නමක් නැති කතාවක් 4

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    නමක් නැති කතාවක් 4



    Bhumika_Chawla_2_ogzob.jpg


    තුන්වෙනි කොටස මෙතනින්
    http://www.elakiri.com/forum/showthread.php?t=1706292

    විවේක කාලයෙන් පස්සේ ගතවෙච්ච කාලච්චේද හතරම ගුරුවරුන් පැමිණුන නිසා සුභාෂ්ට නවය වසර සී පන්තිය තියෙන්නේ කොහෙද කියලවත් හිතන්න ඔලුවට නිදහසක් තිබුනේ නැහැ. සාමාන්‍ය අන්දමින් ගලාගිය විෂයානුබද්ධ කාලච්චේද හතර අවසානයේ පාසල අවසන් උනත් නවය වසර සී පන්තියේ ළමුන් වෙනම වෙන් කර සොයා ගැනීමට කුහුඹි ගුලක් අවිස්සුනාක් මෙන් නිවෙස් කරා දුව යන ළමුන් අතර සුභාෂ්ට හැකියාවක් තිබුනේ නැහැ.

    සුභාෂ් සුපුරුදු ලෙසටම පාසලින් නිවෙසට ගිහින් පාපන්දු පුහුණුවීම් කටයුතු සඳහා පිට්ටනියට ගියේ සුපුරුදු විදිහටම බුද්ධික එක්ක. සවස විතර වෙනකොට ආරම්භ වෙන පාපන්දු පුහුණුව අවසන් උනේ සවස පහයි තිහට විතර. පාපන්දු පුහුණුවීම් අවසාන වෙලා නිවෙස් බලා යන පාපන්දු ක්‍රීඩකයින් කණ්ඩායම් වශයෙන් කොතන හෝ කතාවකට එකතු වෙලා එකිනෙකා නිවෙස් වලට විසිරුනේ සවස හයයි තිහ පමණ උනායින් පස්සෙයි. ඒ තමයි සුපුරුදු විදිහ. එදත් සුභාෂ් ඇතුළු කණ්ඩායමක් පිට්ටනියේ කොනේ තියන කොට්ටම්බා ගහ ලඟ කතාවට වැටුනේ සුපුරුදු විදිහටමයි. මේ කොට්ටම්බා ගහට කොල්ලන්ගේ ව්‍යවහාරයේ කියවුණු නම උනේ "පැණි ගහ" . මේ ගහත් දශක ගණනාවක් තිස්සේ කොල්ලන්ගේ පැණි කතාම අහන් ඉන්න එකම නිහඬ සාක්ෂිකරුවා නිසා පැණි ගහ යන නාමය එම කොට්ටම්බා ගසට යසට ගැලපුනා.

    එදත් පාපන්දු ක්‍රීඩාව අවසානයේ එතනට එකතු වුන කට්ටිය උනේ සුභාෂ්, බුද්ධික, චන්ද්‍රජිත්, රොෂාන්,ඉන්ද්‍රජිත් ඇතුළු පිරිස. මේ පිරිසෙන් විශේෂිත පුද්ගලයෙක් උනේ ඉන්ද්‍රජිත්. ඒ ඉන්ද්‍රජිත් පාපන්දු කණ්ඩායමේ නායකත්වය දරපු නිසා සහ පාපන්දු ක්‍රීඩාවට අති දක්ෂ ක්‍රීඩකයෙක් උන නිසා. වල් පල් දොඩවමින් පාරේ ගමන් කරන ගැහැණු දරුවන්ට පැණි බැල්ම හෙලමින් පැණි ගහ යට සිටිනා කණ්ඩායමේ සිටි සුභාෂ් එකවර දුටු දසුනකින් නැවතත් සුභාෂ්ගේ හර්ද ස්පන්දනය වැඩි වුනා. ඇල්පිටි පාරෙන් ඇවිත් ඉස්කෝලේ තාප්පේ අයිනෙන් ටවුම දෙසට ගමන් කරමින් හිටියේ සුභාෂ්ගේ හිත හොලවපු , සුභාෂ්ගේ නින්ද නැති කරපු එයාම තමයි. හැඩ ගවුමකින් සැරසී සිටි ඇය වයලීනයක් තුරුලුකරන් තැන්පත් ගමනින් විමසිලිමත් දෑසින් ටවුන දෙසට ගමන් කරමින් උන්නා. කලබලයෙන් ගැහෙන හදවත සුභාෂ්ව බොහොම කලබලයට පත්කලා කොතරම්ද කියනවනම් දැන් මම මොකද කරන්න ඕන කියන සිතුවිල්ල සුභාෂ්ගේ ඔලුව ඇතුලේ විදුලි වේගයෙන් එහා මෙහා දිව්වා. එත් ඒ එක්කම ඇයව දුටු ඉන්ද්‍රජිත් සද්දෙන් කෑගහල ඇයව අමතුවාම තමයි සුභාෂ් ඇයගේ නම පළමු වතාවට දැනගත්තේ..

    ඖෂදී....

    පැණි ගහ සහ පැණි ගසේ සෙවන විඳි පිරිස ගැන නගරයේම ගැහැණු ළමයින් පාසල් භේදයකින් තොරවම දැනුවත් නිසාවෙන් පැණි ගහ ආසලින් ගමන්ගන්න කිසිදු ස්ත්‍රී ප්‍රානියෙන් වැරදිලාවත් පැණි ගහ දිහා බැලුවේ නැහැ. ඒ තමයි පැණි ගසේ සහ පැණි ගස් සෙවනේ රැඳෙන පිරිසගේ අනන්‍යතාවය. ඇයටත් එම ධර්මතාවය පොදු නිසා තමුන්ගේ නම ආමන්ත්‍රණය කරනවා අසේද්දීත් ඇය නොඇසුනා සේ පැණි ගස දෙස නොබලාම ඉදිරියට පියවර මනිමින් සිටියා..මේ සියල්ල අතර සුභාෂ් උන්නේ බොහොම කලබලයෙන්..

    ඖෂදී ... පොඩ්ඩක් ඉන්නෝ...

    ඒ කියන්නේ ඔයාගේ නම ඖෂදී..සුභාෂ් කාටවත් එහෙම කිව්වේ නැහැ.. එත් සුභාෂ්ගේ හිත සුභාෂ්ටම එහෙම කිව්වා

    ඉන්ද්‍රජිත්ගේ දෙවැනි ආමන්ත්‍රණයෙන් යන්තම් ඇස් කොනකින් පැණි ගස දෙස බැලූ ඇය ඈත සිට තමුන්ව ආමන්ත්‍රණය කරනා ඉන්ද්‍රජිත් හඳුනාගත් නිසා දැකුම්කළු සිනාවක් පාමින් ගමනේ වේගය මදක් අඩු කළා. ඒ සිනහව , ඒ ඇස්දෙක ඇතුලේ ආයෙමත් සුභාෂ් අතරමන් උනා. සුභාෂ් ගල් ගැහිලා බලන් හිටියේ වෙන්න යන්නේ මොකක්ද කියන දේ පැහැදිලි නැති නිසා..

    මේක අල්ලගනින්.. මම ඉක්මනට එන්නම්..

    ඉන්ද්‍රජිත් ගාලුපාර හරහා ඉගිලුනේ ඉන්ද්‍රජිත්ගේ බයිසිකලය සුභාෂ්ගේ බයිසිකලය වෙත වාරු කරවමින්. ඉන්ද්‍රජිත් තමා වෙත දුව එනු දුටු ඖෂදී ගමන නවතා පාසල් තාප්පය අසලට වී සිනා මුසුව බලා සිටියත් පිරිස අතර සිටිනා සුභාෂ්ව ඇය දුටුවේ නැහැ. එත් සුභාෂ් උන්නේ ඇසි පිය නොහෙළන දෑසින් ඖෂදී දිහා බලාගෙන. සුභාෂ්ට කාලය ගතවෙනවා දැනුනේ නැහැ. කතාව අවසන් කල ඉන්ද්‍රජිත් නැවතත් පැණි ගහ සෙවනට ආවත් අනෙක් පිරිසට ඉන්ද්‍රජිත්ගේ ක්‍රියාව ගැන විශේෂත්වයක් තිබුනේ නැහැ. එත් සුභාෂ්ට ඕන උනේ එයා ගැන දැනගන්න. ඉන්ද්‍රජිත් එයත් එක්ක තියන සම්භන්ධය කුමනාකාරයේ එකක්ද කියන එක දැනගන්න. සුභාෂ් උන්නේ ගැහෙන හදවතින්.

    කව්ද බන් ඒ..

    ආ ඒ ඖෂදී බන්..

    හරි බන් මට ඇහුනනේ ඖෂදී කියල උඹ කතා කරනවා.. මම අහන්නේ එයා උඹේ කව්ද කියල..

    මගේ කව්රුත් නෙවෙයි බන්.. සංගීත පන්තියේ කෙල්ලෙක්.. නමය වසරේ ඉන්නේ.. ලඟදි අපේ ෂෝ එකක් තියෙනවා බන් ටවුන් හෝල් එකේ.. ඒකෙ වැඩක් කතා කරගන්න ගියේ..

    ආ එහෙමද.. මම හිතුවේ උඹේ ට්‍රයි එකක් කියල..

    පිස්සුද යකෝ..

    කොහෙද බන් ඖෂදී ඉන්නේ..

    ඇයි උඹට මොකදට..?

    නෑ නිකම් බන් ඇහුවේ.. දැකල පුරුදුයි වගේ ඒකයි..

    කුලරත්න පාර බන් ඉන්නේ.. මේ ළඟ..

    හ්ම්..


    දඩිබිඩියේ බයිසිකලය පාරට ගත් සුභාෂ් නගරසභාව පැත්තට ඉගිලුනේ ඉන්ද්‍රජිත් එක්ක කතාව නිම කරපු ගමන්මයි. ඒ දුටු බුද්ධික සුභාෂ්ව ඇමතුවේ සුභාෂ්ගේ වෙනසින් පුදුමයට පත්වෙච්ච නිසා.

    ඒයි උඹ කොහෙද යන්නේ..

    හිටහන් මම බීම පැකට් එකක් අරන් එන්නම්..

    සුභාෂ් එහෙම කිව්වේ නගරසභාව කැන්ටිම තියෙන්නේ ඒ අසල නිසාත්, දෙන්න වෙන උත්තරයක් නැති නිසාත්..

    නගර සභාව ඉදිරිපස තිබෙන පුස්තකාලය අසලින් වමට හැරවූ සුභාෂ් ඉගිලුනේ ඇයව මග හැරෙන්නට කලින් ගාලු පාරට දාල ඇය නැවතත් දැකගන්න අරමුන්නින් . තරඟයට ගමන් ගන්න වාහන අතරින් ගාලු පාර මාරු වූ සුභාෂ්ට දකින්න ලැබුනේ වයලීනය තුරුල් කරගෙන ගමනේ යෙදෙන ඇය . කිසිම දෙයක් හිතන්නේ නැතුව ගත්තු තීරණයකින් ඇය පසුපස ආවත් එතනින් එහාට කුමක් කරන්නද කියන දේට උත්තර සුභාෂ් ළඟ තිබුනේ නැහැ. කුලරත්න හන්දියෙන් වමට හැරුන ඇය පසු පසින් ඇයට නොදැනෙන්න බයිසිකලය පැදගෙන එන සුභාෂ් ගැන ඖෂදී කිසිවක් දැනගෙන හිටියේ නැහැ. එත් සුභාෂ් උන්නේ බොහොම චංචල සිතුවිල්ලෙන්. උපන්තේකට ගැහැණු ළමයකු පසුපසින් එහෙම ගිහින් නැති සුභාෂ් එහෙම ගියේ ඇයි කියන්න සුභාෂ්වත් දැනගෙන හිටියේ නැහැ. එත් සුභාෂ් ඇයට අඩි විස්සක් තිහක් පසුපසින් ඇය පසුපස හඹා යමින් සිටියා..

    කුලරත්න පාරේ තිබෙන දුම්රිය පාර හරහා යන පාලමද පසුකරමින් ඉදිරියට පියවර මැන්නාවූ ඇය ඊට නුදුරු දුරක තිබු ගේට්ටුවක් විවුර්ත කරගෙන ඇතුලට ගියේ තමුන් පසිපසින් එන්නාවූ සුභාෂ් ගැන හාන්කවිසියක්වත් නොදැනයි. ආ වේගයෙන්ම හෙමින් හෙමින් ගේට්ටුව අසලටම ආ සුභාෂ්ට ඊළඟට දකින්න පුළුවන් උනේ ඉදිරිපස දොර විවුර්ත කරගෙන නිවස ඇතුලට පියමනින ඖෂදී . සොම්නස් සහගත හැගීමෙන් බයිසිකලය හරවාගත් සුභාෂ් නැවතත් පැණි ගස අසලට ඉගිලුනේ මිටින් හල කුරුල්ලෙක් වගේ. මොකක්දෝ කියන්න බැරි සන්තෝසයක් සුභාෂ්ගේ හිතේ මෝදු වෙලා විත්තිය සුභාෂ්ටත් දැනුනා උනාට ඒ ඇයි කියල කියන්න හේතුවක් සුභාෂ්ට තිබුනේ නැහැ.

    කොහෙද යකෝ මෙච්චර වෙලා ගියේ.. උඹ බීම පැකට් හැදුවද..

    බීම පැකට් ඉවර වෙලා බන්..

    එතකොට කැන්ටිමේ එකා උඹට බීම පැකට් ඉවරවෙලා කියන්න විනාඩි පහළොවක් ගියා..

    දෙවැනි ප්‍රශ්නයට උත්තර නොදුන් සුභාෂ් බුද්ධික වෙත පෑවේ විසුළු හිනාවක්..

    තෝ අහුවෙයන්කෝ මට..

    නැවතත් එම හිනාවෙන්ම උත්තර දුන් සුභාෂ් ඊළඟට හැරුනේ ඉන්ද්‍රජිත් දිහාවට..

    මට උඹව හම්බවෙන්න ඕන ..

    මාව හම්බවෙන්න.. ඉතින් මේ මම ඉන්නේ යකෝ..

    දැන් නෙවෙයි බන්.. හෙට උදේට ඉස්කෝලෙදි මම හම්බවෙන්නම් උඹව..

    දැන් කියපන් බන් කියන දෙයක්.. මොකටද හෙටට කල් දාන්නේ..

    මදක් නිහඬ වුනු සුභාෂ් ඉන්ද්‍රජිත් දිහා බලන් හිටියේ තීරණයක් ගත නොහැකිව..

    වරෙන්කො එහෙනම් ටිකක් එහාට යන්න..

    සුභාෂ් ඉන්ද්‍රජිත් සමග පැණි ගසෙන් මදක් එහායින් වූ පිට්ටනියේ කොට තාප්පය වෙත ඇවිද යනු දුටු අනෙක් මිතුරන් වෙත පැවතියේ මවිතයක්.. එත් ඔවුන් කසිදු බාධාවක් එල්ල කලේ නැහැ..

    මොකක්ද කියහන්කෝ ප්‍රශ්නේ..

    මේ.. මේ... මේ.. සුභාෂ් පසුවුනේ මදක් කෝල ස්භාවයෙන්..

    මොකද යකෝ ගෑනියෙක් වගේ ඇඹරෙන්නේ .. කියහන් මොකක්ද කේස් එක..

    අර බන් .. අර ..

    හරි බන් අර අර ගාන්නේ නැතුව කෙකර ගාන්නේ නැතුව කියහන් යකෝ..

    අර බන් දැන් උඹ එක්ක කතා කරලා ගිය ඖෂදී..

    ඔව් ඉතින්..

    එයා කව්රුහරි එක්ක යාළුද බන්..

    ආ... ඔය පනින්නේ බලල මල්ලෙන් එලියට..

    දන්නා තරමින් නැහැ මචන්.. ඇයි දැන් මොකක්ද වෙන්න ඕන..

    නැහැ බන් එයා මා දිහා මාර බැල්මක් බලනවා බන්.. මට මොකක් හරි අමුත්තක් තේරෙනවා බන්..

    මම අහන්නද උඹ අහනවා කියල..

    ඇත්තටම උඹට පුලුවනිද..

    බැරිනම් කියනවද බන්.. සිම්පල් වැඩක්නේ..

    අහපන්කෝ බලන්න එහෙනම්.. කවද්ද උඹ අහන්නේ..

    හෙට අහන්නම්..

    හෙට කොයි වේලාවේද..

    උදේට.. එහෙම බැරි උනොත් ඉන්ටවල් එකට..

    ශුවර්ම නේද..

    අනිවා මචන්.. උඹට නොකරන උදව්වක් තියෙනවද බන්..

    එහෙනම් ෂුවර් නේ ..

    හරි බන් ෂුවර්..

    මේ .. අරුන්ට කියන්න එපා හරිද..

    පිස්සුද බන්..

    ඒ බොල දෙන්න ලව් කරනවද..

    බුද්ධිකගේ හඬින් සුභාෂ්ගේ සහ ඉන්ද්‍රජිත්ගේ සංවාදය නිමා වුනා.. එත් සුභාෂ් වෙත දහසක් බලාපොරොත්තු ඉතිරි කරමින්..

    වෙනදට පොඩි ඉස්කෝලෙත් ලොකු ඉස්කෝලෙත් අතර තියන පාරෙන් ගෙදර යන සුභාෂ් එදා ගෙදර යන්න ගියේ ඖෂදී ගේ ගේ තියන කුලරත්න පාරෙන්. අඹ යාලුවා වෙච්ච බුද්ධික දැනගෙන හිටියේ නැහැ සුභාෂ් ගෙදර යන්න අලුත් පාරක් තෝරාගත්තේ කුලුඳුලේ ආදරේ කරන ගැහැණු දැරිවියගේ ගෙවල් ගාවින් යන්න ඕන නිසා කියල. ඖෂදීගේ ගේ පහුවෙද්දී සුභාෂ් ගේට්ටුවෙන් ගේ දිහා බැලුවත් බුද්ධික ඒ ගැන අවදානයක් තිබුනේ නැහැ. වෙනද බුද්ධිකත් සුභාශුත් දෙදෙනාගේ ගෙවල් බලා යන්න වෙන් වෙන හංදියේදී බුද්ධික සුභාෂ්ට කිව්වේ අමුතු කතාවක්..

    හෙට වරෙන්කො ඉස්කෝලේ.. තෝ කරන්න යන සෙල්ලම හෙට අපි හොයාගන්නම්කෝ..

    එම ප්‍රකාශයෙන් සුභාෂ්ගේ හිත මදක් හෙලවුනත් හිතේ පදිංචි වෙලා උන්නු ඖෂදීගේ ඇස්දෙක ඒ හැම සිතුවිල්ලක්ම යටපත් කළා..


    දවසේ ඉතුරු කාලය සුභාෂ්ට ගත වුනේ හරිම හෙමින්. සුභාෂ්ට ඕන උනේ ඉක්මනින් හෙට දවසට යන්න. ඉක්මනින්ම ඉස්කෝලෙට යන්න. ආයෙත් ඒ ඇස්දෙක දැකගන්න. ඉන්ද්‍රජිත් හෙට දවසේ කරන්න පොරොන්දු වෙච්ච කර්තව්‍ය සාර්ථකව නිමා වෙන බලාපොරොත්තුවෙන් නින්දට වැටුන සුභාෂ්ට නින්ද පුරාම පෙනුනේ ඒ ඇස් දෙක විතරයි.

    උදේ පාන්දරම ඉස්කෝලේ ගිය සුභාෂ් නවය වසර සී පන්තිය අසලින් රැඳුනේ ඖෂදී එනකම් බලාපොරොත්තුවෙන්. පාසල පටන්ගන්න විනාඩි පහළොවක් වගේ කාලයක් තියෙද්දී පන්තිය වෙත පිය මනින ඖෂදී දැකපු සුභාෂ්ගේ පපුව වෙනද වගේම වේගයෙන් ගැහෙන්න ගත්තා. පලවෙනි වතාවට ඖෂදී මුණගැහුන දවසේ සුභාෂ් දිහා බලපු විදිහටම සුභාෂ්ගේ ඇස් දෙක දිහාම බලාගෙන ආපු ඖෂදී පන්තිය ඇතුලට යනකල්ම සුභාෂ් කලේ ඒ ඇස්දෙක දිහා දැහැන් ගත වෙලා වගේ බලන් හිඳීම . මද සිනහවක් රැඳුනු මන්දහාස මුහුණින් ඖෂදී සුභාෂ් පහුකරගෙන යනවත් එක්කම එතනට කඩන් පහත් උනේ සුභාෂ්ගේ පන්තියේ පෝරිසාද රංචුව.

    හොරේ අහු වුනා..

    මු ට්‍රයි ඖෂදීට..

    හු.. හු.. රංචුවම එකම විකාරයි..

    ඖෂදී මෙන්න සුභාෂ් ඔයාට කැමතියිලු .. ඖෂදී සුභාෂ් ඔයාට ලව්ලු.. අයි ලව් යු ඖෂදී..ඔයා මගේ පන ඖෂදී.. මේ එකක්වත් කිවේ සුභාෂ් නෙවෙයි.. සුභාෂ්ගේ මිත්‍ර සමාගම.

    සුභාෂ්ව අල්ලාගත්තු පෝරිසාද රංචුව උත්සහ කරන්නේ සුභාෂ්ව උස්සන් ගිහින් ඖෂදීගේ පන්තිය ඇතුලට දාන්න කියන දේ සුභාෂ්ට වැටහෙන්න වැඩි කාලයක් ගතවුනේ නැහැ .. අත් විස්සකින් විතර තල්ලු උන සුභාෂ් නමය වසර සී පන්තිය පැත්තට තල්ලු කරන් යනවත් එක්කම බේරෙන්න ක්‍රමයක් හොයපු සුභාෂ් එකපාරටම ඉදිරියට තල්ලුවෙන තල්ලුවත් එක්කම එතනින් මිදිලා කොරිඩෝවෙන් එලියට පනින්නයි උත්සහ කලේ . එත් සුභාෂ් කකුල ලිස්සල ගිහින් කොන්ක්‍රීට් කණුවේ නළල වදිනවාත් එක්කම සුභාෂ් කොරිඩෝවෙන් එලියට විසික් උනා. නළල වැදුණු වේදනාවත් එක්කම සුභාෂ් දිවිල්ල නතර කලේ නැහැ. නළල කොන්ක්‍රීට් කණුවේ වැදුණු වේදනාවත්, මිතුරන් විසින් කරන්නට යෙදුන ක්‍රියාවේ වේදනාවත් දරාගෙනම සුභාෂ් කෙලින්ම දිව්වේ පන්තියට. පොත් බෑගය පිටේ දමාගත් සුභාෂ් ඊළඟට දිව්වේ බයිසිකල් ගාලට.

    පාසල පටන් ගන්නා සීනුව ඇසෙන විට සුභාෂ් උන්නේ පාසලින් එළියේ පැණි ගහ ගාව. නළලේ වේදනාවත්, හිතේ වේදනාවත් එක්කම ඇස් කොනින් කඳුළු ගෙඩි දෙකක් එලියට පැන්නත් දුකටත් කෙන්තියටත් සුභාෂ් වේගයෙන් බයිසිකලය පැද්දේ අරමුණක් නැතුවයි. ගාලු පාර දිගේ අරමුණක් නැතුව පැයක් විතර බයිසිකලය පැදපු සුභාෂ් හිතේ තිබ්බ වේදනාව මදක් සමනය උනායින් පසුව බයිසිකලය පැදගෙන ගියේ ගෙදර පැත්තට. සුභාෂ් ගෙදර යද්දී සුභාෂ්ගේ ගෙදර උදවිය සියල්ලන්ම රැකි රක්ෂා වලට පිටත්ව ගිහින් තිබුන නිසා සුභාෂ් ළඟ තියන යතුරෙන් දොර ඇරගෙන කාමරයට ගිහින් ඇඳට වැටුනේ පාසල් ඇඳුම පිටින්මයි. සුභාෂ් කල්පනා කලේ ඊළඟට කුමක් සිදුවේවිද යන්නයි. ගෙදර කවුරුත් නැති හින්දම ගෙඩි ගැහුනාවූ නළලත් සහ පාසැල් නොගොස් ගෙදර පැමිණීමත් අරභයා සුභාශ්ව පරීක්ෂණයට භාජනය උනේ නැහැ.


    ඔලුවේ තිබ්බ වේදනාව නිසා නින්දට වැටුණු සුභාෂ් අවදි වුනේ නැගණිය පාසල් ඇරී නිවසට එන හඬින් . අවදි වුනු වහා සුභාෂ්ගේ මතකයට ආවේ උදෑසන වූ සිද්දිය සහ ඖෂදීගේ මුහුණ. වහාම ඇඳුම් මාරු කරගත් සුභාෂ් ඊලඟට නිවසින් පිටවුනේ ඉන්ද්‍රජිත් සොයාගෙන. සුභාෂ් ඉන්ද්‍රජිත්ගේ නිවසට පැමිණෙන විට ඉන්ද්‍රජිත් පසුවුනේ දවල් ආහාරය ගනිමින්..

    ආ උඹද.. කෝ බන් මම උඹව හෙව්වා අද ඉන්ටවල් එකේදී.. උඹ ඇවිත් තිබ්බේ නැහැනේ..

    ඔව් බන් මම උදේ ඇවිත් ආයේ ගෙදර ගියා..

    ඒ මොකෝ බන්..

    ඒවා වැඩක් නැහැ.. මගේ වැඩේ කරාද කියපන්..

    බොට තියන හදිස්සියක්.. අපිට මෙව්වට ගෙවන්න ඕන පුතෝ..

    හරි බන් හරි.. කියහන්.. මොකද උනේ.. උඹ ඖෂදීව හම්බුනාද..

    හ්ම්..

    මොකද කිව්වේ..

    විශේෂ දෙයක් කිව්වේ නැහැ බන්.. මම ඇහුව.. අකමැත්තක්නම් පෙන්නුවේ නැහැ..

    ඒ කියන්නේ ..

    ඒ කියන්නේ උඹට කැමතියි වගේ..

    ඇත්තමද බන් උඹ කියන්නේ ..

    බොරු කියල හිතනවානම් ඉතින් නිකම් හිටහන්..

    සුභාෂ් ගේ පපුව නැවතත් වේගයෙන් ගැහෙන්න ගත්තා.. සුභාෂ් පසුවුනේ අධික සන්තෝසයෙන්..

    දැන් මම මොකද කරන්න ඕන බන්..

    ම්ම්ම්ම්ම්ම්ම්ම්.... කල්පනා කරලා බලමු..

    මොනාද බන් ඖෂදී කිව්වේ..

    කියපුව බොට වැඩක් නැහැනේ.. උඹ ලියුමක් ලියල දීපන්කො.. මම ගිහින් දෙන්නම්..

    ෂුවර්මද .. කමක් නැද්ද බන්.. එයා අප්සෙට් යාවිද එකපාරටම ලියුමක් දුන්නාම..

    බොට එව්වයින් වැඩක් නැහැනේ .. උඹ ලියල දීපන්කො..

    මම හෙට ගිහින් කතා කරන්නද බන්..

    එපා එපා.. උඹ ගිහින් කතා කරොත් වැඩේ චා වෙනවා අනික් උන්ට.. උඹ ලියුමක් ලියල දීපන්කො..

    හරි එහෙනම් .. උඹ කාපන්.. මම ගියා..

    අද උඹ ප්‍රැක්ටිස් එන්නේ නැද්ද..

    මොන ප්‍රැක්ටිස්ද බන් අද.. මම හවස පැණි ගහ ගාවට එන්නම්.. උඹ මේක කාටවත්ම කියනවා නෙවෙයි හරිද..

    පිස්සුද බන්.. අපිට මෙව්වට සලකපන් ඉතින්..

    සුභාෂ් බයිසිකලය පැදගෙන ගියා නෙවෙයි ඉගිලුනා.. සුභාෂ්ට හිතේ පැවති සන්තෝසය කියන්න මිහිපිට උන්නු එකම හිතවතා සුභාෂ්ගේ බයිසිකලය පමණමයි. සතුටින් ඉපිලෙමින් තිබුණු සුභාෂ්ගේ හිත ඇතුලේ ඖෂදී ස්ථිරවම ලැගුම් ගත් දිනය ඖෂදී දුටු පළමු දිනය වුවත් ඖෂදී සුභාෂ් වෙත කැමැත්ත ප්‍රකාශ කිරීම එතෙක් මෙතෙක් සුභාෂ්ගේ ජීවිතයේ වූ විශේෂිතම සිද්දියක් වුනා.. ඉවසීමක් නැති සුභාෂ් කෙලින්ම බයිසිකලය පැදගෙන ගියේ ඖෂදීගේ නිවස ඉදිරියට වුවත් එතනින් එහා කරන්නේ කුමක්ද යන්න අදහසක්වත් සුභාෂ් වෙත තිබුනේ නැහැ. ඉදිරිපස දොර වසා දමා තිබු ඖෂදීගේ නිවස ඉදිරියෙන් කිහිප වරක් බයිසිකලය එහාටත් මෙහාටත් පැද්ද සුභාෂ් ආපහු නිවසට ඇවිත් කොට්ටය බදාගෙන ඇඳට වැටුනේ ඖෂදී ගේ ඇස් දෙක හිතේ හැම තැනම දුව ඇවිදිද්දී. සුභාෂ්ගේ හිතේ එතනින් එහා ඖෂදී ඇරෙන්න වෙනත් දෙයක් තිබුනේ නැතිම තරම්. උදේටවත් දවල්ටවත් ආහාරයක් නොලැබූ සුභාෂ්ට බඩගින්න ගැන කිසිම දැනීමක් තිබුනේ නැහැ. සන්තෝසයෙන් ඔද්දල් වෙච්ච සුභාෂ් ඊළඟට කල්පනා කරේ ඖෂදීට ලිපියක් ලියන එක ගැන..


    පාවී ගියා
    ඒ වේදනා
    දෑසේ මවා
    මේ චේතනා
    ආරාධනා

    පාවී ගලා
    පවනේ පවා
    රාවේ ඇසේ
    ඒ ගීතිකා..
    ආරාධනා..

    ඈ නීල නෙතූ සලා
    මා දෑස මත් කළා
    සේයා මවා ඒ ආදරේ
    ආයාචනා
    ඈ නීල නෙතු සලා

    """""""

    පස්වෙනි කොටසින් හමුවෙමු..
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අප්පෝ මේක කියවලා ඉවර කරන අතරතුර කී පාරක් තනියම හිනා උනාද, අතින් ඔළුව කහ කහ කල්පනා කලාද කියලා උබ දන්නවානම් පොලයියේ:lol:.......

    ඒ තරමටම දැනෙන්න මේ ලියවිලා තියෙන්නේ අපි හැමෝම ඒ කාලේ පොදුවේ අත්දැකපු, හිත් ඇතුලේ තාමත් හැංඟිලා තියන මතක ගොන්නක්:dull:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අප්පෝ මේක කියවලා ඉවර කරන අතරතුර කී පාරක් තනියම හිනා උනාද, අතින් ඔළුව කහ කහ කල්පනා කලාද කියලා උබ දන්නවානම් පොලයියේ:lol:.......

    ඒ තරමටම දැනෙන්න මේ ලියවිලා තියෙන්නේ අපි හැමෝම ඒ කාලේ පොදුවේ අත්දැකපු, හිත් ඇතුලේ තාමත් හැංඟිලා තියන මතක ගොන්නක්:dull:

    මේක කියවල ආයේ ෆේස්බුක් පෙරලගෙන පරණ එව්වා හොයනව් එහෙම නෙවෙයි හොඳේ..
     

    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    Pissu hedenawa aiye. Okata henama samaanthara athdekeem thiyenawa. Apith kellage moona balanna gedara yana paara maaru kara kularathna paarata kaalayak. Okkoma aapahu mathak wenawoo :D.
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එල.. ඉතුරු ටිකත් දාහන්.. මං කියවන්නෙ නෑ ඉවර වෙනකන්.. එක හුස්මට කියවන්න ඕන.. නැත්තං අප්සට්..:(

    උඹ චවුලගෙ ලවර් කෙනෙක් නේහ්..:D ඉස්සර මිනිස්සු නේහ්..:lol: