නපුරු_මෛතී‍්‍ර

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
නපුරු_මෛතී‍්‍ර

අඹ යාළුවෝ 'නපුරු මෛතී‍්‍ර'



2017-01-15-ent-66.jpg


ටී.බී. ඉලංගරත්න ශූරීන්ගේ අඹ යහළුවෝ පොත ඇසුරින් නිර්මාණය වූ අඹ යහළුවෝ ටෙලිනාට්‍ය කලකට ඉහතදී අතිශය ජනපි‍්‍රය වුණා.
බාල, මහලූ කොයි කා අතරත් දැඩි කතාබහට ලක්වුණු මේ ටෙලිනාට්‍යයේ ‘‘නපුරු මෛතී‍්‍ර’’ ට ඒ දවස්වල බොහෝ දෙනෙක් මෛතී‍්‍ර කළේ නම් නෑ. ඒ ඇය රඟපෑ චරිතය නිසාවෙන්.
එවකට වයස අවුරුදු 11ක් වූ නපුරු මෛතී‍්‍රගේ චරිතයට රඟපෑ අසන්ති නාලිකා මේ වනවිට විවාහක කාන්තාවක්.
මෙවර සිත්ගත් රංගනයට එක් කරගත්තේ කුඩා කල ඒ නපුරු මෛතී‍්‍රට රඟපෑ අසන්ති නාලිකා.

අසන්ති අඹ යාළුවෝ හා සම්බන්ධ වෙන්නේ කොහොමද?
අඹ යහළුවෝ විකාශය වුණේ 1988 වර්ෂයේ. ඒ සඳහා අපි සම්බන්ධ වුණේ 1987 දී. මම රූපවාහිනියේ ළමා වැඩසටහනකට සම්බන්ධ වුණු වෙලාවක තමයි මාව ඒ චරිතෙට තෝර ගත්තෙ. එතකොට මට අවුරුදු 11යි.

චරිතෙ ගැන කතා කරමුද?
චරිතෙ නම් ඉතින් හරිම නපුරුයි. ඒකෙ නමත් නපුරු මෛතී‍්‍ර.... ඉතින් එහිදී මම කළේම නපුරු වැඩ. දුප්පත් නිමල්ට විරුද්ධව කේලම් කියා රණ්ඩු අවුස්සන චරිතයක් තමයි කරන්න තිබුණේ.

චරිතෙ නපුරු වුණත් පේ‍්‍රක්‍ෂක ප‍්‍රතිචාර අඩුවක් නැතිව ලැබුණා නේද?
ඔව්. ඇත්තටම මිනිස්සු අතර හිතේ රැුඳුණු ජනපි‍්‍රය චරිතයක් බවට පත්වුණා. ඒ නවකතාවටත් බොහෝ පිරිසක් කැමැත්තක් දැක්වූවා.

ඒ චරිතය එතරම් ජනපි‍්‍රය වීම ගැන මොකද හිතෙන්නේ ?
ඇත්තටම ඒක ලොකු වාසනාවක්. ළමා ටෙලිනාට්‍යයක් විදියට එදත් අදත් එක වගේම ජනපි‍්‍රයයි. ඒ වගේ කතා මාලාවක් මේ වනතුරුත් බිහිවෙලා නෑ. ඇත්තටම කිව්වොත් ඉතින් කුඩා වයසකදීම මේ වගේ කතාවකට සම්බන්ධවීම ගැන ලොකු ආඩම්බරයක් තියෙනවා.

තවමත් නපුරු මෛතී‍්‍රට ප‍්‍රතිචාර තියෙනවද?
ඔව්. ඇත්තටම මම හිතුවෙ නෑ මේ වගේ ටෙලිනාට්‍යයකට සම්බන්ධ වෙන්න හැකියාව ලැබෙයි කියලා. ඒ අවස්ථාව මට ලබාදුන්නේ ආචාර්ය සල්මාන් ෆොන්සේකා. ඔහු දැන් ජීවතුන් අතර නෑ. ඔහුගේ රංගන පාසලේ හිටපු පොඩිම ගෝලයා තමයි මම. ඒ කියන්නෙ වයසින් අඩුම කෙනා. ඒත් මට ඒ දවස්වල විවිධ ගැටලූසහගත දේවල්වලට පවා මුහුණ දෙන්න සිදුවුණා.

ඒ මොකද?
මම රඟපෑ නපුරු චරිතෙට අකමැති නිසාම තමයි මේ චරිතය ජනපි‍්‍රය වුණේ්. මට ඔයාව පේන්න බෑ කියන තත්ත්වයක් තිබුණෙ. මිනිස්සු ඒක මගේ මූණටම කිව්වා.

ඒ දවස්වල සිදුවුණු සොඳුරු මතකයන් තියෙනවද?
අම්මෝx සොඳුරු මතකවලට වඩා අඳුරු මතක තමයි තියෙන්නෙ. මඟතොටේදි හමුවුණ කට්ටිය මගෙත් එක්ක හිනාවෙලා කතා කරනවා ගොඩක් අඩුයි. සමහර අය මූණවත් බලන්නෙ නෑ.
එක දවසක් මම පන්ති යනකොට බොරැුල්ල හන්දියෙදී ඉස්කෝලෙ යන ළමයි ටිකක් මාව තල්ලූ කරලා වැට්ටුවා. සති දෙකක් වගේ බෙහෙත් කරන්නත් සිදුවුණා. ඒ වගේම ඒ දවස්වල බස්වල යද්දිත් ළමයි මාව තල්ලූ කරනවා. පාසල් යන ළමයින්ගෙන් තමයි ගොඩක් කරදර විඳින්න සිදුවුණේ.

ඒ තරමට කොන්වුණු චරිතයක් වුණා ඒ කියන්නෙ?
අපෝ ඔව්. හැමෝම මට බැන්නා. එයාලා මගේ චරිතය ඇත්ත ජීවිතේ චරිතයක් විදියට බද්ද කරගෙන හිටියෙ.

ඒ විදියට ප‍්‍රතිචාර සහ කරදර විඳින්න වුණේ ඒ චරිතෙට සාධාරණයක් කරපු නිසානෙ නේද?
ඔව්, අනිවාර්යයෙන්ම. මම වැඩිහිටි වයසට ආවට පස්සේ මට හිතුණු එකම දේ තමයි ඒ දිනවල මට මුහුණ දෙන්න සිදුවුණේ හිරිහැරයක් නෙමෙයි. මම හොඳින් චරිතය කරපු නිසා ඒ හැමදේම විඳින්න සිදුවුණේ. ඉස්සර නම් මම ගෙදර ඇවිල්ලා අඬනවා. අම්මෙ මට මිනිස්සු කරදර කරනවා, ළමයි බහිනවා. ඒ නිසා ඉස්කෝලෙ යන්න බෑ කියලා. ඒත් ඒ හැමදේම වුණේ හොඳකට කියලා දැන් මට හිතෙනවා.

නපුරු මෛතී‍්‍ර චරිතය එතරම් ජනපි‍්‍රය වෙයි කියලා විශ්වාසයක් තිබුණද?
නෑ. මම ජීවිතේට හිතුවෙ නෑ මේ තරමට කතාබහකට ලක්වෙයි කියලා. මේ චරිතය ලැබීමත් එක්ක වෙළඳ දැන්වීම්වලට සහ ඒ කාලෙ ලංකාවෙ තිබුණු ප‍්‍රධාන උත්සවවලට පවා අපිට ප‍්‍රධාන අමුත්තන් විදියට කතා කළා. මේ කිසිම දෙයක් හීනෙකින්වත් මම බලාපොරොත්තු වුණේ නෑ. නමුත් මෙමඟින් මගේ ජීවිතෙට ඉතා අඩු වයසකින් ගොඩක් දේවල් ලැබුණා.

තවමත් නපුරු මෛතී‍්‍ර නමින් කතා කරනවද?
ඔව්. තවමත් මට ඒ නමින් කතා කරනවා. මොකද මේ ටෙලිනාට්‍යය පාසල් නිවාඩු කාලවල වගේ නැවත නැවතත් විකාශය වුණා. ඉතින් ඒ කාලවලදී ගොඩක් අය මගෙන් අහනවා ඒ නාට්‍යයේ ඉන්නෙ ඔයා නේද කියලා. ඒක ඇත්තටම හරි පුදුමාකාරයි. හිතාගන්නවත් බැරි විදියට ප‍්‍රතිචාර ලැබෙනවා.

එතකොට මොනවගේ හැඟීමක්ද දැනෙන්නෙ?
මම ගොඩක් ටෙලිනාට්‍ය රඟපාලා නෑ. අතළොස්සයි කරලා තියෙන්නෙ. මට හිතෙනවා ඒ එක චරිතෙ ඇති කියලා මගේ ජීවිත කාලෙටම මම මියගිය දවසක වුණත් මිනිසුන්ට මගේ චරිතය මතකයිනෙ. ඉතින් ඒකම මට ඇති ජීවිතේ තියෙනකං.

කතාව ගැන මොකද හිතෙන්නෙ?
මේ කතාව ඇත්තටම ඒ කාලෙදි වගේම මේ කාලෙ හැටියට වුණත් කුඩා ළමයින්ගෙ හිත් ගත්ත කතන්දරයක්. මින් අපිට ගන්න පුළුවන් ආදර්ශයන් ගොඩක් තිබුණා. ඒ වගේම 1960 ගණන්වල තිබුණු ජීවිත ඒ පරිසරය ඒ හැමදේම තමයි මේ ටෙලිනාට්‍යයේ තිබුණේ. ඒ වගේ දැවැන්ත නිර්මාණයක් මම තවම දැකලා නෑ.

මේ නාට්‍ය කණ්ඩායමෙන් ලැබුණු සහය කොහොමද?
ඇත්තටම අපි මේ කාලෙ ගොඩක්ම සතුටින් හිටියෙ. අදත් අපිට ඒ දවස් මතක් කරලා සතුටු වෙන්න පුළුවන්. අපිට ඉස්කෝලෙනුත් මේ සඳහා මාස 3ක නිවාඩුවක් ලබාදීලා තිබුණා. ඇත්තටම පාසලේ නිවාඩු කාලය වගේ තමයි ඒ දවස් ටික දැනුණෙ. ඒ තරමටම සුන්දරයි.

අපි රඟපානවා කියලවත් හිතුනෙ නෑ. ඒ තරම් තමන්ගෙම සතුටින් හිටියෙ. ඒ වගේම ඒ නාට්‍යය කණ්ඩයමේ හැමෝමත් අපිව බලාගත්තේළමයි වගේ. ඒ තරමට ගොඩක් ළඟින් හිටියා.
විශේෂයෙන් අනුලා කරුණාතිලක මහත්මිය, අශෝක මහත්මයා ඒ හැමෝම අපිට හරිම ආදරෙන් සැලකුවා. කෑම බීම ගෙනත් දෙනවා. ඒ වගේම හරිම ආදරණීය කණ්ඩායමක් තමයි එකතුවෙලා හිටියෙ. ඒ මතකයන් සදා අමරණීයයි.

ධනු විජේරත්න.

http://www.saaravita.lk
 

waligamaya

Well-known member
  • දැන් කොහෙද ඒවගේ ළමා කතවක්. අර සිදු එකේ පොඩි උන්ගේ අතල් ටික ඇරුනහම කතාවේ ගැන දෙයක් නැ. දැන් එක එදා වෙලේ කතාවක් වෙලා :(.
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    දැන් කොහෙද ඒවගේ ළමා කතවක්. අර සිදු එකේ පොඩි උන්ගේ අතල් ටික ඇරුනහම කතාවේ ගැන දෙයක් නැ. දැන් එක එදා වෙලේ කතාවක් වෙලා :(.

    අඹ යහළුවෝ කියන්නෙ ළමා මනස ක්‍රියා කරන ආකාරය හරිම සරලව තාත්විකව පෙන්වල දුන්න කතාවක්. ටී බී ඉලංගරත්න කියන්නෙ ඒ කාලෙ හිටිය දක්ෂ රචකයෙක්.
    අඹ යහළුවෝ නාට්‍යයේ රඟ පාපු නිමල් සහ සුනිල් මේ නාට්‍යය හින්ද සැබෑ ජීවිතයේත් හොඳ යාලුවො දෙන්නෙක් වුනා.
    ඔව්, ඔයා කියන එක හරි. දැන් සිඳූ නාට්‍යයේ පොඩි ඒවුන්ගේ කිසිම තේරුමක් නැති ආතල් ඔහේ දානවා. ඔහොම ගිහිල්ලා පොඩි එවුන්ගේ ලව් සීනුත් පටන් ගනීද දන්නෙ නෑ !!!
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    අඹ යහළුවෝ කියන්නෙ ළමා මනස ක්‍රියා කරන ආකාරය හරිම සරලව තාත්විකව පෙන්වල දුන්න කතාවක්. ටී බී ඉලංගරත්න කියන්නෙ ඒ කාලෙ හිටිය දක්ෂ රචකයෙක්.
    අඹ යහළුවෝ නාට්‍යයේ රඟ පාපු නිමල් සහ සුනිල් මේ නාට්‍යය හින්ද සැබෑ ජීවිතයේත් හොඳ යාලුවො දෙන්නෙක් වුනා.
    ඔව්, ඔයා කියන එක හරි. දැන් සිඳූ නාට්‍යයේ පොඩි ඒවුන්ගේ කිසිම තේරුමක් නැති ආතල් ඔහේ දානවා. ඔහොම ගිහිල්ලා පොඩි එවුන්ගේ ලව් සීනුත් පටන් ගනීද දන්නෙ නෑ !!!


    උබලට තේරෙන්නේ නැද්ද සිදු නාට්‍යයේ පොඩි අයගේ රඟපෑම නිකන් කෘතිමයි කියලා. අධ්‍යක්‍ෂක විසින් පොඩි අයගේ ඔලුවට බලෙන් පොවන දෙයක් පොඩි අය ටික කියවන් යනවා . විශේෂයෙන්ම චුට්ටේ. තාත්වික නැහැ. මහා උන්ගේ ටෝක්ස් දෙන්නේ. එම දෙබස් හරිම කෘතිමයි.

    අනෙක ලොකු වැඩිහිටි ටෝක්ස් දෙනවා.
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    උබලට තේරෙන්නේ නැද්ද සිදු නාට්‍යයේ පොඩි අයගේ රඟපෑම නිකන් කෘතිමයි කියලා. අධ්‍යක්‍ෂක විසින් පොඩි අයගේ ඔලුවට බලෙන් පොවන දෙයක් පොඩි අය ටික කියවන් යනවා . විශේෂයෙන්ම චුට්ටේ. තාත්වික නැහැ. මහා උන්ගේ ටෝක්ස් දෙන්නේ. එම දෙබස් හරිම කෘතිමයි.

    අනෙක ලොකු වැඩිහිටි ටෝක්ස් දෙනවා.

    කෘත්‍රිම තමයි. විශේෂයෙන්ම ගිය සඳුදා කතාවෙ චුට්ටෙ ගෑණු ළමයි එක්ක කතා කර ඕ' ලෙවල් පන්තිය කොල්ලෙක් කෙල්ලන්ට කතා කරනව වගේ. හීනි ලව් ගතියකුත් තිබුනා.