වැටුපට දුම්රියේ රස්සාව කළ අප්‍රිකාවේ බැබුන්

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    1722678684524.jpeg

    දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නුවර වරාය අධිකාරියට අයත් දුම්රිය සේවයේ සංඥාකරුවකු ලෙස වැඩ කළ ජේම්ස් අපූරු වැඩකාරයෙක් විය. ඔහු වැඩ පෙන්වූයේ එක් දුම්රිය පෙට්ටියක සිට තවත් පෙට්ටියකට පැනීමෙනි.

    ඔහුගේ සම්පූර්ණ නම ජේම්ස් එඩ්වඩ් ජම්පර් වයිඩ්ය. “ජම්පර්” යන්න පටබැඳුණේ ඉහත කී දුම්රියකින් තවත් දුම්රියකට පැනීම නිසාය.

    ජේම්ස්ට වැඩි කාලයක් වැඩ පෙන්වීමට බැරිවිය. දිනක් ඔහු දුම්රියකින් තවත් එකකට පනිද්දී පය ලිස්සා ගොස් දුවන දුම්රියටම යට විය. ඒ අනතුරින් ඔහුගේ දෙපා දණහිස් ළඟින්ම කැපී වෙන්විය.

    කෙසේ වුවද ජේම්ස් ජම්පර් යකඩ මිනිසෙක් වූවේය. ඔහු තම දෙපයට යකඩ කම්බි දෙකක් එනම් කෘත්‍රිම දෙපයක් හා ලීයක ආධාරයෙන් එහා මෙහා යන්නට පුරුදු විය.

    එපමණක් නොව කෝච්චි පාර දිගේ යා හැකි පරිදි ලී ට්‍රොලියක්ද සාදා ගත්තේය. දෙපා අහිමි වූ ඔහුට රැකියාව අහිමි වුවද කෘත්‍රිම දෙපයින් ක්‍රියාකාරීව සිටිනු දුටු ඔහුට නැවත සංඥාකරුවකු ලෙස රැකියාව ලැබිණි.

    රැකියාව නැවත ලැබුණු කාලවකවානුවේ ජේම්ස්ට ගොන් කරත්තයක් දක්කගෙන යමින් සිටි බැබුන් වර්ගයේ වානරයෙක් හමුවිය. ජේම්ස් ජැක් නමින් ඔහු ඇමැතුවේය. එනම් ජේම්ස් නමැති මිනිසාත් ජැක් නමැති වානරයාත් මිතුරු වූහ.

    Jack_the_Baboon_and_James_Wide.png

    ටික දවසකින් වූයේ තවත් අපූරු වැඩකි. ජේම්ස් ජැක් තම සංඥා සහායකයා හැටියට පුහුණු කරගත්තේය. ජැක්ද ඊට හොඳින් පුහුණු විය. ජේම්ස් ජැක්ට දවසකට ශත විස්සක් හා බීර බෝතල් භාගය බැගින් දුන්නේය.

    ජේම්ස් වැනිම දක්ෂයකු වූ ජැක් ඉතා කෙටි කලකින් තම දුම්රිය කරත්තයේ වැඩ කිරීමට, එහි හිඳ සිටින ජේම්ස් තල්ලු කරගෙන යෑමට දුම්රිය සංඥා මාරු කිරීමට පමණක් නොව කොන්‍ෙදාස්තරවරුන්ට ඔවුන්ගේ යතුරු පවා ගෙනගොස් දීමට පුරුදු වූවේය.

    මේ සියල්ල මෙසේ හොඳින් සිදුවුවද දුම්රිය සංඥා දීමට බැබුනයකු යෙදවීම පිළිබඳ මගීහු බිය වූහ. “සිග්නල් දුන්නේ වඳුරෙක්” ඔවුහු ඉහළට පැමිණිලි කළහ.

    මුලදී ඒ හැම පැමිණිල්ලක් ගැනම සොයා බැලීමට දුම්රිය කළමනාකරුවෙක් ජේම්ස් වෙත ආවේය. ජේම්ස්ද තම බැබුන් සගයාගේ හැකියාවන් ප්‍රදර්ශනය කරවීය.

    ජැක්ගේ විස්කම් දුටු කළමනාකරු ඇස් අදහාගත නොහැකිව බලා සිටියේය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ ජැක්ට නිල රැකියා අංකයක් ලැබීමයි.

    මේ අයුරින් ජැක් නම් වානරයා වසර නවයක් එක දිගට දුම්රියේ සහායක සංඥාකරුවකු හැටියට රැකියාව කළේය. එහෙත් අවාසනාවකට මෙන් ජැක් 1890දී ක්ෂය රෝගයෙන් මියගියේය.

    මේ අරුම පුදුම ජැක්ගේ හිස් කබල දකුණු අප්‍රිකාවේ ග්‍රැහැම්ස්ටුවන් ඇල්බෆි කෞතුකාගාරයේ අදටත් දක්නට ලැබේ.

    මල්ෂා ගුණසිංහ - මව්බිම
    ———————————————————

    මටත් ඕනේ බං මේ වගේ බැබුන් කෙනෙක් :yes::love:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,697
    75,812
    113
    View attachment 234049

    @AnuradhaRa umba wage ekek