නයි දිලිත්ගේ, නයි අරුණේ, කැළණි පාලමේ ඇණ ගැලවීමේ කතා වස්තුව ..!

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ජපන් රජයේ ණය ආධාර මත අලුතින් ඉදිකර 2021 නොවැම්බර් මාසයේ විවෘත කරන ලද නව කැලණි පාලම අනතුරකට හෙළමින් මත්කුඩුවලට ඇබ්බැහිවූවන් රුපියල් කෝටි 28 කට අධික වටිනාකමකින් යුත් තඹ කම්බි හා ඇණ මුරුච්චි ගලවාගෙන ගොස් ඇතැයි නයි දෙරණට අයත් අරුණ පුවත් පත පසුගිය 14 දා වාර්තා කළේ ය. එය ලියා තිබුනේ තිස්ස රවින්ද්‍ර පෙරේරා ය. මෙම වාර්තාවේ සත්‍ය අසත්‍යතාවය විග්‍රහයට ලක් කරන වජිර ද සිල්වා තම ෆේස්බුක් පිටුවේ තබන ලද සටහන ඇස් අරවන සුළුය එය සම්පූර්ණයෙන් පහත දැක්වේ.

    යකඩ ඇණ කතා වස්තුව කෙසේද යත්..!​

    2023 ජූලී 14 වනදා වන විට රුපියල් 28 කෝටියක් යනු ඩොලර් 875,866 කි. එදින ම, යකඩ කිලෝ එකක ජාත්‍යන්තර මිල ඩොලර් 0.1124 කි. ඒ අනුව රුපියල් කෝටි 28 ක යකඩ යනු කිලෝ 7,792,402 ක යකඩ ය.

    එක ඇණයක් කිලෝ 5 ක් ලෙස ගතහොත් සැදිය හැකි ඇණ ගණන 1,558,480 කි.

    අමු යකඩ මිලට නැතිව නිෂ්පාදන වියදමත් ප්‍රවාහන, ආදායම්, ලාභ ගලපා රුපියල් කෝටි 28 කට හදන්නට හැකියාව ඇත්තේ ඔය ගණනින් හරි අඩකැයි සිතුවද සැදිය හැකි ඇණ ගණන 779,240 කි.

    දවසකට ඇණ 1000 ක් බැගින් ගැලවූව ද, ඔයඇණ ගණන ගැලවීමට දවස් 779 ක් හෙවත් අවුරුදු 2 ක් ගත වේ.

    මේ හොරකම හොරෙන් පොල් කඩනවා වගේ වැඩක් නොවන නිසාත්, මහා පරිමාණ යන්ත්‍ර සුත්‍ර භාවිත කළ බවක් නොපෙනෙන නිසාත්, කුඩ්ඩන්ගේ වැඩක් යැයි කියන නිසාත්, උපරිම වාසිය තැබුවත් දිනකට ඇණ 100 කට වඩා ගලවතැයි සිතීමට කිසිදු හැකියාවක් නැත.

    ඒ නිසා අඩුම ගණනේ ඔය ඇණ ප්‍රමාණය ගැලවීමට අවුරුදු 21 ක්වත් යා යුතුය.

    නව කැළණි පාලම විවෘත කළේ 2021 නොවැම්බර් 24 ය . එදා සිට අද දක්වා දින 599 කි. ඒ අනුව ඇත්තටම දිනපතා කුඩ්ඩන් ඇණ ගැලෙව්වා කියා සලකතොත් දිනකට ගැලවිය යුතු ඇණ ප්‍රමාණය 1300 කි. එනම් සෑම විනාඩියකටම ඇණයක් බැගින් නොනවත්වා ගැලවිය යුතුය

    එහෙම බලන විට අපි කාගේ කාගේත් කිරිපල්ල ඉක්මනින් අත ගා ඇණ මුරිච්චි ඉතිරි වී ඇත්දැයි බලා ගැනීමට කාලය එළඹ ඇත.

    ඕවා ආරක්ෂා කරන්නට අධික්ෂණය කරන්නට පඩිකන අයගේ ඇණ මුරිච්චි පරික්ෂා කර කර ඉන්නවාට වඩා රක්නා ලංකා එකට ආරක්ෂාව භාර දීම ප්‍රායෝගිකය

    අමු යකඩ හා නිෂ්පාදිතය අතර අනුපාතය 10:1 ක් ලෙස ගතහොත්:

    ඒ කියන්නේ ඇණ 77,924 ක්. එක ඇණයක් (සවිකරලා ඉවරවෙනකොට කියලා හිතුවත්) රුපියල් 4000 ක් ගිහිල්ලා තියෙනවා එකකට. ඒත් දිනපතා නොනවත්වා ඔය දවස් 599 ට දවසකට ඇණ 130 ගානේ, පැයකට ඇණ 5 ගණනේ පැය 24 ම ගලවන්න ඕනී. දවල් දවසෙ නැතිව හවස 6 උදේ 6 ගැලෙව්වොත් පැයකට 10 ගානේ ගලවන්න ඕනී.

    ගලවපුවා මිලදී ගත්තේ සත්‍ය වටිනාකමින් 1/4 කට කියලා හිතුවත් ,රුපියල් මිලියන 70 ක් ගෙවන්න පුළුවන්, ගබඩා පහසුකම් තියෙන එකෙක් මිළ දී ගන්න ඕනී. ඒ කවුද?

    පසු එකතු කිරීම..​

    කැලණි පාලමේ කෝටි 28ක ඇණ ගැලවලා කියනවනේ. ඕකේ නොගැලපෙන තැන් කීපයක් තියෙනවා.

    පලවෙනි කාරණේ තමා වටිනාකම. ඕකට දාලා තියෙන ඇණ බොහෝවිට M48 බෝල්ට් සහ නට් වෙන්න පුලුවන්. (M48 කියන්නෙ බෝල්ට් ඩයමීටර් එක මිලිමීටර් 48ක්) සමහරවිට ඊට වඩා සයිස් කීපයක් අඩු හෝ වැඩි වෙන්නත් පුලුවන්. (ඒ කියන්නෙ M32 හෝ M52 වගේ). කොහොම වුනත් එවැන්නක ප්‍රයිස් එක ඩොලර් 80-100 වගේ. ලංකාවේ සල්ලි වලින් 17500 ක් 22500 ක් වගේ. ඒ කියන්නෙ ඔය කියන වටිනාකම එන්න ඇණ 12,500 ක් වගේ ගලවන්න ඕන. මුලු පාලමටම එච්චර ඇණ තිබ්බද කියලා සැකයි.

    දෙවෙනි කාරණේ ඔය ඇණයක් සාමාන්‍ය මනුස්සයෙකුට ගලවන්න පුලුවන් ද කියන එක. ඕක ග්‍රේඩ් 8.8 බෝල්ට් එකක් කියලා ගත්තොත් (සාමාන්‍යයෙන් ඔය වගේ ඇප්ලිකේෂන් වලට ගන්නෙ ග්‍රේඩ් 8.8) ඕක තද කරන්න නිව්ටන් මීටර් (Nm) 5000ක විතර ටෝර්ක් එකක් ඕන වෙනවා. ගලවන්නත් ඒ ගානම හෝ ටිකක් වැඩි අගයක් ඕන වෙනවා. සාමාන්‍යයෙන් අතින් තියා ස්පැනර් එකකින්වත් ඒ වගේ ටෝර්ක් එකක් දාන්න බෑ. ගොඩක් වෙලාවට ගන්නෙ ඔය වගේ ඇණ තද කරන්න තියෙන හයිඩ්‍රොලික් ටූල් එකක්. ඒකක් සාමාන්‍ය මනුස්සයෙක් ගාව තියෙයිද කියන එකත් සැකයි. එහෙම නැත්තං M48 ඉම්පැක්ට් ස්පැනර් එහෙකට දිග යකඩ පොල්ලක් හයි කරලා අනික් කෙළවරට කුළුගෙඩියකින් ගහන්න ඕන. ඒකට ඉතිං සෑහෙන වෙලාවක් යනවා. අනික හොරෙන් කරන්න නං බෑ, පැත්ත පළාතටම ඇහෙනවා.

    ඊලඟ කාරණේ ඔය වගේ ඇණ ප්‍රමාණයක් ගලවන්න යන වෙලාව. සාමාන්‍යයෙන් ඔය සයිස් එකේ බෝල්ට් ගලවලා හයිකරලා තියෙන හන්දා කියන්නෙ, ඔය එක ඇණයක් ගලවන්න අඩුම විනාඩි 5 ක්වත් යනවා. (අර හයිඩ්‍රොලික් ටූල් එකක් පාවිච්චි කළත්). එහෙම බැලුවොත් ඇණ 12,500ක් ගලවන්න විනාඩි 62,500 ක් නැත්තං පැය 1041ක් නැත්තං දවස් 43 ක් යනවා. ඒ අඩුම මිනිස්සු දෙන්නෙක් ස්පෙෂල් ටූල් එකක් අරන් නොකා නොබී වැඩ කළොත්. එහෙම දවස් ගාණක් ‍යනකං මොකෙක්වත් ඕක දැක්කෙ නැත්තං ඒක ලොකුම ප්‍රශ්නයක්.

    මං කියන්නෙ නෑ කැළණි පාලමේ ඇණ ගලවලා නෑ කියලා. මං කියන්නෙ ඔය කියන තරම් ප්‍රමාණයක් ගලවන්න විදියක් නෑ කියලා

    -වජිර ද සිල්වා තැබූ ෆේස්බුක් සටහනකි​

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ඔය පාලම ගිනස් පොතට දාවි යකොව්.
    ඇණ ටික ඔක්කොම වගේ ගලවලත් තාම පාලම යහතින් තියෙනවා 😂😂

    koti 28ta ganan hadaddi fix karapu ewatath wada wediyen galawalau. ithin balapanko.
     
    • Haha
    Reactions: shenat

    monson

    Well-known member
  • May 7, 2007
    25,825
    29,063
    113
    delete ජයවීර නයි අරිනවා තමයි ඒවුනාට මේක ලියපු එකා පත හෑලි ලියන්න කලින් හොයල බලන්න ඕනෙනේ :lol: . ඇන විතරක් නෙමෙයි
    හොරකන් කරන්නේ .

    "“Panel boards on the lights, downpipes, cables, and CCTV cameras outside the Kelani Bridge are the ones that are being targeted by these petty thieves. The bridge itself is safe. It is not possible to take off steel nuts and bolts from the bridge even over a span of five days, let alone in a matter of a few hours. In addition, cables for the lighting system on the Katunayake Expressway have also been stolen,” he explained." - https://www.themorning.lk/articles/zxC5lOOaPz02GIYcSFh7

    Police personnel were stationed near panel boards at Kelani Bridge and highways after a string of thefts that took place recently incurring a loss of Rs 275 million, Director General of the Road Development Authority L.V.S. Weerakoon said today.

    This was revealed in a news briefing held today (14) where he said the losses caused due to the removal of such accessories on the New Kelani Bridge, Katunayake, Central and Southern expressways had been estimated at a sum of approximately Rs. 275 million.

    "As a result of the damage done to the cable system on the Katunayake Expressway, we are unable to provide lights on a stretch of 13 kilometres along the expressway. - https://www.dailymirror.lk/breaking...ries-from-Kelaniya-Bridge-highways/108-263182

    It has been revealed that drug addicts have salvaged copper wire and nails worth more than 28 crore rupees, jeopardizing the new Kalyani bridge named as Golden Gate Kalyani, which was newly built with the aid of the Japanese government loan. Sri Lanka Latest News

    It has also been revealed that the copper wires inside the concrete covers have been removed by breaking the concrete covers secretly at night. Currently, a loss of 286 million rupees (28 crores) has been revealed.

    In addition, it has been revealed that people who drink drugs have even cut the electric wires with high currents on the Katunayake-Colombo Expressway and because of this, it is impossible to turn on the lights on the expressway at night. This was revealed at the National Security Council which met last Tuesday (11) under the chairmanship of the President. - https://mawratanews.lk/news/drug-ad...om-new-kelini-bridge-i-sri-lanka-latest-news/
     
    • Like
    Reactions: windows_ubuntu

    Sen-lu

    Well-known member
  • delete ජයවීර නයි අරිනවා තමයි ඒවුනාට මේක ලියපු එකා පත හෑලි ලියන්න කලින් හොයල බලන්න ඕනෙනේ :lol: . ඇන විතරක් නෙමෙයි

    ඔය කඩපු තැන්වල ෆොටෝ එකක්වත් නැති එකනෙ බං වැඩේ කියන්නෙ.
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඒකෙක් fb post ඒකට මෙහෙම reply කරල..

    ''තර්ක ඔක්කොම හරි වුනත් . ඔයා කුඩ්ඩෝ ගැන දන්නේ නෑ...කුඩු ගහන්නේ කිසිම අධ්‍යානයක් නැතී අය පමණක් නොවේ..හොද කාර්මික ඤාණය තියෙන අයත් කුඩු ගහනවා..''
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,484
    113
    Nowhere
    CCTV camera හොරකම් කරන්නේ කොහොමද බං 24/7 මොනිටර් කරනවා කිව්වේ කලින්
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,906
    113
    🤍
    ඒකෙක් fb post ඒකට මෙහෙම reply කරල..

    ''තර්ක ඔක්කොම හරි වුනත් . ඔයා කුඩ්ඩෝ ගැන දන්නේ නෑ...කුඩු ගහන්නේ කිසිම අධ්‍යානයක් නැතී අය පමණක් නොවේ..හොද කාර්මික ඤාණය තියෙන අයත් කුඩු ගහනවා..''
    ai ban me comment style eka hamoma follow krnne .. ugath kiyala penannnada
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    ඇයි තොපි ඔය මගුලේ චැනල් එක බලන්නෙ? මට නම් ඔය උට්ටෝ බලන්න වටින කිසිම දෙයක් නෑ.
     
    • Like
    Reactions: haunte and SDCR

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    @2osama පොන්ස් මෙහෙ වරෙන් , මෙන්න උබෙලගේ අන්ටිජන් delete ජයවීර රක්න ලංකා එකට බිස්නේස් එකක් අරන් දීල 🤭 😂

    delete ජයවීර නයි අරිනවා තමයි ඒවුනාට .....................................................
    see more.... 😂
    ------ Post added on Jul 18, 2023 at 12:15 AM