නමක් නැති කතාවක් 3
නමක් නැති කථාවක් 2
http://www.elakiri.com/forum/showthread.php?t=1705636
හැමදාම උදෑසන සීනු නාදයෙන් අනතුරුව ආරම්භ වෙන්නේ පන්තිභාර ගුරුතිමියට අයත් විද්‍යාව පාඩම . එදත් වෙනද වගේම පන්සිල් සමාදම් වීමෙන් අනතුරුව පන්තිභාර ගුරුතුමිය විද්‍යාව පාඩම ආරම්භ කරාවි කියල හිතුවට එහෙම උනේ නැහැ. පන්තිභාර ටීචර් කෙලින්ම හැරුනේ සුභාෂ් දිහාවට.
සුභාෂ්.. නැගිටිනවා..
ලැබුන විදානයෙන් සුභාෂ් පුටුවෙන් නැගිට්ටේ මේ වෙන්න යන්නේනම් හොඳ දෙයක් නෙවෙයි කියල දැනගෙනම තමයි. පාඩම පටන් ගන්න ප්‍රථමයෙන් බහුතරයක් දවස්වලට පෙර දිනයේ වැරදි සඳහා චෝදනා පත්‍ර ගොනු වූ චූදිතයින් සහ සැක කරුවන් උදෑසන පෙරට්ටුව සඳහා කැඳවීම හැමදෙනාටම සාමාන්‍ය දෙයක්. පංතියේ සිටින රහස් පරීක්ෂක වරියන් සහ ඔත්තු කාරියන් සිය රාජකාරිය අකුරටම ඉටුකරපු නිසාත් , වැරදීමකින් පිරිමි වෙලා උපන් ඔත්තු කරුවන් දෙතුන්දෙනෙකුත් පන්තියේ හිටිය නිසාත් පන්තිභාර ගුරුතුමියගේ ඇසට සහ කනට හොරෙන් කුරුල්ලෙකුටවත් දහය වසර ජී පන්තිය උඩින් ඉගිල්ලෙන්න පුළුවන් උනේ නැහැ. මෙවන් අවස්තාවකට කිසිම දවසක මුහුණ නොදීපු සුභාෂ් පුටුවෙන් නැගිටලා බලන් හිටියේ තමුන්ට හිමිවන්නේ කුමන ආකාරයේ චෝදනාවක්ද කියන එක දැනගැනීමට කුතුහලයෙන්.
මොකද තමුන් උදේ පාන්දර මාර ගහ ගාව කරේ..
ශූ ... ශූ....ශු....
සපත්තු බිම අතුල්ලමින් සුභාෂ්ට සමචලේට එක එක ජාතියේ ශබ්ද දාන්න පටන් ගතපු පන්තියේ පිරිමි ළමුන් දිහා පන්ති භාර ගුරුතුමිය පිච්චිලා අලුවෙන්න රුද්‍ර බැල්මක් හෙලපු ගමන් සියලු ශබ්දයන් ලයිට් ගියා වගේ නිහඬ උනා..
බුද්ධික එනකම් හිටිය මිස්.
ඊළඟට ගුරුතුමිය අහන ප්රශ්නය ඉවෙන් වගේ දැනුන සුභාෂ් ගණදෙවි නුවන මෙහෙයවල උත්තරේ සුදානම් කරගත්තා.
ඇයි වෙනදාටත් බුද්දික එනකම් තමුන් එතන බලන් ඉන්නවද.. මොකටද තමුන් බුද්ධික එනකම් විශේෂයෙන් බලන් හිටියේ..
බයිසිකලේ වයර් ලොක් එකේ යතුර බුද්ධික ගාව මිස්.. ඊයේ අමතක උනා ආයේ ඉල්ලගන්න.. බයිසිකලේ ලොක් කරන්න විදිහක් නැති නිසා එතන හිටියේ බුද්දික ආවාම යතුර ඉල්ලලා ලොක් කරන්න.
පන්තිභාර ගුරුතුමිය ඊළඟට හැරුනේ බුද්ධික දිහාවට..
බිද්ධික.. නැගිටිනවා.. ඇත්තද මේ සුභාෂ් කියන්නේ..
මේ හතර බීරි කතාවේ අග මුල නොදත් බිද්ධික පුටුවෙන් නැගිට්ටේ මේ කොහෙන් පහත් උන මරාලයක්ද කියන්න වගේ..
ඔව් මිස් ඊයේ සුභාෂ්ගේ බයිසිකලේ ලොක් එක ඉල්ලගත්තා යතුර දෙන්න අමතක උනා..
තමුන් බලන් හිටියේ හැබැයි බුද්ධික එනකම් නෙවෙයි කියලයි මට හිතෙන්නේ.. සුභාෂ් ලැස්ති වෙන්න එපා වයසට වඩා පැහෙන්න . තමුන්ගේ අද්යාපන කටයුත්තක් බලාගන්නවා හොඳයි...
පන්තිභාර ගුරුතුමිය සුභාෂ් දිහා බැලුවේ දැවිලා පිච්චිලා අලුවෙන්න තරම් බැල්මකින් .
හොඳයි.. වාඩි වෙනවා දෙන්නම.. සාක්ෂි සාධාරණව ඉදිරිපත් උන හින්ද නඩුව විසික් කරාට පන්තිභාර ගුරුතුමියගේ මුහුණේ තිබුනේ බුද්ධිකගේ ප්‍රකාශය නොපිළිගත් පෙනුමක්.
අද ඉඳන් පන්තියේ ඉන්න අති දක්ෂ ඔත්තු කාරියන්ගේ සහ වැරදිලා පිරිමි වෙලා උපන්න ඔත්තු කරුවන්ගේ විශේෂ අවදානයට සහ නිරීක්ෂණයට සුභාෂ්ගේ සියලු ක්‍රියාකාරකම් ලක් වෙන බව සුභාෂ් ඉන්තේරුවෙන්ම දැනගෙන සුභාෂ් පුටුවේ වාඩි උනා.
හරියටම සුභාෂ්ගේ පුටුවට පසුපසින් පුටුවේ වාඩි උන බුද්ධික වාඩි උන වහාම යටින් කකුල දාල සුභාෂ්ගේ පුටුවට පයින් ඇන්නේ හිටහන්කෝ උඹ අල්ලගන්න කියන්නාක් වගේ. සුභාෂ්ගේ යකඩ කකුල් තියන පුටුව බුද්ධිකගේ පා පහරින් රුවිතෙට කැරකිලා ගිහන් අල්ලපු පුටුවේ වදින සද්දෙත් එක්කම නොසන්සුන් උන සුභාෂ් සහ අල්ලපු පුටුවේ සිටි ශිෂ්‍යයා දිහා නැවතත් රුද්‍ර බැල්මක් හෙලපු පන්තිභාර ගුරුතුමිය විද්‍යාව පාඩම පටන් ගත්තා..
පාසල ආරම්භයෙන් පසුව කාලච්චේද හතරක් අවසාන වන තුරු නිරූපද්‍රිතව පසුවුනත් ගුරුවරුන් මාරුවන සුළු කාල වේලාවේදී දඩබ්බර මිත්‍ර සමාගමේ විවිද ගනයේ උසුළු විසුළු සඳහා උක්තය උනේ සුභාෂ්ගේ අද්භූත ක්‍රියා පටිපාටියයි. කාට හෝ උසුළු විසුළු කෙරීම පන්තියේදී සිදුවන සාමාන්‍ය ස්භාවය වුවත් විවේක කාලයේදී කුමන ගනයේ සම්මත නොවන ක්‍රියාවක් සිදුවේදැයි කල්පනා කරමින් සුභාෂ් හිටියේ දැවෙන ස්භාවයෙන් . විවේක කාලයේදී මිත්‍ර සමාගමෙන් කුමනාකාරයෙන් ගැලවෙම්දෝ සිතමින් සිටිනා අතරේ විවේකයට අදාළ සීනුව ද නාදවුනා . සීනුවත් සමගම උගන්වමින්සිටි සමාජ අද්යයනය පාඩම නවතාලු ගුරුතුමිය පන්තියෙන් නික්ම ගියේ මෙතෙක් සුභාෂ් වෙත තිබූ නිල මට්ටමේ ආරක්ෂාව බිමට සමතලා කරමින්.
සුභාෂ්ට පසුපස පේලියේ උන් බුද්ධික ඩෙස්කුව උඩින් අත දමා සුභාෂ්ගේ කමීස කොලරයෙන් අල්ලා ගන්නවාත් සමගම අනූ නවයෙන් බේරුනා වූ සුභාෂ් අල්ලපු පුටුවේ සිටි මිතුරාද තල්ලු කරගෙන පුටු උඩින් පනිමින් ඩෙස් උඩින් පනිමින් ගුරු මේසයද පෙරලාගෙන කොරිඩෝව වෙත අවතීරණය උනේ දක්ෂ මලල ක්‍රීඩා ස්භාවයක් පෙන්නුම් කරමින්. කොරිඩෝව දිගේ පසුපසින් එලවාගෙන එන මිතුරු පිරිස පරයා පන දෙවැනි කොට ධාවනයේ යෙදුනු සුභාෂ් ආපන ශාලාවේ කව්ළු අතර තෙරපෙන ළමුන් දෙතුන් සියයක් අතරින් නොපෙනී ගිය බැවින් සුභාශ්ව අත්අඩංගුවට ගැනීම මදකට කල් දැමීමට මිතුරන්ට සිදුවුනා.
මිතුරන්ගෙන් මිදී පලා ආවත් සුභාෂ්ගේ අරමුණ වුයේ පෙරදා විවේක කාලයේදී ඇය හමුවූ කොරිඩෝවේ රැදී හිද නැවතත් ඇයව දැක ගැනීමයි , එසේත් නැතහොත් ඇය පසුපසින් හඹා ගොස් ඇය අකුරු කරනා වූ පන්තිය සොයා ගැනීමයි, සියල්ලටම ප්‍රථම නැවතත් ඒ සුපුරුදු බව විඳගැනීමයි. වෙනදාට විවේකයේදී කුසගින්නට පිළිසරණක් වන ආහාරයද අමතක කර දැමු සුභාෂ් පෙර දින ඇය හමුවූ කොරිඩෝව ආසන්නයේ රැඳුනේ පෙරදින ආකාරයෙන්ම ඇය කොරිඩෝවෙන් ගමන් ගනීවි යන බලාපොරොත්තුවෙන්. විවේක කාලෙයේ කෙටි කාල සීමාව කෙමෙන් කෙමෙන් ගෙවීගෙන ගියත් පෙරදින ආකාරයෙන් ඒ සුපුරුදු බව රැඳී නෙත් සුභාෂ් ඉදිරියට එන ලකුණක්වත් සුභාෂ් දුටුවේ නැහැ. කොරිඩෝවේ කෙලවර වෙත අවිනිශ්චිත බැල්මෙන් බලන් සිටිනා සුභා වටේ පෝරිසාද මිත්‍ර සමාගම වටවෙනකම්ම සුභාෂ් උන්නේ ඒ ඇස් දෙක ගැන කල්පනා කරමින්, මිතුරන්ගේ ග්‍රහණයට අසුවනතුරුම සුභාෂ් උන්නේ ඒ ඇස්දෙක ඇතුලේමයි .
ආ..උඹ කව්රු එනකම්ද බලන් ඉන්නේ සුදෝ..
සුභාෂ්ට දෙන්න උත්තර තිබුනේ නැහැ.. ඒ එක්කම ඉදිරියට පැනපු බුද්ධික සුභාෂ්ගේ බෙල්ලෙන් අල්ල පහත් කරලා පිට මැදට නැව් ගුටි දෙකක් එල්ල කරා..
තෝ ආයේ මාව අල්ලලා මිස්ගෙන් බේරෙන්න හැදුවොත් මම තෝව කනවා දැනගනින්..
ගහන්න එපා බූරුවෝ.. බොට මුකුත් උනේ නැහැනේ.. දෙන්නම ශේප් උනානේ..
හරි දැන් ඒවා වැඩක් නැහැ.. තෝ මොකද කියපන් උදේ මාර ගහ ගාව කරේ..
බොට ඒවා වැඩක් නැහැනේ බන්.. මේ ඉස්කෝලේ ඇතුලේ ඕන තැනක මට ඉන්න පුළුවනි..
හා එහෙමද.. එහෙනම් වරකෝ තොට පෙන්නන්න තෝ හිටියේ කව්රු එනකම්ද කියල..
මිත්‍ර සමාගම සුභාශ්ව උස්සගත්තේ කොටයක් උස්සන් යන්න වගේ..
කාවින්ද.. පෙන්නපන් මොන පන්තියේද ඒකි ඉන්නේ..
න: න: න: නමය ව ව වසර ස් .. ස් ... ස් ...සී එකේ..
කාවින්ද නාමය වසර සී කියන්න තටමන වෙලාව ඇතුලත පෝරිසාද මිත්රයින් සුභාශ්ව උස්සගෙන නමය වසර පන්ති තියෙන දිහාවට භාගයක් දුර ඇවිදලත් ඉවරයි.. වෙන්න යන දේ මොකක්ද කියල සුභාෂ්ට ඉවෙන් වගේ වැටහුනා. කාවින්ද කියන විදිහට, මොලය අඩු පෝරිසාද මිතුරු පිරිස නමය වසර සී පන්තියට සුභාශ්ව උස්සන් ගිහින් ගැහැණු ළමයින්ගේ ඩෙස් උඩට සුභාශ්ව අතාරිනවා සුභාෂ්ට මැවිලා පෙනුනා.. එත් ඒ එක්කම විවේකය අවසානය සටහන් කරන සීනුව නාද උනායින් අකමැත්තෙන් උනත් දෙවැනි වතාවටත් සුභාශ්ව අතැරලා දාන්න පෝරිසාද මිතුරන්ට සිද්දවුනා .මිතුරන්ගේ අතවරයට ලක්වුණ සුභාශ්ගෙන් ඒ වෙද්දී පාසල් සිසුවෙකුගේ පෙනුමක් දකින්න තිබුනේ නැහැ. ඇඹරී ගිය කලිසමත් , බොත්තම් කැඩුන කමිසයත්, අවුල් උන කෙස් වැටියත් එක්ක සුභාශ්ගෙන් පිළිබිඹු කරේ උමතු ස්භාවයක්. සීනුවත් එක්කම හැම දෙනාම එක සීරුවට දිව්වේ පන්තියට. ඒ එක්කම ගණිතය පාඩම උගන්වන ගුරුතුමා පන්තිය වෙත වාර්ථා කෙරුනා..
සුපුරුදු ආකාරයෙන් පන්තිය දිහා නිරීක්ෂණ චාරිකාවක යෙදෙන ගණිතය ගුරුතුමාගේ ඇස් දෙක නතර උනේ සුභාෂ් ළඟ .
මොකද ඕයි .. තමුසෙට කව්රුහරි අතවරයක්වත් කරාද..
ශූ.. ශූ.. හූ .. කෙල්ලන්ගේ සිනහ හඬින් සහ කොල්ලන් රෑන පවත්වන නානාප්‍රකාර ශබ්ද පූජා වලින් පන්තිය පිරී ඉතිරී ගියා..
නෑ සර් මුකුත් නැහැ..
මුකුත් නැත්තේ මොකද ඕයි .. බලනවා තමුසෙගෙ හැටි.. තමුසෙට කව්රුහරි ගැහුවද..
නෑ සර්..
කියනව ලජ්ජා වෙන්නේ නැතුව.. මොකද උනේ..
මුකුත් නැහැ සර්..
හරි එහෙනම් .. තමුසෙට ප්‍රශ්නයක් නැත්තම් මටත් ප්‍රශ්නයක් නැහැ..බොත්තම් කඩාගෙන, කොන්ඩෙ අවුල් කරගෙන තමුසේ කියනවා මුකුත් උනේ නැහැලු.. අනේ මන්ද, එක්කෝ තමුසෙට පිස්සු, එක්කෝ මට පිස්සු ..
සර්ට වෙන්න ඇති සර්..
කව්දෝ එකෙක් කියූ අලුගුත්තේරු කතාවෙන් පන්තිය දිහා රවා බැලූ ගුරුතුමා ගණිතය පාඩම ආරම්භ කළා .සියලු අඩම්තේට්ටම් වල තාවකාලික අවසානය එහෙම සටහන් වෙද්දී සුභාෂ්ට මතක් උනේ ඒ අස්දෙකම විතරයි.. ඒ හුරු පුරුදුබවම විතරයි.. ඒ එක්කම සුභාෂ්ගේ හිත නමය වසර සී පන්තිය සදා මතකයෙන් නොමැකෙන අයුරින් මතකයේ ගබඩා කළා.
දෝතක අසෙනිය ගවසා
ඔබ පෙරමඟ හිනැහෙනවා
විකසිත සිහිනේ සුබ කවියක් වී
දෙනෙතේ සිත ලියැවෙනවා
අවපස අහසක තරු ලකුණක් සේ
අපමණ සයුරක තුරු දසුනක් සේ
දිගු දිවි ගමනේ..ඉම ඔබ රැඳුණේ
"""""""
හතරවෙනි කොටසින් හමුවෙමු