ඉහත පලවෙනි කොටුවෙන් පෙනෙන්නේ පිංවතුනි වියත්මග ජාතකයයි..
සීනිබෝල ටොපිය පෙන්වා දරු පැටියාගේ කටට ගූ තලියක් දැම්මා සේ වියත්මග පෙන්වා ඡන්ද ඩැහැගෙන පරණ නාකි තැරි හෙර රැල කැබිනට්ටුවට පත් කල නන්දසේන රජුතුමා සහ හෙර රැල පලවෙනි කොටුවෙන් විරාජ මාන වේ..
දෙවනි කොටුවෙන් පෙන්නනේ පින්වතුනි පුනුරුද ජාතකයයි..
ශ්රී ලංකාද්වීපයේ පහල වුනු අමනෝඥම පාලකයා වන දෙවන නන්දසේන රජු විසින් ගෙන ගිය දුර්දාන්ත පාලනය නිසා අම්මට හැමනෙන්නම කෙල වී සිටි සිරි ලංකා ජනවැසියන්ට අවසන් බලාපොරොත්තුව ලෙස සියලු ජනතාව එකට එක්වී පත් කරගන්නා ලද ජනතා පාලනයකින් පත් කරගත් කැබිනෙට්ටුවයි. වියත්මග පෙන්නා ගූ කටට දැමූ නන්දසේනගෙ බත්බැලයන් ට මෙම ජාතක කතා දෙක එක හා සමාන ලෙස පෙනුනද පුනුරුද ජාතකයේ පත්වුනු කැබිනෙට්ටුව පොරොන්දූ පරිදිම විද්වත් වෘත්තීය වේදීන්ගේ කැබිනෙට්ටුවක් බව ඔබට මෙම කොටුවෙන් පෙන්නුම් කරයි..