නත්තල් ආදර කතාවක්

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    නත්තල් ආදර කතාවක්

    නත්තල් අසිරිය එක්ක පොඩි කථාවක් කට්ටියට කියන්න හිතුනා.

    ජේසු බිලිඳා උපන් රැයේ එතුමාට තෑගි රැගෙන උතුම් මිනිසුන් තුන් දෙනෙක් ආවා කියල ඔයාල දන්නව ඇති නේද ? එදා පටන් නත්තල් රැයේ එකිනෙකාට තෑගි දෙන සම්ප්‍රදායක් ජන සමාජයට එකතු උනා. පොඩි දරුවන්, දෙමාපියන්, සහෝදරවරු, ඥාතීන්, අසල්වැසියන් වගේම පෙම්වතුනුත් මේ දිනයට තෑගි හුවමාරු කරගන්නවා.

    The_Gift_of_the_Magi.jpg

    මේ කථාව වර්ථමානයෙ උනේ..

    අලුත විවාහ උන යුවලක් හිටියා.. ඔහු පොඩි රැකියාවක් කලේ.. ඇය රැකියාවක් කලේ නෑ. ඔවුන් දෙන්නා ජීවත් උනෙ පුන්චි ඇනෙක්සියක. අගහිඟ කම් තිබුණත් ඇය ඔහුටත්; ඔහු ඇයටත් ගොඩාක් ආදරය කලා. කුරුළු ජෝඩුවක් වගේ.
    ආදරය හැරුන කොට ඒ දෙන්නට වටිනා දේවල් කියල තිබුනෙ දෙකයි:
    ඔහුගෙ පියා ඔහුට තෑගි දුන්න වටිනා ඔරලෝසුවක් හා දික්ව සුන්දරව වැවුන ඇගේ කේශ කලාපය. ඇය වගේම ඔහුත් ගලා හැලෙන දිය ඇල්ලක් වගේ ලස්සන මේ කොණ්ඩෙට බොහොම ඇලුම් කලා... සමහර දිනවල ඔහු ආදරෙන් ඇයගෙ කොණ්ඩෙ පීරුවා, පිරිමැද්දා..
    සෙල්ලම් බඩුවක් ලැබුන පොඩි කොල්ලෙක් වගේ ඔරලෝසුව ගැන ඔහු ආඩම්බර වෙන හැටි ඇය ආදරෙන් බලා හිටියා....

    කාලය ගෙවිල ගිහින් තවත් නත්තලක් උදා වෙලා.. නමුත් ඔවුන් සන්තකව තිබුනෙ ඩොලර් 1.80යි..
    සමහරු කියනව අඟහිඟ කම් ඉස්සරහ දොරට තට්ටු කරනකොට, ආදරේ පිටිපස්ස දොරෙන් පැනල යනව කියල..

    සැබෑ ආදරේ එහෙම පැනල යාවිද ??




    Story : The Gift of the Magi by O. Henry