නටන් රජෙක් සුරා මතින්.....

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නටන් රජෙක් සුරා මතින්.....

    ජනාධිපති රාජපක්ෂ එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගි වී රටේ නැති යහපාලනයක් ගැන කතා කළද තමා සිතු පිළිගැනීම වෙනුවට සිදුවුයේ කොන් වීමටය. ඉන් හටගත් කේන්තිය මුදා හැරියේ ජනරාල් ෆොන්සේකාගෙනි. ජනරාල් ෆොන්සේකාට, ‘හමුදා අධිකරණය’ මඟින් ලබා දුන් තීන්දුවට අනුමැතිය ලබා දෙමින් ඔහු මාස තිහක සිර දඩුවමකට යටත් කළේය. මෙම තීන්දුවේ එකම අරමුණ ජනරාල්ගේ කට වැසිමය. එය කළ හැක්කේ ඔහුගේ පාර්ලිමේන්තු ආසනය අහිමි කිරීමෙනි. රාජපක්ෂට විරුද්ධව, ගම් මට්ටමේ ජනතාව හැකි ඉක්මනින් වෙනස් කළ හැකි පුද්ගලයා වන්නේ ජනරාල් ෆොන්සේකාය. ජනරාල් ෆොන්සේකා නොහිටියේනම් රාජපක්ෂ දැනට නටන නාඩගමටත් වඩා දෙයක් මේ වන විට නටා අවසන්ය. අපේක්ෂා කළ පරිදිම ජනරාල් හිරේ දැමීමට රාජපක්ෂගේ සිංහල අන්තවාදී බමුණු මනස තීරණය කළේය. නමුත් රාජපක්ෂ හිතන තරම් මෙම තීන්දුවෙන් හෙතමට යහපතක් වන්නේ නැත. එය ඔහු ස්ථීර සතුරෙකු නිර්මාණය කර ගැනීමකි. සතුරා යනු ජනරාල් නැමති පුද්ගලයා නොවේ. එනම් ජනරාල් නමැති සන්සිද්ධියයි. එනම් ජනරාල් ෆොන්සේකා නමැති පුද්ගලයාට වඩා ජනරාල් නමැති සංසිද්ධිය වඩා පෘතුල දෙයකි. එහි වෙනස තවත් වසර කිහිපයකින් මුළු රටටම දැනෙනු ඇත. දැන් මෙය රාජපක්ෂගේ මානසික තත්වය සමඟ විමසා බැලීම වැදගත් වේ.

    රාජපක්ෂ නායකයෙකුට වඩා චණ්ඩියෙකි. බලය නිසා මෝහයෙන් පෙලී සිටින්නෙකුට වඩා බලය නිසා උන්මන්තක තත්වයට පත් වූවෙකි. වත්මන් ලංකාව පාලනය වන්නේ සීමා රහිත බලයකින් මෝහයෙන් වේලි සිටින උන්මන්තකයෙකු යටතේය. ඔහු තමා සතු බලය රැුක ගැනීම සඳහා ඕනෑම තකතීරු කමක් කිරීම තම එකම පාලන විධික‍්‍රමය කරගෙන තිබේ. රාජපක්ෂ හිතුවේ තමන් එකසත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඇමතීමට යන විට ලෝකේ නායකයින් පුදුම වී තමන්ගෙන් ‘ත‍්‍රස්තවාදයට‘ එරෙහි යුද්ධය කළ ආකාරය ගැන සහ එහි ක‍්‍රමෝපායන් ගැන පුදුමයෙන් මෙන් තොරතුරු විමසයි කියාය. ලෝකයේ ප‍්‍රධාන පෙලේ ජනමාධ්‍ය තමන් වටා පෙළගැසෙයි කියාය. වෝල් ස්ටී‍්‍රට් ජර්නල්, රාජපක්ෂට ලබාදුන් සාකච්ඡුාව ගැන කතාකළේ වොෂින්ටන් නුවර සිටින රාජපක්ෂගේ තානාපති සගයා වන ජාලිය නොවේ. එනම් විදේශ අමාත්‍ය මහාචාර්ය ජි. එල්. පීරිස් විසිනි. ඔවුහු වේලි සිටින අවුල පැහැදිලිය.
     
    • Like
    Reactions: cjanaka

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නමුත් රාජපක්ෂ සිතු පෙරලියක් සැබෑ ලෝකයේ සිදු වූයේ නැත. ඒ නිසා තමන් ජනරාල් ෆොන්සේකා සිර කර ඇත්තේ ඇයි දැයි ජනමාධ්‍ය අසාවි යැයි පෙර සිටම සකස් කරගත් හේතු පාඨ වලට වැඩක් වූයේ ද නැත. සිදු වූයේ රජු නටන නාඩගම දැක රටට ලෝකය හමුවේ කොන් වී සිටීමටය. තමන්ට ඇති ආර්ථික වාසි මෙන්ම තවමත් භූ දේශපාලනික වශයෙන් ශ‍්‍රී ලංකාව වැදගත් වන ආකරය ගැන සිතන ඉරාන ජනාධිපතිවරයා පමණක් රාජපක්ෂගේ සිත සතුටු කිරීමට සේයා රූ නාඩකම සඳහා ඉදිරිපත් විය. උන්මන්තකයන්ගෙනුත් වැඩක් ගැනීමට හැකි යක්ෂයින් එකලද මෙකලද මෙලොව මෙන්ම පරලොවද සිටිනවා විය හැකිය. අපට පාඩම් ඉගෙන ගැනීමට අවශ්‍යනම් එය වඩාත් හොඳින් කළ හැක්කේ අප අවට සිදුවන දෙයින්ය. රාජපක්ෂ තමාගේ කැමරාකරු සමග ගොස් අහම්බෙන් ගන්නා ඡුායාරුප පෙන්වා පැවැත්වුයේ රාජ්‍යතාන්ත‍්‍රික මට්ටමේ හමුවීමක් යැයි ප‍්‍රචාරයක් ලබා දෙයි. මෙය රාජපක්ෂගේ විදේශ ප‍්‍රතිපත්තියේ එක් වැදගත් උපායකි. සිදුවන්නේ ගම් මට්ටමේ සිටින අයවලූන් රැුවටීම මිස ඉන් රටට සිදුවන සුගතියක් නැත. අද දින ආණ්ඩුවේ දිනමිණ පුවත්පතේ කතුවරයා ලියා ඇති අමුලික මුසාවෙන් එය වඩාත් හොඳින් පැහැදිලිය. අදාල කතු වැකියට අනුව, ‘‘ශ‍්‍රී ලංකා නියෝජිතයන්ගේ නිව්යෝර්ක් චාරිකාවේ දී එය චාරිකාවක් ම නො ව නිල සංචාරයක් ලෙස සටහන් කිරීම වඩා නිවැරැුදි ය. තවත් විශේෂ සිදුවීම් කිහිපයක් ද දැකගන්නට ලැබිණි. පළමුවැන්න ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනිය හා ලොව අංක එකේ ප‍්‍රභූ කාන්තාව ලෙස සලකන මිචෙල් ඔබාමා මැතිනිය අතර පැවැති සාකච්ඡුාව ය. දෙවැන්න අපගේ රාජ්‍ය නියෝජිතයන් හා ලෝක නායකයන් අතර පැවැති සාකච්ඡුා හා සම්මන්ත‍්‍රණ ය. මේ සියල්ල ශ‍්‍රී ලංකාවට ඉතා වාසි සහගත ය.’’ ( දිනමිණ - සැප්තැම්බර් 30) මෙය පට්ට පල් බොරුවකි. මිචෙල් මෙන්ම එක්සත් ජනපදයේ ජනාධිපති අර්යාවන් සිදු කරන සුපුරුදු සම්ප‍්‍රදායට සහභාගී වූ ශිරන්ති මහත්මිය, මිචෙල් සමග ඡුයාරුපයකට පෙනීසිටීම සාකච්ඡුාවක් ලෙස අදාල කතුවරයා විස්තර කොට ඇත. ලංකාවේ දේශපාලනයේ ඇති ඇත්ත මෙයයි.

    මෙම ලියුම්කරු මීට පෙර ලිපියේදී සදහන් කළ ආකාරයෙන්ම, මෙවැනි කටයුතු රටට අයත් සීමාවට හොඳය. ඉන් පිටත සිටින අයවලූන්ට වැටහෙන්නේ එය උන්මන්තකයෙකුගේ ස්වභාවය කියාය. මෙය තමන්ගේ අසාර්ථක සංචාරයෙන් පසු ජනරාල් ෆොන්සේකාට ලබා දුන් දඩුවමෙන් ඉතා හොඳින් පැහැදිලිය.

    මීට සතියකට පමණ පෙර ඉන්දියාවේ හින්දු පුවත්පතේ කතුවරයා වන එන්. රාම් තම කතුවැකිය ලියමින්, යුධ අධිකරණය දුන් තීන්දුව දේශපාලනයට අනුව තේරුම් ගැනීම සඳහා රාජපක්ෂට උපදෙස් දීමට උත්සහ කර තිබුණි. සැමදාම රාජපක්ෂ වෙනුවෙන් ලියු හෙතම 18 වන සංශෝධනය ගැන වචනයක් නොලියා, හිටි අඩියේ අදාල යුධ අධිකරණය ගැන සටහන් කළේ රාජපක්ෂ ජනරාල් ෆොන්සේකාට සමාව දෙයි කියා සිතාගෙනය. නොඑසේනම් රාජපක්ෂ ගැන හෙතමට තිබු අවබෝධයේ තරම එයය. ඔහු සටහන් කළ පරිදි මෙය එනම් ජනරාල්ට එරෙහිව යුධ අධිකරණයේ තීන්දුව රාජපක්ෂගේ මහත්මා දේශපාලනය පෙන්වීම සඳහා ඇති අවස්ථාවක් ලෙසය. නමුත් සුදු රෙදි පොරවා මිනිස් වේශය දුන් පමණින් තිරිසන් සතෙකු මනිසින් උසස් සත්වයෙකු හෙවත් මනුෂයකු කළ නොහැකිය යන ස්වභාවික විද්‍යාව හෙතම අමතක කොට ඇත. සැබවින්ම රාම්ට වඩා ලංකාවේ සිදුවන දේශපාලනය ගැන යම් ගැඹුරු අවබෝධයක් ඇති, ද ඩිකන් හැරල්ඞ් පුවත්පත, 18 වන සංශෝධනය සම්මත වීමෙන් පසු එය ලංකාවට පමණක් නොව ලෝකයේ විශාලතම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රජය ලෙස සැලකෙන ඉන්දියාවටද තර්ජනයක් බව තමා ප‍්‍රධාන කතුවැකියෙන් සඳහන් කළේය. මේ නිසා ඉන්දීය මධ්‍යම ආණ්ඩුව ඉතා කල්පනාකාරීව විමසා බැලිය යුතු බව අදාල පුවත් පත සඳහන් කළේය.

    සිදු වෙමින් පවතින්නේ තරජනාත්මක දේශපාලන ප‍්‍රවණතාවයකි. මෙය දේශීය, කලාපිය මෙන්ම ගෝලීය තර්ජනයකි. කිසිවෙකුටත් පාලනය කිරීමට නොහැකි බලයක් සහ මුදල් (හොරකමෙන් ලබා ගත් දෑ හෝ) ඔබට තිබේනම් ඔබේ එකම අපේක්ෂාව ස්ත‍්‍රීන් සමඟ රම්‍යණයේ යෙදිමනම්, ඔබට හැකි පමණ කාන්තාවන් සොයා ගත ගැකිය. මුදලට විකිනෙන්නන් අතර වීරයෙක් වීමටද ඔබට හැකිය. නමුත් කිසිවෙකුටක් තමන් උපත ලැබූ මාතෘ භුමිය සමඟ රම්‍යණයේ යෙදිය නොහැකිය. එය කිරීමට ගිය අවස්ථා ලෝක ඉතිහාසයේ ඕන තරම් තිබේ. නමුත් එවැනි අස්ශිල සල්ලාලයන්ගේ අවසානය ඛේදවාචක විය. කෙනෙකු තමන්ගේ මාතෘභූමිය සමඟ රම්‍යණයේ යෙදීමට උත්සහ කිරීම වූ කලි තමන්ට ජන්ම ලාභය දුන් මව සමඟ එවැනි කටයුත්තක් කිරීමට යන්ත දැරීමකි. එය සිදුවූයේ මිනිසා ශිෂ්ඨාචාරගත වීමට පෙර සහ තිරිසන් ලෝකය තුළය. බලය නිසා උන්මන්තක වූවකුගේ ගොදුරක් බවට පත් වී ඇති වත්මන් ලංකාව යළිත් ගමන් කරන්නේ කුමන අවධියටදැයි තේරුම් ගැනීම එතරම් අපහසු නැත. ජනරාල්ට එරෙහි නඩු තීන්දුවට දුන් අනුමැතිය තුළ ඇති යථාර්තය වන්නේ එයයි. මෙය සමාජ සන්සින්දියක් මිස තනි පුදගලයෙකුට එරෙහිව බලය ක‍්‍රියාත්මක කිරීමක් නොවේ.

    - නිලන්ත ඉලංගමුව-
     
    • Like
    Reactions: croshanlg

    walkernet

    Well-known member
  • Oct 7, 2008
    4,315
    208
    63
    KaNdY
    Attatama Mahinda Fonsekata Samawa dunna nam eken tamunge image eka godak boost karaganna tibuna.
    Ane manda me rata mona athakata yayida danne ne.

    Hariyata konda pana tiyana opposition party ekak ne,Anduwata one hema dema tamunta kemathi widiyata wenawa.
    Meka echchara honda deyak newei mama dakina widiyata nam.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    අපට දැන් ලැජ්ජ නැහැ


    අපි පුච්චනකොට බෑන් කී මූන්ගෙ පඹයො ලොක්ක එහෙ ගිහින් එයත් එක්ක ෆො‍ටෝ ගන්නව. මේක දකින කාට හරි හිතෙන්න පුලුවන් අපිට වස ලජ්ජාවයි නේද කියල. අනේ එහෙම නෑ. :no::no:


    අපි සොල්හෙයිම් පන්නන්න කතා කරන කොට ලොක්ක පරණ කතා අමතක කරල අලුත් ජීවිතයක් පටන් ගමු කියල නොර්වේ රටට කියනව. කෙනෙකුට හිතෙයි අපි නේද පීචං වුනේ කියල. අනේ එහෙම එකක් නෑ. :no::no:


    සරත් ෆොන්සේකා වීරයෙක් කියල ජනතාව ‍උඩ දැම්මට පස්සෙ මෙන්න මේකා දේශද්‍රෝහියෙක් කියල ආණ්ඩුව කියනව. ඇත්තටම උඩ දාපු අපිට පණ පලයං පෙරේදා කියල හිතෙයි කියල සමහරු හිතනව. අයියෝ එහෙම එකක් නෑ. :no::no:


    සරත්‍ ෆොන්සේකා දේශපාලනය කළා කියල ඔහුගේ තරු ගලවපු ආණ්ඩුවෙ ඉහළම නිලධාරීන්ම ප්‍රසිද්ධියේම දේශපාලනය කරනව. ඒත් එහෙම නිලධාරීන් දක්ෂ මිනිසුන් ලෙස හදුන්වන්න අපට ලැජ්ජාවක් නැහැ. :no::no:


    ආණ්ඩුවෙ අය එහෙම කියන කොට විපක්ෂයෙ අය මෙහෙම කියනව.


    ඒකාධිපතියෙක් වංචා කාරයෙක් ප්‍රජාතන්ත්‍ර විරෝධියෙක් කියල අපි රජතුමාගෙ පඹයො පුච්චනකොට රනිල් ලොක්ක ගිහිල්ල කෝපි බීල එනව. හිතුවද අපට ලජ්ජැයි කියල. නෑ එහෙම එකක් දැනෙන්නෙම නෑ. :no::no:


    රට ඒකාධිපතිවාදයට ගෙනියන්න 18 සංශෝධනය ගේනව කියල අපි ආණ්ඩුවට විරෝධය පාන කොට අපේම චන්දයෙන් ඒකාධිපති වෙනවට විරුද්ධ වෙනව කියල දහඅතේ පොරොන්දුවෙල පාර්ලිමේන්තු ගිය කට්ටිය වැට පැනල පිල් මාරු කරනව. ඔය ගොල්ලන්ට හිතෙනව ඇති විපක්ෂයෙ අපට ලජ්ජයි කියල. නෑ එහෙම එකක් දැනෙන්නෙ වත් නෑ. :no::no:


    ඒ විතරක් නෙවෙයි ඇමතිවරුන්ටත් නිලධාරීන්ටත් සංඝයා වහන්සේලාටත් තව බොහෝ දෙනෙකුටත් ලැජ්ජාව නැති වෙල.


    නව යොවුන් ආදරවන්තයන්ට ආදර උයන් හදන්න කතා කරපු උසස් අධ්‍යාපන ඇමති කෙනෙක් යටතෙ තියෙන විදුදය සරසවියේ උපකුලපති තුමා ගිම්හාන නිවාස හා කොන්ක්‍රීට් බංකු කඩා ඉවත් කරනව. ඒව තිබුනහම කොල්ලො කෙල්ලො ලව් කරනව කියල. ඒත් උයන් හදන්න කතා කරපු ඇමතිතුමාට ඒකෙන් ලජ්ජාවක් ඇතිවෙන්නෙ නෑ. :no::no:


    එතකොට ඒ සරසවියෙ ඉන්න ආචාර්ය මහාචාර්යවරුන්ට? ඒ ගොල්ලො ලජ්ජාව නැති කර ගෙන ගොඩක් කල්. මේ වගේ පිස්සු හටනක් උපකුලපති හැටියට සනාතන සභාවෙන් යෝජනා කරන කොටත් ඒ ගොල්ලන්ට ලැජ්ජාව නැතිවෙලයි තිබුනෙ.


    මතට තිත තියන රජ කෙනෙක් රජවාසල අඩගහල ‍බොන්න දෙනව. ඒ ගැන ප්‍රශ්න ඇහැව්වහම සංඝයා වහන්සේ කෙනෙක් මතට තිත තියන්න ලෝකේ ඉස්සරහ කතා කරාට ගෙදර ඇතු‍ළෙ මතින් සංග්‍රහ කරන්න ඒක බාධාවක් නෙවෙයි කියල ප්‍රසිද්ධියේ ලැජ්ජාවක් නැතිවම කියනව. ඒක අහන අපට මතට තිත තියෙන ආණ්ඩුව ගැනවත් එහෙම කිය කිය මතින් සංග්‍රහ කරන රජතුමා ගැනවත් එහෙම සංග්‍රහ කරන රජතුමාව කැත නැතිව ආරක්ෂා කරන්නට ඉදිරිපත් වන සංඝයා ගැනවත් අපුලක් දැනෙන්නේ නැහැ. මේ හොර නඩයට කඩේ යන එක ගැන එහෙම යන අයට ලජ්ජාවක් දැනෙන්නේ නැහැ. :no::no:


    ලංකාවෙ මිනිසුන්ගෙ ලජ්ජාව නැතිවෙල දැන් ගොඩක් කල් වෙනව. :yes::yes:


    පක්ෂ විපක්ෂ හැමෝගෙම දැන් එහෙම එකක් නෑ. :no::no:


    අපට දැන් ලැජ්ජ නැහැ. :no::no:


    ඒ නිසා දැන් හෙලුවෙන් ඉන්න වුනත් පුලුවන්. :yes::yes:


    ඇත්තටම ඇදුම් ඇදන් හිටියට ඉන්නෙ හෙලුවෙන්ම තමා.:lol::lol:



    Source :- http://beyondframe.wordpress.com/2010/10/01/10oct01/


    http://www.elakiri.com/forum/showthread.php?t=827060
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,082
    3,521
    113
    Inside Your Laptop ;)
    39434437418666959151916.jpg
     

    Similar threads