නයිවල දරුවා හා හේතුවාදීන්....

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    මට ඔයා වාග් විද්‍යාව හරහා Rationalist පැහැදිලි කරන්න උත්සහ කරන හින්දා මේක සදහන් කරන්නම්. ඔය Rationalist කියන සංකල්පය මුලින්ම ඇතිවෙන්නේ 14වෙනි සියවසේ විතර යුරෝපයේ කතෝලික පල්ලිය විසින් කරපු දේවධර්ම ඉගැන්වීම් වලට විරුද්දව පොතෙස්තන්ත කණ්ඩායම්වල අනුග්‍රහයෙන් විද්‍යාත්මක මතවාද ගෙනල්ලා කතෝලික පල්ලියට අබියෝග කරපු මිනිස්සු හදුන්වන්න. ඔය Rationalist වචනේ ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්ෂ ඥානයෙන් එහා ගිය දෙයක් ගැන කතාකරන්නේ නෑ. ඇත්තටම විද්‍යාවත් එහෙමයි. දැන් එහෙම කීවා කියලා මම රාවනා විකාරයි, නාථ දෙයියෝ හරි කාලි හරි බෙහෙත් කරනවයි කියන ගොඩට දාන එපා.

    අනේ දෙයියනේ මම දැනුම හැදෙනහැටි දන්නේ නෑ ....එකනේ පිළිගන්න පුළුවන් විදිහට පහදලා දෙන්න කියලා මම මේකේ මුලින්නම් කිවේ... කවුරුත් වටේ යනවා මිසක් උත්තර දෙන්නේ නෑ නේ ...
    පෙරදිග අයට 14 වෙනි සියවසෙන් එහාට ගිය ක්‍රිපූ 6 වෙනි සියවසේදිම ඔය සම්බන්ධව තියෙන හොදම පැහැදිලි කිරීම ලැබිල තියෙනව ඉතින් ඇයි එතන නවතින්නෙ.
    බටහිර අය භාවිතා කරන විද්‍යවෙන් 100% ප්‍රතික්ෂේප කරන්නෙ නෑ මනස කියන එක ( https://plato.stanford.edu/entries/dualism)

    දැනුම හැදෙන හැටි මේකෙ ටයිප් කරල නන් උගන්නන්න බෑ ඉගෙන ගන්නව නන් යූස් කරන්න ඕනි දේවල් ටික කියන්නන්
    https://en.wikipedia.org/wiki/Buddhist_philosophy

    න්‍ය‍යබින්දු, මිළින්ද ප්‍රශ්නය, ( අභිධර්මය) වගේ පෙරදිග ඒව කියවල

    බටහිර දැනුමෙන් ඔය ගැනතියෙන පැහැදිලි කිරීම් බලන්න.
    https://plato.stanford.edu/entries/artificial-intelligence/
    https://plato.stanford.edu/entries/dualism
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    පුනර්බවය හරි පුනුරුත්පත්තිය හරි මොකක් උනත් කමක් නෑ ඔය ළමයට නිදහසේ ඉන්න දීපල්ලා යූටියුබ් දදා හිඟාකන්නේ නැතිව. මුන් පුදුම සක්කිළිනේ
    බලවනකෝ දැනටම ඔය ලමයව පරීක්ෂණ වලට යවන්න්න් හදනවා😁😁😁
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Kohomahari meke inna eunta one mokakhari pavichchi karala buddhagamata paharagahanna 😂
    pawkarayo
    oya lamaya tawa tikakalayakin me hamadeyakma nawetenna puluwan eith modaminissu lamayawa vikunsn kanna hadanawa minssunta giya atmawala dewal kiyana ada eye una deyak neme podikale lamai ohoma una dewl godak man ahala tiyanawa mage friend kenekuth podi kale oya wage kata tikak kiyala habaei loku wenkota ewa amataka wela gihin...munta itin buddgama gana me deyak danne nati eun Buddhism walin explanation hoyanw. Tamange wedakk bala ganinko nika paw puroganne natuwa
     
    Last edited:

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    පෙරදිග අයට 14 වෙනි සියවසෙන් එහාට ගිය ක්‍රිපූ 6 වෙනි සියවසේදිම ඔය සම්බන්ධව තියෙන හොදම පැහැදිලි කිරීම ලැබිල තියෙනව ඉතින් ඇයි එතන නවතින්නෙ.
    බටහිර අය භාවිතා කරන විද්‍යවෙන් 100% ප්‍රතික්ෂේප කරන්නෙ නෑ මනස කියන එක ( https://plato.stanford.edu/entries/dualism)

    දැනුම හැදෙන හැටි මේකෙ ටයිප් කරල නන් උගන්නන්න බෑ ඉගෙන ගන්නව නන් යූස් කරන්න ඕනි දේවල් ටික කියන්නන්
    https://en.wikipedia.org/wiki/Buddhist_philosophy

    න්‍ය‍යබින්දු, මිළින්ද ප්‍රශ්නය, ( අභිධර්මය) වගේ පෙරදිග ඒව කියවල

    බටහිර දැනුමෙන් ඔය ගැනතියෙන පැහැදිලි කිරීම් බලන්න.
    https://plato.stanford.edu/entries/artificial-intelligence/
    https://plato.stanford.edu/entries/dualism
    සහෝදරයා ඔයා යමක් පැහැදිලි කරන්න උත්සහා කරන එක මම අගේ කරනවා. නමුත් ඔයාම ටික වෙලාවකට කලින් කියපුවා හෙමින්ම මහහරින්න හදනවනේ ...

    ඔයා කියලා තිනුනා “මේ විදියට තමා හේතුවාදින්ට
    ඉන්ග්‍රීසියෙන් කියන්නෙ Rationalist කියල.”

    එහෙම කියපුවහම ඒ ඉංග්‍රීසි වචනයේ අර්ථ උප්පත්තිය ගැන මම පැහැදිලි කරා...

    දැන් ඔයා කියනවා “
    පෙරදිග අයට 14 වෙනි සියවසෙන් එහාට ගිය ක්‍රිපූ 6 වෙනි සියවසේදිම ඔය සම්බන්ධව...”

    මහත්තයෝ පෙරදිග ඉංග්‍රීසි බෂාවක් තිබුනේ නෑනේ ...මම පැහැදිලි කරේ ඔයා මට පැහැදිලි කරන්න ආපු “Rationalist” කියනන ඉංග්‍රීසි වචනය පිටුපස තියන බටහිර අදහස. මමත් හොදටම දන්නවා පෙරදිහ ඊට ගොඩක් එහටගිය දැනුමක් තිබුනා කියලා. ...කන්න ඕන උනහම කබරයා තලගොයා කරගන්න එපා...!

    ක්‍රිපූ 6 වෙනි සියවටත් එහා ගිය හෙතුපලවාදී දැනුමක් ආසියාවේ තිබුනා .... නමුත් ඔයා කියාගන ආපු බටහිර "Rationalist"ලා ඊටවඩා වෙනස් !! මම මුලින්ම කිවේ ඕකනේ

    අනේ internet එකෙන් ගත්ත ලින්ක් නම් දාන එපා. මමත් දහස් ගානක් දැන්නම් ඕනෙනම්.

    හැබැයි තවම දැක්කේ නෑ වගේ මගහැරලා යන මගේ මුලික ප්‍රශ්නයට (මගේ නොදන්නා කම නිසා ) උත්තර දුන්නේ නෑ නේ .... එකට තමන් විස්වාස කරන මතවාදය ඇතුලේ උත්තරයක් හොයාගන්න බැරුව වාග් විද්යාව වටේ යන්න එපා ...
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,086
    5,359
    113
    මම අදුරන අපේ ගෙවල් පැත්තෙත් පොඩි මල්ලි කෙනෙක් ඉන්නව. එයත් ඉස්සර එහෙම කලින් ආත්මයක් ගැන. දවසක් tv එකේ පෝය දවසෙ බණ වැඩසටහනක් යනකොට මේ මල්ලි දැකල තියනව එක ගෑනු කෙනෙක්. එයා කෑ ගහල තියනව මේ අපේ අම්ම අපේ අම්ම ග ගා. ඕක වෙන්න කලින් එයා ඉස්සර ඉදන්ම එක එක දේවල් කියල තියනව කලින් ආත්මෙ ගැන. මම හාමුදුරුවෝ කෙනෙක් වෙලා හිටියෙ.

    ඒ පන්සලේ ලොකු හාමුදුරුවෝ කොස්සකින් ගහල අසනීප වෙලායි මම මැරුනෙ මේ වගෙ ගොඩක් දේවල් කලින් ඉදන්ම කියල තියනව. පස්සෙ මේ tv එකේ ගියපු එකත් එක්ක මේ අම්මල ඒක හොයන්න අරන්. රූපවාහිනී සංසංස්ථාවට ගිහින් කියල ඒ program එකේ cd එකක් අරන් ඇවිල්ල. කොහොම හරි ඒ අම්මලව හොයාගෙන ගිහිල්ල. පස්සෙ ඒ කලින් ආත්මෙ අම්මයි කලින් ආත්මෙ මේ මල්ලි කියපු දේවලුයි ඔක්කොම ඇත්ත. ඒ අට කොස්සෙන් ගහපු හාමුදුරුවෝත් ඉන්නවලු තාම. පස්සෙ ඒ පන්සලටත් ගිහින් ගියහම කියල ඔව් එහෙම වැරද්දක් උනා එහෙම දේවල්. ඉතින් මේ මල්ලි ඓහෙ යන්න කලින් කිය්පුවයි එහෙ ගියාට පස්සෙ කියපු දේවලුයි ඔක්කොම සමානයි. දැනටත් කලින් ආත්මෙ අම්මල තාත්තල කාලෙකට සැරයක් මෙහෙ එනව යනව ඇවිල්ල කෑම බීම අනන් මනන් දෙනව. හැමෝටම එහෙම මතක් වෙන්නෙ නෑ. හැබැයි අපි හැමෝම පුනුරුප්පත්තියකින් ආපු අය තමා.

    බුදු රජාණන්වහන්සේගේ ධර්මයට අනුව අපි මැරිලා පටිච්ච සමුප්පන්නව ඉපදීමක් තියනව නැවත. ඒක බෑ කියන්න බෑ. ඒ කියන්නෙ අපි කරපු කියපු දේවල් අනුව අපි කරපු කුසල් අකුසල් අනුව අපිට ඊළග භවය සකස් වෙනව. ඒ වගේම අපි මැරෙන මොහොතෙ අපිට දැනෙන අවසාන චුති සිත තමා ඊළඟ භවය කොහෙද කියල තීරණය වෙන්න තියෙන ලොකුම සාධකය.

    අපිට මැරෙන මොහොතෙ අපි කරපු කුසලයක් මතකයට ආවොත් අපි සුගතියෙ උපදිනව. ඒ වගේමයි. අපි කොච්චර පින් කරල තිබ්බත් අන්තිම මොහොතෙ අපි කරපු අකුසලයක් මතක් උනොත් අපිට දුගතිගාමී වෙලා උපදිනව. හැබැයි මේ අවසාන චුති සිත කියන දේ අපිට හිතල ගන්න පුළුවන් දෙයක් නෙමේ. ඒක අපි කරල තියන කුසල්.අකුසල් අනුව අපිට ඒ වෙලාවෙ සිතට එන දෙයක්. අපිට හිතල සිහි නුවනින් මැරෙන්න නම් අපි කුසල් දහම් වඩන්න ඕන.

    මම දැකල තියන ගොඩක් පුනුරුප්පත්ති කතා තියනව ඒව ගොඩක් වෙලාවට වැඩි හරියක් accident එකකින් වෙන දේවල්. මොකද එගෙම එක පාර හිතාගන්න බැරුව මැරෙන අයට අවසන් චුති සිතක් එන්න වෙලාව ගොඩක් අඩුයි.
    කොහොම උනත් අපි මේ ළමය ගැන කොච්චර තර්ක කලත් පුනුරුප්පත්තියක් කියල. එයාට විතරක් නෙමේ අද අපිත් මේ පුනුරුප්පත්තියකින් තමා ඇවිල්ල ඉන්නෙ. වැඩේ තියෙන්නෙ අපිට මතක නෑ. එච්චරයි.

    හැබැයි අපි දැන් මෙහෙම මිනිස්සු වෙලා හොද ජීවත ගත කරන විදිහට ඉපදිල ඉන්නෙ අපි කලින් මැරෙන මොහොතෙ අපේ අවසන් චුති සිත කුසල් කරපු දේවල් වලින් මතක් වෙලා ඒ වගෙම ඒ ආතම භාව වල ගොඩක් කුසල් කරපු නිසා කියලත්, මේ ආත්මෙදි අපි ධර්මයේ හැසිරෙන් නැනැතුව කුසල් දහම් වඩන් නැතුව අකුසල්ම කරනව නම් ඊළඟ භවයත් කොයි වගේ වෙයිද කියල මතක තියාගන්න
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    සහෝදරයා ඔයා යමක් පැහැදිලි කරන්න උත්සහා කරන එක මම අගේ කරනවා. නමුත් ඔයාම ටික වෙලාවකට කලින් කියපුවා හෙමින්ම මහහරින්න හදනවනේ ...

    ඔයා කියලා තිනුනා “මේ විදියට තමා හේතුවාදින්ට
    ඉන්ග්‍රීසියෙන් කියන්නෙ Rationalist කියල.”

    එහෙම කියපුවහම ඒ ඉංග්‍රීසි වචනයේ අර්ථ උප්පත්තිය ගැන මම පැහැදිලි කරා...

    දැන් ඔයා කියනවා “
    පෙරදිග අයට 14 වෙනි සියවසෙන් එහාට ගිය ක්‍රිපූ 6 වෙනි සියවසේදිම ඔය සම්බන්ධව...”

    මහත්තයෝ පෙරදිග ඉංග්‍රීසි බෂාවක් තිබුනේ නෑනේ ...මම පැහැදිලි කරේ ඔයා මට පැහැදිලි කරන්න ආපු “Rationalist” කියනන ඉංග්‍රීසි වචනය පිටුපස තියන බටහිර අදහස. මමත් හොදටම දන්නවා පෙරදිහ ඊට ගොඩක් එහටගිය දැනුමක් තිබුනා කියලා. ...කන්න ඕන උනහම කබරයා තලගොයා කරගන්න එපා...!

    ක්‍රිපූ 6 වෙනි සියවටත් එහා ගිය හෙතුපලවාදී දැනුමක් ආසියාවේ තිබුනා .... නමුත් ඔයා කියාගන ආපු බටහිර "Rationalist"ලා ඊටවඩා වෙනස් !! මම මුලින්ම කිවේ ඕකනේ

    අනේ internet එකෙන් ගත්ත ලින්ක් නම් දාන එපා. මමත් දහස් ගානක් දැන්නම් ඕනෙනම්.

    හැබැයි තවම දැක්කේ නෑ වගේ මගහැරලා යන මගේ මුලික ප්‍රශ්නයට (මගේ නොදන්නා කම නිසා ) උත්තර දුන්නේ නෑ නේ .... එකට තමන් විස්වාස කරන මතවාදය ඇතුලේ උත්තරයක් හොයාගන්න බැරුව වාග් විද්යාව වටේ යන්න එපා ...
    දැනුම බටහිරටවත් පෙරදිගටවත් අයිති නෑ. එහෙම වෙනව නන් එක්කො බුද්ධාගම බොරු වෙන්න ඕනි නැත්තන් විද්‍යව බොරු වෙන්න ඕනි. Rationalism කියන වචනෙට 14 වෙනි සියවසට එහා ගිය අතීතයක් තියෙනව. පයිතගර්ස්ල පවා ඒ ගොඩට දාන්න පුළුවන්. පයිතගරස් රහත් හිමි නමක් කියලත් වාදයක් තියෙනවනෙ. ඔයා ඉරිගහගෙන වෙන් කරාට ඔය ඔක්කොම එකම දේ ගැන තමා කතා කරන්නෙ.

    "පෙර කරපු කර්මය නිසා ඒ ළමයට උපතේදී ලැබිල තියෙන මොළේ නියුරෝනවල සැකැස්ම."

    සරලම පැහැදිලිකීර්‍රිම ඔච්චරයි ඕක ගැන ඔයා අහපු ප්‍රශ්නෙට හේතුව දැනුම හැදෙන හැටි ගැන නොදන්නාකම. ඉන්ටනෙට් එකෙන් රිසෝස් දැම්මෙ ලග තියෙන පොත් වල නෝට් ඵොටෝ ගහල දාන්න බැරි නිසා. කියවල තියෙන දේවල් විතරයි දාන්නෙ එතන දාස් ගාණක් නන් නෑ. අනික දැම්මෙ ඉගෙන ගන්න කැමත්තක් තියෙනව නන් බලන්න ඕනි කොටස් ගැන විතරයි.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    Rationalism - "any view appealing to reason as a source of knowledge or justification".

    මේක අනුව නන් මේ වෙනකන් ලෝකෙ ඉදපු හොදම rationalist වෙන්නෙ බුදුහාමුදුරුවො. ඒත් ඉතින් අදවෙනකොට rationalist කියන්නෙ හේතුවාදින්ට නිසා බුදුහාමුදුරුවන්ට ඒ තැන නෑ.

    පුනර්භවය කියල ගොඩක් තැන්වල භාවිතා කරාට බුදුදහමට අනුව ඕක වෙන්නෙ කොහොමද කියල පැහැදිලි කරන්න පුළුවන් අය ඉන්නෙ බොහොම පොඩි ප්‍රමාණයක්.
    ගොඩක් අය කොපි පේස්ට්ල.

    අනාත්ම සන්කල්පය දේශනා කරපු බුදුන්ව ආත්ම සන්කලපයට පටලවල දැම්මෙ හින්දු බුද්ධාගම එක්ක මික්ස් කරන්න හදපු අය.අද මෙහෙ ඉන්න වික්ටෝරියන් බුඩිස්ට්ල ටික ඒක හොදට පොලිශ් කරනව.

    මේ පද හතරවත් ලන්කාවෙ බුද්ධාගම අදහන අය තේරුන් ගත්තොත් ගොඩක් දේවල් වෙනස් වෙයි. නැත්තන් ඉතින් හැමදාම කාගෙ හරි ඇජෙන්ඩ එකකට වැඩ කරන නාට්‍යවලට අප්පුඩි ගහගහ ඉදි

    ඉමස්මිං සති ඉදං හොති – මෙය ඇති කල්හි මෙය වෙයි.
    (හේතුව පවත්නා කල්හි ප‍්‍රතිඵලය පවතී.)
    ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති – මෙය ඉපදීමෙන් මෙය උපදී.
    (හේතුව හට ගැනීමෙන් ඵලය හටගනී.)
    අමස්මිං අසති ඉදං නහොති – මෙය නැති කල්හි මෙය නොවේ.
    (හේතුව නොපවත්නා කල්හි ප‍්‍රතිඵලය නොපවතී.)
    ඉමස්ස නිරොධා ඉදං නිරුජ්ඣති – මෙය නිරුද්ධ වීමෙන් මෙය නිරුද්ධ වේ.
    (හේතුව නැතිවීමෙන් ප‍්‍රතිඵලය නැතිවේ.)

    https://www.thripitakaya.org/sutta/index/808

    බුද්ධ විෂය ලෝක විෂය කර්ම විෂය අචින්ත්‍ය යයි. තථාගතවරයෙකුට පමණක් සාධාරණයි කිව්වුහම
    උන්වහන්සේ "බුද්ධිවාදී" කියන දේ බිඳ වැටෙනවනෙ?

    ඔය වගේම තවත් සමහරු කියනවා තථාගතයන් "ආනුභූතිකයි" කියලා. මොකද ඉන්ද්‍රියන් මුල්කරන් දැනුම ගොඩනගන නිසා.

    ඔය දෙක එක ලඟ එක කාලෙක (අදටත්) කම්පීට් කරපු දර්ශන දෙකක්. ඔය දෙකින් එකකටවත් තථාගතයන්ව වත් උන්වහන්සේගේ ධර්මය වත් ඔබ්බවන්න බැහැ කියලා තමයි මම හිතන්නෙ.

    නමුත් ධර්මය පිළිබඳ මනා අවබෝධයක් ඇති බුද්ධපුත්‍ර යතිවරයෙකුගෙන් ඔය ප්‍රශ්නය ඇසුවාම කියන්නෙ,

    " තථාගතයන්ව හෝ උන්වහන්සේගේ ධර්මය එහෙම එක සීමාවකට (මොකක් හරි ඉසම් එකක්, emphirisicms, rationalism) කොටු කරලා දක්වන්න ඕනෙ නම් වඩාත්ම ගැලපෙන්නෙ යාවදේවism. යාවදේව කියන වචනය උන්වහන්සේ නිර්වචනය කරනවා "හුදෙක්" කියලා.

    ඒකියන්නෙ මේ ධර්මයේ ඥානය යනු හුදෙක්ම මතු ඉහල ඥාණයට යන්න භාවිත කරන පදනමක් විතරයි. ඊලඟ ඥාණයට ගියහම පසු ඥානය වැඩක් නැහැ අතහැරලා දාපු පාරුවක් වගේ. අන්තිමට තියෙන්නෙ හුදෙක් ගමනක් විතරයි.

    ඒ වගෙම බටහිර සංකල්ප වලට බුදුදහම ඔබ්බ වන්න හදනවා කියන්නෙ පොඩි හතරැස් පෙට්ටියකට ඊට ලොකු බෝලයක් දාන්න හදනවා වගේ වැඩක්. ඉන් කන්ටෙක්ස්ට් තේරුම් ගන්න උත්සහ කරන්න ඕනෙ.
    (අද ප්‍රචලිත බටහිර සංකල්ප විරෝධී/බටහිර විරෝධී බවක් හෝ ඒ දැනුම පහත් කිරීමක් මට නැති අතර පැහැදිලි කිරීමට පමණක් ඒ වචනය යොදාගෙන ඇත)
     
    Last edited:
    • Like
    Reactions: Champ HB

    Mincha

    Active member
  • Apr 3, 2019
    202
    115
    43
    ජන්ප්‍රිය වෙන්න ගහපු ප්ලැනක් වෙන්න ත් පුලුවන්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අහසේ භාවනා කළා කියන කොටසම ඇති මේක අලි බින්නයක් කියන්න
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    බුද්ධ විෂය ලෝක විෂය කර්ම විෂය අචින්ත්‍ය යයි. තථාගතවරයෙකුට පමණක් සාධාරණයි කිව්වුහම
    උන්වහන්සේ "බුද්ධිවාදී" කියන දේ බිඳ වැටෙනවනෙ?

    ඔය වගේම තවත් සමහරු කියනවා තථාගතයන් "ආනුභූතිකයි" කියලා. මොකද ඉන්ද්‍රියන් මුල්කරන් දැනුම ගොඩනගන නිසා.

    ඔය දෙක එක ලඟ එක කාලෙක (අදටත්) කම්පීට් කරපු දර්ශන දෙකක්. ඔය දෙකින් එකකටවත් තථාගතයන්ව වත් උන්වහන්සේගේ ධර්මය වත් ඔබ්බවන්න බැහැ කියලා තමයි මම හිතන්නෙ.

    නමුත් ධර්මය පිළිබඳ මනා අවබෝධයක් ඇති බුද්ධපුත්‍ර යතිවරයෙකුගෙන් ඔය ප්‍රශ්නය ඇසුවාම කියන්නෙ,

    " තථාගතයන්ව හෝ උන්වහන්සේගේ ධර්මය එහෙම එක සීමාවකට (මොකක් හරි ඉසම් එකක්, emphirisicms, rationalism) කොටු කරලා දක්වන්න ඕනෙ නම් වඩාත්ම ගැලපෙන්නෙ යාවදේවism. යාවදේව කියන වචනය උන්වහන්සේ නිර්වචනය කරනවා "හුදෙක්" කියලා.

    ඒකියන්නෙ මේ ධර්මයේ ඥානය යනු හුදෙක්ම මතු ඉහල ඥාණයට යන්න භාවිත කරන පදනමක් විතරයි. ඊලඟ ඥාණයට ගියහම පසු ඥානය වැඩක් නැහැ අතහැරලා දාපු පාරුවක් වගේ. අන්තිමට තියෙන්නෙ හුදෙක් ගමනක් විතරයි.

    ඒ වගෙම බටහිර සංකල්ප වලට බුදුදහම ඔබ්බ වන්න හදනවා කියන්නෙ පොඩි හතරැස් පෙට්ටියකට ඊට ලොකු බෝලයක් දාන්න හදනවා වගේ වැඩක්. ඉන් කන්ටෙක්ස්ට් තේරුම් ගන්න උත්සහ කරන්න ඕනෙ.
    (අද ප්‍රචලිත බටහිර සංකල්ප විරෝධී/බටහිර විරෝධී බවක් හෝ ඒ දැනුම පහත් කිරීමක් මට නැති අතර පැහැදිලි කිරීමට පමණක් ඒ වචනය යොදාගෙන ඇත)
    මගේ අදහස උනේ ඒ සම්බන්ධ කොටු කිරීමක් නෙවෙයි පැහැදිලි කිරීමක් විතරයි.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    ගෙදර පොඩි එකෙක් හැදෙනවා නම් ඕක අමුතුවෙන් පැහැදිළි කරන්න ඕන නැහැ.

    මිනිස්සුන්ගේ මොළය සුපර් කම්පියුටර් එකක්, සෛල බිලියන ගානක් කනෙක්ට් වෙලා තියෙන්නේ,

    ඉතින් පුංචි එකෙක් බලන්න, ඌ රෑට නිදාගන්නකොට හීනෙන් කතා කරනවා, හීනෙන් බය වෙනවා, මොකද හේතුව, දවල් දකින දේවල්, අහන දේවල් මොළයෙන් ප්‍රොසෙස් කරලා ස්ටෝ කරන නිසා, ඒ කියන්නේ මොළයේ අලුත් කනේක්ෂන්ස් ඇති කරගන්නවා කියන එක. ඒ නිසා විවිඩ් ඩ්‍රීම්ස් පෙනෙනවා, මොළය රෑට නිදාගන්නේ නෑ නේ ඒ නිසයි ඉගෙනගන්න අයෙක්ට හොඳ නින්දක් ඕන කියන්නේ.

    දැන් පොඩි එකෙක් හීනෙන් බය වුනාට, වැඩිහිටි වුනහම එහෙම වෙනවා අඩුයි, ඇයි ඒ? අපි වැඩිහිටි වෙනකොට අපේ බ්‍රේන් එක අත්දැකීම් ගොඩක් විඳලා ඉවරයි, අමුතුවෙන් ප්‍රොසෙස් කරන්න දෙයක් නෑ,

    දැන් පොඩි එකෙක් කියන්නේ වේගයෙන් ඉගෙනගන්න මැෂින් එකක්, අවට පරිසරයේ ඇහෙන දේවල් උන් ධාරණය කරගන්නවා, දේවල් එකක් දෙකක් කනෙක්ට් කරලා මීනීන් එකක් තියෙන දෙයක් කියනවා, කරනවා.

    පොඩි කාලේ භාෂා කීපයක් ඇහෙනකොට ලන්වේජ් පැටර්න් එක තැන්පත් කරගන්නවා. ඉස්සර ජපන්නුන්ට සමහර උච්චාරණ කරන්න බැරි වීම, ඉන්දියන් එවුන්ගේ අමුතු උච්චාරණය, දැන් අඩු වෙලා තියෙන්නේ පොඩි කාලේ ඒ පැටර්න් වලට පුරුදු කරපු නිසා.

    දැන් ඔය පුනරුත්පත්ති විශ්වාස කරන්නේ දකුණු ආසියාවේ රටවල. පොඩි එකෙක් උපන්නම අපි කියනවා මේ හාදය අපේ අහවලා වගේ, අහා පොඩි එකා නටන්න දක්‍ෂයි, සන්ගීතයට දක්ෂයි මෙයා අහවලා වගේ නේ? මෙයා අපේ සීයා වගේ ම නේ? එහෙම කියනකොට පොඩි එකා ඒවා අහගෙන කනෙක්ට් කරලා මීනීන් එකක් හදාගන්නවා. දැන් බලන්න පොඩි උන් හරි පණ්ඩිත කතා කියනවා අහල නැද්ද? ඒ විදිහට කතා කරන්නේ ඔය ඉගෙනගැනීමේ ක්‍රියාවලිය නිසා.

    ඕනෑම පොඩි එකෙක් ආසයි වාහන වලට, කොල්ලෙක් නම් රතුපාට කාර් එකකට. පුනරුත්පත්ති කියවන හැම පොඩි එකාම වගේ රතුපාට කාර් එකකින් ගිහින් ඇක්සිඩන්ට් වෙලා පාවෙලා ඇවිත් ඉපදිලා, මෙහෙම කතා කියන්නේ පොඩි උන් දවල්ට අහන දේවල් නිසා, ඇක්සිඩන්ට් ගැන අපි නිතර කතා කරනවා, ඉතින් පොඩි උන් මේ වගේ දේවල් උන්ගේ කතා වලට එකතු කරලා වැඩි දියුණු කරගෙන වඩාත් හොඳ කතාවක් කියනවා, පුනරුත්පත්ති කතා නොකරන රටවල් වල ඔය සීන් නැත්තේ ඒ මිනිස්සු ඒ ගැන කතා නොකරන නිසා,

    සමහර ළමයි ඉන්නවා උපතින්ම විශේෂ හැකියාවන් තියෙන අය, භාෂා කීපයක් ඉගෙනගන්න, ගණිතය, සංගීතය චිත්‍ර කලාව වගේ දේවල් වලට දක්ෂ ළමයි ඉන්නේ පුනරුත්පත්තිය නිසා නෙවේ, උන් බුද්ධිමත්/ මොළය වයරින් වෙලා තියෙන්නේ ඒ ඒ විශේෂ හැකියාවකට අනුව.
    Exactly.
    Mona punuruppaththida ban, this is just unconscious accelarated learning
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මගේ අදහස උනේ ඒ සම්බන්ධ කොටු කිරීමක් නෙවෙයි පැහැදිලි කිරීමක් විතරයි.

    එහෙමනං උන්වහන්සේ ඔයා කිව්ව විදිහට " හොඳම Rationalist" (බුද්ධිවාදියෙක්) කියන්න බැහැ. උන්වහනිසේගේ ඉගැන්වීම් තුල Rational (බුද්ධිවාදී) ලක්ශන තියන තැන් තියනවා කිවහැකි යි. rational-IST වීම එකක්. ඉගැනිවීම් වල Rational තැන් තිබීම තව එකක්.

    වෙනස තේරුනා කියලා හිතනවා...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඔය මොනවද බං... ඔ්කට කියන්නේ කාල්පනික මනස.... යූටියුබ්, වීඩියෝස් බලපුවාම තමන් සැබෑ ලෙසම අත් නොවිදි දේවල් තමන්ගේ අත්විදීම් බවට මනසේ තැන්පත් වෙනවා.... ඒ ඔස්සේ කාල්පනික මනසක් ඉබේම ගොඩ නැගෙනවා.... හැබැයි මේ ලමයගේ කාල්පනික ශක්තිය නම් මරු.... උපතින්ම හොද බුද්ධි මට්ටමක් හා ධාරණ ශක්තියක් තියෙන ළමයෙක්....
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    එහෙමනං උන්වහන්සේ ඔයා කිව්ව විදිහට " හොඳම Rationalist" (බුද්ධිවාදියෙක්) කියන්න බැහැ. උන්වහනිසේගේ ඉගැන්වීම් තුල Rational (බුද්ධිවාදී) ලක්ශන තියන තැන් තියනවා කිවහැකි යි. rational-IST වීම එකක්. ඉගැනිවීම් වල Rational තැන් තිබීම තව එකක්.

    වෙනස තේරුනා කියලා හිතනවා...
    ඔව් ස්තූතියි
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    දැනුම බටහිරටවත් පෙරදිගටවත් අයිති නෑ. එහෙම වෙනව නන් එක්කො බුද්ධාගම බොරු වෙන්න ඕනි නැත්තන් විද්‍යව බොරු වෙන්න ඕනි. Rationalism කියන වචනෙට 14 වෙනි සියවසට එහා ගිය අතීතයක් තියෙනව. පයිතගර්ස්ල පවා ඒ ගොඩට දාන්න පුළුවන්. පයිතගරස් රහත් හිමි නමක් කියලත් වාදයක් තියෙනවනෙ. ඔයා ඉරිගහගෙන වෙන් කරාට ඔය ඔක්කොම එකම දේ ගැන තමා කතා කරන්නෙ.

    "පෙර කරපු කර්මය නිසා ඒ ළමයට උපතේදී ලැබිල තියෙන මොළේ නියුරෝනවල සැකැස්ම."

    සරලම පැහැදිලිකීර්‍රිම ඔච්චරයි ඕක ගැන ඔයා අහපු ප්‍රශ්නෙට හේතුව දැනුම හැදෙන හැටි ගැන නොදන්නාකම. ඉන්ටනෙට් එකෙන් රිසෝස් දැම්මෙ ලග තියෙන පොත් වල නෝට් ඵොටෝ ගහල දාන්න බැරි නිසා. කියවල තියෙන දේවල් විතරයි දාන්නෙ එතන දාස් ගාණක් නන් නෑ. අනික දැම්මෙ ඉගෙන ගන්න කැමත්තක් තියෙනව නන් බලන්න ඕනි කොටස් ගැන විතරයි.

    සමස්ත මිනිස් කුලකයට හෝමෝ සේපියන්-සේපියන් කියලා කීවට ඒ කුලකය ඇතුලේ කළු මිනිස්සු , සුදු මිනිස්සු යනාදී වශයෙන් නොයෙකුත් උප කුලක හදුනා ගන්න පුළුවන්. ඒ වගේම දැනුම එකක් විදිහට සැලකුවට ඔයා ඔලුවෙන් හිටගන කීවත් බටහිර දැනුමේ ආවේනික ලක්ෂණ ටිකකුයි , පෙරදිග දැනුමේ අවේනික ලක්ෂණ ටිකකුයි පැහැදිලිව හදුනාගන්න පුළුවන්.

    උදා: පෙරදිග දැනුම් දම්ප්‍රදායේ තියන ත්‍රිකෝටික (ඇතැම්විට බහු කෝටික) චින්තනය බටහිර දැනුම් කුලකයේ නෑ.. ඔවුන්ගේ ඉතා පැහැදිලිවම තියෙන්නේ ද්විකෝටික සංකල්ප.

    පයිතගර්ස්ල පවා තර්කානුකුල මත ඉදිරිපත් කලාට, ලතින් සම්බවයක් එක්ක හැදුනු ඉංග්‍රීසි බෂාවේ “Rationalism” කියන යෙදුම බාවිතා කරන්න පටන් ගත්තේ 14 වෙනි සියවසේ ඉදන් දේවධර්මයට විද්‍යාවෙන් අබියෝග කරන්න පටන්ගත්තු පිරිස් හදුන්වන්න. ඔයා මට Rationalism වචනේ තේරුම ඉගන ගන්න කිවනේ ..එකයි මම ඒක ඔයාට මතක් කරේ.

    "පෙර කරපු කර්මය නිසා ඒ ළමයට උපතේදී ලැබිල තියෙන මොළේ නියුරෝනවල සැකැස්ම."

    මේ ඔයාගේ විග්‍රහයනේ ....> එහෙනම් යම් දවසක මොලේ නියුරෝන අපට ඕන විදිහට සකසන්න පුළුවන් උනොත් ඒ මොලේ ඇතුලේ විඥානය / දැනුම බිහිවෙනවා !!!! -- එහෙමද ? ඔයා හිතන්නේ ඔයා කියන විදිහට දැනුම හැදෙන්නේ නියුරෝන හැදෙන විදිහට කියලද ??? දැනුම පිටිපස නියුරෝන සැකැස්මට එහා කිසිවක් නැද්ද ??

    මේවට තමයි පස්චාත් භාගයෙන් හිනා යනවා කියන්නේ !!!
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    එහෙමනං උන්වහන්සේ ඔයා කිව්ව විදිහට " හොඳම Rationalist" (බුද්ධිවාදියෙක්) කියන්න බැහැ. උන්වහනිසේගේ ඉගැන්වීම් තුල Rational (බුද්ධිවාදී) ලක්ශන තියන තැන් තියනවා කිවහැකි යි. rational-IST වීම එකක්. ඉගැනිවීම් වල Rational තැන් තිබීම තව එකක්.

    වෙනස තේරුනා කියලා හිතනවා...
    මම හිතන්නේ නෑ මේ මනුස්සයා ඕක දැනගන හිටියා කියලා.

    හේතුවාදීන් යැයි කියාගන්නා සෙට්එක කියන බුද්ඩ්වාදී තර්ක පංච ඉන්ද්‍රියට ගොචරවෙන සිමාවෙන් අවසන් වෙනවා ...බුදුන්ගේ පටිච්ච්සමුප්පාදය පංච ඉන්ද්‍රියට ගොචරවෙන සිමාවෙන් දැනුමෙන් පිටට යනවා !