නරකම_වෙබ්_අඩවිය

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    නරකම_වෙබ්_අඩවිය

    ලෝකයේ නරකම වෙබ් අඩවිය

    myspace_logo2.jpg


    වර්තමානයේ අන්තර්ජාලයට මුදාහැර ඇති වෙබ් අඩවි ප‍්‍රමාණය ගිණි ය නොහැකි තරමේ වෙයි. ඒ අතරින් අතිවිශාල මුදලක් ආයෝජනය කැර නිර්මාණය කළ වෙබ් අඩවි සේම, කිසිඳු මුදලක් වියදම් නොකර තමන් විසින් ම නිර්මාණය කළ වෙබ් අඩවිද වෙයි.මිලියන ගණනක් වූ අන්තර්ජාල සැරිසරන්නන් ගේ සිත පැහැරගත හැකි වෙබ් අඩවියක් නිර්මාණය කිරීම ඉතා අසිරු කටයුත්තකි. ඊට වෙබ් අඩවියක ඇති අභ්‍යන්තර තොරතුරු සමුදාය සේ ම, පිටත නිර්මාණශිලිභාවය ද බලපානු ලබයි. මේ කරුණු දෙක ම අවම වශයෙන් හෝ අසමාන බවක් දන්වන්නේ නම්, එම වෙබ් අඩවියට පැමිණෙන්නන්ගේ සංඛ්‍යාවේ අඩු බවක් දක්වයි.

    විවිධ ආයතන සහ සඟරා මගින් අන්තර්ජාලයේ ඇති හොඳ ම වෙබ් අඩවි තේරීම සිදුකරනු ලබන අතර නරකම වෙබ් අඩවි තේරීම ද සිදු කරනු ලබයි.පී. සී. වර්ල්ඩ් සඟරාව පසුගියදා නරකම වෙබ් අඩවි 25 තේරීම සිදුකරනු ලැබුවේය. පහත දැක්වෙන්නේ එසේ තෝරාගනු ලැබූ නරක ම වෙබ් අඩවි ලැයිස්තුවේ වෙබ් අඩවි කීපයක විස්තරයි.

    1. මයිස්පේස්මෙම වෙබ් අඩවිය ලොව නරක ම, නැතහොත් අසාර්ථක ම වෙබ් අඩවියේ පළමු ස්ථානයට පැමිණීම බහුතරයකගේ පුදුමයට හේතු වී ඇත. එල්විස් පෙ‍්‍ර්ස්ලි, අයිස්කි‍්‍රම් හෝ ඇමරිකන් අයිඩල් ජයග‍්‍රහකයා ට වඩා ජනපි‍්‍රය, මිලියන 90 ක පරිශිලකයන් අත්පත් කරගෙන සිටින මයිස්පේස් වෙබ් අඩවිය මෙසේ පහළට වැටී ඇත්තේ එහි අඩු නිර්මාණශිලිතාවය හේතුවෙනි.මයිස්පේස් හි වෙබ් පිටු කුණාටුවකට හසු වූ කුඩා දරුවකුගේ නිදන කාමරයකට සමාන කැර ඇත. අතිවිශාල පින්තූර සහිත පිටු කීපයක් එකවර විවෘත කිරීමට උත්සාහ කළොත් පරිගණකය හිරවීම නිතැතින් ම සිදුවනු ඇත.

    2. සිඩී යුනිවර්ස්ඊ යුනිවර්ස් සමාගමට අයිති මෙම වෙබ් අඩවිය ඔවුන්ගේ ගනුදෙනුකරුවන් 390,000ක ගේ ක්‍රෙඩිට් කාර්ඩ් අංක තැන්පත් කොට තිබුණි. 1991 දෙසැම්බරයේදී රුසියානු පරිගණක දත්ත සොරකු වන මැක්සිට් මේ වෙබ් අඩවියේ දත්ත ගබඩාවට ඇතුළු වී ගනුදෙනු කරුවන්ගේ ක්‍රෙඩිට් කාඩ් අංක සොරකම් කැර, එම සමාගමෙන් ඩොලර් ලක්‍ෂයක කප්පමක් ඉල්ලා සිටියේ ය. සමාගම කප්පම් ගෙවීම ප‍්‍රතික්‍ෂේප කිරීමෙන් පසු මැක්සිම් විසින් ක්‍රෙඩිට් කාර්ඩ් අංක 25,000 ක් වෙබ් අඩවියට මුදාහරිනු ලැබුවේය. මේ තත්ත්වයත් සමඟින් වෙබ් අඩවියේ අනාරක්‍ෂිත භාවයක් ඇතිවිය . ඒ සමඟින් ගනුදෙනුකරුවන් මේ වෙබ් අඩවිය සමඟ ගනුදෙනු කිරීම අත්හරිනු ලැබුවේය.

    3. ඕල් ඇඩ්වාන්ටේජ්මෙම වෙබ් අඩවියේ පළවන වෙළෙඳ දැන්වීම් නරඹන පුද්ගලයකුට, පැයකට ඩොලර් ශත 50 ක් ගෙවීමට වෙබ් අඩවිය කි‍්‍රයාකර ඇත. එසේම මේ වෙබ් අඩවියට ඈදා ගනු ලබන පුද්ගලයකු වෙනුවෙන් ඩොලර් ශත 10ක් ගෙව්වේය. වෙබ් අඩවියට පිවිසෙන්නන්ගේ කාලය මැනීම සඳහා විව්බාර් නම් විශේෂිත මුල්බාර් එකක් පිහිටවා ගත යුතු විය.මේ මගින් වෙළෙඳ දැන්වීම් ලබා ගෙන, ඩොලර් මිලියන 139 ක් උපයා ගැනීම සහ මිලියන 2ක පරිශීලකයක් ප‍්‍රමාණයක් බඳවා ගැනීම සමාගමේ අරමුණ විය. එහෙත් සමාගමේ අරමුණු මුදුන්පත් කැර ගත නොහැකි වූයේ අවශ්‍ය පරිදි වෙළෙඳ දැන්වීම් ලබාගත නොහැකි වීම නිසා ය. මේ තත්ත්වය එම වෙබ් අඩවියේ කඩා වැටීමට හේතු වූයේ පරිශිලකයකන් එම වෙබ් අඩවිය අතහැරයාම නිසාය.

    4. රෙබිස් ෆො කිඩ්ස්කුඩා දරුවනට ජලභීතිකාව වැළැඳීම පිළිබඳ විස්තර අඩංගු වෙබ් අඩවියකි. මෙහි බල්ලකුගේ කොටස් කරන ලද මොළයක ඡායාරූපයක් අඩංගු කැර තිබීම මෙම වෙබ් අඩවියට අඩු ජනපි‍්‍රයත්වයක් ලැබීමට හේතු විය.

    5. මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් අප්ඩේට්භාවිත කිරීමට අපහසු වෙබ් අඩවියකි. ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝර සෙවුම් යන්ත‍්‍රය හැරෙන්නට වෙන යෙවුම් යන්ත‍්‍ර මගින් මෙම වෙබ් අඩවියට පිවිසිය නොහැකිය.


    අන්තර්ජාලය ඇසුරින්