නටන් රජෙක් සුරා මතින්.....
ජනාධිපති රාජපක්ෂ එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගි වී රටේ නැති යහපාලනයක් ගැන කතා කළද තමා සිතු පිළිගැනීම වෙනුවට සිදුවුයේ කොන් වීමටය. ඉන් හටගත් කේන්තිය මුදා හැරියේ ජනරාල් ෆොන්සේකාගෙනි. ජනරාල් ෆොන්සේකාට, ‘හමුදා අධිකරණය’ මඟින් ලබා දුන් තීන්දුවට අනුමැතිය ලබා දෙමින් ඔහු මාස තිහක සිර දඩුවමකට යටත් කළේය. මෙම තීන්දුවේ එකම අරමුණ ජනරාල්ගේ කට වැසිමය. එය කළ හැක්කේ ඔහුගේ පාර්ලිමේන්තු ආසනය අහිමි කිරීමෙනි. රාජපක්ෂට විරුද්ධව, ගම් මට්ටමේ ජනතාව හැකි ඉක්මනින් වෙනස් කළ හැකි පුද්ගලයා වන්නේ ජනරාල් ෆොන්සේකාය. ජනරාල් ෆොන්සේකා නොහිටියේනම් රාජපක්ෂ දැනට නටන නාඩගමටත් වඩා දෙයක් මේ වන විට නටා අවසන්ය. අපේක්ෂා කළ පරිදිම ජනරාල් හිරේ දැමීමට රාජපක්ෂගේ සිංහල අන්තවාදී බමුණු මනස තීරණය කළේය. නමුත් රාජපක්ෂ හිතන තරම් මෙම තීන්දුවෙන් හෙතමට යහපතක් වන්නේ නැත. එය ඔහු ස්ථීර සතුරෙකු නිර්මාණය කර ගැනීමකි. සතුරා යනු ජනරාල් නැමති පුද්ගලයා නොවේ. එනම් ජනරාල් නමැති සන්සිද්ධියයි. එනම් ජනරාල් ෆොන්සේකා නමැති පුද්ගලයාට වඩා ජනරාල් නමැති සංසිද්ධිය වඩා පෘතුල දෙයකි. එහි වෙනස තවත් වසර කිහිපයකින් මුළු රටටම දැනෙනු ඇත. දැන් මෙය රාජපක්ෂගේ මානසික තත්වය සමඟ විමසා බැලීම වැදගත් වේ.
රාජපක්ෂ නායකයෙකුට වඩා චණ්ඩියෙකි. බලය නිසා මෝහයෙන් පෙලී සිටින්නෙකුට වඩා බලය නිසා උන්මන්තක තත්වයට පත් වූවෙකි. වත්මන් ලංකාව පාලනය වන්නේ සීමා රහිත බලයකින් මෝහයෙන් වේලි සිටින උන්මන්තකයෙකු යටතේය. ඔහු තමා සතු බලය රැුක ගැනීම සඳහා ඕනෑම තකතීරු කමක් කිරීම තම එකම පාලන විධික්රමය කරගෙන තිබේ. රාජපක්ෂ හිතුවේ තමන් එකසත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට යන විට ලෝකේ නායකයින් පුදුම වී තමන්ගෙන් ‘ත්රස්තවාදයට‘ එරෙහි යුද්ධය කළ ආකාරය ගැන සහ එහි ක්රමෝපායන් ගැන පුදුමයෙන් මෙන් තොරතුරු විමසයි කියාය. ලෝකයේ ප්‍රධාන පෙලේ ජනමාධ්‍ය තමන් වටා පෙළගැසෙයි කියාය. වෝල් ස්ටී්රට් ජර්නල්, රාජපක්ෂට ලබාදුන් සාකච්ඡුාව ගැන කතාකළේ වොෂින්ටන් නුවර සිටින රාජපක්ෂගේ තානාපති සගයා වන ජාලිය නොවේ. එනම් විදේශ අමාත්‍ය මහාචාර්ය ජි. එල්. පීරිස් විසිනි. ඔවුහු වේලි සිටින අවුල පැහැදිලිය.