නඩුව අසා නිමවන තුරු ජොන්ස්ටන් රිමාන්ඩ්

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
නඩුව අසා නිමවන තුරු ජොන්ස්ටන් රිමාන්ඩ්

නඩුව අසා නිමවන තුරු ජොන්ස්ටන් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
පුෂ්පකුමාර ජයරත්න

වයඹ පළාත් සභා මැතිවරණයේ දී සතොස මුදල් අවභාවිතා කළැයි චෝදනාවට ලක්ව සිටින පසුගිය රජයේ වෙළඳ ඇමැති ලෙස කටයුතු කළ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු තිදෙනකු නඩුව අසා නිමවන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය අද (3) නියෝග කළාය.

මෙම නඩුව අඛණ්ඩව විභාගයට ගන්නා ලෙස ද එතෙක් විත්තිකරුවන් රිමාන්ඩ් බාරයේ තබන ලෙස විනිසුරුවරිය නියෝග කළාය.

මෙලෙස රිමාන්ඩ් බාරයට පත් වුයේ හිටපු වෙළඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පෞද්ගලික ලේකම් මොහොමඩ් ෂකීර් සහ සතොස සභාපති නලීන් ප්‍රනාන්දු යන තිදෙනාය.

නඩුව විභාගයට ගත් අද (3) එවකට සතොස ගණකාධිකාරී බෝතේජු නැමැති අයකු විසින් සාක්කි දෙනු ලැබීය.

කුරුණෑගල යන්තම්පලාව සතොස ශාඛාවෙන් ලබාගත් භාණ්ඩ තොගයක් සඳහා රාජ්‍ය මුදල් අවභාවිතා කළැයි මොවුන්ට එරෙහිව නීතිපති චෝදනා ගොනුකර ඇත.