නත්තලේ වඩාත් තර්ජනයට ලක්වු සත්වයා......

S.GUNE

Well-known member
  • Feb 21, 2019
    3,788
    5,774
    113
    1_acWeZRsgGtXhAgjzx8FxVQ.jpg


    නත්තල. අපිට නම් නිකම්ම නිකන් දවසක් උනාට යූරෝපයට උත්සව කාලයක්. ඇත්තටම නත්තල් කියන්නේ යුරෝපය හිරු දෙවියන්ගේ උපන් දිනය සමරනු දවස් නැත්නම් යූල් (Yule) උත්සවය. ස්කැන්ඩිවානු උත්සවයක් වෙච්ච යූල් උත්සවය කාලයක් මුළු උතුරුදිග යුරෝපයම සැමරුවා. මේ උත්සවයේදී යූල් උත්සවයට අධිපති දෙවියා විදිහට දෙවක්(devac) කියන හිරු දෙවියාය සලකනවා. මේ දෙවියා සුදු එළුවෙක්ගෙන් සලකුණු කරනවා.

    yule-goat-2015-webb-800x645.jpg


    දැන් මේ කියන එළුවාව ස්විඩනයේ ගවූලෙ (gävle) කියන නගරයේ දී විශාල පිදුරු එළුවෙක් විදිහට 1966 අවුරුද්දේ ඉදලා ප්‍රදර්ශනය කරන්න පටන් අරන් තියනවා. ඒත් එක ප්‍රශ්නයක් ඇති වෙලා තියනවා මේ එළුවාට. ඒ තමා එළුවා ගින්දරට පුදුම ආසාවක් දැක්වීම.පලවෙනි අවුරුද්දෙදි ම එළුවාට නත්තල් ඉවර වෙනකම් ඉන්න වෙන්නේ නැහෑ. ගිනි ගන්නවා. ඊලඟ අවුරුදු දෙක ගැටළුවක් නැතිවුනත් ඊට පස්සේ දශකයම එළුවාට තිබුනේ බොහොම පොඩි ආයු කාලයක්. හැත්තාවෙදි යාන්තම් පැය හයක්. මේ වෙනකොට එළුවෝ පනස් අට දෙනෙකුගෙන් හතලිස් අටදෙනෙක් සම්පූර්ණ ආයු කාලය ගකකරලා නැහැ. 1986ඉදන් ඒ එළුවා එක්කම තවත් එළුවෙක් ඒ ළඟම ඉස්කෝලෙ පරිසර කමිටු වෙනුවෙන් හදනවා. උටත් මේ ලෙඩේම හැදෙනවා.

    a80f93f573eb66fb1953d396761aab0abb-13-christmas-goat.2x.h473.w710.jpg


    විස්සයි විසිතුනේ මරුට අළුත් ලෙඩක් හැදෙනවා. ඒ එළුවාව හදන්න ගත්ත පිදුරු වල තිබ්බ ඇට ජාති හින්දා jackdaw කියන කුරුල්ලා එළුවාව විනාශ කරනවා. මේ දශකය නමි ඒවුනාට තාම සුබයි අවුරුදු හතරයි තාම එකපාරයි ගිනි අරන් තියෙන්නේ. මේ අවුරුද්දේ එළුවා තාම ඉන්නවා. පොලිස් ආරක්ෂාව පිට. ලයිව් ස්ට්‍රීම් එකකුත් තියනවා.(https://www.visitgavle.se/en/gavle-goat)

    මේ ඒළුවාට මේ අවුරුද්දේ නත්තල් ඉවරවෙන්න කල් ජීවත් වෙන්න ලැබෙන්නේ කියලා ප්‍රාර්ථනා කරමු.....
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,788
    5,774
    113
    සීතලේ කොහොමද බන් ගිණි ගන්නෙ? මොකෙක්හරි ගිණි තියනවා ඇති
    ගිනි තියනවා තමයි බොල.
    පිනිමුවා නෙවෙයි ද ? 🥱


    එළුවා බන් රැවුලක් තියෙන්නේ..
    මුන් එකයිනේ බන් ඌරෝ ඕනේ තරම්..
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,831
    11,269
    113
    මන් දැක්කේ කන්තලේ වගේ යකෝ ටයිටල් එක මුලින්ම , ගෝනා ද කියලා බලන්ඩ ආවේ
     
    • Like
    Reactions: S.GUNE