නරලොව (කෝච්චි) පෙරේරාට දෙව්ලොවින් පණිවුඩ&#3514

කඩවර

Member
May 14, 2011
30
2
0
නරලොව (කෝච්චි) පෙරේරාට දෙව්ලොවින් පණිවුඩ&#3514

දෑග සව්වන් වහන්සේලා වන්දනාව අපේ සමාජයේ නැති තරම්. උන්වහන්සේලාගේ පින්වත් බව හදූනන්නේ අද සමාජයේ කිහිප දෙනෙක් පමනයි. උන්වහන්සේලාගේ සරණටත් වඩා දේවාල වල දෙවියන්ගේ සරණ පතන පිරිස අද සමාජයේ වැඩියි.
සරළ උදා හරනයක් කියන්නම්.කුඩා දරුවන් පොත් අත තබන අවස්ථාවේ නැති නම් අකුරු කියවන අවස්ථාවේ සරස්වතී පූජාවක් සිදු කිරීමටත් ගන දෙවියන්මුල් කරගෙන එම කටයුත්ත කිරීමටත් අද සමාජම පෙළඹිලා තියෙනවා. බෞද්ධයන් හැටියට අපි මේ කටයුත්තේ දී මූලික කරගතයුත්තේ බුදුරජානන් වහන්සේ හැරුනුකොට සැරියුත් මහ තෙරුන් වහන්සේ නේද? සරස්වතී පුජාවත් ගන දෙවියන්ගේ පූජාවත් සිදු කලාට වරදක් නෑ. නමුත් බෞද්ධයන් වශයෙන් බුදුරජානන් වහන්සේත් සාරිපුත්ත මහරහතන් වහන්සේත් සිහි කර මේ කටයුත්ත සිදුකලා නම් හොඳයි කියන එක තමයි මගේ අදහස.

දෑග සව්වන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා වැඳ නමස්කාර කරගන්නට ශ්‍රී ලාංකීය අපිට අවස්ථාව දැන් ලැබිලා තියෙනවා. ඒ 17-18-19 තෙදින තුල සිරස වෙසක් කලාපය බේබෲක් පෙදෙසේදී. (කොළඹ 02). පුළුවන් කමක් තියෙනවා නම් මේ මාහැඟි අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න.
විශේෂයෙන්ම ඉගෙන ගන්නා දරුවන්ට සාරිපුත්ත මහ තෙරුන්ගේ ධාතු වන්දනාමාන කර ගැනීම මහත්පල මහානිශංෂගෙන දෙනවා කියන එක ඇත්තක්.

මේ කටයුත්ත සංවිධානය කරන සිරස ආයතනයට ස්තුතිය පුද කරන්නත් කැමතී.

2600 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් Mr.පෙරේරාගෙන් හැමෝටම පොඩි දහම් තිලිණයක්. සෑම දෙනාගේම දැනුම වර්ධනයට උපකාරී වේවා!
හැමෝටම ප්‍රීතිමත් වෙසඟක්
තෙරුවන් සරණයි.

කුඩාකල පටන්ම දෑග සව්වන්ගේ පින්වත් බව මට කියා දුන් ගයාන් චාණුන විදානපතිරන සොයුරාට විශේෂ ස්තුතිය.

කඩවර හාමුදුරුවො හිරිදිරියෙම එළකිරියට බැස්ස ගමන් නර ලොව (කෝච්චි) පෙරෙරාගෙ පණිවුඩේ දැක්කා. ඒක කොච්චර බෞද්ධද කියලා එතුමට තේරුම් කොරල දෙන්න කඩවර හාමුදුරුවන්ට ඕන වුනා. ආං ඒකයි කඩවර විමානෙ ඉඳලා මේ පෝස්ට් එක ලියන්නේ.

දැන් නර ලොව (කෝච්චි) පෙරෙරා මෙහෙම කියනවා

බෞද්ධයන් හැටියට අපි මේ කටයුත්තේ දී මූලික කරගතයුත්තේ බුදුරජානන් වහන්සේ හැරුනුකොට සැරියුත් මහ තෙරුන් වහන්සේ නේද? සරස්වතී පුජාවත් ගන දෙවියන්ගේ පූජාවත් සිදු කලාට වරදක් නෑ. නමුත් බෞද්ධයන් වශයෙන් බුදුරජානන් වහන්සේත් සාරිපුත්ත මහරහතන් වහන්සේත් සිහි කර මේ කටයුත්ත සිදුකලා නම් හොඳයි කියන එක තමයි මගේ අදහස.

අදහස හොඳයි. නමුත් සහමුලින්ම වැරදියි. ඇයි ? , අපි කෙනෙක්ව සිහි කරන්නෙ ඇයි ? යමක් පෙරලා බලාපොරොත්තුවෙන් නේද ? නැත්තම් සිහි කොරනවද ? තමුංගෙ ළමිස්සිව මතක් කොරන්නෙ පෙම බලාපොරොත්තුවෙන් නේද ? අම්මව සිහි කොරන්නේ බඩගිනි වුනාම , ලෙඩක් හැදුනම ඒකට පිහිටක් බලාගෙන නේද ? තාත්තව සිහි කොරන්නෙ සල්ලි ඕන වුනාම නේද ? යාළුවෙක් මතක් වෙන්නෙ උදව්වක් ඕන වුනාම නේද ? කඩවර හාමුදුරුවො කියන්නෙ බොරුද ?

අපි යම් අයෙක්ව සිහි කොරන්නෙ යමක් පෙරලා බලාපොරොත්තුවෙන්. නැත්නම් එහෙම කොරන්නෙ නෑ.

එතකොට කුඩා දරු පැටව් ඉස්සෙල්ලම අත පොත් තබන මොහොතෙදි , අකුරු කියවන වෙලාවෙදි සැරයුත් මහ තෙරුන්ව සිහි නොකරන්නෙ ඇයි ? උන්නාන්සෙගෙ සලායතන ප්‍රහීනයි , එනිසා උන්නාන්සෙගෙ නාමරූප ප්‍රහීනයි. එනිසා උන්නාසේගෙ විඥ්ඥාණය ප්‍රහීනයි. කොටින්ම කිව්වොත් සාරිපුත්ත කියන නාමය පවා විඥ්ඥාණය ප්‍රහීන වීම නිසා නැති වෙලා තියෙන්නෙ. උන්නාන්සේගෙ ආත්මය පවතින්නෙ කාලය සහ අවකාශයට ඔබ්බෙන් , කාලය සහ අවකාශය තුල ඉන්න අයගෙ විඥ්ඥාණයට ගෝචර නොවෙන එහා සීමාවක. ඒනිසා උන්නාසේව කොච්චර සිහි කරත් උන්නාසේට නැවත පෙරලා කාලය සහ අවකාශය තුල ඉන්න අයට පිහිට වෙන්න බෑ.

ඉතිං අපි පිහිට බලාපොරොත්තුවෙන්න නම් කාලය සහ අවකාශය තුල ඉන්නාවු , එවගේම අපේ පිහිට දැනගන්න පුළුවන් වෙන කෙනෙක් සිහි කරන්න ඕනා. එතකොටයි අපේ සිහි කරල කරන පැතුම ඉෂ්ඨ වෙන්නෙ. මතක තියාගන්න සිහි කරලා ඒකෙන් ප්‍රතිපලයක් ලැබෙන්නෙ නැත්නම් ඒක ප්‍රඥාගෝචර නැත්තම් බෞද්ධ වන්නේ නෑ.

නියමාකාරයට පංචශීලය ආරක්ෂා කරමින් පිළිවෙතින් ඉන්න කෙනෙක් අල්පේශාක්ය දෙවාත්මයක ඉන්න කෙනෙක් සිහිකළ සැනින් ඒ දෙවියාගෙ අවධානය ඔහු වෙත යොමුවෙනවා. මහේශාක්ය දේවාත්මයක් නම් ඒ දෙවියට තව එක්කෙනෙක්ට වඩා අයට ( ගොඩක් දෙනෙක්ට ) අවධානය යොමු කරන්න පුළුවන්. උදාහරණයක් හැටියට ශක්‍ර දේවේන්ද්‍රයාට තමුන්ව සිහි කරන ඕනෑම කෙනෙක්ට අවධානය යොමු කිරීමේ හැකියාව තියෙනවා පිහිට වීම නොවීම කෙසේ වෙතත්. (විශ්වාස කොරන්න අමාරු වුනත් කාරණෙ හරි ).

ඉතිං පිහිටක් ඕන වුනාම පරිනිවාණයට පත්වුන කෙනෙක්ව සිහි නොකර දේවාත්මයක ඉන්න කෙනෙක් සිහි කොරන්නෙ ඇයි කියල නරලොව පෙරේරාට වැටහෙනවා ඇති. තව කිව්වොත් , "බුදු පිහිටයි" කියල නොකියා "බුදු සරණයි , සියළු දෙවි පිහිටයි" කියල කියන්නෙ ඇයි කියලා වැටහෙනවා ඇති.

පෙරේරාට දේව පණිවුඩය අවබෝධ වුනා නම් කඩවර පිදේනියක් ලෑස්ති කොරපිය.
 
migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    අනේ දෙයියෝ, උඹ නම් බෞද්ධයෙක් නෙමෙයි. බුද්ධං සරණං, කියලා පටන් අරගෙන කියන හැම ගාථාවකින්ම වගේ කරන්නේ බුදුගුණ සිහිකිරීම තමයි.
    බුද්ධානුස්සති භාවනාව ගැන එහෙම අහලා නැතුව ඇති නේද කඩවර දෙයියෝ, ඒකත් බුදුරජාණන් වහන්සේව සිහි කිරීම.
    ඒක කරන්නේ පිහිටක් ගන්න නෙමෙයි, ඒ උත්තම චරිතයේ තියෙන ගුණ අපේ ජීවිතයට අදේශකරගෙන ඒකෙන් අපේ මෙලොව හා පරලොව දියුණුව සලසාගන්න.

    ආපු විමානෙටම ගියානම් හොඳයි.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අනේ දෙයියෝ, උඹ නම් බෞද්ධයෙක් නෙමෙයි. බුද්ධං සරණං, කියලා පටන් අරගෙන කියන හැම ගාථාවකින්ම වගේ කරන්නේ බුදුගුණ සිහිකිරීම තමයි.
    බුද්ධානුස්සති භාවනාව ගැන එහෙම අහලා නැතුව ඇති නේද කඩවර දෙයියෝ, ඒකත් බුදුරජාණන් වහන්සේව සිහි කිරීම.
    ඒක කරන්නේ පිහිටක් ගන්න නෙමෙයි, ඒ උත්තම චරිතයේ තියෙන ගුණ අපේ ජීවිතයට අදේශකරගෙන ඒකෙන් අපේ මෙලොව හා පරලොව දියුණුව සලසාගන්න.

    ආපු විමානෙටම ගියානම් හොඳයි.
    මමත් කියන්න ගියෙ මේ ටික තමා :) , බුදුන් මතක් කරන්නෙ බුදු ගුන සිහිකරන්නෙ මොනවහරි ලබාගන්න නෙවෙයි අපිට බුදුහාමුදුරුවන් ගැන තියෙන ශ්‍රද්ධාවට,
    අනික ඔය මොන දෙයිය ඉන්නෙත් අපේ පිං බලෙන් බව මතක තියාගන්න :P
     
    කඩවර

    Member
    May 14, 2011
    30
    2
    0
    අනේ දෙයියෝ, උඹ නම් බෞද්ධයෙක් නෙමෙයි. බුද්ධං සරණං, කියලා පටන් අරගෙන කියන හැම ගාථාවකින්ම වගේ කරන්නේ බුදුගුණ සිහිකිරීම තමයි.
    බුද්ධානුස්සති භාවනාව ගැන එහෙම අහලා නැතුව ඇති නේද කඩවර දෙයියෝ, ඒකත් බුදුරජාණන් වහන්සේව සිහි කිරීම.
    ඒක කරන්නේ පිහිටක් ගන්න නෙමෙයි, ඒ උත්තම චරිතයේ තියෙන ගුණ අපේ ජීවිතයට අදේශකරගෙන ඒකෙන් අපේ මෙලොව හා පරලොව දියුණුව සලසාගන්න.

    ආපු විමානෙටම ගියානම් හොඳයි.

    ඔවා දෙනු පරහට , තමා සම්මතෙහි පිහිටා සිට

    දේව පණිවුඩය හරියට කියවා නැත, බාගෙට කියවා පිළිතුරු දීම බෞද්ධ ගතියක් නොවේ.
     
    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    බලගෙන කෝච්චි පෙරේරාට දෙව්ලොවින් පණිවුඩයක් එම කොහොම උනත් ඔයාට නම් ලගදිම එයි වගෙ කරන අපහාසෙට:lol::lol::lol:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    කඩවරගෙ කතාව අහුනාම මට දුකක් හිතුනා. පෙරේරා අයියා කියපු දේ කෙසේවෙතත් එතනින් ගන්න තිබුන මොටිවේට් එක අපිට වටිනවා.. මොකද කියනවානම් අදා දවස වන විට බෞඬ්දයෝ අරාජික වෙමින් පවතින කාලයක් බුදු ගුන දම් ගුන සඟ ගුන ඉගෙන ප්‍රයොජනයට ගන්න ඉඩක් දෙන්නේ නෑ සල්ලිම හොයන්න වහ වැටුන පිරිසක් බෞද්ද පිරිස වටා රොක් වෙලා එයාලට යමක් හිතන්න දෙන්නැතුවම කාලය ඉදිරියට ගෙනයනවා... ඉස්සර ලන්කවෙ පරමදර්ෂි පුද්ගලයො හිටියා මෙවැනි අවස්තා වලදි පහදලා දීලා සමාජය ගොඩගන්න. නමුත් අද ඒ අය පැත්තකට වෙලා ඉන්නවා....:lol::lol::lol::lol:
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    කඩවර;10147496 said:
    අදහස හොඳයි. නමුත් සහමුලින්ම වැරදියි. ඇයි ? , අපි කෙනෙක්ව සිහි කරන්නෙ ඇයි ? යමක් පෙරලා බලාපොරොත්තුවෙන් නේද ? නැත්තම් සිහි කොරනවද ? තමුංගෙ ළමිස්සිව මතක් කොරන්නෙ පෙම බලාපොරොත්තුවෙන් නේද ? අම්මව සිහි කොරන්නේ බඩගිනි වුනාම , ලෙඩක් හැදුනම ඒකට පිහිටක් බලාගෙන නේද ? තාත්තව සිහි කොරන්නෙ සල්ලි ඕන වුනාම නේද ? යාළුවෙක් මතක් වෙන්නෙ උදව්වක් ඕන වුනාම නේද ? කඩවර හාමුදුරුවො කියන්නෙ බොරුද ?

    අපි යම් අයෙක්ව සිහි කොරන්නෙ යමක් පෙරලා බලාපොරොත්තුවෙන්. නැත්නම් එහෙම කොරන්නෙ නෑ.

    ධජග්ග සූත්‍රයේ බියක් තැති ගැනීමක් ඇතිවූ විට බුදුන් සිහි කරන ලෙස භික්ෂූන් වහන්සේලාට උපදෙස් දීලා තියෙන්නේ බුදුන්ගෙන් "පිහිටක්" බලාපොරොත්තු වෙන්න නෙවෙයි.
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ධජග්ග සූත්‍රයේ බියක් තැති ගැනීමක් ඇතිවූ විට බුදුන් සිහි කරන ලෙස භික්ෂූන් වහන්සේලාට උපදෙස් දීලා තියෙන්නේ බුදුන්ගෙන් "පිහිටක්" බලාපොරොත්තු වෙන්න නෙවෙයි.
    අනික මචන් අදටත් ගෙවල් වල සීවලී පින්තුර ගහගෙන ඉන්නේ ඇයි?
     
    කඩවර

    Member
    May 14, 2011
    30
    2
    0
    ධජග්ග සූත්‍රයේ බියක් තැති ගැනීමක් ඇතිවූ විට බුදුන් සිහි කරන ලෙස භික්ෂූන් වහන්සේලාට උපදෙස් දීලා තියෙන්නේ බුදුන්ගෙන් "පිහිටක්" බලාපොරොත්තු වෙන්න නෙවෙයි.

    එම්බා නරය , මෙහිදී පිහිට ලැබෙන ආකාරය ගැන වැටහීමක් තොපට වැටහීමක් නැත. ඒය අවබෝධ කරගනු . එදිනට තොප මම කියන දේ පිළිගනීවි. එතෙක් ප්‍රතික්ෂෙප කරාවි. එහෙත් සත්යය වෙනස් නොවේ. :frown:
     
    menancv

    Member
    Jan 11, 2007
    74
    3
    0
    කඩවර;10147898 said:
    එම්බා නරය , මෙහිදී පිහිට ලැබෙන ආකාරය ගැන වැටහීමක් තොපට වැටහීමක් නැත. ඒය අවබෝධ කරගනු . එදිනට තොප මම කියන දේ පිළිගනීවි. එතෙක් ප්‍රතික්ෂෙප කරාවි. එහෙත් සත්යය වෙනස් නොවේ. :frown:

    කඩවරයට පිහිටක් තියෙන නිසානේ ඔච්චරටම කියවන්නේ.
    "තමාට තමා මිස අන් පිහිටක් නැත" එහෙමනේ බුද්ධ දේශනාවේ තියෙන්නේ.
    බුදු සමයේත් මේ වගේ මිත්යාදෘෂ්ටිකයන් හිටියනේ.එහෙම එකේ දන නොහිටියොත් තම පුදුමේ.
    එනිසා අනෙක් සහෝදරවරු තරහ ගන්න එපා. මේ මනුසතා දෙවියන්ගේ පිහිට ගිහිල්ලම දෙය්යන්ටම කියල ළමයෙක් හදාගත්තත් අපිට මොකද එයාගේ කැමැත්ත නම්. දැඩි මත වල එල්බ ගත්ත මේ වගේ මිනිස්සු වෙනස් කරන්න අපිට බෑ. බුදුන් කියපු විදිහට හැමෝටම වගේ මෙයටත් මෛත්‍රි කරමු.
     
    එම්බා නරය , සලායතන ප්‍රහීන වූ පසු , සලායතන ප්‍රහීන නොවුන තවත් කෙනෙක්ට පිහිට වන්නේ කෙසේ දැයි නුවනින් විමසනු. විද්යාව අවබෝධ කරගනු.