නම් තියන්නේ කොහොමද? 4 (ගණ පිහිටුවීම)

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,331
    113
    කන්ද උඩරට
    නම් තියන්නේ කොහොමද? 4 (ගණ පිහිටුවීම)

    ජ්‍යොතිෂ විෂයට ඇලුම් කරන අයවලුන් සඳහා පමණි....

    නම් තැබීම සම්භන්ධව මා විසින් පල කල ලිපි පෙළෙහි අවසාන ලිපිය තමයි මේ. අපි පසු ගිය ලිපියෙදී දරුවට වගේම දරුවාගේ පියාටත් යහපත් අක්ෂරයක් තෝරා ගත්තා. දැන් තියන්නේ දරුවාගේ ලග්නයට ගැලපෙන ලෙස ගණ සකස් කල නමක් දාන එක.

    ඉස්සෙල්ලාම අපි මේ ගණ මොනවද කියලා බලලා ඉඳිමු.

    ගණ යන වචනයෙහි අර්ථය සමුහයක් යන්නය. එනම් මාත්‍රා සමුහයක් ගණ ලෙසින් හැඳින්විය හැක. මාත්‍රාවක් යනු ඇසිල්ලක කාලයක් (ඇසිපිය හෙලන කාලය) ඇතිවන ශබ්ධයයි මෙම ශබ්ධය ඇති කරවන අක්ෂර ලඝු කියා හඳුන්වයි ඊට වඩා වැඩි කාලයක් ශබ්ධය ඇති කරවන අක්ෂර ගුරු නමින් හැඳින්වේ.

    උදා :

    ලඝු අක්ෂර : ස, සැ, පි, පු, ල, ළ, ඝ, ධ අ,උ, ඔ

    ගුරු අක්ෂර: සා, සෑ, පී, පූ, අං, අඃ, ආ, ඌ, ඕ

    ලඝු අක්ෂර "—" තිරස් රේඛාවකිනුත් ගුරු අක්ෂර වක්‍ර රේඛාවකිනුත් "U" ඇඳ පෙන්වයි. මිට අමතරව යම් ලඝු අක්ෂරයකට පසුව හල් අකුරක් තිබේ නම් එම හල් අකුර හා ඊට පෙර ලඝු අකුර යන දෙකම එක්කර ගුරු අකුරක් සේ සලකයි.

    උදා:
    01. සමන්

    ස = ලඝු ම+න් = ගුරු — U

    02. අනුහස්

    අ = ලඝු නු = ලඝු හ+ස් = ගුරු — — U


    අපි දැන් බලමු ගණ වර්ග ගැන.

    1.jpg


    ඉහත දක්වා ඇත්තේ ගණ වල පොදු රීතියයි. නමුත් දරුවෙකුට නම් තැබීමේදී දරුවා උපන් ලග්නයට අනුවද ගණ වල වර්ග කිරීමක් ඇති බැවින් මෙම ක්‍රම දෙකටම ගලපා දරුවාට නම තබන ගණය තේරීම වඩා සුදුසුය. ලග්න වලට අදාළ ගණ වර්ග කිරීම පහත පරිදිය

    භුමි, චන්ද්‍ර, වායු, සුර්ය යන ගණ හතර වෘෂභ, සිංහ, වෘශ්චික, කුම්භ යන ලග්න වලින් උපන්නන්ට සුදුසුය
    ජාල , සුර්ය, ආකාෂ, ගිනි යන ගණ හතර මේෂ, කටක, තුලා, මකර, යන ලග්න වලින් උපන්නුන්ට සුදුසුය
    චන්ද්‍ර, භුමි, ආකාෂ, ගිනි යන ගණ හතර මිථුන, කන්‍යා, ධනු, මින යන ලග්න වලින් උපනුන්ට සුදුසුය.

    මේ ආකාරයෙන් නිවැරදි ගැන පිහිටිමක්ද නිවැරදි අක්ෂර තෝරා ගැනීමක්ද සහිතව වාසනාවන්ත නමක් තැබීමට අවශ්‍ය මුලික දැනුම දැන් ඔබ සතුව තිබෙනවා. ඉතින් මම යෝජනා කරන්නේ මෙතනින් නොනැවතී තවත් මේ පිලිඹඳව තවත් පරීක්ෂණ කරමින් ඔබේ දැනුම වර්ධනය කරගන්නා ලෙසයි.

    ear-2975.jpg


    ප:ලි:
    නාම කරණයේදී අපාය අක්ෂර, දේව අක්ෂර හා මනුෂ්‍ය අක්ෂර පිළිබඳව සැලකිලිමත වීමද වටි

    දිව්‍ය අක්‌ෂර: ස - ඉ-ඔ-ට-ඩ-ත-ද-ල-ව

    මනුෂ්‍ය අක්‌ෂර: උ-ප-බ-ග-හ

    අපායක්‌ෂර: අ-එ-ක-ය-ම-ර-ජ-ණ-න-ළ-අං

    අපාය අක්ෂරයකින් නම පටන් ගනී නම් ගණ ගැලපීම ගැන වැඩි අවධානයක් යොමු කිරීම වටියි..



    ජ්‍යොතිෂ හා ගුප්ත විද්‍යා පර්යේෂක
    වෛදික ජ්‍යොතිෂවේදී
    ධනුෂ්ක අබේරත්න
    0755004166

    blog link
     
    • Like
    Reactions: mAjIc hAt

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,177
    836
    113
    නැකතා මගේ නම් එහෙමට නෑ බන් ඕවට ඇල්මක් :baffled:

    වැඩේ එල මචන් කස්ටිය ගොඩාක් ඉන්නවා මේ වගේ දේවල් නොඇහෙන මාතෘකානේ :D
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,331
    113
    කන්ද උඩරට
    නැකතා මගේ නම් එහෙමට නෑ බන් ඕවට ඇල්මක් :baffled:

    වැඩේ එල මචන් කස්ටිය ගොඩාක් ඉන්නවා මේ වගේ දේවල් නොඇහෙන මාතෘකානේ :D

    එල මචං ස්තුතියි..

    ගණ ගැන ඉගෙන ගන්න එක මචං ජ්‍යෝතිෂයට වගේම භාෂාව ගැන ඉගෙන ගන්නකොටත් වැදගත්.. :yes:
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,616
    942
    113
    33
    පිළියන්දල
    නැකැත් රාල;18535464 said:
    එල මචං ස්තුතියි..

    ගණ ගැන ඉගෙන ගන්න එක මචං ජ්‍යෝතිෂයට වගේම භාෂාව ගැන ඉගෙන ගන්නකොටත් වැදගත්.. :yes:

    මාත් ඔය කේන්දර වැඩිය විශ්වාස කරන්නේ නෑ.:nerd:ඒත් මොනා කිව්වත් අද ටත් ළමයෙක්ට නිකන් දාන්නන්වාලේ නම් දාන්නේ නැනේ.අනික මේවගේ පොස්ට් දාන එකේ අමාරුව මං දන්නවා.එකට නියම ඇගයීමක් තියෙන්න ඕනේ.එකනේ මං දැන් දාන්නේ නැත්තේ:no::dull:.ගොඩක් වටිනවා බන්..රේප් දීල ආයි දෙන්න වටේ ගිහින් එන්නලු:(
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,331
    113
    කන්ද උඩරට
    මාත් ඔය කේන්දර වැඩිය විශ්වාස කරන්නේ නෑ.:nerd:ඒත් මොනා කිව්වත් අද ටත් ළමයෙක්ට නිකන් දාන්නන්වාලේ නම් දාන්නේ නැනේ.අනික මේවගේ පොස්ට් දාන එකේ අමාරුව මං දන්නවා.එකට නියම ඇගයීමක් තියෙන්න ඕනේ.එකනේ මං දැන් දාන්නේ නැත්තේ:no::dull:.ගොඩක් වටිනවා බන්..රේප් දීල ආයි දෙන්න වටේ ගිහින් එන්නලු:(

    ස්තුතියි මචං.. ඔව් මේ වගේ ලිපියක් ලියන්න දවසෙන් ලොකු කාලයක් වය වෙනවා.. නමුත් සමහර විට එක කිසි මහන්සියක් නැතුව කියවන්න ලැබෙන නිසා බොහෝ දෙනෙක්ට වටිනාකමක් නැ..
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,331
    113
    කන්ද උඩරට
    mama namak daanna giye ahubudu mahathmaya langata.
    Oba thumawa danne ne nova e kale.

    අහුබුදු මහත්මයත් බොහොම හොඳ කෙනෙක්නෙ... එතුමා ගාවත් ලොකු දැනුමක් තිබ්බා.. අපරාදේ ඉතින් හොඳ හොඳ මොළ අපිට අහිමිවෙනවා නමුත් ඒවගේ අය අලුතින් බිහිවෙන්නේ බොහොම අඩුවෙන්.. :(:(