නමෝ බුද්ධාය...

sudui.usai

Active member
  • Apr 25, 2015
    599
    106
    43
    මූ මොකාටද මේ එන්න හදන්නේ... ශ්‍රධ්ධාව ගැන දැම්මත් හූ හූ උබේ මොලේ පුකේනේ...
    anyway....good thread....bump
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0


    කිච්ඡෝ මනුස්ස පටිලාභෝ
    කිච්ඡං මච්චාන ජීවිතං
    කිච්ඡං සද්ධංම්ම සවණං
    කිච්ඡෝ බුද්ධානං උප්පාදො

    මෙම ගාථා ධර්මය ධම්ම පදයේ බුද්ධ වග්ගයට අයත් වූවකි. මෙම ගාථා ධර්මය දේශනා කිරීමට හේතු වූ කරුණ මෙසේය. පෙර කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ ශාසනයෙහි විසි දහසක් අවුරුදු මහණ දම් පිරූ සිල්වත් භික්‍ෂූන් වහන්සේ නමක් විය. උන්වහන්සේ එක්තරා දිනක දිගු ගමනක් යන අතරතුර ගංඟාවක් දැක එයින් එතෙර වීම පිණිස එක්තරා එරු අත්තක් දැක එය අල්වා ගෙන ඔරුවට නැඟීය. එවිගසම එරු අත්ත කැඩී අතට ආවේ ය. මෙය සුළු ඇවතක් යැයි සිතා ගණනකට නොගෙන ඇවත් නොදෙසාම මහණ දම් පිරූහ. මෙසේ කල් ගතවිය. මෙම භික්‍ෂූන් වහන්සේගේ මරණය වන වෙලාවෙහි මෙම කරුණ සිහිපත් වී මෙම එරු ඇත්ත කැඩීමෙන් වූ ඇවත නිසා මගේ ශීලය අපිරිසුදු වී යයි විමතියක් ඇති විය. එකෙනෙහිම කළුරිය කොට ඒරපත්ත නම් නාගරාජව උපන, එක් දිනක මෙම නා රජ බරණැස් නුවර මහරි රුක මුල වැඩහුන් බුදුරජාණන් වහන්සේ වෙත එළඹ වැඳගෙන අඩන්න පටන් ගත්තේ ය. හඬන කරුණක් බුදුන් විචාල කල්හි සිදු වූ සියලු සිද්ධිය කියා ‘ස්වාමීනී, මම බුද්ධාන්තරයක් මුළුල්ලෙහි මිනිසත් බවක් නොලද්දෙමි. බුදු කෙනකු නුදුටුයෙමි. බණ ඇසීමකුත් නොලැබුයෙමි ය’ කීහ. බුදුරජාණන් වහන්සේ ඒ අසා ඉහත සඳහන් ගාථා ධර්මය දේශනා කළ සේක.
    මිනිසත් බව ලැබීම දුෂ්කරය.
    මිනිසුන්ගේ දිවි පැවැත්ම අපහසු ය.
    බණ ඇසීම දුර්ලභ ය.
    බුදුවරයන්ගේ ඉපදීම දුර්ලභ යයි වදාළ සේක.
    මිනිසත් බව බොහෝ කුසල් කොට උත්සාහයෙන් ලැබිය යුත්තකි. එය ලබන්නේ සහේතුක කාමාවචර කුසල් බලයෙනි. එයින් ත්‍රිහේතුක කාමාවචර කුසල කර්මයෙන් උපදින්නෝ අල්පේශාක්‍ය වෙති.
    මිනිසුන්ගේ සිත නිතර නැමී පවතින්නේ අකුසලය වෙතය. මිනිසාට මිහිරි වන්නේ කුසලයට වඩා අකුසලයයි. ඒ නිසා බොහෝ දෙනා පස්කම් සැපයෙන් ඉඳුරන් පිනවමින් ඒවා දියුණු කරමින් ජීවත් වෙති.
    මහ මුහුදෙහි දමන ලද එක් සිදුරක් ඇති වියදණ්ඩක් සතර දිශාවෙන් හමන සුළඟින් සතර දිගට ගෙන යමින් පවතින කල්හි වර්ෂ සියයකට වරක් හිස නගන කන කැස්බා එම වියගි සිදුරෙන් අහස දැකීමටත් වඩා මිනිසත් බව ලැබීම දුෂ්කර කරුණකැයි වදාළේ එහෙයිනි. මිනිසත් බව ලබා පස්කම් සැපයෙන් ජීවත්වන මිනිසාට ජීවිතය පවත්වාගෙන යෑමට මහත් සටනක් කළ යුතුව ඇත. යහපත් ආර්ථික තත්ත්වයක් නොමැතිව ජීවිතය පවත්වාගෙන යෑමට අසීරු ය. අලසයාට, කම්මැලියාට එය කොහෙත්ම කළ හැක්කක් නොවේ. උත්සාහවන්තයා සියල්ල ජයගනී යන කියමන අනුව උත්සාහවන්තයා ජීවන සටනින් ජයගනී.
    හොඳ අම්මා කෙනෙක් හොඳ තාත්තා කෙනෙක් උත්සාහවන්තව තම යුතුකම් ඉටුකරමින් සමාජයට වැඩදායක දරුවන් බිහිකර මහා මෙහෙවරක් අපේ රටට සිදුකරයි. දයාබර අම්මේ දයාබර තාත්තේ දුක් මහන්සියෙන් ඔබ පෝෂණය කරපු ඔබේ ආදරණීය පුතෙක් හෝ දුවෙක් මේ අපේ මාතෘභූමිය ආරක්‍ෂා කිරීමට පරිත්‍යාග කර තිබේද? එසේ නැතිනම් ඔබේ දුව හෝ පුතා සසුනට පරිත්‍යාග කර තිබේද? එසේත් නැතිනම් ඔබේ දරුවා සමාජ සේවකයෙක් රටට වැඩදායක පුරවැසියෙක් වුණා ද? අන්න එසේනම් ඔබ මේ දුර්ලභ මනුෂ්‍ය ආත්මභාවයෙන් ප්‍රයෝජන ගත්තා වෙනවා. අධ්‍යාත්මික ගුණයෙන් යුත් යහපත් පුරවැසියෙක් බිහිකරන දයාබර අම්මේ තාත්තේ ඔබට මේ උත්තරීතර මනුෂ්‍ය ජීවිතය ආලෝකවත් තෝතැන්නක් වෙනවා ඇත. අන්න එබඳු මනුෂ්‍ය ආත්මය දුෂ්කරයි කියා වදාළ බුදුරජාණන් වහන්සේ මිනිසුන්ගේ දිවි පැවැත්ම ද අසීරුයි කියා වදාළහ.
    පුවත්පත් සඟරා රූපවාහිනී ගුවන්විදුලි ආදී මාධ්‍යවලින් පොදු ස්ථාන විහාරස්ථාන බෞද්ධ මන්දිරවල බෞද්ධායතන යන සෑම තැනකින්ම බණ ඇසෙනවා. එයින් ප්‍රයෝජන ගන්නා අය ඉතා අල්පයි. නමින් පමණක් බෞද්ධයන් බවට පත්වී ඇති ඇතැම් දෙනෙක් ධර්මය නොදන්නෝ වෙති. බණ ඇසීමක් නැත. විහාරස්ථානයක බණ කීවත් ගෙදරක බණ දේශනා කළත් වෙනත් පොදු ස්ථානයක ධර්ම දේශනාවක් කළත් බණ අසන්නන්ට වඩා නිකරුණේ කාලය කා දමමින් එළිමහනේ වෙනත් කතා සල්ලාප දොඩවමින් බණ අසන ටික දෙනාට බාධා කරමින් සිටින පිරිස වැඩි බව ඔබ දන්නවා ඇති. බණ නෑසීම නිසා ධර්මය පිළිපැදීම, ප්‍රතිපත්තියෙන් තොරවීමද සිදුවුවහොත් එය පරිහානියට කරුණක් වනු ඇත.
    හතරවන ගාථා පදයෙන් දැක්වෙන්නේ බුදුවරයන් වහන්සේගේ ඉපදීම දුර්ලභයි. සෑම කල්හිම බුදුවරු පහළ වන්නේ නැත යන්නයි. බුදුවරයන්ගේ ඉපදීම සැපයි. සුඛෝ බුද්ධානං උප්පාදෝ යන බුදු වදනින්ද එය පැහැදිලි වෙයි. මේ බුද්ධ කියන වචනය අපි සිහි කරන්න ඕන. නමෝ බුද්ධාය කියා වඳින්න ඕන. කල්ප කෝටි ගණනකින් පහළ වන මේ බුදුරජාණන් වහන්සේ සරණ යන්න ඕනෑ. බුදුරජාණන් වහන්සේ අනුගමනය කරන්න ඕනෑ. විහාර පන්සල් තැනූ තරමට බුදුරජාණන් වහන්සේ හැඳින ගත්තා වන්නේ නැහැ. ඒ නිසා කල්ප කෝටි ගණනකින් පහළ වන බුදුරජාණන් වහන්සේ හැඳින ගෙන බුදුගුණ සිත සිතා උන්වහන්සේගේ අසිරිමත් බුදු සිරිත හදවතට ඇතුළු කරගෙන ගුණ ධර්මවලින් පෝෂිත වන්නට හැමදෙනාම උත්සාහ වඩන්න.
    එම නිසා බුද්ධෝත්පාද කාලයක ඉපදී සිටින අපි සියලු දෙනාම ප්‍රතිපත්තිකාමීව තම යුතුකම් ඉටුකරමින් සැමට මෙත් සිත පතුරවමින් මෙලොව පරලොව සාර්ථක කරගෙන සාමයෙන් සමගියෙන් ජීවත් වී පරම ශාන්ත වූ නිවනෙන් සැනසීම ලබමු යැයි ප්‍රාර්ථනා කරමු.
    සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගි වෙත්වා, සුවපත් වෙත්වා.
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    “දූරංගමං ඒකචරං අසරීරං ගුහාසයං
    යේ චිත්තං සංය මෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධනා”
    ධම්ම පදයෙහි දැක්වෙන ඉහත සඳහන් ගාථාවෙන් දැක්වෙනුයේ අපගේ සිතෙහි ඇති තත්ත්වය හෙවත් ස්වභාවයයි. දුර ගමන් යන තනිව හැසිරෙන සිරුරක් නැති ශරීර කූඩුවෙහි වාසය කරන සිත යමෙක් දමනය කරනවා නම් මාර බන්ධනයෙන් මිදෙන බවයි සඳහන් වන්නේ.
    අපේ ජීවිත ඉදිරියට ගමන් කරවීමේ ක්‍රියාකාරීත්වය රඳා පවතිනුයේ අපගේ සිත තුළ ය. ඒ සිතෙහි ඇතිවන පහළවන අදහස් සිතිවිලි ක්‍රියාවට නැංවීම තුළින් මනුෂ්‍යයා හොඳ හෝ නරක අයකු බවට පත්වන බව කල්පනා කළ යුතු ය. එබැවින් අප උත්සාහ කළ යුත්තේ සිතේ ඇති තත්ත්වය අවබෝධ කරගෙන කටයුතු කිරීමට ය.
    සිත නිතරම විසිරී පවතී. ඒ නිසා ඒ සිත නිතරම දුර ගමන් කරයි. අපගේ ශරීරය කොතනක තිබුණත් අප දන්නා බොහෝ ස්ථානවලට සිතිවිලි තනිවම ගමන් කරයි. ඒ නිසා සිතේ ක්‍රියාකාරීත්වය පිළිබඳ විමසීමෙන් සිටිය යුතු ය. එසේ විමසීමෙන් තොරව කටයුතු කරන පුද්ගලයාට ජීවිතයේ විවිධ ගැටලුවලට මුහුණපෑමට සිදුවන බවත් කල්පනා කළ යුත්තකි.
    ඒ නිසා සිත දමනය කළ යුත්තේ කෙසේදැයි අප කල්පනා කළ යුතු ය. අපේ පංචේන්ද්‍රියන් තුළින් ඇතිවන ආරම්මන අරමුණු පාලනය කිරීමට සිත දමනය කරගෙන කටයුතු කළ යුතු ය.
    ඇසට යමක් දුටුවිට කනට යමක් ඇසුණු පමණින් එය ඒ ආකාරයෙන්ම ක්‍රියාවට නැංවීමට උත්සාහ කිරීමෙන් ගැටලු රැසකට මුහුණ පෑමට සිදුවේ. සිත පාලනය නොකිරීමෙන් කටයුතු කිරීම නිසා අපේ ජීවිතවලට රෝගපීඩා පවා පැමිණෙන බව කල්පනා කළ යුතුª වේ.
    මනුෂ්‍යයාට ඇතිවන රෝගාබාධ තුළින් වැඩි ප්‍රමාණයක් මානසික අසහනය හෙවත් මානසික ආතතිය නිසා ඇතිවන බව වත්මන් ඇමරිකානු වෛද්‍යවරුන් සොයාගෙන තිබේ. එසේ නම් අපේ රෝගවලටත් සිතේ ක්‍රියාකාරීත්වය බලපාන බව එමඟින් පැහැදිලි වනවා. සම්බුදු දහමට අනුව පුහුදුන් පුද්ගලයාගේ සිත නිතරම විවිධාකාරයේ සිතිවිලිවලින් භරිත වේ. ඒ නිසා පුහුදුන් සිත ඉතා ඉක්මනින් උමතුබවට පවා පත්වීමට ද ඉඩ ඇත.
    සිත දමනය කර ගන්නා භාවනා ක්‍රම විදේශවල ද අනුගමනය කරනු ලැබේ. සිත දමනය කිරීමට අපේ කය පිළිබඳ සිතන්නට ස්කොට්ලන්තය වැනි රටවල අය කටයුතු කර තිබේ. කේශාන්තයේ සිට අනුක්‍රමයෙන් පාදාන්තය දක්වාත් පාදාන්තයේ සිට කේශාන්තය දක්වාත් සිතෙහි අරමුණු ගමන් කරවීමට ඒ භාවනා ක්‍රම උපයෝගී කර ගැනේ. කයට අනුව සිතිවිලි යොමුකරවීම තුළින් මනසෙහි ඇතිවන මානසික ආතතිය සමනය කර ගැනීමට ඒ භාවනා ක්‍රමය උපයෝගී කර ගන්නවා. එය අමුතු දෙයක් නොව අපේ සිල් සමාදන් වන උපාසක උපාසිකාවන්ගෙන් ඇසුවත් ඒ අය පැහැදිලි කර දෙයි. අපේ දහමෙහි දැක්වෙන කායානුපස්සනා භාවනාව වඩන අයුරුයි ඒ කියල.
    අÀථි ඉමස්මිං කායෙ කෙසා ලොමා නඛා දන්තා තචො මංසං නහාරූ අට්ඨි, අටිඨිමිඤජා ආදී වශයෙන් කායානුපස්සනාව තුළින් උපයෝගී කර ගන්නෙ පිළිකුල් භාවනාවටය. කය ඇසුරෙන් භාවනා කරන්නේ් කෙසේදැයි සතර සතිපට්ඨාන භාවනාවෙන් විස්තර කැරේ. ජීවිතයේ කරනු ලබන සෑම ක්‍රියාවකදීම මනා සිහියෙන් හා අවබෝධයෙන් සිටිය යුතු ය. බුදුදහමේ නාමයෙන් නොවූවද බටහිර රටවල මෙම ක්‍රම අනුගමනය කරනු ලබන්නේ මෙහි ඇති වැදගත්කම නිසයි.
    සිත එකඟ කර ගැනීමට සිත ස්ථාවර කර ගැනීමට දමනය කර ගැනීමට අප සියලු දෙනාම උත්සාහ කළ යුතු ය.
    දුර ගමන් යන තනිව හැසිරෙන ගුහාවක වාසය කරන මේ සිත දමනය කර ගැනීමෙන් මාර බන්ධනයෙන් මිදෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා නූතන විද්‍යාව අනුවත් මේ භාවනා ක්‍රම උපයෝගී කර ගැනීම තුළින් කයට ඇතිවන රෝගවලින් සහනයක් ඇතිවීමටත් හේතුවේ.
    යහපත් ජීවිතයක් ගත කිරීමට මේ අනුව සිත දමනය කර ගැනීම අත්‍යවශ්‍ය බව පෙනේ.
    මේ අනුව කටයුතු කිරීමට විශේෂ කාලයක් වැය කළ යුතු නොවේ. ජීවිතයේ කුදුමහත් සෑම ක්‍රියාවකදීම මනා සිහියෙන් කටයුතු කිරීමයි අවශ්‍ය වන්නේ. යාන්ත්‍රික මෙන් ජීවිත ගත කරන මනුෂ්‍යයාගේ සිත දියුණුකර ගැනීමට සිත තැන්පත් කර ගැනීමට හැම කටයුත්තකදීම මනා සිහියෙන් හා අවබෝධයෙන් කටයුතු කිරීමෙන් කය සුවපත් කරන්නට, මනස සුවපත් කරන්නට සසර ගමන සුවපත් කරන්නට මාර බන්ධනයෙන් මිදීමට ඉවහල් වන මේ සිතේ දමනය ඇති කර ගැනීමට ඉවහල් වන අයුරින් කටයුතු කිරීමෙන් ඔබේ ජීවිතයෙන් ඔබට ම සැනසීම උදාවනු ඇත.
     
    Last edited:

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    සතිපට්ඨාන දේශනාව

    කිසියම් පින්වත් පුද්ගලයෙකු සතර සතිපට්ඨාන ධර්මයන් බුදුරදුන් පෙන්වා වදාළ ආකාරයෙන් අවුරුදු හතක්, හයක්, පහක්, හතරක්, තුනක්, දෙකක්, එකක්, මාස හතක්, හයක්, පහක්, හතරක්, තුනක්, දෙකක්, එකක්, සති දෙකක්, අඩුම වශයෙන් සතියක් (දින හතක්) වැඩිදියුණු කරන්නේ නම් අරහත් භාවයට හෝ අනාගාමි මාර්ගඵලාවබෝධයට පත්වනු ඇත.
    (යෝහි කොචි භික්ඛවෙ ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ එවං භාවෙය්‍ය සත්ත වස්සානි, ජ වස්සානි, පංච වස්සානි, චත්තාරී වස්සානි, තීනි වස්සානි, ද්වෙ වස්සානි, එක වස්සං, ද්වෙ මාසානි, මාසො, අඩ්ඪ මාසො, සත්තාහං තස්ස ද්වින්නං ඵලානං අඤ්ඤතරං ඵලං පාඨිකංඛං දිට්ඨෙව ධම්මෙ අඤ්ඤා සතිවා උපාධිසේසෙ අනාගාමිතා)

    සතිපට්ඨාන දේ්ශනාවේ පරමාර්ථ

    1. කෙලෙසුන්ගෙන් අපිරිසිදුවී සිටින සත්වයන්ගේ පිරිසිදු භාවය ලබාගැනීම.
    2. දුකින් පීඩාවට පත්ව සුසුම් හෙලමින් හඬමින් සිටින සත්වයන් ඉන් වලක්වාලීම.
    3. කායික මානසික දුකින් මිදීම.
    4. සතර සත්‍ය ධර්මයන් අවබෝධ කරගැනීම.
    5. අමාමහ නිවන් සදා සැනසීම ලබාගැනීම.
    6. ඒකායනොඅයං භික්ඛවෙ මග්ගො.
    (1. සත්තානං විසුද්ධියා. 2. සෝකපරිද්දවානං සමතික්කමාය. 3. දුක්ඛ දොමනස්සානං අත්ථංගමාය. 4. ඤායස්ස අධිගමාය. 5. තිබ්බාණස්ස සච්ජිකිරියාය.)

    සතර සතිපට්ඨානය

    1. කයෙහි කය පිළිබඳ ස්වභාවය, ඇතිසැටිය, මනාලෙස දකිමින් වාසය කිරීම.
    2. වේදනාවෙන් විදීම් කෙරෙහි ස්වභාවය හොඳින් දකිමින් වාසය කිරීම.
    3. නාම රූපයක් නිසා ඇතිවූ සිත පිළිබඳව මනා අවබෝධයෙන් දකිමින් වාසය කිරීම.
    4. පංච නීවරණාදි ධර්මයන් පිළිබඳව ස්වභාවය දකිමින් වාසය කිරීම, (යදිදං චත්තාරො සතිපට්ඨාන) කතමෙ චත්තාරො ඉධ භික්ඛවෙ භික්ඛු කායෙ කායානු පස්සී විහරති. වෙදනාසු වෙදනානුපස්සී විහරති. චිත්තෙ චිත්තානුපස්සී විහරති. ධම්මෙ ධම්මානුපස්සී විහරති.)

    සතිපට්ඨානයන් වඩන්නා සසරින් මිදීමට සුදුසුකම් ලබන අයුරු.

    1. කෙලෙස්වලින් මිදීමේ වීර්යය. 2. ඒ සඳහා අවශ්‍ය නුවණ දියුණුවීම. 3. සතර සතිපට්ඨායන් කෙරෙහි යොමුකළ සිහියෙන් යුක්තවීම. 4. දුක පදනම්කරගත් ලෝකයේ ඇලීම හා ගැටීම දුරුකිරීම. (ආතාපි, සම්පජානො, සතිමා, විනෙය්‍ය ලොකෙ අභභිජ්ඣා දොමනස්සං)

    කායානුපස්සනාව

    * ආනාපාන සති භාවනාව * ඉරියාථ භාවනාව
    * සම්පජඤ්ඤ භාවනාව * පටික්කුල මනසිකාර භාවනාව
    * ධාතු මනසිකාර භාවනාව * නව සීවථික භාවනාව

    ආසනය (ඉඳගැනීම)

    පළඟ බැඳ (එරමිණිය ගොතාගෙන) හිස හා උඩුකය කෙලින් තබාගෙන වඩන භාවනා අරමුණ කෙරෙහි හොඳින් සිහිකල්පනාව යොමුකර ඉඳගනී. (නිසීදති, පල්ලංකං ආභුජිත්වා උජුංකායං පනිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා.)

    සූත්‍ර දේශනා නිදානය

    අප සම්මාසම්බුදුරදුන් භාරතයේ සොළොස්මහ ජනපද අතරවූ කුරු ජනපදයෙහි කම්මාස්ස දම්ම නම්වූ නියම් ගමේදී තමන් වහන්සේ සමග චාරිකාවේ යෙදී සිටි භික්ෂූන්වහන්සේ අමතා මහා සතිපට්ඨාන සූත්‍රය දේ්ශනා කළහ. එම ගමේ බොහෝ ගම් වැසියෝ ද මේ සඳහා සහභාගි වූහ. එම ගම්වැසියන්ගේ විශේෂ වටහාගැනීමේ ශක්තියක් පැවති නිසා කුරු ජනපදයේදීම මේ දේශනය කළ බැව් සතිපට්ඨානය විස්තර කෙරෙන බොහෝ පොත්පත්වල සඳහන්වේ. ඒ කෙසේ වෙතත් අනිකුත් බොහෝ සම්බුද්ධ දේ්ශනා මෙන් සිවු පිරිසේ පළමු පිරිසවූ භික්ෂුන්ට මහා සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන ලද බව පෙනේ.

    ආනාපාන සති භාවනාව

    සෑම බෝධිසත්වයන් වහන්සේලාම සම්බුද්ධත්වය ලබාගැනීම සඳහා අවසාන අවස්්ථාවේ වඩන ලද භාවනාව වශයෙන් සඳහන් වන්නේ ආනාපාන සතියයි. “තථාගත මූලක කම්මට්ඨාන” “අවිජහිත කම්මට්ඨාන” යන නාමයන්ගෙන් මේ භාවනාව හඳුන්වන්නේ එම නිසාය. ආනාපාන සතිය කා විසිනුත් වැඩිය යුතු වැදගත් කමටහනක් බව මෙයින් ද ප්‍රකට වේ.
    ආන + අපාන යන වචන දෙක එකට සම්බන්ධවීමෙන් ආනාපාන යන්න හැදී ඇත. ආන යනු ආශ්වාසයයි. අපාන යනු ප්‍රශ්වාසයයි. ආනාපාන සති යනු ආශ්වාස ප්‍රශ්වාස පිළිබඳ සිහියයි. ආනාපාන සතිය දක්වන සෑම තැනකම ඒ සඳහා වාඩිවෙන ආකාරය (ආසනය) දැක්වෙයි. “පල්ලංකං ආභුජිත්වා උජුං කායං පනිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා.” හිස හා කඳ කෙලින් සිටින සේ පලක්බැඳ ඉඳගැනීමෙන් ඉතා මැනවින් වඩන කමටහන කෙරෙහි සිහිය පිහිටුවාගත හැකි බව අවධාරණය කරයි. කායික රෝගීන්ට හිස, කඳ කෙළින් තබාගත හැකි අයුරු ආසනයක හිදගැනීම කළ හැකිය. කාහට වුවත් යමකට හේත්තුවීම සුදුසු නොවේ. පුරුෂ පක්ෂයට සම්පූර්ණ පළක් බැදීමත් (බද්ධපරියංකය වම්පය උඩ දකුණු පයත් වම්අත උඩ දකුණු අතත් තබාගෙන කෙලින් සිටින සේ උඩුකය තබාගැනීම) කාන්තාවන්ට අර්ධ පරියාංකයත් (පාදෙක පිටුපසට දමා ඉඳගැනීම) නියම වේ.

    භාවනා කරන්නේ කෙසේද?

    දෙ ඇස් වසාගෙන පපුව පිරෙන තරමට හුස්මපාරක් ඇතුළටගෙන පිටකර සුළඟ ඇතුළුවන විට පිටවෙන විට වදින (ස්පරුසවන) ස්ථානය හඳුනාගත යුතුයි. එම හුලංපාර වදින තැන සිත කල්පනාව පිහිටුවාගෙන හුස්ම ඇතුළුවන විට ඇතුළු වෙනවා. පිටවෙන විට පිටවෙනවා යයි සිහිකළ යුතුය. මේ හුස්ම සිහිකිරීම කම්මැලි නොවී හොඳින් පුරුදුකරගත යුතුයි. භාවනාව පටන් ගැනීමේදී සිදුකරන උවමනාවෙන් හුස්ම ගැනීම, හෙලීම ඊට පසුව නොකළ යුතුයි. එසේම හුස්මපාර සමඟ සිත ඇතුළට හෝ පිටතට ගැනීම ද නොකළ යුතුය. නොකළයුතු දෙයින් සම්පූර්ණයෙන්ම වැලකී මහත් ඉවසීමෙන් යුතුව භාවනාකිරීම මැනවි.

    ආනාපාන සතිය වඩන ක්‍රම කීපයක්ම පවතී. එනම්

    1. ගණනා 2 ඵුසනා 3. අනුබද්ධනා 4. ඨපනා ආදියයි.

    ඉහත විස්තර කළ හුස්මපාර වදින තැන සිහිය රඳවාගෙන ඇතුළුවීම පිටවීම සිහිකිරීම, බාල තරුණ මහලු කා විසිනුත් බහුල වශයෙන් දැනට සිදුකෙරෙන ක්‍රමයයි. එය ඵුසනා නමි. ඒ අනුව ඵුසනා යනු හුළංපපාර වදින, ස්පරුසවන ස්ථානය මුල්කර ගැනීමයි.
    ගණනා යනු ඇතුල්වීම පිටවීම ගණන් කිරීමයි. ඇතුල්වන විට එකයි. පිටවනවිට දෙකයි ආදී වශයෙන් එකේසිට 5, 8, 10 දක්වා ආරෝහන අවරෝහන ක්‍රමයට ගණන් කිරීමයි. (1, 2, 3,, 4, 5 – 5, 4, 3, 2, 1) මේ සඳහා ද සිත බාහිර අරමුණු කරා යානාදී සංවරකර ගත යුතුයි.

    අනුබද්ධනා යනු ඇතුල්වීමත් පිටවීමත් අතර කාලය තුළ හැසිරෙන ආකාරය කෙරෙහි නාසය අඟ උරකුහරය (පපුව) යටිබඩ ආදී වශයෙන් සිහිකිරීමයි.
    ඨපනා යනු භාවනාකරගෙන යනවිට සිත එකඟවීමේ ස්වභාවය හොඳින් වටහා ගැනීමයි. මේ හැම ක්‍රමයක්ම භාවනා පිළිබඳ අත්දැකීම් බහුල උපදේශකයෙකුගේ මගපෙන්වීම අනුව සිදුකළ යුතුයි.
    භාවනාව යනු හිතට කෙරෙන හොඳම වෙදකමයි. කෙලෙස් හැගීම්වලින් ආතුරවී ඇති සිත ශක්තිමත් පිරිසිදු ක්‍රියාත්මක භාවයට පත්කළ හැක්කේ ධර්මය නැමැති බෙහෙත් නිසි අයුරු පත්‍යාපත්‍ය හරිහැටි දැන හඳුනාගෙන සද්ධාවෙන් යුතුව පානය කිරීමෙනි. (ධම්මොසධ සමං නත්ථි, එතං පිවත භික්ඛවො) මෙහි ප්‍රධාන ප්‍රතිකාරය වන්නේ භාවනා කිරීමයි. භාවනාව හැකිතරම් දුරට තමන්ගේම දෙයක් බවට පත්කර ගත යුතුයි. එයින් ධර්මයට ක්‍රමයෙන් ළංවන අතර තමන් ගැන හොඳින් හඳුනා ගතහැකිවෙයි.
    ඇතැම් නොදන්නා අය හේතුඵල සම්පත් ගැනත්, පාරමිතා සම්පූර්ණ කිරීම ගැනත් සිතමින් භාවනා කිරීමට උත්සාහ නොකරති. මේ මහත්ම මුලාවකි. ජීවිතයක් නම් තමාටත් ලෝකයටත් බරක් නොවන අයුරු ඉතා හොඳින් සකස්කර ගැනීමට නිතර උත්සාහ කළ යුතු බවත් ඒ සඳහා හැකි අයුරු භාවනා කිරීම ඉතා හොඳ සත්කාරයක් බවත් අමතක කළ යුතු නොවේ.
    ජීවිතය යනු ගිනි ගොඩවල් එකොළහක ක්‍රියාත්මක එකතුවකි. (ජරා, ව්‍යාධි, මරණ, ලෝභ, දෝස, මෝහ, ශෝක, පරිදෙව, දුක්ඛ, දොමනස්ස, උපායාය) මේ සෑම අඩු වැඩිවෙමින් උපතේ සිට මරණය දක්වා ඇවිලෙයි. මේ ගිනිගොඩ කෙළවරක සිට නිවා ක්‍රමයෙන් අඩුකර ගත යුතුයි. ඒ සඳහා භාවනාකරන යෝගියාට ලැබෙන ඉඩකඩ වඩාත් වැදගත් වේ.
    කමටහනක මැනවින් සිත රඳවා ගැනීමෙන් දියුණුකර ගන්නා චිත්ත සමාධියක් ඇත්තා ගිනි ඇවිලීමේ ස්වභාවය හා එයට මුල්වන හේතූන් දැන හැඳින සාමාන්‍ය ජීවිතයේ දී එම හේතුන්ගෙන් වෙන්වීමට, දුරුකිරීමට උත්සාහ කරයි. මෙය තමාගේ උත්සාහයෙන් මෙන්ම අවබෝධ ඤාණයෙන්ම කළ යුතු වේ.
    ආශ්වාස ප්‍රශ්වාස පිළිබඳ සිහිය නොහොත් ආනාපාන සති භාවනාව තුළින් සිහිය මුල්කරගෙන නුවණ දැකීම වැඩෙන ආකාරය පියවරෙන් පියවර මෙසේ දැක්වේ.
    එනම් “දීඝංවා අස්ස සන්තො... දීඝංවා පස්සන්තො... පජානති”. තමාගේ කය මුල්කරගෙන ඇතිවන (දිග, කෙටි වශයෙන්) වෙනස්වීම් හඳුනාගනී. මෙහිදී සිහියත් නුවණත් අවදිවන ආකාරය ප්‍රකටවේ.
    ස්වාභාවික ජීවිතයේ පැවැත්ම තහවුරු කරන ස්වාභාවික ආශ්වාස ප්‍රශ්වාස පිළිබඳ සිහිය හඳුනාගැනීමේ ප්‍රමාණයට අනුව ශාරීරික පහසු අපහසුකම් ගැන අනවශ්‍ය ආකාරයෙන් අල්ලාගැනීම නිසා ඇතැම්විට පසුබසින්නට ඉඩද ඇත. මනා ඉවසීමෙන් මෙන්ම සද්්ධාවෙන් මේ බාධකය (පලිබෝධය) ඉවත් කර ගැනීමට උත්සාහ කිරීම මැනවි.

    ආනාපාන සතිය තුළින් වැඩෙන සිහියේ ප්‍රමාණයට ශක්තිමත් වන දැනුමෙන් නිරෝ්ධය ඉලක්ක කරගෙන සිත මෙහෙයවීමේ හැකියාවක් ලැබේ. නිරෝ්ධය යනු ජීවිතයක් පුරා ශක්තිමත් කරගෙන ආ අල්ලාගැනීම, රැස්කිරීම වෙනුවට අත්හැරීම, අස්කිරීම සඳහාම සිත පුරුදු කිරීමයි. තමා සතුව ඇතැයි කියන ජීව - අජීව සෑම දෙයක් පිළිබඳවම සිතේ ඇති බැදීම, ඇලීම පියවරෙන් පියවර ටිකෙන් ටික සැහැල්ලුකර ගැනීමයි. මේ නිසාම අත්විඳින සතුට සැනසුම ප්‍රමාණ කළ නොහැකිය.

    තමා විසින් අත්‍යවශ්‍ය ලෙස සලකා දැන හෝ නොදැන තහවුරු කරගත් කායික මානසික බන්ධන (දේපොල සම්පත්, දූදරු, ස්වාමි, භාර්යාය, පදවි, පට්ටම්) දියුණුකර ගත් සිහිය නුවණ නිසා මුදා, විසුරුවා හැරීමට බර අඩුකර ගැනීමට මානසික අනුමැතියක් උදාවේ. තමා දකින ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ විපරී නාමය වෙනස්වීම (සමුදයවය) සෝවාන් මග ඵල නුවණ දක්වා දියුණු කළ හැකිය. (යංකිඤ්ගි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මන්ති. යමක් හටගනී ද ඒ සියල්ලම ඒ මොහොතේම විනාශයට පත්වේ.)

    මේ ස්වභාව ධර්මයේ ස්වභාවය දැකීම, දැනීම සෝවාන් මග ඵල නුවණයි. චිත්ත සමාධිය නියම අයුරු ඇතිවීමට සිත කෙලෙස් පරිහරණයෙන් මුදාගත යුතු වේ. මේ තත්ත්වය උදාකරගැනීමට නම් ඇස කණ ආදී ඉඳුරන් සමග ඇති සබඳතාවයෙන් සිත ඉවත්කර ගත යුතුයි. සිතට සියලුම බාහිර ලෝකය පිළිබඳ තොරතුරු, පණිවිඩ ලබාදෙන්නේ ඉඳුරන් මගිනි. එම සම්බන්ධතාවය මුල්කරගෙන ඇලීම්, ගැටීම් ස්වාභාවිකව සිතක ඇතිවේ.
    මූලික වශයෙන් ලෝභ, දෝස, මෝහ සමඟ කටයුතු කිරීමයි සාමාන්‍ය ලෞකික ජීවිතයක ස්වභාවය. මේ ක්‍රියාකාරීත්වයෙන් සැනසුම සතුට සොයන නමුත් එහි ස්ථිරත්වයක් ඇතිකර ගැනීම අසීරුය. ඉඳුරන් මගින් දෙන පණිවිඩ කිසිදු සිහියක් කල්පනාවක් නොමැතිව අල්ලාගැනීමෙන් සිතක මනා දියුණුවක් ඇති නොවේ. සිත සුරැකීමට නම් දියුණුකරගත් සිහියක් නුවණක් තිබිය යුතුමය. අවශ්‍ය දේ අවශ්‍ය ප්‍රමාණයට පරිහරණය කිරීම විනා අල්ලාගැනීමට හෝ සිතෙහි තැන්පත්කර ගැනීමට ඉක්මන් විය යුතු නොවේ. මේ ආකාරයෙන් ඉවසීමෙන් හා විමසීමෙන් යුතු හොඳ සිතක උදාව ඇතිවන්නේ ආශ්වාස ප්‍රශ්වාස සිහිය (ආනාපාන සතිය) නියම අයුරු වැඩීමෙනි.
    සෑම ලෞකික මිනිස් සිතක්ම බරවී පවතින්නේ කෙලෙස්වලටය. අවදිවූ මොහොතේ සිට නින්දට යනතුරාම පසිදුරන් සමග එක්වී නොදැනීම හා ආසාව (අවිද්‍යා හා තණ්හා) මුල්වී සිත්සතන් අපිරිසුදුභාවයට පත් වෙයි.
    එක මිනිත්තුවක් හෝ මේ ක්‍රියා සමූහයෙන් සිත මුදාගැනීම යනු චිත්ත සමාධියයි. භාවනාකිරීමේ මූලික අරමුණ වියයුත්තේද මෙයයි. වතුරට බැසගත් මිනිසෙකු උඩ යට යන්නාක් මෙන් සිතේ සමාධිය ඇතිවෙයි. නැතිවෙයි. (සෝදනවා මඩේ දානවා) වීර්යය හීන සද්ධාව නැති අයෙකුගේ සිත එකඟකරගැනීමක් මෙවැනි ඵලරහිත ක්‍රියා සමූහයකි.

    ආනාපාන සතිය දියුණු කරන්නාට ඇතුල්වෙන පිටවෙන සුළං පාරේ ස්වභාවය දැනෙන්නට පටන්ගනී. දිග කෙටි වශයෙන් තමාට හසුවන ස්වභාවය මැනවින් මෙනෙහි කිරීමෙන් සිතේ අවුල් සහිත දුබල තත්වය ක්‍රමයෙන් සීමාකර ගැනීමට අවස්ථාව සැලසේ.
    දිගට ඇතුල්වන පිටවන හුස්ම හඳුනාගත් යෝගියා එහිම කෙටිවීම, ඉක්මන්වීම දැනගනී. මෙයින් ද ඔහු දැනුවත් කරන්නේ වෙනස්වීම, අනිත්‍යය පිළිබඳවයි. මේ සඳහා කිසියම් ප්‍රමාණයක චිත්ත සමාධියක් ද අවශ්‍යය. වෙනස්වීම යනු ලෝකයේ ස්වභාවයයි. ලෝකය යනු මිනිස් සිරුරයි එහි නියම තත්වය වන මේ වෙනස්වීම දකින දහම් ඇසක් (ධම්ම චක්ඛු) උපගවා ගැනීමට මහත්සේ උපකාරීවේ.
    ආශ්වාස ප්‍රශ්වාස නොදැනීයාම ඇතැම් විට ගැටලුවක්. මේ සඳහා වූ හේතු කීපයකි. සිත බාහිර අරමුණක් කරායාම, අරමුණ සියුම්වීම, ථින මිද්ධය (වීර්යය හීනවීම) ක්‍රියාත්මකවීම. මෙහිදී යෝගියා කළ යුත්තේ සිත රදවාගත් ස්්ථානයෙන් බැහැරට නොගෙන සිටීමයි. සුලු වේලාවකදී පෙර පරිදි දැනෙන්නට දැනීම ඇතිවේ.
    පසිඳුරන් සමග ක්‍රියාත්මක වන සිතේ ස්වභාවය අරමුණෙන් බැහැරට යාමයි. ඒ අනුව සිතේ ස්වභාව දෙකක් පවතී.
    පළමුවෙන් යමක් ඉදුරන්ගේ සහායෙන් හඳුනා ගනී. එයින් නොනැවතී හඳුනාගත් දේ අල්ලාගෙන එය හොඳ නරක අවශ්‍ය, අනවශ්‍ය වශයෙන් විග්‍රහ කිරීමයි. මේ දෙකෙන් පළමුවැන්නෙන් පමණක් සෑහීමට පත්වීමට පුරුදුවිය යුතුයි. එසේ නොවන්නේ නම් සිතේ සමාධියක් මෙන්ම සසර පැවැත්ම සඳහා කර්ම රැස්කිරීම නවතාගන්නට නොහැකිවෙයි.

     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    භාවනා කිරීමෙන් බලාපොරොත්තු වන්නේ සිත දියුණුකර ගැනීමයි. දියුණුව යනු සිත මුල්වී ඇතිකර ගන්නා ලෝභ, දෝස, මෝහාදියෙන් සිදුවන දුබලකම්වලින් සිත ආරක්ෂාකර ගැනීමයි. දිගින් දිගටම භාවනාවෙහි යෙදී සිටින අවස්ථාවේ පමණක් නොව සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ දීත් සිත පරෙස්සම් කර ගැනීම මනා අවධානයෙන් යුතුව සිදුකළ යුතුයි. සිහියේ ඇති වැදගත්කම වඩාත් මෙයින් ප්‍රකටවේ. ආනාපාන පිළිබඳ සිහියෙන් ඉන්නවා යනු ජීවිතය පුරා තත්පරයක් පාසා සිහියෙන් කටයුතු කිරීමයි. ආශ්වාස ප්‍රශ්වාසයෙන් තොර ජීවිතයක් නැත්තාක් මෙන්ම සිහියෙන් තොර ජීවත්වීමක් ද නැත. සිහිය, සතිය පවත්වාගන්නේ යම් ප්‍රමාණයකට ද ඒ ප්‍රමාණයට නුවණ ද වැඩෙනු ඇත.
    නුවණ දැන හඳුනාගැනීමේ ශක්තිය මනා පුහුණුවකින් ලබාගත යුතු මහත්ම ලාභයකි. එය භාවනාකිරීම තුළින් ලබාගත හැකි බව (කුසල ධම්මෙ භාවෙතීති භාවනා) බුද්ධානුශාසනාවයි. මධ්‍යස්ථානයක් තුළ සමූහයක් වශයෙන් එක්රැස්ව භාවනාකිරීම යනු සුදුසුකම් ලද උපදේ්ශකයෙකු ඇසුරේ භාවනාව පුරුදු පුහුණුවීමයි. එතැන් සිට සමස්ත ජීවිතය පුරා සිහියෙන් හා නුවණින් අදාල කටයුතුවල යෙදෙමින් සිත රැකගැනීමට යෝගියා උත්සාහ කළ යුතුය. මේ අනුව භාවනා කළ යුතු වේලාව හා ස්ථානය පිළිබඳව ප්‍රශ්නයක් ඇති නොවේ. සිහි නුවණින් ගත කරන සෑම මොහොතක්ම කුසල් දහම් වැඩෙන අයුරු සිත ආරක්ෂාකරගත යුතුයි. පවත්වාගත යුතුයි. එය ඬයම අයුරු සිදුවෙනවා දැයි තමාගෙන්ම අසා විමසා, බැලීමේ වේලාවක් දවස තුළ මොනයම් අවස්ථාවක හෝ යොදාගැනීම වෙන්කර ගැනීම, පුරුදු කමටහන වැඩීම අනිවාර්යයෙන්ම කළ යුතු වේ.
    “සබ්බකාය පටිසංවෙදි අස්ස සිස්සාමීනී... පස්ස සිස්සාමීති සික්ඛතී.” සියලු කයම මනා ලෙස වටහා ගනිමින් ආශ්වාස ප්‍රශ්වාස කරන්නෙමි යයි හික්මෙයි. පුහුණුවෙයි. මෙහි කාය, කය යනු මනස මුල්වී සිදුවන ක්‍රියාවයි. ඒ අනුව කාය නමින් ගැණෙන කොටස් තුනකි.
    රූප කාය, මනෝ කාය, ප්‍රාණ කාය වශයෙනි. ඒ, රූපකාය යනු සතරමහා ධාතුන්ගෙන් සැදුන කාටත් පෙණෙන කයයි. මෙය ක්‍රියාත්මක වන්නේ මනස මුල්කරගෙන ය. එය මනෝ කායයි. ආශ්වාස ප්‍රශ්වාස කයකි. එය හඳුන්වන්නේ ප්‍රාණකාය නමිනි. මේ සියලුම කායයන් ඔවු නොවුන් සමග සම්බන්ධතාවයෙන් ක්‍රියාත්මක වේ. සම්බකාය, සියලු කය යනු මේ කොටස් තුනයි. මේ සියල්ල එකතුව කරන ක්‍රියාව නාම රූප පරම්පරා සැලැස්මයි.
    ආනාපාන සති භාවනාව සද්ධාවෙන් මෙන්ම වීර්යයෙන් වඩන අයෙකුගේ මානසික මට්ටම ක්‍රමයෙන් දියුණු වෙනවා යනු සිහිය හා නුවණ වෙනදාට වඩා ශක්තිමත්ව ගොනුවීමයි. එහි පවතින සාමාන්‍ය තත්වය සියලුම කාය පිළිබඳව විමසමින් දකිමින් සිහිය පිළිබඳ පුහුණුව ලබන්නාට මැනවින් ප්‍රකටවේ.
    ඇතැම් යෝගීන්ට ඇති භාවනා කිරීම ඉක්මනින් අවසන් කිරීමේ කැමැත්ත එතරම් සාර්ථක උත්සාහයක් නම් නොවේ. සිහිය වැඩෙන ප්‍රමාණයට දැනුමද ප්‍රාණවත්වන ආකාරයත් දැනගන්නා සෑම විටකම මනා ඉවසීමද ඇතිකර ගත යුතුවේ. ගමනේ ඉක්මනට වඩා අවශ්‍යවන්නේ ගමන් මග හරිහැටි හඳුනා ගැනීමයි.

    “පස්සංභයම් කාය සංකාරං අස්ස සිස්සාමීති... පස්සසිස්සාමීති සික්ඛති.” ආශ්වාස ප්‍රශ්වාස කාය සංකාරය සංසිදුවාලමින් ආශ්වාස ප්‍රශ්වාස කරන්නෙමි යයි ඉතා මැනවින් සිහිනුවණ සංවර කරගනී.

    සංඛාර යනු සත්‍ය නොදන්නා නිසා සකස්කරගන්නා දේය (අවිජ්ජා පච්චයා සංඛාරා) කාය වාග් මනො වශයෙන් ද පුඤ්ඤාභි සංඛාර අපුඤ්ඤාභි සංඛාර, ආනෙඤ්ජාභී සංඛාර වශයෙන්ද විවිධ වේ. කය වචනය සිත තිදොරින් සංඛාර ඇතිවෙන අතර කුසල් අකුසල් ඒකරාශී කිරීමෙන් ද සංඛාර ඇතිවේ.
    ආනෙඤ්ජාභි සංඛාර යනු ධ්‍යාන කුසල් සිතයි. නොසෙල්වෙන කම්පානොවන යන අදහසින් මේ නම භාවිතාවේ. මෙහි දී යෝගියාගේ සිහිය නුවණ යොමුවන්නේ කය මුල්කරගෙන ඇති කාය සංඛාරය කෙරෙහි ය. මේ දක්වා ආශ්වාස ප්‍රශ්වාස සිහියෙන් කය තුළ හඳුනාගත් ස්වාභාවික ක්‍රියාවන් ක්‍රමයෙන් මනා ඉවසීමෙන් ගොණුකරගන්නා අතර මෙතෙක් ඒවා නිසා හටගෙන තිබූ නොසන්සුංභාවය ද, සංසුන්භාවය දක්වා සංසිඳුවාගැනීම ද හොඳ සිහිය මුල්කරගෙන ඇති වෙයි.
    මෙසේ කායික ස්වභාවයන් (කායානුපස්සනාව) හඳුනාගනිමින් ඒවා ඇසුරුකරගෙන සිත එකඟවීම සංවරවීම නිසා සිත ඉඳුරන්ගෙන් මිදීම භාවනා අරමුණ සමඟ හුදෙකලාවීම ඇරඹෙයි. මේ නිසා සංඛාර හටගැනීම ද නවතී. සංඛාර සංසිඳුවමින් ආශ්වාස ප්‍රශ්වාස කරන්නෙමි යන්නෙන් ප්‍රකටවන්නේ එයයි.
    ඉඳුරන්ගෙන් හුදෙකලා වූ සිත හඳුන්වන්නේ ධ්‍යාන චිත්ත නමිනි. සමථ භාවනා වැඩීමෙන් ලබන සමාධිය යනු ද මෙයමයි. සාමාන්‍ය ජීවිතයක් ගතකරන අයෙකුට මේ චිත්ත සමාධිය දිගින් දිගට රැකගැනීම අපහසු ය. ධ්‍යාන වැඩීම සඳහා ම කැපවී සිටින සමථයානික යෝගියෙකුට සමාධි ගත සිත නොසිඳී ඉදිරියට පවත්වා ගතහැකි වෙයි. මේ ධ්‍යාන සිත වෙනස්වන නිසා කළයුතු වන්නේ විදර්ශනා භාවනා පැත්තට යොමු කර ගැනීමයි. ඒ අනුව විදර්ශනාව පහසුවන අතර මගඵල නුවණ උදාකරගැනීමට මහත් සහායයක් ද ලැබේ.
    භාවනානුයෝගියෙකු සිත නිතර සමාධියට පත්කර ගැනීමට සමත්වුවහොත් ඉඳුරන්ගෙන් සිත මිදීම නිසා සංඛාර (හොඳ නරක) මුල්කරගෙන ඇතිවන මානසික නොසන්සුන්තාවයන් සංසිඳවාගැනීමට ද හුරුවෙයි. සංසිඳවීම යනු සිතේ ඇති වූ පිරිසිදුබවින් හා පිබිදීමෙන් කාය සංඛාරයන් දැනහැඳින අවශ්‍ය ප්‍රමාණයට අඩු වැඩි කරගැනීමයි. මෙසේ හොඳ නරක පාලනය කරගැනීමට අවශ්‍ය චිත්ත ශක්තිය වැඩිවෙනවා යනු ජීවිතය සෑම අංගයකින් ම පිරිසිදු වීමයි. ශක්තිමත්වීමයි. මෙලොව ජීවිතයේ සාර්ථකත්වය උදාකර ගැනීමට මේ මානසික තත්ත්වය බෙහෙවින් උපකාරී වේ.
    බොහෝකලක සිට විඤ්ඤාණය විසින් නම් ගම් දී රැස්කරගෙන සිටින සංඛාර නොහොත් හොඳ නරක රැස්කරගැනීමට උපකාර කළ අයගෙන් (ඉදුරන්ගෙන්) මිදෙනවාත් සමඟ එම සමාධි සිත හොඳ සංවරභාවයකින්යුතුව ක්‍රියාත්මක වේ. ඒ පැහැදිලි සංවර සන්සුං සිත ප්‍රඥාව වශයෙන් හඳුනාගත හැකිය. එයින් හොඳ හොඳ වශයෙන් මෙන් ම නරක නරක වශයෙන් හඳුනාගත හැකිය. එයින් ;හාඳ හොඳ වශයෙන් මෙන් ම නරක නරක වශයෙන් ද විග්‍රහවීම නිසා නරක දේ ක්‍රමයෙන් ගිලිහීයන්නට පටන්ගනී.
    මේ චිත්ත සමාධිය ධ්‍යාන සිත ලබාගැනීම සඳහා භාවනාකරන සියලුම දෙනා වනාන්තරගත විය යුතු නැහැ. ආනාපාන සතිය හොඳින් පුහුණු වූ අයෙකුට ස්ථානය හා වෙලාව පිළිබඳ ප්‍රශ්නයක් ඇති නොවේ. එසේ ඇතිවෙනවා නම් දැනුම මෙන් ම පුහුණුව නියම අයුරු නොලබන නිසා වියහැකිය.
    සියලුම මිනිසුන්ගේ එකම පොදු බලාපොරොත්තුව යහපත් ලෙස හොඳින් ජීවත් වීමයි. ඒ සඳහා ජීව, අජීව වස්තු සම්පත්වල හිමිකරුවන්වීමට ගන්නා උත්සාහයේ සීමාවක්නම් නැත. යහපත් ජීවිතයක් උදාකරගැනීම වස්තු සම්පත්වලින් පමණක් කළ නොහැකිය. උසස් සාර්ථක ජීවිතයක් සඳහා ලබාගත යුතු මූලිකම සම්පත ප්‍රඥා සම්පත්තිය (පඤ්ඤා ජීවිං ජීවතමාහු සෙට්ඨන්ති) බව බුද්ධානුශාසනාවයි. මේ කිසිම ප්‍රමාණයක චින්ත සමාධියක් හිමිකරගත යුතු ය. මෙහි ප්‍රඥාව යනු කිසියම් විෂයයක් පිළිබඳව අනුන්දෙන සහතිකවලින් ලබන්නක් නම් නොවේ. ස්කන්ධ පහ මුල්කරගත් තමා අයත් ලෝකය පිළිබඳව තමාම සකස්කරගත් දැනුම සහතිකය නම් ඒ පිළිබඳ වූ අවබෝධඤාණයයි.

    “ඉති අජ්ඣත්තංවා... බහිද්ධාවා... අජ්ඣත්ත බහිද්ධාවා කායොකායානුපස්සී විහරති.’ තමාගේ යයි සලකනු ලබන කයෙහි ද බාහිර අනුන්ගේ කය පිළිබඳව ද තමාගේ හා අනුන්ගේ කය පිළිබඳව ද ස්වභාවය දකිමින් වසයි.
    කායානුපස්සනාවේ දී සබ්බ කාය නමින් ගැනෙන රූපකාය, මනෝකාය, හා ප්‍රාණකාය වෙන් වශයෙන් මෙන්ම එකක් වශයෙන් ගෙන සියලුම ආවේගයන් (නොසන්සුන්කම්) සංසිඳවමින් වසන යෝගියා තමාගේ කය තුළින් දකිමින් හඳුනාගත් ස්වභාවයන් තමන්ගේ නොවන බාහිර කායයන් හා සසදමින් ගතකරන අවස්ථාව මෙයින් ප්‍රකටකරයි.
    මෙහි දී තමන්ගේ කය මුල්කරගෙන ලබන ස්වභාවිකත්වය පිළිබඳ දැකීම, දැනීම, තුළින් අභ්‍යන්තර බාහිර සෑම කයකම එකම ධර්මස්වභාවයක් ක්‍රියාත්මකවන ආකාරය ද අවබෝධ වේ. සමාධිගත සිතක දියුණුවේ ප්‍රමාණය අනුව වැටහීමේ ප්‍රමාණය ද අඩු වැඩිවේ. බාහිර කායයන් ගැන අවිද්‍යා තණ්හා නිසා පවත්වාගෙන ආ නොදන්නාකම් මේ අනුව අවම කර ගැනීමට ද අවස්ථාව සැලසේ. බාහිර කායයන් නිසා මෙතෙක් ජීවිතය පුරා ඇති වූ ඇලීම් හා ගැටීම් කෙතරම් අසාරදැයි වැටහෙනවිට කිසියම් සංවේගයක් ඇතිවීම ද ස්වභාවිකය. දහසක් දෙනා අතර තමා දන්නා හඳුණන අය කෙරෙහි පමණක් ඇස හිත යොමු කළ හැකිවීමට මෙය ද සමාන කළ හැකිය.
    සිහිය හොඳින් පවත්වාගැනීමේ ඵලයක් ලෙස අවශ්‍ය දේ අවශ්‍ය අවස්ථාවේ දී හඳුනාගෙන එයට අදාළ ආකාරයට සංවරවිය හැකිය.

    ‘සමුදය ධම්මානුපස්සීවා... වය ධම්මානුපස්සීවා...... සමුදය වය ධම්මානුපස්සීවා කායස්මිං විහරති.’ කායික ස්වභාවය හටගන්නා ආකාරය ද අභාවයට යන ආකාරය ද මනා වැටහීමෙන් යුතුව දකිමින් කායානුපස්සනාවෙන් (කායික ස්වභාවයන් දකිමින්) වාසය කරයි.

    ලෝකයේ ස්වභාවය ඇතිවීම, වෙනස්වෙමින් පැවතීම හා අභාවයට පත්වීමයි. (උප්පාද, ථිති, භංග) ආනාපාන සතිය ක්‍රමයෙන් දියුණුවන විට යෝගියා ආශ්වාස ප්‍රශ්වාස මුල්කරගෙන ම ඒ තුළින් ම ඇතිවීම නැතිවීම දකින ඇස (ධම්මචක්ඛු) ශක්තිමත් කරගනී. මෙය සත්‍යබෝධයේ පළමු පියවරයි. මිනිසාගේ උපතත් සම¼ඟ ආශ්වාස ප්‍රශ්වාස වාර ගණන ඉදුරන්ගේ ශක්ති ප්‍රමාණය (දැකීමේ ඇසීමේ ප්‍රමාණය) සනිටුහන් වී ඇති බවක් ද පෙනේ. සීමාවන් ඉක්මවායන අයුරු අධික ආසාවන්ගෙන් මුලාවී කටයුතු කරන විට නොකල්හි එවැනි ශක්තීන් පිරිහීමට පත්වේ. සෑම ශක්තියකම ඇති ස්වභාවය (ඇතිවීම නැතිවීම) දැන හැදින පිරිමැස්මෙන් යුතුවම පරිහරණය කළ යුතු වේ. ඒ පිළිබඳ යහපත් මග පෙන්වීමක් මෙයින් සැලසී ඇත. කුමන දෙයකින් හෝ අන්තයට යාම බුදු දහමින් වලක්වා ඇත්තේ එම නිසා ය.

    “අත්ථිකායොතිවාපනස්ස සති පච්චුපට්ඨිතා හොති. යාවදේව ඤාණමත්තාය, පතිස්සති මත්තාය, අනිස්සිතොව විහරති, නව කිඤ්චිලොකෙ උපාදියති. එවම්පි ඛො භික්ඛවෙ භික්ඛු කායෙ කායානුපස්සී විහරති.”

    ආශ්වාස ප්‍රශ්වාස නමින් කයක් පවතීයයි කය පිළිබඳ වූ සිහිය බලවත් ව පිහිටයි. අවබෝධය දියුණුවීම පිණිස බලවත් සිහියේ දියුණුව පිණිස පවතින සිතම, මාගේ, මාගේ, ආත්මයයි අල්ලා නොගෙන වසයි. ලෝකය හා සම්බන්ධ කිසිවක් අල්ලානොගනී. මේ අනුව භික්ෂුව කය පිළිබඳ ස්වභාවය දකිමින් වසයි. ආනාපාන සතිය වඩන යෝගියා පියවරෙන් පියවර අවසානයට පැමිණ ඇත්තේ ලෝකයේ කිසිවක් අල්ලා නොගනිමින් සැහැල්ලුමනසක් කරාය. මෙතෙක් කය මුල්කරගෙන සොයා සිතාබැලූ ඔහු දිග, කෙටි, සියලු කය, කය සංසිඳීම, බාහිර අභ්‍යන්තරකාය, සමුදයවන යන සියලු පරීක්ෂණ තුළින් කායික ස්වභාවය මනාලෙස අවබෝධ ඤාණයෙන් දැකීමේ මහත්ම ඵලයවූයේ ලෝකයේ සියලු අල්ලාගැනීම්වලින් මිදීමයි. (නච කිංචි ලොකෙ උපාදයති)

    ඉරියාපථ භාවනාව

    “ ගච්ඡන්තෝවා ගච්ඡාමීති.... ඨිතොවා ඨිතොම්හීති... නිසිස්නෝවා නිසින්නොම්හීති සයානෙවා සයානොම්හීති පජනාති. යථායථාවා පනස්ස කායො පණිහිතො හෝති තථා තථානං පජානාති.”

    යන විට යන්නෙමියි සිටින විට සිටිමියි, හිඳින විට හිඳගෙන සිටිමියි, නිදනවිට නිදාගෙන සිටිමියි, හොඳින් දැනගනී, තමාගේ කය යම් ආකාරයකින් පවත්වනු ලබයි ද එය ඒ ආකාරයෙන් ම හොඳින් දැනගනී. කායානුපස්සනාවේ දී ඉරියව් පැවැත්වීම පිළිබඳ සිහිය දියුණු කරගන්නා අයුරු මෙයින් පැහැදිලි කෙරේ. උපතත් මරණයත් අතර කාලය ගතකරන සතර ඉරියව්වේ දී සතිය සිහිය මනාව පවත්වාගැනීමෙන් කායික වශයෙන් ඇතිවීමට ඉඩ ඇති සියලු වරදින් ආරක්ෂා වීමට පුලුවන.
    සාර්ථක ජීවිතයක මූලික ලක්ෂණය වන්නේ තුන්දොර ශක්ති පමණින් රැකගැනීමයි. ආශ්වාස ප්‍රාශ්වාස සිහිය දියුණුවේ ප්‍රතිඵලයක් වශයෙන් මේ ශක්තිය යෝගියාට ලැබේ. තමා ගතකරන සෑම මොහොතක් ම සිහියෙන් සිටිනවා යනු පවතින මොහොතේ ජීවත්වීමයි.
    (වත්තමානෙන යාපෙන්ති) සාමාන්‍ය ජීවිතයේ සෑම මොහොතක් ම ඉරියව් පිළිබඳ සිහියෙන් සිටීම ඉරියාපථ භාවනාවයි. එකිනෙක ඉරියව් ගැන සිහිය පවත්වා ගැනීම කෙනෙකුට පීඩාවක් කරදරයක් වශයෙන් සිතෙන්නට පුලුවන. එසේ සිතෙන්නේ එම ඉරියව් භාවනාව පිළිබඳ දැනුමක් පුහුණුවක් නියම අයුරු ලබා නොසිටීමයි. වැඩක් කරන්නාට සිහිය උපකාරයක් මිස කරදයක් නම් නොවේ.
    ආනාපාන භාවනාව තුළින් ඇති කරගත් චිත්ත සමාධිය ඉරියාපථ භාවනාව නිසා තවදුරටත් තහවුරුවේ. මේ නිසාම බොහෝ අල්ලාගැනීම්වලින් පීඩාවට පත් ව ඇති මනස අත්හැරීම් ක්‍රියාත්මක වන ප්‍රමාණයට අනුව ක්‍රමයෙන් සැහැල්ලුවට පත්වෙයි.
    ඒ සමගම අත්හැරීමෙන් දානයත් මනස සංවරවීමෙන් සීලයත් ඒ දෙකම නිසා භාවනාවත් (සිතේ මනාව ඇතිවන වැඩීමත්) නිරාමිසව සිදුවේ.පරමාදර්ශී බෝධිසත්ව ජීවිතයක විශේෂ ලක්ෂණය අත්හැරීමයි. (දානයයි) එය ක්‍රමයෙන් ජීවිතය අත්හැරීම දක්වා ම දියුණු කළහ. දාන පාරමී, දාන උප පාරමී, දාන පරමත්ථ පාරමී ( ආහාර වස්තු සම්පත්දීම, සිරුරේ අවයව දීම, ජීවිත පරිත්‍යාගය) මේ අනුව මාර්ග ඵල ජීවිතයෙන් බාහිරව බෝසත් ජීවිතයක් (ඵලදායී මනුෂ්‍ය ජීවිතයක්) සඳහා ද චිත්ත සමාධිය අවශ්‍ය බව අවධාරණය කෙරේ.
    අප සම්බුදුරදුන් (සත් සති ගතකරමින්) සක්මන් කරමින් හා වැඩහිඳිමින් ආහාරයෙන් තොරව දින 49 ක් සතර ඉරියව් මුල්කරගෙන තමන්වහන්සේගේ චිත්ත සමාධිය පිළිබඳව කිසියම් සොයා බැලීමක් කළ බව ද පෙනේ.
    මේ අනුව ඉරියාපථ භාවනාව කායික මානසික නීරෝගිභාවය සඳහා බෙහෙවින් උපකාරීවේ.

    සම්පජාන භාවනාව

    “අභික්කන්තෙ පටික්කන්තෙ... ආලෝකිතෙ විලෝකිතෙ සම්මිඤ්ජිතෙ පසාරිතෙ සංඝාටි පත්ත චීවර ධාරනෙ, අසීතේ පීතෙඛායිතෙ සායිතෙ උච්චාරපස්සාව කම්මෙ ගතෙ ඨිතෙ නිසින්නො සුත්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ්හීභාවෙ සම්පජාන කාරී හොති.”

    ඉදිරියට යාම ආපසු යාම ඉදිරිපස බලන විට, හාත්පස බලන විට අත් පා හකුලන විට, දිගහරින විට, පාත්‍ර සිවුරු දරන විට, පොරවන විට, අනුභවකිරීම, පානයකිරීම, සැපීම, රස විදීම, වැසිකිලි යාම, යන විට සිටින විට, වාඩිවූවිට, සැතපෙනවිට, අවදියෙන් සිටින විට, කථාකරන විට, නිහඬව සිටින විට කෙලෙස් නැසීමේ සිහියෙන් නුවණින් යුතුවේ.
    ඉරියාපථ සම්පජාන භාවනා දෙකේ එතරම් වෙනසක් නොපවතී. ඉරියව් සතරට ම අයත් කුඩා සිහිකිරීම් ගණනාවක් මෙහි දැක්වෙයි. කායානුපස්සනාවේ දී කය තුළ ක්‍රියාත්මක වන සෑම වෙනසක් ම සිහිකළ යුතු අනුපිලිවෙළ ගොණුකොට ඇත. ඉදිරිය හා වටපිට බැලීමේ සිට කිසිදුවැඩක නොයෙදී නිහ¼ඬව සිටින අවස්ථාව දක්වා සිහිය නුවණ මැනමින් පවත්වාගැනීමට යෝගියා සමත් විය යුතුය. ඒ අනුව බලවත් කැපවීමක් සිහිය තහවුරු කර ගැනීමට අවශ්‍යය.
    ජීවිතයක් තුළ සැනසුමත් සතුටත් උදාකරගැනීම මිනිසුන්ගේ උත්සාහයයි. දුක් පීඩා ඇති කරගැනීමට කවරෙකු හෝ අකමැතිය. සිහියෙන් හොඳ කල්පනාවෙන් කටයුතු කරන සෑම දෙනාට බොහෝ ජීවිත ප්‍රශ්න යහපත් ලෙස විසඳාගැනීමට හැකියාවක් ලැබේ. මේ සඳහා හොඳ අභ්‍යාසයක් සම්පජාන භාවනාවෙන් පුරුදු කරයි. මෙහි දී සිහිනුවණින් කලට වේලාවට ගුණ අගුණ දැන ප්‍රතිකාරකරන්නාක්මෙන් තමා කය මුල්කරගෙන සිදු කෙරෙන සියලු දේ ගැන අවදිව සිටීම ද අවශ්‍ය වේ.
    කායික වෙනස්වීම් කෙරෙහි මෙසේ සිහිනුවණ අවදිකිරීම නිසා දැකිය යුතු බොහෝ දේ පිළිබඳව අවබෝධඤාණය කයත් සිතත් සංවරව පරිහරණය සඳහා අවශ්‍ය ශක්තිය ඇතිකරනවා පමණක් නොව ඇලීම් ගැටීම් ද අඩු වී සහනශීලි මනසක් ද ඇතිවෙයි.

    කායික කුදු මහත් සියලු සිදුවීම් කෙරෙහි සිහියෙන් කටයුතු කිරීමේ දසී එම සිහිය නුවණ පිළිවෙලින් කොටස් හතරකට බෙදේ.

    1. සාත්ථක සම්පජාන 2. සප්පාය සම්පජාන 3. ගෝචර සම්පජාන, 4. අසම්මොහ සම්පජාන වශයෙනි.

    (1) ඉරියව් පැවැත්වීම සාර්ථක දැයි තීරණයකිරීම. මානසික අනුමැතියෙන් සිත මුල්වී කය තුළ ඇති වන වෙනස්වීම් සද්ධර්මාවබෝධය සහ නුවණින් යොමුවීමේ සාර්ථක – අසාර්ථක භාවයන් විමසා බැලීමයි. ප්‍රයෝජනයක් ඇති නම් පමණක් කළ යුතු බව.
    (2) ඉරියව් පැවැත්වීමේ දී එය ප්‍රයෝජනවත් වුවත් සුදුසු නුසුදුකම් සොයාබැලීම, තමාගේ පිරිසිදු මානසිකත්වය රැකගැනීමට නොහැකි ඉරියව් ගමන් ආදියෙන් වැලකීම.
    (3) අවශ්‍ය දේ පමණක් ගැනීම. අනවශ්‍ය දේ අත්හැරීම, පුරුදුකර ගෙන ආ කමටහන අත් නොහැරීම ද මෙයින් අදහස් කෙරේ.
    (4) සාත්ථක, සප්පාය, ගෝචර යන සැමදෙයක් ම ඉවසීමෙන් විමසීමෙන් ඉක්මන්නොවී ක්‍රියාකිරීම, කායික සියලු ක්‍රියාවන් සතරමහා ධාතූන්ගේ ආධාරයෙන් මනසේ නියෝගයෙන් ම සිදුවනු විනා ඒ සැමට ප්‍රධානවන සත්වයෙකු පුද්ගලයෙකු නොමැති බව වටහාගැනීම.

    ආශ්වාස ප්‍රශ්වාස සිහිය පුහුණුකිරීමෙන් ඇතිකරගත් චිත්ත සමාධියම මේ සැම අවුලක් ම ලිහා ගැනීමට උපකාරවේ.

    ජලය බෙදාහැරීමේ දී ප්‍රධාන ජලටැංකිය අපිරිසිදු නම් එයින් ජලය ගමන් කරන අතිරේක සියලුම ජලනල අපිරිසිදුවන්නේ යම්සේද එසේ ම මනසේ පිරිසිදුභාවය තහවුරු වී ඇති නම් මනස හා සම්බන්ධ අනිකුත් ආයතන අපිරිසිදුවීමට හේතුවක් නොමැත.
    ආයතන මගින් මනස අවුල්කිරීමට ද නොහැකිය. මොහොතින් මොහොත ආයතන (ඉන්ද්‍රිය) සම්බන්ධයෙන් මිදුන සිත (ධ්‍යාන සිත) ජීවිතයට සලසන මහා මෙහෙය මෙයින් අවධාරණය කෙරේ.
    සම්පජානයෙන් කෙළෙස් මැඩීමේ නුවණින් සෑම ඉරියව් පැවැත්මක් ම හඳුනාගැනීමේ යහපත් හැකියාවක් ඇති නම් ඕනෑම පිරිසක් ඇසුරු කරමින් කුමන ස්ථානයකවූවත් වාසය කිරීම ප්‍රශ්නයක් ගැටලුවක් නොවේ.
    සතර මහා ධාතුන්ගේ නිර්මාණයක් වන ශරීරය එම ධාතු ශක්තීන් අඩු කරමින් වැඩි කරමින් මනස විසින් පාලනය කරන ආකාරය ද සම්පජානයත තුළින් දැනගත හැකිය.

    පටික්කූල මනසිකාර භාවනාව

    නාම රූප දෙකේ වෙනස ඔවුනොවුන් ඔවුනොවුන්ට සහායවන අයුරු මේ සම¼ඟ මෙහෙයවන්නෙකු නැති බව ආදි ස්වභාවික සිදුවීම් සමූහයක ඇති තතු දැන ගැනීමෙන් ජීවිත බන්ධන රැසකින් මිදීමේ මග හෙලිවනු ඇත.

    ‘පුනව පරං භික්ඛවෙ භික්ඛු ඉමමෙව කායං උද්ධං පාදතලා අධො කෙස මත්ථකා තච පරියන්තං පූරං නානප්පකාරස්ස අසූචිනො පච්චචෙක්ඛති. අත්ථි ඉමස්මිං කායෙ කේසා, ලෝමා, නඛා, දන්තා, තචො’..

    මහණෙනි අනික් භාවනාවක් ගැන කියමි. භාවනාකරන පුද්ගලයා පාදවලින් උඩ හිසකේවලින් යට සම අවසන් කොට ඇති නොයෙක් අසූචියෙන් පිරුණු මේ සිරුරම සිහි නුවණින් බලයි.

    ‘සෙය්‍යථාපි භික්ඛවෙ උභතොමුඛ මුතොලි පුරා නානා විහිතස්ස ධඤ්ඤස්ස, සෙය්‍යථිදං, සාලීනං, විහීනං, මුග්ගානං, මාසානං, තිලානං, තණ්ඩුලානං, තමෙනං, චක්ඛුමා පුරිසො මුඤ්චිත්වා පච්චචෙක්ඛෙය්‍ය.’ මහණෙනි යම්සේ උඩ යට දෙපසින් මුව දෙකක් ඇති නොයෙක් වර්ගයේ ධාන්‍යවලින් පිරුණ මල්ලක්වේද (හැල්වී, වී, මුං ඇට, මෑ ඇට තල, සහල්) ඇස් ඇති පුරුසයෙක් එම මල්ල ලිහා ඒ ධාන්‍ය වෙන්කරන්නාක්මෙන් හිස සිට දෙපතුල දක්වා ඇති අපිරිසිදු දේ නුවණින් විමසා බලයි.

    පටික්කුල මනසිකාරය යනු කය තුළ ඇති දෙතිසක් කුණුවැගිරෙන කොටස් එකිනෙක ගෙන මෙනෙහි කිරීමයි. විමසා බැලීමයි. පිලිකුල් භාවනාව, අසුභ භාවනාව යන නම්වලින් ද හදුන්වනු ලබයි.
    මහා සතිපට්ඨාන දේශනාව මේ සියලුම කය අසූචියෙන් පිරුණක් ලෙස සලකා සිහිනුවණින් බලන ලෙස සඳහන් කරයි. අප ගන්නා ආහාරවලින් පෝෂණයවන සිරුර තුළ ඇති දිරාගිය කොටස් අසූචි නමින් ගනී. ආහාර පැසවා දිරායාම තුළින් දෙසතිස් කුණපකොට්ඨාස හටගනී. මේ සෑම කොටසක් ම ලේ, සැරව, මළ, මුත්‍රා, සෙම්, සොටු, කබ, කඳුලු, ඩහදිය යන කුණුවලින් ගැවසී ඇත. එම කොටස් කෙසේ, ලොම් නිය, දත්, සම් වශ(යෙන් ගෙන සිහිනුවණින් බලා පිළිකුල් සහගතව හඳුනාගැනීම මේ භාවනාව තුළින් සිදුවේ. මෙතෙක් සුභ වශයෙන් ගෙන පරිහරණය කළ තම සිරුරේ ස්වභාවිකත්වය දැන හඳුනාගැනීමෙන් ඒ පිළිබඳව අවිද්‍යා තණ්හා අඩුකරගන්නට මග සැලසේ.
    මේ සියලුම ශරීර කොටස් මගේ යයි අල්ලාගෙන සිටින නමුත්, පෝෂණයකරන නමුත් කිසිම අයෙකුට රුචි පරිදි පාලනයකර ගැනීමට නොහැකිය. එම කොටස් නිර්මාණය වී ඇති සතර මහා ධාතූන්ගේ අඩු වැඩිවීම්වලට අනුව දිරීම, දුර්වලවීම, රෝගිවීම, විරූපවීම, වේදනා ඇතිවීම, ජීවිත පුරාම ඇති වේ. අසුභ භාවනාවෙන් සිරුරේ ඇතිතතු මේ ආකාරයෙන් හඳුනාගන්නා යෝගියා කය නිසා මෙතෙක් ලද දුක්ඛ දෝමනස්සයන්ගෙන් මිදීමට මුල පුරයි.
    දෙතිස් කුණපකොට්ඨාස ධාතු වශයෙන් බෙදීමේ දී කෙස්වල සිට හිස්මොළය දක්වා ඇති කොටස් 20 පඨවී ගණයට අයත් වේ.
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0


    සනරාමර ලෝක සිවංකර අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ එක් සමයෙක්හි පන්සියයක් මහරහතන් වහන්සේ පිරිවරකොට කපිල වස්තු නුවර මහාවනයෙහි වැඩවසන සේක. එසමයෙහි දස දහසක් ලෝකධාතූ®න්හි දෙවි දේවතාවෝ බුදුරජාණන් වහන්සේ ප්‍රධාන ආරියශ්‍රාවකයන් දැකීමට පැමිණියාහුය. එසේ පැමිණි එක් දේවතාවෙක් මෙම ගාථාවෙන් බුදුන් සරණ යාමේ ආනිශංස ප්‍රකාශ කළේය.
    යම් කෙනෙක් බුදුන් සරණ ගියාහුද ඔවුහු අපායට නොයන්නා හ. ඒ බුදු සරණ ගියෝ මනුකය හැර දේව කාය සම්පූර්ණ කරන්නාහුය.
    කල්ප ගණන් තිස්සේ බුද්ධ යන වචනය පවා අසන්නට නොමැතිව තිබියදී කාලාන්තරයකින් මනුලොව පහළවන ලොවුතුරා බුදුරජාණන් වහන්සේ නිසා බුද්ධ, ධම්ම, සංඝයන රතනත්‍රය ප්‍රකට වීමෙන් මනුලොව පමණක් නොව දසදහසක් සක්වල එකම මංගල සම්මත සලකුණුවලින්, සිද්ධීන්ගෙන් ආශ්චර්යවත් ප්‍රාතිහාර්ය වලින් සියලු සත්වයන්ගේ සන්තාන ප්‍රසන්න වන්නාහ. සාධුනාදයෙන් ස්තුති පූජාවෙන් තුටු පහටු වන්නාහ. එවන් උතුම් බුදුන් දහම් සඟුන් සරණ යාමෙන් ලැබෙන ප්‍රතිවිපාක අනන්ත වන්නේ ය.
    අප බෞද්ධයන් වශයෙන් සෙසු ආගමිකයන් ඉදිරියේ අනන්‍යතාවයෙන් සිටීමට හේතු වන්නේ අවංක චේතනාවෙන් ශ්‍රද්ධාකුසල චෛතසිකයෙන් තෙරුවන් සරණ යාමයි. එබැවින් ඒ පිළිබඳව ශාස්ත්‍රීය හා ධර්මානුගත අවබෝධයක් විද්‍යාමාන විය යුතු ය.
    සරණ, සරණාගමන, සරණාගත, සරණාගමන ප්‍රභේද, සරණාගමනඵල, සංකිලේශ යන කරුණු හය කෙරෙහි සැලකිලිමත් වන්නේ නම් ඹ්ෂතාන්තය දක්වා වරක් ගත් සරණාගමනය, නොනැසී පවතින්නේ ය.
    බුද්ධාදී රතනත්‍රය සරණයාමෙන් භය, ත්‍රාසය, දුක්ඛ, පරිලාහ, හිංසනය භිෂණය නැති වන බැවින් සත්ත්වයන්ගේ එකම සරණ තිසරණයි. එවන් උතුම් තෙරුවන් පළමුව, දෙවනුව හා තෙවනුවත් පිහිට කරගෙන සරණයාම සරණාගමන නම් වන්නේ ය. ඒ සරණ ගමනය ගත් තැනැත්තා සරණාගත නමුදු වන්නේ ය.
    සරණාගමන ප්‍රභේද

    1. අත්ත සන්නීයාතන 2. තත් පරායණ 3. ශිෂ්‍ය භාවෝපගමන 4. ප්‍රණිපාත අද පටන් මම මගේ් ආත්මය බුදුන්ට බාර කරමි. දහමට සඟනටද බාරකරමි යනුවෙන් බුද්ධාදී රතනත්‍රයට ජීවිත පරිත්‍යාගයෙන් සරණයාම ‘අත්තසන්නීයාතන සරණාගමන’ නම් වේ. එමෙන්ම අද පටන් මම බුද්ධපරායණ ධම්ම පරායණ, සංඝපරායණ වෙමි යනුවෙන් සරණයාම තත්පරායණ සරණාගමන නම් වන්නේ ය. තවද මම මෙතැන් සිට බුදුරදුන් ගේ් ශිෂ්‍යයෙක් වෙමි. ධර්මයේ සංඝයාගේද ශිෂ්‍යවෙමි යනුවෙන් සරණයාම හැඳින්වෙන්නේ ශිෂ්‍ය භාවෝපගමන සරණ යන නමිනි.
    බුද්ධාදී රතනත්‍රයට අභිවාදන අංජලිකර්ම සාමීචි කර්මාදියෙහි සතත නියුක්තව සරණායාම පණිපාත සරණාගමනය යි.
    බුද්ධාදී තෙරුවන් ගුණ අනන්ත වන්නාසේම වන්දන, මානන, පූජා සත්කාර කිරීමෙන් ලැබෙන විපාකද අනන්ත වන්නේ ම ය.
    ඒවං අචින්තියා බුද්ධා බුද්ධ ධම්මා අචින්තියා
    අචින්තියේ සු පසන්නානං විපාකෝ හෝති අචින්තියෝ
    යනුවෙන් බුද්ධාදි රතනත්‍රය සිහිපත් කිරීම මහත් ආනිශංසදායක වන්නේය. ලෞකික ලෝකෝත්තර වශයෙන් සරණාගමනයේ ප්‍රතිවිපාක විවිධ වේ. එදිනෙදා ජීවිතයේ දුක්කම් කටොලු දුරුවීම, ලෙඩරෝග කායික මානසික සන්තාප දුරුවීම හා දේවමානුෂිකාදී සැප සම්පත් ඇතිවීම ලෞකික ආනිශංස වේ.
    ඒතං ඛෝ සරණං ඛේමං ඒතං සරණ මුත්තමං
    ඒතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති
    ආදී වශයෙන් බුද්ධා දී තෙරුවන් සරණගොස් චතුරාර්ය සත්‍ය ධර්මය සම්‍යක් ප්‍රඥාවෙන් දැනගන්නට උනන්දු වීම හා දැන ගැනීම ලෝකෝත්තර ආනිශංස වන්නේය.
    යෝ ධම්මං පස්සති සෝ මං පස්සති
    වශයෙන් අප බුදුරදුන් වදාළ පරිදි බුදුන් සරණ ගොස් අප පියවර තැබිය යුත්තේ ඒ උතුම් නිර්වාණ ධර්මය ප්‍රත්‍යක්‍ෂයෙන් දැන ගැනීමටය. එසේ නොව නාම මාත්‍රයෙන් බෞද්ධකම ගත් පමණින් එමෙන්ම අනවබෝධ අනුකරණයෙන් සරණයාමෙන් ගවයා පිටේ හකුරු පැටෙව්වාක් මෙන් නිසි ඵලයක් නොමැත.
    ශ්‍රද්ධාවෙන් තෙරුවන් සරණයාමත් පවිත්‍ර චේතනාවෙන් සීලය ආරක්ෂා කිරීමත්, සිහිබුද්ධියෙන් ධර්මානුධර්ම ප්‍රතිපදාව සම්පූර්ණ කිරීමත් උතුම් නිවන් පසක් කර ගැනීමෙහිලා මහෝපකාරී වේ.
    ‘යතේ්ඛෝ මහානාම බුද්ධං සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති, සංඝ සරණං ගතෝ හෝති, එත්තාවතා ඛෝ මහානාම උපාසකෝ හෝති. යනාදී වශයෙන් අප බුදුරදුන් මහානාම ශාක්‍යයන්ට දේශනා කළ පරිදි යමෙක් බුදුන් දහම් සඟුන් ගුණ දැනගෙන ශ්‍රද්ධාවෙන් සරණ යයිද ඔහුට උපාසක යන ගරුසරු නාමය අර්ථාන්විතව ආරෝපණය වේ. උපාසිකාවද එසේම වන්නේ්ය. යම් ස්ත්‍රියක් තෙරුවන් සරණ යන්නීද ඇය උපාසිකා නම් වන්නීය. ගිහි සැප හැර බුදු සසුනේ පැවිදි බව ලබන ඇය ප්‍රථමයෙන් තෙරුවන් සරණ යා මෙන් උපාසකව යළි දසසිල් සමාදානයෙන් සාමණේර ශීලයද උසස්තම සීලය වශයෙන් සලකන කෝටි සංඛ්‍යාත උපසම්පදා සීලයද ප්‍රඥා වර්ධනයද අවසානයේ චතුරාර්ය සත්‍යාවබෝධය ද යන උදාර ප්‍රතිඵල අනුපිළිවෙළින් ලබන්නේ සරණාගමනය පදනම් කරගෙනය.
    ලෞකික සරණාගමනය සංකාවෙන්, මිථ්‍යාදෘෂ්ටියෙන් නොදැනුමෙන් නිතර කිලිටි වන්නේය. එමෙන්ම ආත්මයෙන් ආත්මයට වෙනස් වන්නේ ය.
    බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි
    ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි
    සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි
    යනුවෙන් ජීවිතය පුරා තෙරුවන් සරණ යාමත් නිවන් දක්නා තුරු යාව නිබ්බාණංං සරණං ගච්ඡාමි යනාදි නයින් තෙරුවන් සරණ යාමත් තම තමන්ගේ් කැමැත්ත අනුව සිදු කරගන්නට නිදහස ඇත. උපාසක උපාසිකාවන් මහණ මෙහෙණ යන සිව්වණක් පිරිසම ශ්‍රද්ධාවෙන් ප්‍රඥාවෙන් විර්යයෙන් සිහිබුද්ධියෙන් තෙරුවන් සරණ ගොස් සීල, සමාධි, ප්‍රඥා නිතර පුරුදු පුහුණු කළ යුතු වේ.
    අතිදීර්ඝ වූ සසර සැරිසරන විට සත්ත්වයාගේ සිතට අරමුණු වන ආගමික, සාමාජික, අදහස් සංකල්පනා අපමණ ය. ඒ කිසිම අරමුණකින් හෝ චින්තාවකින් හෝ ආත්ම විමුක්තියට උපකාරයක් නොවේ. මෙතෙක් සංසාර ගමනේ අවසානයක් නොවූයේ එවන් නිෂ්ප්‍රයෝජන අරමුණු අනුව ක්‍රියා කළ බැවිනි. මෙවන් අනගි අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට නම් අචල ශ්‍රද්ධාවෙන් දිවිහිමි කොට තෙරුවන් සරණ ගොස් අර්ථාන්විත උපාසකව, අප්‍රමාදව වීර්යයෙන් සසර දුක් සදහට නිවාරණය කර ගැනීමට අදිටන් කරගත යුතු වන්නේ ය.
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    තථාගත අමාමෑණි බුදුපියාණන් වහන්සේ දේශනා කළ ධර්මය මැනවින් අවබෝධ කරගැනීමෙන් ජීවිතයේ මහා සැනසිල්ලක් ලබාගන්න පුළුවන්. සම්බුදු දහම පිළිබඳව නිතර නිතර මෙනෙහි කරන්න ඕනෑ.
    සත්‍යය කුමක්ද කියල තේරුම් ගන්න නොහැකි වූ විට හැම ක්‍රියාවක්ම කරන්නේ අනවබෝධයෙනි. අනවබෝධයෙන් ක්‍රියා කරන කොට එහි අවසාන ප්‍රථිපලය දුකයි. එනිසා පින්වතුනි, සත්‍යය අසත්‍යය තේරුම්ගෙන ජීවත් වීමෙන් මෙලොව සැනසීමත් පරලොව සුගතියක් උදාකර ගන්න පුළුවන්.
    ඉහතින් දක්වන ලද ගාථා පාඨය සඳහන් වන්නේ සංයුත්ත නිකායේ දේවතා සංයුත්තයට අයත් ජේතවනාසූත්‍රය තුළයි . එහි සඳහන් අන්දමට කර්මයද, විද්‍යාවද සමාධියද, ධර්මයද උතුම් සීලයද තුලින් සත්වයෝ පවිත්‍රත්වයට පත්වෙයි. ගෝත්‍රයෙන් හෝ ධනයෙන් පිරිසුදු නොවේ යනුවෙන් බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලා අරභයා සැවැත්නුරව ජේතවනාරාමයේදී දේශනා කරන ලදී. තවදුරටත් ධර්මය පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ
    “ තස්මා හි පණ්ඩිතො පොසො
    සම්පස්සං අත්‍ථ මත්තනො
    යොනිසො විවිනෙ ධම්මං
    එවං තත්‍ථ විසුජ්ඣති “


    නුවණැති පුද්ගලයා තමාගේ අභිවෘද්ධිය, දියුණුව යහපත දකිමින් නුවණින් දහම් රැස් කරන්නේය. මෙසේ ඒ ආර්ය මාර්ගයේ පිරිසුදු වෙයි.
    පින්වතුනි! ආර්ය මාර්ගය කියන්නේ සත්‍ය වූ උසස්ම මාර්ගයයි. පුද්ගලයා වැරැදි මාර්ගයෙන් මුදාගෙන සුමගට නිවැරැදිමගට යාමට ආර්ය මාර්ගය පැහැදිලි කළා. නුවණැති පුද්ගලයා තාවකාලික සතුටට වඩා දිගු කාලීන සැනසුම ලබන්නට මාර්ගය සකස් කරගන්නවා. තාවකාලික සතුට තුළ හැමදාම දුක පවතිනවා. එනිසා ධර්මය තුලින් සැමදා සැනසුම් ලැබිය හැකිවේ.මෙහි “ කම්මං” යන්නෙන් දැක්වූ දහම් පදය දෙස විමසා බලමු.
    “කම්මස්ස කොම්හි කම්ම දායාදො කම්ම යොනි කම්ම බන්ධු කම්ම පටිසරණො...” යනුවෙන් කර්මය සසරේ කරන ලද ක්‍රියාවන්හි දායාදයක් ලෙස විස්තර කෙරේ. කර්මය සසරේ කරන ලද කුසල් අකුසල් වලට නෑකම් කියනවා. තම ඥාතියා යහපත් නම් උදවු උපකාර තිබෙනවා. ඒ ඥාතියාම තරහ වුනොත් පලිගැනීමට පවා උත්සාහ කරනවා. කර්මයත් එහෙමයි. යහපත් ක්‍රියා අප පසුපස එන සෙවණැල්ල මෙන් අපේ සැපතට හේතු වෙනවා. අකුසල කර්ම ගොනා පසුපස ඇදගෙන යන කරත්තය මෙන් වේදනාව දුක පිණිස පවතිනවා. එසේම කර්මය භවයෙන් භවයට දායාදයක් ලෙස ගමන් කරනවා. එනිසා අපට දායාද කර ගන්නා දේ හොඳ දෙයක්ම දායාද කරගන්න ඕනෑ මොකද අපි කරන“කර්ම “ අපේ ජීවිත ගමනේ අවසන් තීරණයට පවා හේතුවෙන නිසා. ඒ බැවින් නරක ක්‍රියාවෙන් ඈත් වීමට නම් යහපත් නිවැරදි ක්‍රියාවන් වෙත සිත හුරුපුරුදු කරගන්නට ඕනෑ.යහපත් නිවැරැදි ක්‍රියාවන්ට මුල් වෙන්නේ යහපත් සිතිවිලි ඊර්ෂ්‍යාව ,ක්‍රෝධය, වෛරය, පලිගැනීම තවත් කෙනෙකුට හානි කරන බැවින් අපේ සිතට සිතිවිලි නැගුණු විට අප කල්පනා කල යුත්තේ අපේ සිත තුළ ඇතිවූ අකුසල මූල කවදා හෝ අපටම දුක පිණිස පවතින බව නුවණින් කල්පනා කරන්නට ඕනෑ. එය සංසාර ගමනේ සැනසීමට හේතු වනු ඇත.
    “ විජ්ජා” යන වචනයෙන් අර්ථවත් වෙන්නේ නූතන විද්‍යාව නොවේ. නූතන විද්‍යාවේ දැක්වෙන්නේ නිගමනයි. නිගමනය තවත් පරීක්‍ෂණයකින් නිරීක්‍ෂණයකින් වෙනස් වීමට ඉඩ තිබේ. එබැවින් එය පරම සත්‍යයද විය නොහැකිය. බුදු දහම විද්‍යාව පිළිබඳ දක්වන ආකල්පය නම් සත්‍යයි. එනම් ඇත්ත ඇති සැටියෙන් දැකීමයි. බුද්ධත්වයට පත්වන්නේද සත්‍යය කුමක්දැයි අවබෝධ කරගැනීමෙනි. ‘විජ්ජා සෙට්ඨං උප්පාදො” යන්නෙන් සත්‍යයේ උපත ශ්‍රේෂ්ඨයි යනුවෙන් හඳුන්වනවා. ලෝකයේ ධර්මය වෙනුවට අධර්ම යදින ඇතැම් දෙනා දකින්නට තිබෙනවා. අන්ධ භක්තියට යොමු කරන කණ්ඩායම් මගින් සත්‍ය වටහා නොගෙන අදුරට ගමන් කරනවා. බටහිර සමහර මිනිස්සු, “ විජ්ජා” හෙවත් ධර්මයේ සත්‍යතාව දිවි දෙවෙනිකොට සුරකිමින් ආධ්‍යාත්මික දියුණුවට කැපවෙනවා. එය අගය කල යුත්තකි. මනුෂ්‍යයා ධර්මයට ලංවෙන්නට ඕනෑ. සැනසුම තිබෙන්නට ඕනෑ හිතේ. කොයිතරම් ධනය බලය තිබුණත් හිතේ සැනසුමක් නැත්නම් ධනයෙන් බලයෙන් සෙතක් නැහැ. අඟහිඟකම් තිබෙන ඇතැම් මිනිස්සු හිතනවා සැපවත් ජීවිතයක් තිබෙන්නේ ධනය බලය තිබේනම් පමණයි කියලා. ඇත්තනම් එහෙම නැහැ. සැබෑ ධනවත්කම පවතින්නේ කෙනෙකුගේ හිතේ. තිබෙන සැනසීම මතයි එය මෙලොවට පමණක් නොවෙයි. පරලොව සුගතියටත් හේතුවෙනවා.
    “ සමාධි” කියලා මේ ගාථාවේ දැක්වෙන්නේ තමාට නො බිඳෙන සිතක් ඇතිවෙන්නට ඕනෑ. “ සීලං” කියල දැක්වෙන්නේ තමා වරදින් මිදීමට ගන්නා උත්සාහයයි. අපේ සමාජය කොයිතරම් සිල්ගන්නවද ,සීලය රැකිය යුතුයි“ සීලං සග්ගස්ස සෝපානං” සීලය නම් නිවනට යන හිණිමගයි. ඉනිමගේ ගමන්කොට එතෙර වෙන්නට ඕනෑ. ධර්මය පහුරකට උපමා කළ බුදුන් වහන්සේ පෙන්වා දුන්නේ ධර්මය අවශ්‍ය මේ සසර කතරින් එතෙරවීම සඳහායි. සීලයෙන් සමාධියට යා යුතුයි. සමාධිගත පුද්ගලයාට කැඩෙන්න සීලයක් නැහැ. ඔහු වරදින් ඈත් වූ කෙනෙක් සමාධියේ ඉඳගන ඊටත් එහාට යන්නට ඕනෑ. ඒ තමයි ප්‍රඥාව කියල කියන්නේ. සීල, සමාධි, ප්‍රඥාවෙන් තමයි නිවන් දකින්න තිබෙන මග. එහි අනුගමනය කලයුතු කාරනා අටක් තමයි ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ දක්වලා තිබෙන්නෙ. ඒ උතුම් මග අනුගමනය කළ උතුමන් සසර කතරෙන් නිදහස් වී නිවන් දුටුවා.
    අපද ඒ උතුම් නිවන් මග යාමට වැරැදි ක්‍රියාවන්ගෙන් නිදහස් වී යහපත් නිවැරැදි ක්‍රියාවන් අනුගමනය කරන්නට ඕනෑ.අවිද්‍යාව නමැති අන්ධකාරයේ නොසිට මනසින් ධර්මය දකින්නට ඇත්ත ඇති සැටියෙන් දකින්නට, ධර්මය අවබෝධ කරගන්නට ඕනෑ. මේ වස් කාලය තුල කුසල් කිරීමෙන් බිනර පුන් පොහෝ දිනය අර්ථවත් කරගෙන ජීවිත යථාර්ථය අවබෝධ කර ගැනීමට අදිටන් කරගන්න.
    ඔබට තෙරුවන් සරණින් සැනසුම ලැබේවා!