


පෙරදින රෑ ඒ වේc මගේ නාසයට එල්ලකල කොහුමිටි පහරත්,නළලට එල්ලකල හැඳිමිටි පහරත්,කනට එල්ලකල කුඩමිටි පහරත්,කම්මුලට එල්ලකල වැලමිටි පහරත් නිසා මගේ මුහුණේ සුරූපී බවද ස්වල්පයක් අඩුවී මුහුණ තඩිස්සි වී තිබිණි.කෙසේ වෙතත් උදෑසන ඇගේ රෙදිටික සෝදා දී දවල් හොද්දට පොල් බෑයකුත් ගා දී කක්කුස්සිය සහ නානකාමරය සෝදා දීමෙන් පසු හෝම්ස් හමුවීමට යාම සඳහා ඇගෙන් මට අවසරය ලැබිණි.