බබාට නමක්-නම් තැබීම සහ ගන පිහිටුවීම

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    බබාට නමක්-නම් තැබීම සහ ගන පිහිටුවීම

    බබාට නමක්



    මෙ‍ම අත්වැල යම් අදහසක් ගැනීම පිණිස මිස පරිපූර්ණ නිබන්ධනයක් නොවේ, නම් තැබීම සහ ගන පිහිටුවීම පිලිබඳ ඔබ විශ්වාස කරන්නේ නම්, එය මනා දැනුමක් සහ පලපුරුද්දක් සහිත අයෙකු විසින් ඉටුකිරීම අනිවාර්ය වේ.

    එසේම ඉතාම නුසුදුසු ගන සහිත නම් දරන්නන් පවා ඉතා යහපත්, සාර්ථක ජීවිත ගතකරන අවස්ථා එමටය. මෙහි අනෙක්පසද බොහෝවිට සිදුවේ. සාර්ථකත්වයට මුල නම හෝ එහි ගන පිහිටුම නොවන බ‍ව ඉතා පැහැදිලි කරුණකි.

    මෙම ලිපිය ප්‍රධාන කොටස් දෙකකි,

    1. ගන හඳුනාගැනීම සහ ඒවා පිහිටුවීම
    2. නම් තැබීමේදී නමේ මුලට තෝරාගතයුතු සහ තෝරා නොගතයුතු අක්ෂර පිලිබඳ දැනුම.

    1. ගන හඳුනා ගැනීම:

    ‍ගන‍යේ නම (මේදෙකෙන් එකක්)
    ප්‍රතිඵලය
    ශබ්දයේ සංකේතය***
    සුදුසු / නුසුදුසු බ‍ව
    මගනෙ
    භූමි ගනය
    ජය
    U U U
    නම් තැබීම සදහා සුදුසු ගන
    නගනෙ
    චන්ද්‍ර ගනය
    තේජස
    _ _ _
    බගනෙ
    දේව ගනය
    සෙත
    U _ _
    යගනෙ
    ජල ගනය
    ආයු
    _ U U
    ජගනෙ
    සූර්ය ගනය
    ලෙඩ
    _ U _
    නම් තැබීම සදහා නුසුදුසු ගන
    රග‍නෙ
    අග්නි ගනය
    ශෝක
    U _ U
    සගනෙ
    වායු ගනය
    මරණ
    _ _ U
    තගනෙ
    ආකාශ ගනය
    ව්‍යසන
    U U_
    *** ගුරු (U), ලඝු ( _ )

    ලඝු ( _ ) යනු කෙටි ශබ්ද වන අතර (උදා: ම, ග, අ....) ගුරු (U)යනු දීර්ඝ ශබ්ද (උදා: මා, ගා, ආ....) වෙයි. ගන පිහිටුවීමේදී සලකනුයේ නමක මුල් ශබ්ද (Syllable) තුන පමණි (අකුරු නොවේ). ශබ්ද තුනක් නැති අවස්ථා “නිර්ගන” වන අතර ඇතැම් අය මෙහිදී දෙවන නමේ මුල් ශබ්ද ද සලකමින් ගනයකට පිහිටුවති. ශබ්ද තුනකට වඩා වැඩි අවස්ථාවල පළමු ශබ්ද තුන පමණක් සැලකේ.
    අල් අකුරු ඊට පෙර ඇති අකුරට (දිගු ශබ්ද හෝ කෙටි ශබ්ද එනම් ගුරු හෝ ලඝු වලින් කුමක් වුවද) එකතුකර දිග ශබ්දයක් (ගුරු) සේ සලකයි. එනම් “තත්සරණී” යන්න “U _ _” වෙයි. මෙය දේව ගන (බගනෙ) වන අතර සිවුවැනි ශබ්දය වන “ණී” යන්න නොසලකා හැර ඇත. (තත් = U, ස = _ , ර = _ වන අතර “ණී” ශබ්දය සිවුවැන්න වන නිසා නොසලකා හරියි). “ශාන්තිනී” යන්නද මෙලෙස “U _ U” (ශාන්= U, ති= _ , නී= U) වෙයි, එය අග්නි ගනයි, ශෝක ප්‍රතිඵල දෙයි.

    මේවා පහත උදාහරන වලින් තේරුම් කරගත හැක.

    තාරාවා යන්න “U U U” ලෙස සංකේතවත් වේ. මෙහි ශබ්ද තුනම දිගු ඒවා වන අතර මෙසේ මෙය භූමි ගනයට (මගනෙ) අයිති වෙයි. මෙම ගනයේ නම් මගින් ප්‍රතිඵල ලෙස ජය අත්වන බව සැලකේ (වගුව බලන්න).

    පුටුව යන්න “_ _ _” ලෙස සංකේතවත් ‍වෙයි. ශබ්ද තුනම කෙටි ඒවා වෙයි. චන්ද්‍ර ගනය (නගනෙ) ට අයිති වන අතර ප්‍රතිඵල ලෙස තේජස ගෙන දෙයි.

    මාලය යන්න “U _ _” ලෙස සංකේතවත් කළහැකි අතර මෙහිදී ගුරු එකක් සහ ලඝු දෙකක් පිහිටා ඇත. එවිට එය දේව ගනයේ (බගනෙ) නමක් වන අතර සෙත් ප්‍රතිඵල ලබා දෙයි.

    බදාදා යන්න “_ U U” ලෙස සංකේතවත් වන අතර එය ජල ගනයේ (යගනෙ) පිහිටයි. මෙයින් ප්‍රතිඵල ලෙස ආයු ‍ලැබේ.

    කබාය යන්න “_ U _” වෙයි. සූර්ය ගනයි. ලෙඩ රෝග ගෙන දෙයි.

    මාරයා යන්න “U _ U” වෙයි. අග්නි ගනයි. ශෝක ගෙන දෙයි.

    කපුටා යන්න “_ _ U” ලෙස සංකේතවත් වන අතර මෙහි “ක” යනු කෙටි ශබ්දයකි මෙසේ එයට “_” ලැබේ “පු” ශබ්දයද මෙසේමය, “ටා” යන්න දිගු ශබ්දයක් වන අතර එයට “U” ලැබේ. මෙසේ _ _ U යනු ඉහත වගුව අනුව වායු ගනයේ (සගන) වන අතර එය “මරණ” ප්‍රතිඵල ගෙන දෙයි.

    ඒදණ්ඩ යන්න “U U_” වෙයි (අල් අකුර ඊට පෙරකුර සමග එක්ව ගුරු ශබ්ද තනයි, එනම් ඒ= U, දණ්= U, ඩ= _ ). ආකාශ ගනයි. ව්‍යසන විපත් ගෙනෙයි.

    වැදගත්:
    මේවායෙහි අරුත්/ප්‍රතිඵල සැලකීමේදී, උදාහරන ලෙස වායු ගනයේ නම් ඇති සියලු අයට අකල් මරණ වලට ලක් වීමේ /රට හැර යාමේ අවදානමක් ඇති බව නොවේ. ප්‍රතිඵලය ලෙස දක්වා ඇත්තේ හිතකර/අහිතකර තත්වයේ ප්‍රමානාත්මය පිලිබද මිම්මක් පමණි. එහි වචනයේ අර්ථය එලෙසම අත්වන බවක් කිසිවිටෙකත් නොකියවේ.

    ඉහත ගන සහිත වගුව මතක තබාගැනීමට පහත කවිය පාඩම් කරගැනීමද ප්‍රමාණවත් වෙයි.

    සියලු පටන් මැද අවසන වත ගලනා
    ඒ මන බය ජර සත නම් අටකි ගනා
    දියොද සෙතා ලෙඩ දලසෝ මර ව්‍යසනා
    පට නභි දන් පස සිටුවා කළ කෙමෙනා

    කවියෙහි තේරුම පහත පරිදි වටහා ගන්න:

    සියලු පටන් මැද අවසන වත ගලනා
    සියලු තැන්හි (වාක්‍ය/වචන වල) පටන් ගැන්ම, මැද සහ අවසානය නිසි ලෙස ගලා යන පරිදි සකස් කිරීම සදහා

    ඒ මන බය ජර සත නම් අටකි ගනා
    “ම, න, බ, ය, ජ, ර, ස” සහ “ත” යනුවෙන් ගන අටක් ඇත (වගුව බලන්න, ම-ගනෙ, න-ගනෙ, බ-ගනෙ.......)

    දියොද සෙතා ලෙඩ දලසෝ මර ව්‍යසනා
    දියොද යනු දිය (ජය) + ඔද (තේජස) වෙයි
    එසේම සෙතා යන්න සෙ+තා=සෙත් + ආයුශ ලෙස වෙයි
    තවද “දලසෝ” යනු මහත්වූශෝකයයි

    මෙසේ දෙවන පදයේ දක්වා ඇති ගන අටට පිලිවෙලින් ජය, තේජස, සෙත, ආයුශ, ලෙඩ, ශෝක, මරණ සහ ව්‍යසන(විපත්) යන්න ප්‍රතිඵල ලෙස ගෙන දේ.

    පට නභි දන් පස සිටුවා කළ කෙමෙනා
    පට=පටන් ගැන්ම, නභි දන් පස = දෙපස, කළ කෙමෙනා= කළහොත් ඉහත කී පරිදි (තෙවැනි පදයේ ඇති ප්‍රතිඵල) සිදුවෙයි

    2. අපාය, මනුෂ්‍ය සහ දිව්‍ය අක්ෂර හඳුනාගැනීම:

    නම් තැබීමේදී මුලට/පටන්ගැන්මට යොදා ගන්නා අකුරු ද අපාය මනුශ්‍ය සහ දේව ලෙස වර්ග කෙරේ. අපාය අක්ෂර හැර මනුශ්‍ය සහ දේව අක්ෂර මුල් අකුරට සුදුසුය. මේ අකුරු හදුනාගැනීමටද කවියක් පාඩම් කරගැනීම සෑහෙයි.

    එක යම රජ අන ණල අං අවාකර
    උප බග හා නර නමි තිරි වේ අමර
    සුර කුර පෙර පස වැඩ දේ දිවාකර
    නසා සුභ සියල් නරකුරු මැදුම්සර

    තේරුම:

    එක යම රජ අන ණල අං අවාකර
    “එ, ක, ය, ම, ර, ජ, අ, න, ණ, ල” සහ “අං” යන අකුරු අපාය අක්ෂර වෙයි (අවාකර=අපාය අක්ෂර)
    (මෙම අක්ෂර වලින් පටන් ගන්නා නම් ඇති අයට අයහපතක් වෙනවා යයි සිතීම අනුවන කමකි, නමුත් නමක් දැමීමේදී මේවා සලකා බැලීම සුදුසුවේ යන්න මගේ අදහසයි. මෙම අක්ෂර වලින් පටන් ගන්නා නමි සහිත දහස් ගනන් මිනිසුන් ඇත, ඒ සියල්ලන් අසාර්ථක ජීවිත ගත නොකරන අතර, බොහෝ අය ඉතා සාර්ථක ජීවිත ගත කරති. සාර්ථකත්වයේ රහස උත්සාහය විනා, නම නොවේ)

    උප බග හා නර නමි තිරි වේ අමර
    නර නමි = නර (මනුෂ්‍ය) නාම, තිරි=ඉතිරි, අමර = දිව්‍ය
    උ, ප, බ, ග යන අකුරු මනුෂ්‍ය වන අතර ඉතිරි සියල්ල දේව අක්ෂර වෙයි

    සුර කුර පෙර පස වැඩ දේ දිවාකර
    දිව්‍ය අක්ෂර(සුර කුර) මුල අග (පෙර පස) කෙලෙස යෙදුවද යහඵල ගෙන දෙයි

    නසා සුභ සියල් නරකුරු මැදුම්සර
    මනුෂ්‍ය අක්ෂර මධ්‍යස්ථ ඵල ලබා දෙයි

    ස්වස්ථී සිද්ධම්!


    Read more: http://sinhala-subs.blogspot.com/p/blog-page_24.html#ixzz3OyXPnhgJ
     
    • Like
    Reactions: H-GMS

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    බැඳලා නෑ ඩෝ තාම...:( ලගදි බඳින උන්ට නම් වැදගත් වෙයි :dull: