ප්‍රසිද්ධව සිටියේය. ගැහැනුන්ට පි‍්‍රය කළ ජැක් කවියා වැඩි වශයෙන් ඇසුරු කරන ලද්දේ නගර සෝබනියන් (වෛශ්‍යාවන්) බව බොහෝ දෙනකු කියනු අපට ඇසෙන්නට ලැබිණ.


    පසුගිය කාලවකවානුවේදී ජැක් වැඩි වශයෙන්ම ඇසුරු කරන ලද්දේ නගර සෝබනියන්ය. ඔහු කාමිනියන්ට වැඩි සෙනෙහසක් දක්වන ලද්දේ ඇයි දැයි බොහෝ දෙනකුට ප්‍රශ්නයක් විය. සමහරු කියා සිටියේ ඔහු කිසියම් මානසික රෝගයකින් පෙළෙන බවයි. යාළුකරගැනීමට පුළුවන් තරුණියන් ඕනෑ තරම් සිටිද්දී ජැක් නගර සෝබනියන් පමණක් සොයා ගියේ ඇයි?


    ජැක් එකල නගර සෝබනියන් කිහිප දෙනකු ඇසුරු කලාදැයි කිසිවකු නොදනී. ඔහු මුලින්ම එක් කාමිනියක් සමඟ ඇසුරක් ඇති කරගත්තේය. දින දෙක තුනකදී ඔහු මෙම කාමිනිය අමු අමුවේ ඝාතනය කරන ලද්දේ ඇයට ඉතා අමානුෂික ලෙස පහර දීමෙනි.


    පොලිසිය අභිසාරිකාවගේ මිනිය සොයා ගන්නා විට ජැක් අතුරුදන්වී සිටියේය.


    “සිරමැදිරියේ කවියා” නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ ජැක් මුලින්ම ඇසුරු කරන ලද්දේ මාග්‍රට් පෙෂර් නමැති සුරූපී ගැටිස්සියකි. රූමතියක වන මාග්‍රට් එකල ජීවත්වීම සඳහා ගණිකා වෘත්තියේ යෙදී සිටියේය. මාග්‍රට් සමඟ හාද වී ඇය මරා දැමූ ජැක් දින දෙක තුනක්ම අතුරුදන්ව සිටියේය. එහෙත් පොලිසිය ඉතා අමාරුවෙන් ඔහු අත්අඩංගුවට ගත්තේය. ජැක් අතින් මාග්‍රට් මිය ගිය බව කීප දෙනකුම සාක්ෂි දෙමින් කියා සිටියෝය. මිනී මැරීමේ චෝදනා මත උසාවියට ඉදිරිපත් කරන ලද ජැක් මෙම සාක්ෂි මත ජීවිතාන්තය දක්වා සිරගෙට නියම කරන ලදී.
    සිරගෙට නියම

    වූ ජැක් සිරගෙදරදී සිය ජීවිතයේ කළ ජඩකම් හෙළි කරමින් පොතක් ලිව්වේය. මාග්‍රට් ඇසුරු කිරීමට පෙර තමන් තවත් තරුණියන් කිහිප දෙනකුම ඇසුරු කළ බවත් ගැහැනුන් කිහිප දෙනකුටම ලිංගික අපචාර කළ බවත් ඔහු මෙම පොතේ සඳහන් කළේය. “පුගටරි මෑන් ද ට්‍රිප් ටු ජේල් රිපෝට් ඔෆ් ගිල්ට් මෑන්”
    purgertory man trip to jail – report – of guiltyman නමින් හැඳින්වූ මෙම ග්‍රන්ථයෙන් ඔහු කලින් කල කළ අපරාධ ගැන බොහෝ දේ ලියා තිබිණි.

    තමන් අතින් සිදුවූ අපරාධ ගැන දැන් දුක්වෙන බවත් පසුතැවිලි වෙන බවත් ඔහු ලියා තිබිණ. ජැක් ඇන්ටර්වේගර් සල්ලාල ජීවිතයක් ගත කළද ඕස්ට්‍රේලියාවේ කලාකරුවන් මෙන්ම ප්‍රසිද්ධ ලේඛකයන් ද ඔහු හිරේ දැමීම ගැන දුක්වූහ. ඔවුහු එක් රැස් වී ජැක්ට අභය දානය දෙන ලෙස ඉල්ලමින් ලොකු උද්ඝෝෂණයක් කිරීමට ද පටන් ගත්හ.


    රජයේ ලොකු ලොක්කන් හමුවී ඔහු නිදහස් කරන ලෙස ද ඉල්ලා සිටියහ. ඔහු වටිනා කවියකු හා ලේඛකයකු බැවින් කළ වරදට සමාව දෙන මෙන්ද ඔවුන් රජයෙන් ඉල්ලා සිටියහ. අන්තිමට කලාකරුවන්ගේ හා ලේඛකයන්ගේ බලවත් ඉල්ලීමට කන්දුන් ඕස්ට්‍රේලියානු රජය ජැක්ට සමාව දී ඔහුව නිදහස් කළේය. හිරෙන් නිදහස් වී එළියට ආ ජැක් එතැන් සිට වෙනස් වීමට පටන් ගත්තේය. සුදු යුරෝපිය ඇඳුම් කට්ටලයකින් සැරසුනු ඔහු සමාජයේ ඉහළම පන්තියේ ලොකු ලොක්කන්ගේ සිත් දිනාගන්නා ලෙස හැසිරුණේය. ඔවුන්ගේ පි‍්‍රයමනාප චරිතයක් බවට පත්විය. දරුණු මිනී මරුවකු ලෙස ලේබලය ඔහු තුළින් ගැලවී ගියේය. සුදු පිරිවටක් ඇඳගෙන සමාජයේ කැපී පෙනෙන නම්බුකාර කලාකරුවකු හැටියට සමාජයේ පෙනී සිටීමට ජැක් උත්සහ ගත්තේය.

    එහෙත් ජැක්ගේ අමන ජඩ ගතිගුණ යළිත් වරක් හිස ඔසවන්නට පටන් ගත්තේ කාටත් හොරාය.


    ඔහු යළිත් වරක් සල්ලාල ජීවිතයකට නැඹුරුවෙමින් අභිසාරිකාවන් පසුපස යෑමට පටන් ගත්තේය. සුප්‍රසිද්ධ වෙසඟනන් දෙදෙනකු වන එල්පි‍්‍ර ඩෙරම්ස් හා බෲන් හිල්ඩ් මැසා නමැති කාන්තාවන් දෙදෙනා සාහසික වද වේදනාවන් වලට ගොදුරු වී ඔහු අතින් මැරුම් කෑවේ මේ අතරතුරය. එහෙත් මෙම ඝාතනය සිදුකරන ලද්දේ කවුරුන් විසින් දැයි සොයා ගැනීම පොලිසියට ලොකුම ප්‍රශ්නයක් විය.


    මෙම මිනීමැරුම් සිදුවී දින කිහිපයකට පසු තවත් වෙසඟනන් අට දෙනකු මේ අයුරින්ම මරා දමා තිබිණි. පොලිසියේ උකුසු ඇස යළිත් වරක් ජැක් වෙතට යොමුවිණ. පොලිසිය රහසේ ගොස් ජැක්ගේ නිවස වැටලුවේය. එහෙත් මේ වන විට ජැක් අතුරුදන්ව සිටියේය. අභිසාරිකාවන් කිහිප දෙනකු මරා දැමුවද ජැක්ට පෙම්වතියක් සිටියේය. බියන්කා මාර්ක් නමැති මෙම තරුණිය ජැක්ට පණ මෙන් ආදරය කළේය. ඔහු කරන ජඩ වැඩ බියන්කා නොදැන සිටියාය. තමා පොලිසියෙන් සොයන බව දැනගත් ජැක් ඇමරිකාවට පැනගත්තේය. ජැක් ටික දිනකදී යළිත් පරණ පුරුදු ජඩ සල්ලාල ජීවිතයට ඇබ්බැහි වූයේ සිය පෙම්වතියට හොරාය.

    ඔහු ඇමරිකාවට ගොස් ටික දිනකදී ලොස් ඇන්ජලීස් වලදී තවත් කාමිනියන් තිදෙනකුට දස වදදි අමු අමුවේ මරා දැමුවේය. කලින් ඔහු අතින් සිදුවූ මිනී මැරුම් වලත් මෙම මිනීමැරුම් වලත් තිබුණේ එකම ස්වරූපයකි. මිනීමැරුම් සිදුකොට තිබුණේ එකම ආකාරයකටය.

    ලොස් ඇන්ජලීස් පොලිසිය තුන් මසක් ඇතුළත දී ඔහු කොටු කරගත්තේය. ටික දිනක් මියාමි හිර කඳවුරේ රඳවාගෙන සිටි ඔහු පසුව යළිත් ඕස්ටේ‍්‍රලියාවට පිටත් කර එවන ලදී. කාමිනයන් එකොළොස් දෙනකු මරා දැමීමේ චෝදනාව පිට ඔහුට විරුද්ධව නඩු පවරන ලදී. පුරා වසර දෙකක් තිස්සේ අසන ලද මෙම නඩුවේදී හෙළි වුණු තොරතුරු අනුව ඔහු මෙම කාන්තාවන් එකොළොස් දෙනාම මරා දමා ඇත්තේ හුදෙකලා ප්‍රදේශයකට ගෙන ගොස් ඔවුන්ගේ තනපට බෙල්ල වටා හිර කිරීමෙන් බව හෙළිවිණ. මෙම මිනීමැරුම් එකොළහෙන් නවයකට ජැක් වරදකරු වූ අතර දෙකකින් නිදහස් විය.


    ජැක් මෙවැනි මිනී මරුවකු වූයේ ඇයි? විශේෂයෙන්ම නගර සෝබනියන් පමණක්ම මරා දැමුමට ඔහු පෙළඹුණේ ඇයි? ජැක්ගේ නඩු විභාගයේදී හෙළිවුණ තොරතුරු අනුව ඔහු වෙසඟනන් පමණක් මැරීමේ දරුණු අපරාධයකට සිත යොමුකර ඇත්තේ ඔහුගේ මෑණියන් නිසා බව හෙළිවිණ. ඔහුගේ ඇස් පනාපිට මෑණියන් වෛශ්‍යා වෘත්තියේ යෙදීම නිසා ඇයගෙන් පලිගැනීම පිණිස ඔහු දකින දකින වෙසඟනන් ගෙන ගොස් මරා දැමීමට පෙළඹී ඇති බව මෙම නඩුවේදී වැඩිදුරටත් හෙළවිණ. එහෙත් ජැක්ගේ මව කියා සිටියේ ඇය කිසිදිනෙක වෛශ්‍යා වෘත්තියේ නොයෙදුන බවයි. වෙසඟනන් දාහතර දෙනකු ඔහු අතින් මැරුම් කෑවේය. එයට දඬුවම් වශයෙන් ඔහු යළිත් ජීවිතාන්තය දක්වා හිරගෙට ගියේය.


    දිනක් හිමිදිරි පාන්දර කලබලයක් ඇසී සිරමැදිරියේ ආරක්ෂක භටයෝ ඔහු ගැන සොයා බැලීම සඳහා ජැක් සිටි සිරමැදිරියට ඇතුළු වූහ. ඔවුන් දුටුවේ අදහා ගැනීමට බැරි දර්ශනයකි. ජැක් ඇන්ටවේගර් කවියා සිය සපත්තු ලේස් හා ලණුවක් උපයෝගි කරගෙන බාල්කායේ එල්ලී සියදිවි හානි කරගෙන සිටියේය.


    “මෙතරම් අපූරු කවි ලියන නාට්‍ය රචනා කරන ඔහු පුදුම මානව හිතවාදියෙක්. හොඳට හැදිච්ච මහත්මයෙක්. එැවැනි කෙනෙක් අතින් මෙැවැනි දෙයක් සිදුවන්නේ කොහොමදැයි කියා මට සිතා ගන්නවත් බැහැ. අපි හමුවූ දා සිටම ඔහු මට පෙන්වූයේ පුදුම ආදරයක්. වචනයකින් වත් ඔහු මගේ හිත පාරවලා නැහැ.” ඒ ජැක් ගැන ඔහුගේ පෙම්වතිය කී කතාවකි.


    ජැක් සිරබත් කමින් සිටිද්දී “බිහිසුණු අපරාධකරුවෙක්”
    A Dengerous Criminal නමින් සිය චරිතාපදානය අලලා ග්‍රන්ථයක් ලිව්වේය. එය උණු කැවුම් මෙන් විකිණීගිය බවක් ද දක්නට ලැබිණ.

    ආතර් යූ . අමරසේන

    (
    Crime Passion
    )
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    niyamai machan mama hari aasai me wage story walata!
    You must spread some Reputation around before giving it to crazybuddy again
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ