මම පොඩි එක දෙයක් කියන්නද උඹට? මටත් පූ බබාල දෙන්නෙක් හම්බුනා. ගෙවල් ලඟ දාල ගිය දෙන්නෙක්. දවස් කීපෙකින් එක්කෙනෙක් මැරුණා. මම එයාව භූමදානය කළේ කඳුලු පෙර පෙර. පස්සෙ අනිත් එක්කෙනා ලොකු වුණා. එයාට අවුරුදු එක හමාරක් වගේ වෙද්දි එයා එයාගෙ ලෝකෙ හොයාගෙන යන්න පටන් ගත්තා. හරියට අපි ආදරයෙන් හදන දරුවො ලොකු වුණාම යනව වගේ. ඉතින් මම එයාගෙන් ඉගෙන ගත්තා මේ පාඩම. එයාට පුළුවන් උපරිමයෙන්ම ආදරය කරනවා.
හැබැයි එයා යනවා නම්, එතනදි සතුටු වෙන්න හිත හදාගන්නවා. මොකද එයාට ඉන්න කාලෙ දුකක් නොවෙන්න බලාගන්න ලැබුණු එක අපි කළානෙ. ඊම් යාම් අපිට පාලනය කරන්න බැහැ. ඒත්, අපි ලඟට ආවම අපි ආදරයෙන් බලාගන්න එක සතුටක් ඉතිරි කරනවා නේද මචන්?
අපි ලඟ නැතුව වෙන තැනක දුක් විඳ විඳ උන්නා නම්.... අපි එහෙම ජීවිතේකට යහපත් කාලයක් ලබා දුන්න එකට සතුටු වෙමු නේද මචන්? උඹ කරල තියෙන්නෙත් එසේ මෙසේ පිනක්ද බලපන්කො...
බව් බව්ගේ කාලය එයා ගෙවලා ගියා. හැබැයි උඹ එයාව ආදරයෙන් බලාගත්ත එකෙන් එයාට මේ ගෙවපු කාලය කොයි තරම් නම්, සතුටු හිතෙන්න ඇතිද......
මම නං අද වෙද්දි මගෙ කියල නැතුව බව්වො පූවො එක්ක විතරක් නෙමෙයි ඕන සතෙක් එක්ක, ආදරය බෙදාගන්න උත්සාහ ගන්නවා මචන්. කොටින්ම, මීයෙක්ව වුණත් ජරාවට දකින්නෙ ඒ සතාව කුණු ගොඩක තියල තියෙන හින්දනෙ මචන්. නැත්තන් උන් පවා ශෝක් බන්.
හුඟ දෙනෙක් ඉන්නවා මචන් බව්වො පූවො හාවො ආදරයෙන් හදල අනේ එයාල මැරුණනෙ. ආයෙ නං කවදාවත් අපි සත්තු හදන්නෙ නෑ කියන අය.
ඒ අයට මම නං කියන්නෙ මගෙ අදහස විදියට...
ඒ ජීවිත කෙටි කාලයක් ගත කරල යන්න ආව අය. හැබැයි ඒ අයගෙ කෙටි කාලය ඔයාල කොච්චර ලස්සන කරලද? එතකොට ඔයාලට තවත් එහෙම කරන්න පුළුවන්. කොහෙ හරි බයෙන් වෙව්ල වෙව්ල ඉන්න ජීවිතයකට ලස්සන මතක කන්දක් දෙන්න ඔයාලට පුළුවන්. ඒක කරගන්න. ඒ අය රේන්බෝව් පාත් එකේ යද්දි කොච්චර නම් සතුටු වෙයිද? ඔයාලට ස්තූතියි කරයිද?
View attachment 255449
ඉතින්, අපි ඒ අවස්ථාව ලබා නොගන්නෙ ඇයි?
උඹ අහල තියෙනව නේද මචන් අඩු වයසින් මැරෙන බබාල ගැන. ඒ ඇවිල්ලත් පින් මදි අය. ඒ අය එන්නෙ අර හීන වුණ පින් බලය වැඩි කරගෙන යන්න. එතකොට අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් එහෙම දරුවෙක්ට ඒ ඉන්න පොඩි කාලෙදි පවා හොඳටම සලකනවා කියන්නෙම. මාරම පිනක් මචන්. ඒ අම්මල තාත්තල දුක් වෙනව ඒ කතාව තේරුම් නොගෙන. ඒත් ඒ අයට පින් පමුණුවද්දි, හොඳ අවසාන අවස්ථාවක් ලබා දෙද්දි, ඒ ආත්මත් පින් දෙනවා.
ජීවිතේම ආශිර්වාදයක් මචන්.
මගෙ වයිෆ්ටත් ඔය වගේම වැඩක් වුණා. එයත් පූ බබෙක් හදන්න ගත්තා මොකද අපි දෙන්නට ඈතින් ඉන්න වුණ කාලෙදි. හැබැයි ඒ පූ බබා පාවො හැදිල මැරුණා. මගෙ වයිෆ් ගොඩාක් දුක් වුණා. මොකද මමත් එයා ලඟ නැහැ. හැඟීම්, ආශාවන් එක්ක ජීවත් වෙනව කියන එක ලේසි නැහැනෙ මචන්. ඒත්, එයාට වෙන රටකට යන්න වුනා ඊට පස්සෙ. ඒ නිසා ශේප්.
උඹත් සතුටු වෙයන් මචන්. ආයෙමත් ආහරය කරන්න පටන් ගනින්. හම්බෙන හැම බව්වෙක්ටම පූවෙක්ටම.
මම මෙතනදි මනුස්සයො ගැන ආදරය කරනවා කියන කාරණය ගැන කිව්වෙ නැහැ මචන්. මොකද ලෝයල් මනුස්සයො හදන්න පුළුවන් වෙන දවස වෙනකන් ඒක පොඩ්ඩක් පැත්තකින් තියල තියන්න වෙන හින්ද. හැබැයි ඒකටත් ඉක්මනටම කාලය එයි.