නමෝ බුද්ධාය...

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
Copy paste bawudhaya

reputation_neg.gif
නමෝ බුද්ධාය... 06-15-2015 01:22 AM kari budu hamuduruwanta katata didi inne ban..balapanko niyama ponnaya ban..hodata lowanawa.
බුදු දහම ගැන මේ නුල දැම්මේ.. එත් උඹලම තමයි බෞද්ධයාට කෙලවන්නේ.. උඹලා ඔය කරන කියන දේවල් වලින් මුන් වගේ එවුන් සතුටු වෙනවා..උඹලා කරන්නෙත් නෑ කරන එකාට කරන්න දෙන්නෙත් නෑ.. කොපි නෙවෙයි මොනවහරි කරලා දැම්මේ නොදන්නා අයට දැනගන්න..දැන්වත් තේරුම් ගනින්.. :yes::yes::yes:
 
  • Like
Reactions: Radioactive

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
පටිච්චසමුප්පාද

“යො පටිච්චසමුප්පාදං පස්සති සො ධම්මං පස්සති යො ධම්මං පස්සති සො පටිච්චසමුප්පාදං පස්සති” යමෙක් පටිච්චසමුප්පාදය දකීද ඔහු ධර්මය දකී එසේම යමෙක් ධර්මය දකීද ඔහු පටිච්චසමුප්පාදය දකි.


අවිජ්ජා පච්චයා සංඛාරා - අවිද්‍යාව හෙවත් නොදැනීම හේතුකොටගෙන සංස්කාරයක් හටගනී.
සංඛාර පච්චයා විඤ්‍ඤාණා - සංස්කාර හේතු කොට ගෙන විඤ්ඤාණය හෙවත් තරංග දහරාව හට ගනී.
විඤ්‍ඤාණ පච්චයා නාමරූපං - විඤ්ඤාණය හේතු කොට ගෙන නාමය හා රුපය එකට එක් වේ.
නාමරූප පච්වචයා සලායතනං - මේ නාම රූප දෙක එකට එක් වීමෙන් පසු ආයතන හයක් (ඇස කන නාසය දිව ශරීරය.. )කියාත්මක වේ .
සලායතන පච්චයා ඵස්සෝ - ඇස කන නාසය දිව ශරීරය යන ආයතන ක්‍රියාත්මක වීමෙන් ස්පර්ශයයක් හටගනී.
ඵස්ස පච්චයා වේදනා - ස්පර්ශය හේතු කොට ගෙන අපේ ඇස කන නාසය දිව ශරීරයට.. යම්කිසි දැනීමක් හටගනී.
වේදනා පච්චයා තණ්හා - මේ ඇතිවන අරමුණු නිසා තණ්හාව හටගනී.
තණ්හා පච්චයා උපාදානං - තදකොට අල්ලා ගැනීම උපාදනයයි.
උපාදාන පච්චයා භචෝ - මේ තදකොට අල්ලා ගත් දෙය නිසා භවය හටගනී.
භව පච්චයා ජාති - භවය මෙසේ නැවත නැවත ඉපදීම නිසා ජාතිය හෙවත් සත්වයා හටගනී
 

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
හේතුඵල ඉගැන්වීම බුදු දහමේ මූලික ඉගැන්වීමකි. මජ්ඣිමා පටිපදා හා මජ්ඣිමා දේශනා යනුවෙන් කොටස් දෙකක් චරණය හා දර්ශනය සම්බන්ධයෙන් බුදු දහමේ විස්තරවේ. එයින් මජ්ඣිමා පටිපදා යනු ප්‍රතිපත්තිය වේ. මජ්ඣිමා දේශනා යනු බුදුදහමේ දාර්ශනික කොටසයි. මජ්ඣිම දේශනා යනු පටිච්චසමුප්පාද දේශනය හෙවත් හේතුඵලවාදී දර්ශනයයි. අප බුදුදහම තුළ දකිනුයේ මෙලොව සෑම දෙයක්ම හේතු ඵලවාදයකට අනුව ක්‍රියාත්මක වන බවයි. ඒ බව ධර්මයේ පෙන්වනුයේ මෙසේය.

“අස්මිං සති ඉදං හෝති
ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති
අස්මිං අසති ඉසං න හෝති
ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ඣති”

ඇතිවීමට හේතු ඇති තෙක් සසර ඇතිවන බවත්, පැවැත්මට හේතු නැති කළ විට පැවැත්මට අදාළ හේතු නිමා වූ පසු සසර අවසන් වන බවත් එහි අදහසයි.
“හේතුංපටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ක්‍ධති” යනුවෙන් හේතූන් නිසා හට ගන්නා දේවල් හේතූන් නැති කල්හි නිමා වන බව ධර්මයෙහි පැහැදිලි කෙරෙයි. එහෙයින් ලොව ඇති ජීව අජීව ක්‍රියාකාරීත්වය පිළිබඳ සිද්ධාන්තය පටිච්චසමුප්පාදය හා සම්බන්ධ කර පෙන්වා දී ඇත. මිනිසා ගේ සසර පැවැත්ම පමණක් නොව ලොව පවතින සෑම ක්‍රියාකාරකමක්ම බුදුදහමේ පැහැදිලි කරනුයේ පටිච්චසමුප්පාදයට සම්බන්ධ කරමිනි. වැස්ස පරිසරය ආදි සියල්ල පටිච්චසමුප්පාද ක්‍රියාවලිය හා බැදී පවතියි. එය ‘උපනිස සූත්‍රයේ’ පෙන්වන්නේ මෙසේ ය.
යම් සේ කඳු මුදුන්වලට වැස්ස වැටුණා කල කඳුවල ඇති පුංචි පැල විවරවල වතුර පිරේ. ඒ පුංචි පැලි විවරවල පිරෙන ජලයෙන් මහා විල් පිරේ. මහාවිල් පුරවන ඒ ජලය පුංචි ගංගා පුරවයි. ඒ කුඩා නදීහු මහා නදීන් පුරවයි. මහා ගංගා සමුදුරට ගලා යයි. ඒ අනුව පුංචි වැහි බිංදුව මහා සයුරක් බවට පත් වෙන ක්‍රියාවලිය හඳුන්වා දෙන්නේ ඒ පටිච්චසමුප්පාද ක්‍රියාවලියටම සම්බන්ධ කොට ගෙන ය. ‘උපනිස සූත්‍රය’ බුදුරජාණන් වහන්සේ පරිසරයට, වැසි චක්‍රයට සම්බන්ධ කර දේශනා කළේ එසේය.
එසේම සමාජය තුළ මිනිස් ක්‍රියාකාරිත්වයන් පටිච්චසමුප්පාද ක්‍රියාවලියට අනුව සකස්වන ආකාරය බලමු. සමහරුන් සිරකරුවන් බවට පත්වනුයේ ඔවුන්ගේ වරදින්ම නොව සමාජයෙන් ඇති වන විවිධ හේතු සාධක බලපෑමෙනි. ඇතැම් විටෙක අපට දක්නට ලැබෙන අයුරු කලක් ඉතා හොඳින් සිටින අය තවත් කලෙක නරක පුද්ගලයන් බවට පත්වේ. එසේ වීමට හේතු වනුයේ බාහිර සමාජ ක්‍රියාකාරකම්ය. මෙයට හොඳම නිදසුන අහිංසක නම් ශිෂ්‍යයා අංගුලිමාල නම් දරුණු පුද්ගලයෙක් බවට පත්වීම. එහි දක්නට ඇත්තේ ද පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියකි.
අහිංසක දක්ෂයෙක් නිසා සහෝදර ශිෂ්‍යයන්ගේ ඊර්ෂ්‍යාවට ලක්වේ. දක්‍ෂකම නිසා එහි ඊර්ෂ්‍යාව ගොඩ නැඟේ. එම ඊර්ෂ්‍යාව නිසා කේලාම් කීමක් සිදුවේ. ඒ අනුව ගුරුවරයා අහිංසකව විනාශ කිරීමට සිතා ගුරු පඩුරු වශයෙන් නොකළ යුතු මහා බරපතළ වරදකට ඔහුව පොළොඹවයි. මෙම ක්‍රියාවලිය තුළ ද ඇත්තේ පටිච්චසමුප්පන්න ක්‍රියාවලියයි.
බුදුහාමුදුරුවෝ මිනිසුන්ට තෘෂ්ණාව නිසා පර්යේෂණයද පර්යේෂණය නිසා ලැබීමද ලැබීම නිසා විග්‍රහද ආදි වශයෙන් එකිනෙකට බැදී ගිය දාමයක් සේ සත්ත්වයා සසර පැටලෙන ආකාරය පෙන්වා දී තිබේ. ලැබෙන විට එක් පැත්තක් හොඳය. අනෙක් පැත්ත නරකය යනුවෙන් විනිශ්චයන්ට එළැඹේ. විනිශ්චය නිසා ඡන්දරාගය හටගනී. ඡන්දරාග නිසා බැස ගැන්ම ඇතිවේ. ඉනික්බිති ඇලීම ද ඇලුණු පසු ගැටීම ද ගොඩැනැඟෙයි. දඬුමුගුරු ගැනීම, අවි ආයුධ ගැනීම, කේලාම් කීම, බොරු කීම, මිනී මැරීම මේ සියල්ල ඇතිවනුයේ තෘෂ්ණාවෙන් ජීවත්වීම නිසාය. එක් එක් තැන කුඩා පටිච්චසමුප්පාද ක්‍රියාදාමයන් ද සිදුවේ. බුදු දහමේ කේන්ද්‍රීය ඉගැන්වීම පටිච්චසමුප්පාදයයි. කර්ම කර්මඵල හොඳ නරක ලෙස වෙන් කරන දෙය හා එහි ප්‍රතිඵලය එම ක්‍රියාවලියට අනුව සිදුවන්නකි. දුකක් ඇත දුකට හේතු ඇත. නිවන ඇත. නිවන සඳහා මාර්ගය ඇත. මාර්ගය නම් ක්‍රියාවයි. එහි ප්‍රතිඵලය නිවනයි.
ඒ අනුව මෙම සෑම දෙයකම පටිච්චසමුප්පාද දර්ශනය ඇතුළත්ව ඇති බව පැහැදිලිය. එහෙත් නිවන පිළිබඳව මෙයට වෙනස් අයුරින් සාකච්ඡා කළ යුතුවේ.
අසංඛතධාතු :- නිවන සංස්කරණය වූවක් නොවේ. පටිච්චයසමුප්පන්න ධර්මයක් ලෙස ධර්මයේ පැහැදිලි කර නැති මුත් නිවන සඳහා යන මඟෙහි ඇත්තේ පටිච්චසමුප්පන්න ක්‍රියාවලියකි. බුදුදහමේ උග්වන මේ කේන්ද්‍රීය ධර්ම කාරණාව මිනිසාගේ සසර පැවැත්ම සඳහා හේතුවන ආකාරය හා ඒ හේතු නැතිකර ගැනීමෙන් සසර පැවැත්ම නවතා ගන්නා ආකාරය පිළිබඳව සොයා බලමු.
බුදුහාමුදුරුවෝ එදා කුරු රටට (අද දිල්ලියට) වැඩම කොට ආනන්ද හිමි හා මේ පිළිබඳව සාකච්ඡා කළ බැව් ධර්ම ග්‍රන්ථයන්හි සඳහන් වේ. ආනන්ද හිමියන් විසින් මෙසේ විමසා ඇත. ස්වාමීනී, මෙය ආශ්චර්යයකි. අද්භූතයකි. පටිච්චසමුප්පාදය ගැඹුරු බැස ගැනීම් ඇති දෙයකි. එසේ වුවත් ස්වාමීනි, එම ධර්මයට මතුවී මතුවී පෙනෙන්නා සේ යැයි ආනන්ද හිමියෝ ප්‍රකාශ කළහ. ඉන් අදහස් කළේ පටිච්චසමුප්පාදය උන්වහන්සේට හොඳින් තේරුම ගොස් ඇති බවයි. එහි දී පටිච්චසමුප්පාදය පැහැදිලි කරමින් බුදුන් වහන්සේ මහානිදාන සූත්‍රය දේශනා කළ සේක. අවිද්‍යාවෙන් පටන්ගෙන සසර දුක් හටගන්නා ආකාරය උගන්වන කරුණු එහි ඇතුළත්ය. බුදු දහමේ පටිච්චසමුප්පාදය පිළිබඳව ඉගැන්වූ සසර පැවැත්මට සම්බන්ධ ඉගැන්වීම ලෙස ක්‍රමානුකූලව අප එය අධ්‍යයනය කළ හැකි ය.
අවිජ්ජා පච්චයා සංඛාර– අවිද්‍යාව නිසා සංස්කාර ගොඩනැගේ. අවිජ්ජාව යනු කුමක්ද? අවිද්‍යාව යනු සිව්සස් නොදැනීමයි. නැතහොත් චතුරාර්ය සත්‍යය පිළිබඳ අනවබෝධයයි. මෙය දුකයි. මෙය දුකට හේතුවයි. මෙය දුක නැති කිරීමෙන් ලබන්නා වු විමුක්තියයි. මෙය දුක නැති කිරීමේ මාර්ගයයි. යනුවෙන් චතුරාර්ය සත්‍යය න්‍යාය පිළිබඳව අවබෝධයක් තිබිය යුතුය. එසේ අවබෝධයක් නොමැතිකම අවිද්‍යාවයි.
අවිජ්ජාව නිසා සංස්කාර ගොඩ නැගේ. සංස්කාර පුඤ්ඤාභිසංඛාර, අපුඤ්ඤාභිසංඛාර හා අනෙඤ්ජාභිසංඛාර යනුවෙන් කොටස් වේ. පුඤ්ඤාභිසංඛාර නම් පින් රැස් කිරීමයි. අපුඤ්ඤාභිසංඛාර යනු අකුසල් රැස් කිරීමයි. අනෙඤ්ජාභිසංඛාර යනු ධ්‍යාන හේතු කොටගෙන බ්‍රහ්ම ලෝකවල ඉපදීමට අදාළ තත්ත්වය නිර්මාණය කරගැනීමයි.
සංඛාර පච්චයා විඤ්ඤාණ යනුවෙන් සංඛාර නිසා විඤ්ඤාණය ගොඩනැඟෙන බව පෙන්වාදී තිබේ. ප්‍රතිසන්ධි විඤ්ඤාණය කෙනෙකුට යළි භවයක් ලැබීම සඳහා හේතුවේ. එසේ නැති නම් අයෙක් භවයට සම්බන්ධ වන විඤ්ඤාණය ප්‍රතිසන්ධි විඤ්ඤාණය ලෙස නම් කර ඇත.
විඤ්ඤාණය පච්චයා නාමරූපං විඤ්ඤණය පදනම් කොටගෙන නාමරූප ගොඩ නැගේ. නාම යනු මානසික කොටසය. රූප යනු භෞතික කොටසය. මානසික කොටසේ ඇත්තේ චිත්ත චෛතසිකයන්ය. පංචස්ඛන්ධය ගත්කල වේදනා, සංඥා, සංඛාර, විඤ්ඥාණ යන සියල්ලම නාම කොටසේ අන්තර්ගතය. රූප කොටසින් භෞතිකත්වය අවධාරනය කෙරේ. මෙම නාමරූප පැවැත්ම ඛන්ධායතනධාතු පැවැත්ම සසරයි.
නාම රූප පච්චයා සළායතනං - නාමරූප යන ප්‍රාථමික තත්ත්වය තවදුරටත් සංවර්ධනය වෙමින් ආයතන හයක් බවට පත්වේ. එනම් ඇස, කන, නාසය, දිව, ශරීරය , මනස යනුවෙනි. සළායතන පච්චයා ඵස්සෝ ආයතන හය පදනම් කොටගෙන ස්පර්ශය ගොඩනැගේ. ඇසට රූප, කනට ශබ්ද, නාසයට ගඳ සුවඳ, දිවට රස, ශරීරයට ස්පර්ශය, සිතට අරමුණු වශයෙන් වේ. මෙම තත්ත්වයට විඤ්ඤාණය එක් වීමෙන් තවදුරටත් සංකීර්ණ වෙයි. ඇස, රූපය හා චක්ඛු විඤ්ඤාණය නිසා ඇසේ ස්පර්ශය ඇතිවේ. මේ ආකාරයට ආයතන හයෙහිම ස්පර්ශය ඇතිවේ.
ඵස්ස පච්චයා වේදනා ස්පර්ශය පදනම් කොට ගෙන විදීම ඇතිවේ. මෙය තුන් අයුරකින් ධර්මයෙහි බොහෝ තැන පැහැදිලි කෙරේ. වේදනාව විවිධාකාර ලෙස දැක්වේ. විශේෂයෙන් අපි වේදනා ප්‍රභේද තුනක් හදුනා ගනිමු. සුඛ වේදනා, දුක්ඛවේදනා, අපේක්ෂා වේදනා යනුවෙනි.
තණ්හා පච්චයා උපාදානං – තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය යනු දැඩිව අල්ලා ගැනීමයි. දැඩිව අල්ලා ගැනීම නිසා භවය හට ගනී. ඒ බව උපාදාන පච්චයා භවෝ යනුවෙන් දක්වා තිබේ. භවය නිසා ජාති හෙවත් උපත ඉපදීම සිදුවේ. උපත පිළිබඳව බොහෝ දෙනා කල්පනා කරනුයේ බොහෝ සුඛදායී හැගීමකිනි. එහෙත් එය වැරැදි හැගීමකි. දරුවෙක් මෙලොව බිහිවූ දින සිට ජරා දිරීම, ව්‍යාධි රෝගීවීම, මරණ මරණයට පත්වීම ආදි දුක් හට ගනී. ඒ නිසා ජීවිතය පිළිබඳව යථාර්ථවාදීව ඇත්ත ඇති සැටියෙන් කල්පනා කළ යුතුවේ. එසේ කල්පනා කරන විට ජීවිතය දුකක් ලෙස අවබෝධ වේ.
ජාති, ජරා, ව්‍යාධි යනුවෙන් සංවේග වස්තූන්ට අනුව ජීවිතය ගැන කල්පනා කළ යුතුය. ඉපදීම, ජරාවට පත්වීම, ලෙඩවීම, මරණය, අපාය දුක, අතීත දුක, අනාගත දුක, සසර දුක හා මේ ජීවිතයේදී ලබන ආහාර සෙවීමේ දුක යනුවෙන් සංවේග වස්තුන් අටක් දක්වා තිබේ.මේවා දැක සංවේග පහළ කරගත යුතුය. මෙයින් අප ගත කරන ජීවිතය සෑම අතකින්ම දුක්ඛදායකය. ජීවිතයේ ඇති එවන් යථාර්ථය හඳුනා ගෙන මුලා නොවී අවබෝධයෙන් කටයුතු කිරීමට අපි ඉටාගත යුතු වෙමු. තවද ලාභ ඉපයීම් මඟ හා නිවන් මඟ එකක් නොව දෙකක් ලෙස බුදුරජාණන් වහන්සේ පැහැදිලිව ම වදාරා තිබෙනවා. ඒ නිසා නිර්වාණලාභී ප්‍රතිපදාවේ ගමන් කිරීමට අපි සෑම දෙනා අදිටන් කර ගනිමු.
 

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
ආර්ය අෂ්ටාංගික මාර්ගය

එංගලන්තයේ සුප්‍රකට මතධාරිනියක් වන රීස් ඩේවිඩ් මැතිනිය ප්‍රකාශ කර තිබෙනවා. බුදුරජාණන් වහන්සේ එදා ගංගානම් නදිය අසල වැඩ සිට දේශනා කර වදාළ සිඟාලෝවාද සූත්‍රය අද එංගලන්තයේ තේම්ස් නදිය අසල සිටින්නකුට වුවත් ඉතා හොඳින් ගැළපෙන බව. ඇය මෙහිදී පෙන්වා දී ඇත්තේ එවන් ප්‍රතිපදාවන් අනුගමනයෙන් උසස් ප්‍රතිඵල ලබාගත හැකි බවයි.
බුදුරජාණන් වහන්සේ දේශනා කළ වදාළ ධර්මයේ හරය, එමෙන්ම මෙලොව පරලොව දෙලොවම යහපත සකසා ගැනීම උදෙසා යා යුතු, අනුගමනය කළ යුතු එකම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි.
ශ්‍රී සද්ධර්මය වසර 2600කට පමණ පෙර දේශනා කරන ලද්දක් බවත් එහි අගය, වටිනාකම අදවනතුරු කිසිදු අඩුවක් වී නැහැ. මේ ධර්මය අනුගමනය කරනු ලබන සියලු දෙනාට මානසික සහනයෙන් යුත් යහපත් ජීවිතයකට ළඟාවීමට පුළුවන්.
එංගලන්තයේ සුප්‍රකට මතධාරිනියක් වන රීස් ඩේවිඩ් මැතිනිය ප්‍රකාශ කර තිබෙනවා. බුදුරජාණන් වහන්සේ එදා ගංගානම් නදිය අසල වැඩ සිට දේශනා කර වදාළ සිඟාලෝවාද සූත්‍රය අද එංගලන්තයේ තේම්ස් නදිය අසල සිටින්නකුට වුවත් ඉතා හොඳින් ගැළපෙන බව. ඇය මෙහිදී පෙන්වා දී ඇත්තේ එවන් ප්‍රතිපදාවන් අනුගමනයෙන් උසස් ප්‍රතිඵල ලබාගත හැකි බවයි.
මේ අනුව ජාති, ආගම්, ගෝත්‍ර වශයෙන් හෝ බලපෑමකින් තොරව රටවල් වශයෙන් එසේත් නැත්නම් කාලය වශයෙන් බලපෑමකින් තොරව ධර්මයේ ඇති වටිනාකම අපට දකින්නට පුළුවන්.

බුදුරජාණන් වහන්සේ විසින් ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කර වදාළේ බුද්ධත්වය ලබා සති 8කින් නැත්නම් මාස දෙකක් ඉක්මගිය පසුවය.
ආර්ය අෂ්ටාංගික මාර්ගය අඩංගු පළමු සූත්‍රය දම්සක් පැවතුම් සූත්‍රය වන අතර එය පස්වග තවුසන් වෙත උන්වහන්සේ දේශනා කර වදාළේ පළමු ධර්ම දේශනය ලෙසයි.

චතුරාර්ය සත්‍යය
දුක, දුක ඇතිවීමට හේතුව දුක නැතිකිරීම, හා දුක නැති කිරීමේ මාර්ගය යන කරුණු ඇතුළත් චතුරාර්ය සත්‍යය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හරය වනවා.
බුදුරජාණන් වහන්සේ වසර 45 ක් පුරා දේශනා කළ සියලු කරුණු මෙම ආර්ය සත්‍යයෙහි අඩංගු වනවා. උන්වහන්සේගේ දේශනාවේ අඩංගු මධ්‍යම ප්‍රතිපදාව අරි අටඟිමඟ, දුක නැතිකිරීමේ මාර්ගය මධ්‍යම ප්‍රතිපදාව යනුවෙන් උන්වහන්සේ මෙය හඳුන්වා ඇත්තේ දෙකෙලවරට නොගොස් මධ්‍යම ලෙසින් මැදුම් පිළිවෙතින් යුතුව සිටිය යුතු බව පෙන්වා දීමටයි.
ශරීරයට අධික සැප ලබාදෙන කාමසුඛල්ලිකානුයෝගයත් ශරීරයට අධික දුක ලබාදෙන අත්තකිලමතානු යෝගයත් අත්හල යුතු අන්ත දෙකක් ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ දෙපැත්තටම යොමු නොවී මධ්‍යම ප්‍රතිපදාව නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට යොමුවන ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කළා
බුද්ධ කාලීන භාරතයේ ඇතැමුන් අතර තිබූ මතයක් වූයේ පංචකාම සම්පත් උපරිම ලෙස විඳීම නිසා සැනසීම විමුක්තිය ලබාගත හැකි බවයි. එම මතය වැරැදි බව බුද්ධ දේශනාවේ සඳහන් වනවා.
එමෙන්ම අත්තකිලමථානු යෝගය මඟින් එනම් ශරීරයට දැඩිව දුක් දීමෙන් විමුක්තිය සලසා ගත හැකි බව විශ්වාස කළ ශාස්තෘවරුන්ද සිටියා.
එහෙත් මේ අන්ත දෙකෙන්ම විමුක්තිය සලසා ගත නොහැකි බව බෝසත් අවදියේ සිටම බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගෙනතිබුණා. විශේෂයෙන්ම අත්දැකීම් මත පිහිට ලබාගත් මෙම ඤාණය දැනුම ඇති අය ආර්ය නමින් හඳුන්වනවා. ආර්ය තත්ත්වයට පත්වනවා යනුවෙන් හඳුන්වන්නේ සෝවාන් සකෘදාගාමි, අනාගාමී අර්හත් ඵලයට ළඟා වූ වීමයි. එවැනි උතුමන් වටහා ගත් දැනුම උතුම් ආර්ය සත්‍යය, චතුරාර්ය සත්‍ය නමින් හඳුන්වනවා.
බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කොටස් අටකින් යුක්ත වනවා. එය ප්‍රධාන වශයෙන් ශීල, සමාධි, ප්‍රඥා යන අංග තුනට බෙදා වෙන්කර දී තිබෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රථමයෙන් සඳහන් වන්නේ ප්‍රඥාවට අයත් සම්මා දිට්ඨි හා සම්මා සංකප්ප අංග දෙකය. ශීලයට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව අංග අයත් වනවා. සමාධියට සම්මා වායාම සම්මා සති, සම්මා සමාධි අයත් වනවා.

සම්මා දිට්ඨි

සම්මා දිට්ඨි
දහමේ හඳුන්වා දී ඇත්තේ
දුක්ඛේ ඤාණං
දුක්ඛ සමුදයේ ඤාණං
දුක්ඛ නිරෝධයේ ඤාණං
දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඤාණං .........ආදී වශයෙන් මෙයින් දුක, දුක ඇතිවීමට හේතුව, දුක නැතිකිරීම හා ඒ සම්බන්ධ මාර්ගය දන්නවානම් ඒ දැකීමට සම්මා දිට්ඨි යනුවෙන් දක්වා තිබෙනවා. එසේම ඇතැම් තැන්වල සම්මා දිට්ඨිය වෙනත් ආකාරයෙන් දක්වා තිබෙනවා.
‘කුසලංච පජානාති
කුසල මූලංච පජානාති
අකුසලංච පජානාති
අකුසල මූලංච පජානාති....’
කුසල් අකුසල් නිවැරැදිව තේරුම් ගැනීමට ඇති හැකියාවටත්, දැනුමටත් සම්මා දිට්ඨි යන්න යොදාගෙන ඇති බව මෙයින් පැහැදිලි වනවා. සාමාන්‍ය ජීවිතයේ දී මෙම දැක්ම ඉතා වැදගත් වනවා. උදාහරණයක් ලෙස යම් අයෙක් තමන් විසින් ගෙන ඇති මතයකට එරෙහිව යම් අයෙක් කරුණු දැක්වුවහොත් ඊට එදිරි වනවා. නිවැරැදි දැක්ම කුමක්ද? යන්න ගැන සොයා බලන්නේ නැහැ. තමන් නිවැරැදිය යන්න ගැන එල්බගෙන තර්ක විතර්ක කරනවා. මෙය ඉතාම අනර්ථකාරී බව කිව යුතුවනවා.
දුක, දුකට හේතුව ආදී ගැඹුරු දහමට යාමට පෙර සමාජයේ තිබෙන්නා වූ විවිධාකාර ගැටලුවලට හේතු සොයාගත යුතු වනවා. එමෙන්ම නිවැරැදි හේතු සොයා ගැනීම මෙහිලා ඉතාම වැදගත් වනවා.
මෙහිදී අප ඉතාම බුද්ධිමත්ව කටයුතු කළ යුතු බවයි වැදගත් වන්නේ.
බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ හේතු සහිතව යමක් පිළිගන්නා ලෙස දන්වා තිබෙනවා. යම් අයෙකුට එසේ තේරුම් ගැනීමේ අවබෝධය තිබෙනවා නම් සමාජයෙ ගැටලු ගැටුම්, අවම තත්ත්වයට පත්වනවා.
මේ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව වූයේ පඤාවන්තස්සායං ධම්මො නායං ධම්මො දුප්පංඤස්ස තමන් වහන්සේගේ ධර්මය ප්‍රඥාවන්තයාට මිස නුවණනැති අයට නොවන බවයි දේශනාව වූයේ. එසේ නුවණින් විමසා බලා කටයුතු කරනවා නම් දම්සක් පැවැතුම් සූත්‍රයේ සදහන්වන උපසමය (උපසමාය) යන සන්සිඳීම ඇතිවනවා.
ඇත්ත ඇති සැටියෙන් දැකීමයි වැදගත් වන්නේ චතුරාර්යය සත්‍යයේ සෙසු අංග විමසිලිමත්ව බැලීමෙන් ඒ ගැන තේරුම් ගැනීමට පුළුවන්.
සම්මා සංකප්ප
සම්මා සංකප්ප යනුවෙන් බුදුදහමේ දක්වා ඇත්තේ යහපත් නැත්නම් නිවැරැදි කල්පනාවයි. එය ප්‍රභේද තුනක් ලෙස බෙදා වෙන්කර තිබෙනවා. නෙක්ඛම්ම සංකප්ප අව්‍යාපාද සංකප්ප හා අවිහිංසා සංකප්ප යනුවෙන් එය වර්ග කර තිබෙනවා. නෙක්ඛම්ම සංකප්ප නැත්නම් නෛෂ්කම්ම යනුවෙන් හඳුන්වා දී ඇත්තේ පංචකාම සම්පත් විඳීමේ දී එහි හරයක් නොමැති බව වටහා ගැනීමේ නිවැරැදි කල්පනාවයි. එම විඳීම මඟින් තාවකාලික වින්දනයක් පමණක් ලැබෙන බව තේරුම් ගැනීම මෙහිදී අදහස් කරනවා.
අව්‍යපාද සංකප්ප යනුවෙන් දක්වා ඇත්තේ කිසිවකුටත් හිංසා පීඩාවක් නොකර මෛත්‍රී කරනු ලබන ස්වභාවයයි. අවි හිංසා සංකප්ප යනුවෙන් හඳුන්වා දී ඇත්තේ කිසිවකුගේ දිවි තොර කිරීමකින් තොරව එය රැක දීම උදෙසා හටගන්නා යහපත් කල්පනාවයි.

සම්මා වාචා
තෙවනුව දක්වා ඇත්තේ සම්මා වාචා නැත්නම් යහපත් වචන භාවිතා කිරීමය.
එහිදී මුසාවාදා පඨි විරතො හොති
‘පිසුණාවාචා පඨි විරතො හොති
පරුසා වාචා පඨි විරතො හොති
සම්ඵප්පලාපා පඨි විරතො හොති’
යනුවෙන් සඳහන් කරුණු ඇතුළත් බොරුකීම, කේලාම් කීම, පරුෂ වචන කීම, හිස් වචන කීම යනාදියෙන් වැළකීම සම්මා වාචා යන්නට අයත් වනවා. මෙහිදී වචනයෙන් සිදුවන වැරැදිවලින් වෙන්වීමයි අදහස් කරන්නේ.
සම්මා කම්මන්ත
සම්මා කම්මන්ත යනුවෙන් හඳුන්වා දී ඇත්තේ කයින් සිදුවන වැරැදි තුනකින් වෙන්ව සිටීමයි. එනම් ත්‍රිවිධ කාය දුෂ්චරිතයෙන් වෙන්වීමයි.
සම්මා ආජීව
සම්මා ආජීව යනුවෙන් හඳුන්වා ඇත්තේ සම්මා වාචා සහ සම්මා කම්මන්ත යන අංගයන්ට අදාළ කරුණු ද සහිතව නොකළ යුතු වෙළෙඳාම්වලින් වැළකී දිවි ගෙවීමයි. එනම් මස් පිණිස සතුන් ඇති කිරීම, වස විස වෙළෙඳාම, අවි ආයුධ වෙළෙඳාම ආදී සමාජ අහිතකර ක්‍රියාදාමයන්ගෙන් වෙන් වී කෘෂිකර්මය ආදී සමාජ හිතකර ජීවිත සතුන් මැරීමෙන් සොරකම් කිරීමෙන් හා කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන්වීමයි.

සම්මා වායාම
ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඊළඟට දැක්වෙන්නේ සම්මා වායාම හෙවත් නිවැරැදි උත්සාහයයි. මෙහිදී වැරැදි සිදුවී ඇත්නම් ඒවා නිවැරැදි කර ගැනීමත් ඉදිරියේ දී වැරැදි සිදු නොවන පරිදි කටයුතු කිරීමත්, නිවැරැදිව කරනු ලබන ක්‍රියාවන් වැඩි දියුණු කර ගැනීමත් නිවැරැදි ලෙස හඳුනාගෙන කටයුතු කළ යුතු දේ හඳුනාගෙන කටයුතු කිරීමත් වැදගත් වෙනවා
ධාර්මික දිවියට අවශ්‍ය වන උත්සාහය ඇති කර ගැනීම මෙමඟින් අපේක්‍ෂා කරනවා.

සම්මා සති
සම්මා සතිය යනුවෙන් අදහස් කරන්නේ නිවැරැදි සිහියෙන් එළැඹීමය. වැරැදි දෙයින් ඉවත්ව යහපත් දෙයෙහි යෙදීමේ නිවැරැදි එළැඹීමය. කායානුපස්සනා, වේදනානුපස්සනා, ධම්මානුපස්සනා, චිත්තානුපස්සනා ලෙසින් සම්මා සතිය දහමේ හඳුන්වා දී තිබෙනවා.
කයේ ඇති නිසරු බව නිවැරැදිව කල්පනා කිරීම කායානුපස්සනාවය. කයට සහ සිතට ඇතිවන තත්ත්වය නිවැරැදිව වටහා ගැනීම වේදනානුපස්සනාවයි. ඇතැම් විට අපගේ සිත්වලට රාගය, මානය, උඩඟුකම ආදී වැරැදි චින්තනයන් ගලා එනවා. ඒවා වැරැදි බව හඳුනාගෙන බැහැර කිරීම චිත්තානුපස්සනාවය.
කෝපය, ද්වේෂය වැනි හැඟීම් ඇතිවූ විට ඒවා ඇතිකර ගැනීම සුදුසු නොවන බවට සිතේ ඇති කර ගන්නා එකඟකම ධම්මානුපස්සනාව ලෙසට දහමේ දැක්වෙනවා.
සම්මා සමාධි
සම්මා සමාධි යනුවෙන් දක්වා ඇත්තේ සිතේ එකගකමයි. ප්‍රථම ධ්‍යානයේ සිට පංචමධ්‍යානය දක්වා ළඟාවීමට සිත එකඟකර ගැනීමය. මෙසේ ළඟාවීමේ දී නීවරණ දුරුකරගනිමින් සිත දියුණු කර ගත යුතු වනවා. නිවන් මග අවුරණ යන ‘නීවරණ’ ඉවත් කිරීමට සම්මා සමාධිය ඉවහල් වනවා. ආර්ය මාර්ගය අනුගමනය කරනවා යනු ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කිරීමය.
මෙය ලෝකෝත්තර ගමන් මගේ යන අයට හික්මීම ඇති කර ගැනීම උදෙසා ඉවහල් වන්නක්. යම් දෙයක් පිළිබඳව නිවැරැදි දැක්මක් ඇති කර ගනිමින් ජීවත් වීම දෙලොව දියුණුව ඇති කර ගැනීමට ඉවහල් වන බව කිව යුතු යි.
 
Last edited:

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
සම්මාදිට්ඨි

සම්මාදිට්ඨි යනු නිවැරැදි දෘෂ්ටිය හෙවත් නිවැරැදි දැකීමය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළමුවැන්න වන මෙය බෞද්ධ ශික්‍ෂණ මාර්ගප්‍රවේශයේ සදාචාරාත්මක ආකල්පය වේ. එසේම එය පුද්ගල චර්යාව මෙහෙයවන ලෝක දෘෂ්ටිය ලෙස ද තෙරුවන් කෙරෙහි උපදවා ගත යුතු විශ්වාසය ලෙස ද අනෙක් මාර්ගාංගවල පදනම ලෙස ද හැඳින්විය හැකිය.
සම්මාදිට්ඨිය වටහා ගැනීමට එහි ප්‍රතිවිරුද්ධ වචනය වන මිච්ඡාදිට්ඨි යන පදය හඳුනාගැනීම ද ප්‍රයෝජනවත් වේ. මනුෂ්‍ය වර්ගයාගේ සියලු යහපත් හෝ අයහපත් ක්‍රියාකාරකම්වල පදනම වන්නේ ඔවුන් තුළ පවතින නිවැරැදි දැක්ම (සම්මාදිට්ඨිය) හෝ වැරැදි දැක්මයි. (මිච්ඡාදිට්ඨිය)
ගැඹුරු දාර්ශනික අරුතක් සහිත බෞද්ධ සංකල්පයක් වන සම්මාදිට්ඨිය භෞතික ලෝකයේ සරල සංසිද්ධීන් විවරණය කිරීම විෂයෙහිද ඇතැමුන් විසින් උපයෝගි කොට ගන්නා බව අපි දකිමු. ආර්ය අෂ්ටාංගික මාර්ගය යනු නිර්වාණ මූලික බෞද්ධ ශික්‍ෂණ ප්‍රතිපදාවකි.එබඳු පදනමකින් යුතු සංකල්පයක පළමු වන අංගය වන සම්මාදිට්ඨිය භෞතික පදනමක සිට විග්‍රහ කිරීම ඇතමෙකුගේ නොසතුටට කරුණක් විය හැකිය. පුහුදුන් පුද්ගලයෙකු සදාචාරත්මක වශයෙන් දියුණු බවට පත්කිරීම සඳහා සම්මාදිට්ඨිය ඉවහල් කර ගැනීමේ හැකියාවක් ඇත. එහෙයින්ම සාමාන්‍ය අර්ථයෙන් සම්මාදිට්ඨිය පොදු ජන සමාජයට අදාළ කර ගැනීමේ කිසිදු වරදක් නැත.
සාමාන්‍ය මිනිසුන් තුළ පවතින සම්මාදිට්ඨිය ලෞකිය සම්මාදිට්ඨි නමින් හැඳින්වේ. ධර්ම ශාස්ත්‍ර ප්‍රගුණ කිරීමෙන් සත්‍යය පිළිබද අප ලබන නිවැරැදි දැනුම (සච්චානුලෝමික සම්මාදිට්ඨි) අලෞකික වූ පරමාදර්ශයන් සාක්‍ෂාත් කිරීමට නියතයෙන්ම ඉවහල්වේ. එහෙත් එම දැකීම දෙනෙතින් නොදැක අතින් අල්ලා යමක් තේරුම් ගැනීමක් වැනිය. භාවනාව ඇසුරෙන් ලෝකයෙහි භෞතික වස්තුවල පවතින සත්‍යය නැතහොත් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම බව දැකීම අනුභූතිකමය සම්මාදිට්ඨියකි. එය සච්චපටිවෙධ සම්මාදිට්ඨි නමින්ද හැඳින්වේ. මෙම සම්මාදිට්ඨිය ඇසින් දැක යමක ස්වභාවය තේරුම් ගැනීමක් වැනිය. අප තුළ පවතින ඊර්ෂ්‍යාව වංචාව මායාව ආදිය විසින් මුවා කොට ඇති සත්‍යය මෙයින් නිරාවරණය වේ. බුදුදහමේ ම ඉගෙනීමත් අවශේෂ අධ්‍යාත්ම විද්‍යාවන් ප්‍රගුණ කිරීමත් අප විසින් උනන්දුවෙන් කළ යුතු වන්නේ අප පතන විමුක්තියට මෙම ලෞකික සම්මාදිට්ඨිය උපකාර වන නිසාය.
එතෙකුදු වුවත් බුද්ධවචනයෙහි විවරණය වන සම්මාදිට්ඨිය සරල සංකල්පයක් නොවන බව මෙහිලා අවධාරණයෙන් සඳහන් කළ යුතුය. මේ පිළිබඳ දාර්ශනික ඍජු සාකච්ඡාවක් බුද්ධකාලයේ දීම ප්‍රධාන පෙළේ භික්‍ෂූ පිරිසක් විසින් බුදුරදුන්ගේ ප්‍රධාන ශ්‍රාවකයෙකු වන සැරියුත් හිමියන් සමග සිදු කොට ඇත. එම සාකච්ඡාව දක්නට ලැබෙනුයේ මජ්ඣිමනිකායේ නවවන සම්මාදිට්ඨි සූත්‍රයෙහිය. එහි කරුණු 16 ක් දක්වා ඒවායින් එකිනෙක පිළිබඳ විශ්ලේෂණාත්මක අවබෝධයක් ලැබීමෙන් සම්මාදිට්ඨිය ඇතිවන අයුරු පෙන්වා දී ඇත.
1. කුසල් අකුසල්
2. ආහාර
3. සිවුසස්
4. වියපත්වීම හා මරණය
5. උපත
6. භවය
7. උපාදාන ම
8. තෘෂ්ණාව
9. වේදනාව
10. ස්පර්ශයය
11. සළායතන
12. නාමරූප
13. විඤ්ඤාණය
14. සංස්කාරය
15. අවිද්‍යාව
16. ආසව
යනු එම කරුණුය.
කුසලය දැනගැනීම හා කුසල මූලය දැන ගැනීම හෝ අකුසලය දැන ගැනීම හා අකුසල මූලය දැන ගැනීම මගින් සම්‍යක් දෘෂ්ටිකයෙකු වන බව මෙහි මුලින්ම පෙන්වා දී ඇත. ඒවා පිළිබඳ නිවැරැදි දැක්මක් ඇති තැනැත්තා තෙරුවන් විෂයෙහි නොසැලෙන පැහැදීමක් ඇති නියම බෞද්ධයෙකු වන බවත් සඳහන් වේ.
ඉහත සඳහන් කරුණු සොළොසින් එකිනෙක කරුණු පිළිබඳ නිවැරැදි අවබෝධය මිනිසා පියවරෙන් පියවර නිවන් මගට ගෙන යයි. නිදසුනක් ලෙස අප ජීවත් කරවන ආහාරය බලන්න. ආහාරය යනු කුමක්ද? බෞද්ධ විග්‍රහයට අනුව ආහාර සතරක් ඇත. කබලිංකාරාහාරය, ඵස්සාහාරය, මනොසංචේතනාහාරය හා විඤ්ඤාණාහාරය යනුවෙනි. කෙනෙකුගේ පැවැත්මට මෙම ආහාර වර්ග හතරම අවශ්‍යය. වඩා වැදගත් කරුණ වන්නේ මෙම ආහාර වර්ග හතරෙන් තුනක්ම මනසට ලබාදිය යුතු ආහාර බවයි. ශරීරයට ලැබෙනුයේ කබලිංකාරාහාරය හෙවත් අප කැබලි වශයෙන් අනුභව කරන ආහාර පමණකි. මෙම ආහාර සමතුලිතව කයට හා මනසට ලබාදීම කායික මානසික සෞඛ්‍යයෙන් හෙබි ජන කොටසක් බිහිවීමට ඉවහල් නොවන්නේ ද? අධිපෝෂණයත් මන්දපෝෂණයත් මිනිසාට හානිකරය. ආහාරය සමඟ බැඳී ඇත්තේ තෘෂ්ණාවය. එබැවින් ආහාරයේ සමුදය හෙවත් ආහාර තෘෂ්ණාව නැති කළ යුතුය. ඒ සඳහා වූ ප්‍රතිපදාව අනෙකක් නොව ආර්ය අෂ්ටාංගික මාර්ගයම වේ.මෙම හේතුඵල න්‍යායෙන් අනෙක් කරුණක් වුවද විනිවිද දැකීම අප තුළ විශ්වය පිළිබඳ නිවැරැදි දැකීම හෙවත් සම්මාදිට්ඨිය ඇතිකරවන බව පෙන්වා දී ඇත. සම්මාදිට්ඨිය රාගයත් ඊට ප්‍රතිවිරුද්ධ ද්වේශයත් දුරුකරයි. මමත්වය නැති කරයි. අවිද්‍යාව පළවා හැර විද්‍යාව උපදවයි.
බෞද්ධයන් වශයෙන් වෙසෙන අපගේ මෙලොව පරලොව ජීවිත සැපවත් කිරීමට අවශ්‍ය දැක්ම සම්මාදිට්ඨිය පිළිබඳ ඉගැන්වීමෙන් ලැබේ. මහළුවීම, මරණය, වේදනාව වැනි අත්දැකීම් සත්‍යය පසක් කරවීමට අදාළ කරගත හැකි දැයි අමුතුවෙන් පෙන්වා දිය යුතු කරුණක් නොවේ. සෝවාන්වීම, සකදාගාමි වීම වැනි ආර්ය මාර්ගයන් පිළිබඳ සිතන පතන කියන ඔබට යාමට ඇත්තේ එකම මගකි. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය මිස අනෙකක් නොවේ. එකි මාර්ගය ආරම්භ වන්නේ සම්මා දිට්ඨියෙනි. අවසන්වන්නේ සම්මා සමාධියෙනි. එයින් තහවුරු වන්නේ සම්මා දිට්ඨියක් නොමැති වුවහොත් සම්ම සමාධියක් තිබිය නොහැකි බවයි.
 
Last edited:

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
සම්මා සංකප්ප
මිනිසෙක් තුළ හුදෙක් යහපත් අදහස් තිබීම පමණක් ප්‍රමාණවත් නොවේ. ඔහු ඒවා ප්‍රායෝගයෙහි යෙදවිය යුතුය. ඔහු සම්මා සංකප්ප මාර්ගාංගය වඩන සත්පුරුෂයෙකු බවට පත්වනුයේ එවිටය. බුදුදහමේ ඉගැන්වෙන ප්‍රඥාව හුදු කර්කශ බුද්ධියම නොව කරුණා මෛත්‍රි ආදි උදාර ගුණයන්ගෙන් සමූපේත වූ දැනුම්සම්භාරයක් බව මෙයින් සනාථවේ

ආර්ය සත්‍ය සතරම තථ, අවිතථ, අනඤ්ඤථ යන ලක්ෂණවලින් යුක්තය. තථ යනු ඇත්ත යන අදහසයි. බොරුවක් නොවේ යන අරුත අවිථත යන්නෙහි ඇත. අනඤ්ඤථ, යනු වෙනස් ආකාරයකට පත් නොවන බවයි. සම්මා සංකප්පය ඇතුළු මාර්ගාංග අටෙහිම මේ ලක්ෂණ තුන ඇතුළත් වේ. ඒ අනුව සම්මා සංකප්පය සත්‍යයකි. බොරු නො වූවකි. වෙනස් ආකාරයකට පත් නො වන්නකි. දුක්ඛ සත්‍යය බාධා කිරීමේ ස්වභාවයෙන් යුක්තයි. සමුදය සත්‍යය හට ගැනීමේ ලක්ෂණයෙන් යුක්තය. නිරෝධ සත්‍යය ශාන්ත ස්වභාවයෙන් යුක්තය. මාර්ග සත්‍යය නිවනට පමුණුවන ස්වභාවයෙන් යුක්තය.
සම්මා සංකප්ප යනු යහපත් අදහස් යන තේරුමයි. අයහපත් අදහස් මිච්ඡා සංකප්පයි. ඒවා දුරින් දුරලිය යුතු ය. නිවැරදි දැනීමක් නොමැතිව යහපත් අදහස් ඇතිකර ගත හැකි නොවේ. එබැවින් සම්මාදිට්ඨිය මුලට දක්වන ලදී. මාර්ගාංග දැක්වීමේදී පැහැදිලි ක්‍රමවේදයක් අනුගමනය කර තිබේ. මහාචත්තාරීසක සූත්‍රයෙන් ඒ බව පැහැදිලි වේ.
(මහණෙනි එහි නිවැරදි දැකීම පෙරටුව ගමන් කරයි. සම්මාදිට්ඨිය පෙරටුව ගමන් කරන්නේ කෙසේ ද? වැරදි අදහස් වැරදි අදහස් යයි දැන ගනී. නිවැරදි අදහස් නිවැරදි අදහස් යැයි දැනගනී)
මාර්ගාංග වැඩීමෙන් සංවර්ධනය වනුයේ ත්‍රිශික්ෂාවයි. ත්‍රිශික්ෂා යනු ශීල, සමාධි, ප්‍රඥා යන කොටස් තුනයි. ඒ පිළිබඳ පැහැදිලි විවරණයක් චුල්ලවෙදල්ල සූත්‍රයෙහි දක්නට ලැබේ.
(ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ත්‍රිශික්ෂාව සංග්‍රහ වී නැත. ත්‍රිශික්ෂාවෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය සංග්‍රහ වී ඇත) ඒ අනුව සම්මා දිට්ඨියත් සම්මාසංකප්පයත් ප්‍රඥා ශික්ෂාවට ඇතුළත් වේ.
හොඳ අදහස් පහළ වනුයේ නිවැරදි දර්ශනයක් හෙවත් සම්මාදිට්ඨියක් ඇති විටය ය. යහපත් අරි අටගි මෙගහි මුලට ම සම්මා දිට්ඨිය දක්වා ඇත්තේ එබැවින්ය. මිනිසා නරකට නපුරට පෙළඹෙනුයේ හරි දැකීමක් නැතිවිටය. හරි දැකීමේ ක්‍රියාකාරි ගුණය රැදී ඇත්තේ සම්මා සංකප්පයෙහිය.
නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප යයි සම්මා සංකප්පයෙහි අංග තුනකි. අත්හැරීම, මෛත්‍රිය, කරුණා යන උතුම් මිනිස් හැඟීම් එයින් අදහස් වේ. සම්මා සංකප්පයෙන් අපේක්‍ෂා කරනුයේ මෙම උතුම් අදහස් ක්‍රියාත්මක කිරීමයි.
මිනිසෙක් තුළ හුදෙක් යහපත් අදහස් තිබීම පමණක් ප්‍රමාණවත් නොවේ. ඔහු ඒවා ප්‍රායෝගයෙහි යෙදවිය යුතුය. ඔහු සම්මා සංකප්ප මාර්ගාංගය වඩන සත්පුරුෂයෙකු බවට පත්වනුයේ එවිටය. බුදුදහමේ ඉගැන්වෙන ප්‍රඥාව හුදු කර්කශ බුද්ධියම නොව කරුණා මෛත්‍රි ආදි උදාර ගුණයන්ගෙන් සමූපේත වූ දැනුම්සම්භාරයක් බව මෙයින් සනාථවේ.
සම්මා සංකප්පය ලෞකික ලෝකෝත්තර යයි දෙකොටසකට බෙදේ. ඒ පිළිබඳ පැහැදිලි විවරණයක් මහාචත්තාරීසක සූත්‍රයෙහි අන්තර්ගත වේ.
සාසව පුඤ්ඤභාගිය උපධිවෙපක්ක සම්මා සංකප්පය, අරිය අනාසව ලොකුත්තර මග්ගංග සම්මා සංකප්පය යනු එම කොටස් දෙකයි. පළමුවැන්නෙන් පැවසෙනුයේ ලෞකික සම්මා සංකල්පයයි. එය ආශ්‍රව සහිතය. පිනට නැඹුරුය. උපධි විපාකයන්ගෙන් යුක්තය. නෙක්ඛම්මාදි සංකල්පයන් ඇතුළත් වනුයේ එම කොටසටයි.
දෙවැන්න ලෝකෝත්තරයි. එය අරිය අනාසව ලෝකෝත්තර මග්ගංග සම්මා සංකප්ප යනුවෙන් හඳුන්වා ඇත. සම්මා සංකප්ප මාර්ගාංගයෙහි දාර්ශනික ස්වරූපය පිළිබිඹුවනුයේ මෙහිය. තක්ක, විතක්ක, සංකප්ප, අප්පණා, ව්‍යප්පණා, චෙතසො අභිනිරොපණා, වචීසංඛාර යන තාර්කික සහ දාර්ශනික ලක්ෂණ එහි ඇතුළත්වේ. මෙබඳු උසස් අදහස් ඇතිවනුයේ අර්ය මාර්ගය වඩන උතුමන් තුළය.ඒ තත්වය පසක් කරගැනීම සඳහා පළමුව ලෞකික සම්මා සංකප්ප අංග පුරුදු පුහුණු කළ යුතුය.
සම්මා සංකප්පය නිසා මිච්ඡා සංකල්ප විනාශයට පත්වෙයි. මිච්ඡා සංකල්පය නිසා හටගත් ළාමක අකුසල ධර්ම නැතිවෙයි. යහපත් කුසල ධර්ම අභිවෘද්ධියට පත්වෙයි. අවසානයේදී සියලු මාර්ගාංග වැඩීමෙන් නිවන් පසක් කර ගැනීමට උපකාර වෙයි.
 

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
සම්මාවාචා

ලෞකික කටයුතුවලදී පමණක් නොව සංසාරික අගාධයෙන් මිදීමෙහිදී පවා මනාලෙස හික්මවන ලද භාෂාවේ අගය කෙතෙක්දැයි බුදුපියාණන් වහන්සේ වටහා ගෙන සිටි බව සම්මාවාචා, ආර්ය මාර්ගයේ අනිවාර්ය අංගයක් ලෙස පිළිගෙන තිබීමෙන් පැහැදිලි වෙයි

මිනිසාගේ ජීවිතය හා විමුක්තිය උදෙසා නිර්දේශ කොට වදාළ උතුම් පිළිවෙත ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෙස හැඳින්වෙයි.
මේ අතරින් අපගේ සාකච්ඡාවට ලක් වන්නේ සම්මාවාචා යනුවෙන් ප්‍රකාශිත තුන් වැනි අංගයයි. අන්‍යෝන්‍ය සම්බන්ධතා පැවැත්වීමේදී සහ අදහස් ප්‍රකාශ කිරීමේදී භාවිතා වන ප්‍රධාන මාධ්‍යය වූ වචනය හෙවත් ව්‍යවහාරික භාෂාව තුළ පැවතිය යුතු ගුණාංග සහ සංවරශීලි ව හා බුද්ධිමත් ව වචනය හෙවත් භාෂාව භාවිතා කිරීමේ අගය ඉන් නියෝජනය වෙයි.
භාෂාව වනාහී මානව සංස්කෘතියේ ආදිම අවදියක සිට මිනිසා විසින් අන්‍යෝන්‍ය වශයෙන් ගනුදෙනු කිරීම සඳහා දියුණු කර ගන්නා ලද ඉතාමත් ප්‍රබල සංවර්ධන උපායයකි. ශබ්දය හෙවත් භාෂාව නමැති ආලෝකය ලොව පුරා නොදැල්වේ නම්, මුළු තුන් ලොව ම එක ම අන්ධකාර පුඤ්ජයක් වන්නට අවකාශ තිබිණැ”යි සංස්කෘත පඬිවරයෙකු වූ දණ්ඩින් පළ කළේද මේ අදහසයි. ලෞකික කටයුතුවලදී පමණක් නොව සංසාරික අගාධයෙන් මිදීමේ දී පවා මනාලෙස හික්මවන ලද භාෂාවේ අගය කෙතෙක්දැයි බුදුපියාණන් වහන්සේ වටහා ගෙන සිටි බව සම්මාවාචා, ආර්ය මාර්ගයේ අනිවාර්ය අංගයක් ලෙස පිළිගෙන තිබීමෙන් පැහැදිලි වෙයි.
බුදුන් වහන්සේ මෙයින් පෙන්නුම් කොට වදාරන්නේ සංසාරයෙන් එතරවීම අතින් සළකන විට භාෂාව ව්‍යවහාරයේ ආනිසංස පක්ෂයක් මෙන්ම ආදීනව පක්ෂයක් ද ඇති බව සහ එම කාරණය විමුක්තිය සොයා යන යෝගියාගේ විශේෂ සැළකිල්ලට ලක් විය යුතු බවත් ය. යහපත් නිවැරදි,හොඳ සදාචාරවත්, ආදි අර්ථ දනවන ‘සම්මා’ යන පාලි භාෂාවේ වචනය යම් තැනෙක යෙදෙනවිට ම එහි විරුද්ධාර්ථය පළ කරන ‘මිච්ඡා’ යන පදය ද එකවර සිහියට නැගෙයි.වචනයෙහි හොඳ පැත්තක් මෙන්ම නරක පැත්තක්ද තිබෙන බව මෙයින් සිහිපත් කෙරෙයි. මිනිස් වහරෙහි පවත්නා වචන සියල්ල සම්මා (නිරවද්‍ය) සහ මිච්ඡා (සාවද්‍ය) යනුවෙන් පහසුවෙන් වර්ග කළ හැකිය.බොරුව, පරුෂ වචන, පි‍්‍රයත්වය ශූන්‍ය කරන වචන (කේලාම් කීම) සහ හිස් වචන යනුවෙන් මිථ්‍යා වචන වර්ග හතරක් බෞද්ධ සාහිත්‍යයෙහි ප්‍රකට ව පවතී. දළ වශයෙන් ඒ සියලු ආකාරයේ මිථ්‍යා වචනවලින් වැළකීම සහ හැම විට ම සම්මාවාචා ප්‍රගුණ කිරීම ආර්ය මාර්ගය වඩන්නාගේ වගකීම වෙයි.
ඉහත සටහන් කරනු ලැබුවේ වචනයේ සාවද්‍ය පක්ෂයයි. බුද්ධිමත් ව සිතතොත් , නිර්වාණ මාර්ගයට අවතීර්ණ වූවන්ට පමණක් නොව, ලෞකික ජීවිතය ගත කරන සාමාන්‍ය ශිෂ්ටසම්පන්න කෙනෙකුට වත් නො ගැළපෙන ඒවා චාරිත්‍ර හෙවත් අත් හළ යුතුදේ ලෙස බුදුන් වහන්සේ විසින් නම් කරනු ලැබුවේ එහෙයිනි.
භාෂාව යනු සියලු කාර්යයන්හිදී පරිහරණය කළ යුතු අත්‍යවශ්‍ය දෙයකි. ඒ නිසා වචනයෙන් වැළකී සිටීම (මෞනවෘතය) පැවිද්දන් විසින් යම් දුරකට ක්‍රියාත්මක කළ හැකි නමුත්, උපාසක භාවයෙහි පිහිටා සිටියත් ගිහියෙකුට දැඩි ලෙස ප්‍රගුණ කළ හැකි ව්‍රතයක් නොවේ. ප්‍රතිපත්තිය විය යුත්තේ අනර්ථකාරි පක්ෂයෙන් වැළකී අර්ථකාරි පක්ෂය ප්‍රගුණ කිරීමය.
වචන භාවිතය සම්බන්ධයෙන් වාරණ ශික්ෂාපද පැනවීම මගින් අවධාරණය කර ඇත්තේ එයින් උද්ගත විය හැකි සියලු ආපදාවලින් සහ විපත්තිවලින් ආරක්‍ෂා වන ආකාරයයි.ඉහත දක්වන ලද දුර්ගුණවලින් තොර වූ වචනයක් හෙවත් භාෂාවක් තිබේද? බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ එවැනි භාෂාවක් පවතින බව හා එය භවනිස්සරණයට පවා උපයෝගි කර ගත යුතු බවයි.
උන්වහන්සේ කතා කළේ වචනයෙන් සංවරවීම ගැන මිස එය සම්පූර්ණයෙන් ම අත්හැර දැමීම ගැන නොවේ.කාගේත් සිත් ගන්නා ආකාරයෙන්, කාටත් සත්‍යය පසක් වන ආකාරයෙන් සහ කාගේත් සැනසීමට හේතු වන අයුරින් භාෂාව පරිහරණය කළ යුතු බවයි. සත්‍යය වනාහී සියලු රස අතරින් මිහිරිතම රසයයි. (සච්චං භවේ සාදුතරං රසානං) යනුවෙන් වදාළේ ඒ අභියෝග කළ නොහැකි අවබෝධය පදනම්කොට ගෙන ය. සත්‍යය වචනය සියලු භාෂාමය දුර්ගුණවලින් තොර බවත් පි‍්‍රයශීලි වචනය සියල්ලන්ගේ ම සිත් දිනා ගන්නා ජනකාන්ත මන්ත්‍රය වන බවත් උන්වහන්සේ මැනවින් දැන සිටි සේක. එමගින් උන්වහන්සේ කෙතෙක් හාස්කම් කළ සේක්ද? ආලවක දිවි ඇති තාක් අහිංසාවට යොමු කරන ලද්දේ, අංගුලිමාල මෛත්‍රි ගුණයෙන් පිරිපුන් අනූපමේය ආශිර්වාද දායකයෙකු බවට පත් කරන ලද්දේත්,වසර දෙදහස් පන්සියයකට අධික කාලයත් තිස්සේ මේ දක්වාත් ඉන්මතුවටත් කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත සිව් දිසාවාසි ලෝවැස්සන් සසරදුකින් මුදාලීමට සමත් ශාන්තිදායි දහමක් දෙසා වදාළේත් ඒ අසිරිමත් වාග් සංවරයේ බල මහිමයෙන් නොවේද?
සත්‍යය වූ පි‍්‍රයවචනය සත්‍ය ක්‍රියාවක් වන බව ලොවට පෙන්වා දුන්නේ බුදු දහමයි. කවර තරමේ ව්‍යසනයක් වුවත් සංසිඳවීමේ ශක්තිය හා බලය ඒ සතුව පවත්නා බවට බුදුන් වහන්සේ විසින් ම සැපයූ නිදසුන් බොහෝ ය. තුන් බියකින් ඇළලී විපතට පත්ව සිටි එදා විශාලා මහනුවර ජනකාය සංසිඳවනු ලැබුවේ උන්වහන්සේ සතුව පැවති අකලංක මහාකාරුණික ගුණය පෙරටු කර ගත් සත්‍යවචනයේ බලයෙනි. අදත් බෞද්ධ ජනතාව පිරිත් දේශනාවට සවන් දෙන්නේ ඒ ආශිර්වාදාත්මක ශක්තිය කෙරෙහි බලවත් ලෙස විශ්වාසය තබමිනි.සසර සැරිසරමින් සිටින පුහුදුනන්ගේත් සසරින් එතෙර යාමට වෑයම් කරන ශෛක්ෂයන්ගේත් ඓහලෞකික සහ පාරලෞකික ශුභසිද්ධිය උදෙසා සම්මාවාචා නම් වූ ආර්ය ගුණය කෙතෙක් වටනේදැයි ඉහත දක්වන ලද කරුණු තුළින් වටහා ගත හැකිය.
 

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
සම්මාකම්මන්තය

සම්මාකම්මන්තය යනු කාය සංවරය යි. කාය වාග් මනෝ යන ද්වාරත්‍රය ම සංවර කරගැනීම යහපත් බව බුද්ධදේශනාව යි. කාය සංවරය ශීලයෙහි මූලික පැතිකඩකි. යහපත් ලෙස කාය වාක් ක්‍රියාවන් පැවැත්වීම සීලය සේ අර්ථකථනය වී ඇත්තේ එහෙයිනි

ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සිව්වැනි අංගය සම්මා කම්මන්තයි. එහි අර්ථය යහපත් කටයුතු යනු යි. සංයුත්ත නිකාය මග්ගසංයුත්තයෙහි විභංග සූත්‍රයෙහි විවරණය වී ඇති පරිදි පරපණ නැසීම, සොරකම, අබ්‍රහ්මචර්යාව යන තුනෙන් වැළකී කටයුතු කිරීම සම්මාකම්මන්ත නම් වේ. එනම් කයින් සිදුවන වැරැදිවලින් වැළකීම යි. එහෙයින් සම්මාකම්මන්තය යනු කාය සංවරය යි. කාය වාග් මනෝ යන ද්වාරත්‍රය ම සංවර කරගැනීම යහපත් බව බුද්ධදේශනාව යි. කාය සංවරය ශීලයෙහි මූලික පැතිකඩකි. යහපත් ලෙස කාය වාක් ක්‍රියාවන් පැවැත්වීම ශීලය සේ අර්ථකථනය වී ඇත්තේ එහෙයිනි. ඒ අනුව ශීලය සපුරාලීමට කායිකව සම්පූර්ණ විය යුතු කරුණු සම්මාකම්මන්ත යටතට අයත් වෙයි. ඉහත කී පරිදි ඊට කරුණු තුනක් ඇතුලත් වේ.
ඒවා විවරණය කිරීමට පෙර ඒ හා සම්බන්ධවන විරමන හා සමාදාන යන සංකල්ප දෙකක් ඇති බව කිව යුතුය. විරමන යනු වෙන්වීම යි. සමාදාන යනු සමීපයට ඇද ගැනීම යි. විරමනයෙහි ඈත් කරන දේ වෙනුවට සමාදානයෙන් බොහෝ දේ සමීප කරගනු ලැබේ.
පර පණ නැසීමෙන් වැළැකීම

පණ ඇති සතුන්ගේ දිවි තොරකිරීම හෝ කරවීම ප්‍රාණඝාත නම් වේ. පරපණ නසන්නා මරණින් මතු අපාය දුගතිසංඛ්‍යාත නිරයෙහි උපදියි. යම් හෙයකින් මිනිසකු වී උපන්නේ නම් අල්පායුෂ්ක වේ. තමන්ගේ සැපත සඳහා බොහෝ සෙයින් පරපණ නසයි. කවර පරමාර්ථයකින් ප්‍රාණඝාතය කළත් එය අකුසලයකි. එපමණක් නොව වෙනත් අකුසල් කිරීමට අවකාශ සලසන අකුසල කර්ම පථයක්ද වේ.
සම්මාකම්මන්තයට අයත් අංගයක් ලෙස ප්‍රාණඝාතයෙන් වැළකීම අර්ථකථනය කළ යුත්තේ එහි විරමනය සලකා නොව සමාදානය සැලකීමෙනි. සත්ව ඝාතනයෙන් වැළකෙන පුද්ගලයා වෙතට ඇදී එන ගුණධර්ම කිහිපයකි. කරුණා, මෛත්‍රි, ලජ්ජා, දයා, අනුකම්පා ආදිය ඊට අයත්ය. එය ‘සර්ව සත්ත්වහිතානුකම්පාව‘ ලෙස සූත්‍රවල දැක්වේ. වෙනත් වචනයකින් ගතහොත් සියලු සත්වයන් කෙරෙහි හිතවත්ව අනුකම්පා ඇතිබව යි. සත්‍ය ලෙසම මේ කරුණා මෛත්‍රි දෙක යි. ඒ අනුව සම්මා කම්මන්තයේ එක් පැතිකඩක් වන්නේ මෙත්තාව හා කරුණාව වර්ධනය කිරීමයි. සාමයෙහි මූලිකංග වන ඒවා සතර බ්‍රහ්ම විහරණවල පළමු හා දෙවන තැන් නියෝජනය කරයි. එහෙයින් එක් අතකින් ප්‍රාණඝාතයෙන් වැළැක්ම යනු බ්‍රහ්මවිහරණ දෙකකින් යුක්ත වීමයි.
සොරකමෙන් වැළකීම

තමන්ට නොදෙන ලද දෙය සොරසිතින් ගැනීම අදින්නාදානය හෙවත් සොරකමයි. තමන්ට අයත් නැතිදේ පැහැර ගැනීම, වංචාකිරීම, මංකොල්ලකෑම, අයථා ලෙස ලබාගැනීම හා අනුන් රවටා අයත් කරගැනීම ද සොරකමට ම වැටෙයි. තෘෂ්ණාව ,අලසකම, ක්‍රෝධය හෝ වෛරය ඊට පදනම් සලසයි. සොරකමෙන් වැළකී පරිත්‍යාගය හුරුකිරීම සම්මාකම්මන්තය සේ සැලකීම වඩා සුදුසුය. එක් අතකින් දානය පාරමිතාවකි. එහි පාරප්‍රාප්තිය නිවන අවසන් කර ඇත්තේය. අනෙක් අතින් පරිත්‍යාගය සමාජ ධර්මයකි. බොහෝ බෞද්ධ සංකල්පවල දානය පුරෝගාමීව දැක්වෙන්නේ එහෙයිනි. සම්මාකම්මන්තය යටතේ වඩා වැදගත්වන්නේ සමාජ සංහිඳියාව උදෙසා මෙහි බලපෑම යි. සොරකම නිසා හටගන්නා ගැටුමට පරිත්‍යාගයෙන් ඉඩක් නොමැතිවීම එම සමාජ සංහිඳියාවේ පදනම යි.
අබ්‍රහ්මචර්යාවෙන් වැළකීම

සම්මාකම්මන්තය සම්පූර්ණවීමට අවශ්‍ය තෙවැනි අංගය අබ්‍රහ්මචර්යාවෙන් වැළකීමයි. එනම් බ්‍රහ්මචාරිවීම යි.බොහෝ දෙනෙක් මෙය කාමමිථ්‍යාචාරයෙන් වැළකීම සේ විවරණය කළද ඉහත කී සංයුත්ත නිකාය විභංග සූත්‍රයට අනුව අබ්‍රහ්මචර්යාවෙන් වැළකීම ම සම්මා කම්මන්තයට අදාළ වේ. ඉහත කී ජනපි‍්‍රය අර්ථය එහි සමාජ අර්ථයසේ ගත යුතුය. දීඝ නිකාය අටුවාව බ්‍රහ්මචරිය ශබ්දය විවරණය කිරීමේදි එම අර්ථ දෙකම ගෙන ඇත්තේ එහෙයිනි.
අර්ථ දහයකින් බ්‍රහ්මචරිය ශබ්දය විස්තර කරන අටුවාව පස්වන හා සවන අර්ථ සේ දක්වා අත්තේ මෛථුන විරතිය (වැළකීම) හා ස්වාදාර සන්තුෂ්ටියයි. මෙහි මෛථූන විරතිය යනු අබ්‍රහ්මචර්යාවෙන් වැළකීමයි. ස්වාදාර සන්තුෂ්ටිය යනු කාමමිථ්‍යාචාරයෙන් වැළකීම යි. එනම් ස්වාමියා, භාර්යාව නොඉක්මවීම හා භාර්යාව, ස්වාමියා නොඉක්මවීමයි. සාමඤ්ඤඵල සූත්‍රයෙහි සඳහන් පරිදි මෛථුනය ග්‍රාම්‍ය ධර්මයකි. මෛථුනයෙන් සපුරා ඉවත් වී එනම් බ්‍රහ්මචාරිවීමෙන් මාර්ගාංගයක් සේ සම්මාකම්මන්තය සම්පූර්ණකර නිර්වාණාවබෝධයට පත් විය හැකිය.
පරපුරුෂ හා පරස්ත්‍රී සේවනයෙන් ඉවත්වීම සම්මාකම්මන්තයේ සමාජිය අර්ථයයි. එය සුචරිතවත් සමාජයක් ගොඩනැගීමේ පදනම යි.
සම්මාකම්මන්තයේ පැතිකඩ දෙකක් ඇති බව දත යුතුය.ඉන් පළමු වැන්න නිර්වාණාවබෝධය අවශ්‍ය කුසල නිෂ්පාදනය කිරීමට පුද්ගලයා යොමු කිරීමයි. කය මූලික කරගත් කුසල සම්පාදනය සඳහා සම්මාකම්මන්තය ප්‍රගුණ කළ යුතු වේ. ප්‍රාණඝාතයෙන් වැළැකීම සොරකමෙන් වැළකීම බ්‍රහ්මචර්යාව සාමකාමි හා සුචරිතවත් සමාජයක් ගොඩනැංවීමට අවශ්‍ය පුද්ගලයන් නිර්මාණය කිරීම සම්මාකම්මන්තයේ දෙවැනි පැතිකඩයි. මිනිස්, නොමිනිස් සැම දෙනා කෙරෙහි කරුණා, මෛත්‍රී, දයා, අනුකම්පා සහගත සිතිවිලි පතුරුවන අන්‍යෝන්‍ය සුහදත්වයෙන් සෑම දෙනා පිළිබඳ විශ්වසනීයත්වයෙන් ක්‍රියාකරන සුචරිතවත් මිනිසුන් සහිත සමාජයක් ගොඩනංවාගැනීමට සම්මාකම්මන්තය වඩාත් ඉවහල් වෙයි.