නරලොව (කෝච්චි) පෙරේරාට දෙව්ලොවින් පණිවුඩය
කඩවර හාමුදුරුවො හිරිදිරියෙම එළකිරියට බැස්ස ගමන් නර ලොව (කෝච්චි) පෙරෙරාගෙ පණිවුඩේ දැක්කා. ඒක කොච්චර බෞද්ධද කියලා එතුමට තේරුම් කොරල දෙන්න කඩවර හාමුදුරුවන්ට ඕන වුනා. ආං ඒකයි කඩවර විමානෙ ඉඳලා මේ පෝස්ට් එක ලියන්නේ.
දැන් නර ලොව (කෝච්චි) පෙරෙරා මෙහෙම කියනවා
අදහස හොඳයි. නමුත් සහමුලින්ම වැරදියි. ඇයි ? , අපි කෙනෙක්ව සිහි කරන්නෙ ඇයි ? යමක් පෙරලා බලාපොරොත්තුවෙන් නේද ? නැත්තම් සිහි කොරනවද ? තමුංගෙ ළමිස්සිව මතක් කොරන්නෙ පෙම බලාපොරොත්තුවෙන් නේද ? අම්මව සිහි කොරන්නේ බඩගිනි වුනාම , ලෙඩක් හැදුනම ඒකට පිහිටක් බලාගෙන නේද ? තාත්තව සිහි කොරන්නෙ සල්ලි ඕන වුනාම නේද ? යාළුවෙක් මතක් වෙන්නෙ උදව්වක් ඕන වුනාම නේද ? කඩවර හාමුදුරුවො කියන්නෙ බොරුද ?
අපි යම් අයෙක්ව සිහි කොරන්නෙ යමක් පෙරලා බලාපොරොත්තුවෙන්. නැත්නම් එහෙම කොරන්නෙ නෑ.
එතකොට කුඩා දරු පැටව් ඉස්සෙල්ලම අත පොත් තබන මොහොතෙදි , අකුරු කියවන වෙලාවෙදි සැරයුත් මහ තෙරුන්ව සිහි නොකරන්නෙ ඇයි ? උන්නාන්සෙගෙ සලායතන ප්‍රහීනයි , එනිසා උන්නාන්සෙගෙ නාමරූප ප්‍රහීනයි. එනිසා උන්නාසේගෙ විඥ්ඥාණය ප්‍රහීනයි. කොටින්ම කිව්වොත් සාරිපුත්ත කියන නාමය පවා විඥ්ඥාණය ප්‍රහීන වීම නිසා නැති වෙලා තියෙන්නෙ. උන්නාන්සේගෙ ආත්මය පවතින්නෙ කාලය සහ අවකාශයට ඔබ්බෙන් , කාලය සහ අවකාශය තුල ඉන්න අයගෙ විඥ්ඥාණයට ගෝචර නොවෙන එහා සීමාවක. ඒනිසා උන්නාසේව කොච්චර සිහි කරත් උන්නාසේට නැවත පෙරලා කාලය සහ අවකාශය තුල ඉන්න අයට පිහිට වෙන්න බෑ.
ඉතිං අපි පිහිට බලාපොරොත්තුවෙන්න නම් කාලය සහ අවකාශය තුල ඉන්නාවු , එවගේම අපේ පිහිට දැනගන්න පුළුවන් වෙන කෙනෙක් සිහි කරන්න ඕනා. එතකොටයි අපේ සිහි කරල කරන පැතුම ඉෂ්ඨ වෙන්නෙ. මතක තියාගන්න සිහි කරලා ඒකෙන් ප්‍රතිපලයක් ලැබෙන්නෙ නැත්නම් ඒක ප්‍රඥාගෝචර නැත්තම් බෞද්ධ වන්නේ නෑ.
නියමාකාරයට පංචශීලය ආරක්ෂා කරමින් පිළිවෙතින් ඉන්න කෙනෙක් අල්පේශාක්ය දෙවාත්මයක ඉන්න කෙනෙක් සිහිකළ සැනින් ඒ දෙවියාගෙ අවධානය ඔහු වෙත යොමුවෙනවා. මහේශාක්ය දේවාත්මයක් නම් ඒ දෙවියට තව එක්කෙනෙක්ට වඩා අයට ( ගොඩක් දෙනෙක්ට ) අවධානය යොමු කරන්න පුළුවන්. උදාහරණයක් හැටියට ශක්‍ර දේවේන්ද්‍රයාට තමුන්ව සිහි කරන ඕනෑම කෙනෙක්ට අවධානය යොමු කිරීමේ හැකියාව තියෙනවා පිහිට වීම නොවීම කෙසේ වෙතත්. (විශ්වාස කොරන්න අමාරු වුනත් කාරණෙ හරි ).
ඉතිං පිහිටක් ඕන වුනාම පරිනිවාණයට පත්වුන කෙනෙක්ව සිහි නොකර දේවාත්මයක ඉන්න කෙනෙක් සිහි කොරන්නෙ ඇයි කියල නරලොව පෙරේරාට වැටහෙනවා ඇති. තව කිව්වොත් , "බුදු පිහිටයි" කියල නොකියා "බුදු සරණයි , සියළු දෙවි පිහිටයි" කියල කියන්නෙ ඇයි කියලා වැටහෙනවා ඇති.
පෙරේරාට දේව පණිවුඩය අවබෝධ වුනා නම් කඩවර පිදේනියක් ලෑස්ති කොරපිය.
දෑග සව්වන් වහන්සේලා වන්දනාව අපේ සමාජයේ නැති තරම්. උන්වහන්සේලාගේ පින්වත් බව හදූනන්නේ අද සමාජයේ කිහිප දෙනෙක් පමනයි. උන්වහන්සේලාගේ සරණටත් වඩා දේවාල වල දෙවියන්ගේ සරණ පතන පිරිස අද සමාජයේ වැඩියි.
සරළ උදා හරනයක් කියන්නම්.කුඩා දරුවන් පොත් අත තබන අවස්ථාවේ නැති නම් අකුරු කියවන අවස්ථාවේ සරස්වතී පූජාවක් සිදු කිරීමටත් ගන දෙවියන්මුල් කරගෙන එම කටයුත්ත කිරීමටත් අද සමාජම පෙළඹිලා තියෙනවා. බෞද්ධයන් හැටියට අපි මේ කටයුත්තේ දී මූලික කරගතයුත්තේ බුදුරජානන් වහන්සේ හැරුනුකොට සැරියුත් මහ තෙරුන් වහන්සේ නේද? සරස්වතී පුජාවත් ගන දෙවියන්ගේ පූජාවත් සිදු කලාට වරදක් නෑ. නමුත් බෞද්ධයන් වශයෙන් බුදුරජානන් වහන්සේත් සාරිපුත්ත මහරහතන් වහන්සේත් සිහි කර මේ කටයුත්ත සිදුකලා නම් හොඳයි කියන එක තමයි මගේ අදහස.
දෑග සව්වන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා වැඳ නමස්කාර කරගන්නට ශ්‍රී ලාංකීය අපිට අවස්ථාව දැන් ලැබිලා තියෙනවා. ඒ 17-18-19 තෙදින තුල සිරස වෙසක් කලාපය බේබෲක් පෙදෙසේදී. (කොළඹ 02). පුළුවන් කමක් තියෙනවා නම් මේ මාහැඟි අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න.
විශේෂයෙන්ම ඉගෙන ගන්නා දරුවන්ට සාරිපුත්ත මහ තෙරුන්ගේ ධාතු වන්දනාමාන කර ගැනීම මහත්පල මහානිශංෂගෙන දෙනවා කියන එක ඇත්තක්.
මේ කටයුත්ත සංවිධානය කරන සිරස ආයතනයට ස්තුතිය පුද කරන්නත් කැමතී.
2600 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් Mr.පෙරේරාගෙන් හැමෝටම පොඩි දහම් තිලිණයක්. සෑම දෙනාගේම දැනුම වර්ධනයට උපකාරී වේවා!
හැමෝටම ප්‍රීතිමත් වෙසඟක්
තෙරුවන් සරණයි.
කුඩාකල පටන්ම දෑග සව්වන්ගේ පින්වත් බව මට කියා දුන් ගයාන් චාණුන විදානපතිරන සොයුරාට විශේෂ ස්තුතිය.
කඩවර හාමුදුරුවො හිරිදිරියෙම එළකිරියට බැස්ස ගමන් නර ලොව (කෝච්චි) පෙරෙරාගෙ පණිවුඩේ දැක්කා. ඒක කොච්චර බෞද්ධද කියලා එතුමට තේරුම් කොරල දෙන්න කඩවර හාමුදුරුවන්ට ඕන වුනා. ආං ඒකයි කඩවර විමානෙ ඉඳලා මේ පෝස්ට් එක ලියන්නේ.
දැන් නර ලොව (කෝච්චි) පෙරෙරා මෙහෙම කියනවා
බෞද්ධයන් හැටියට අපි මේ කටයුත්තේ දී මූලික කරගතයුත්තේ බුදුරජානන් වහන්සේ හැරුනුකොට සැරියුත් මහ තෙරුන් වහන්සේ නේද? සරස්වතී පුජාවත් ගන දෙවියන්ගේ පූජාවත් සිදු කලාට වරදක් නෑ. නමුත් බෞද්ධයන් වශයෙන් බුදුරජානන් වහන්සේත් සාරිපුත්ත මහරහතන් වහන්සේත් සිහි කර මේ කටයුත්ත සිදුකලා නම් හොඳයි කියන එක තමයි මගේ අදහස.
අදහස හොඳයි. නමුත් සහමුලින්ම වැරදියි. ඇයි ? , අපි කෙනෙක්ව සිහි කරන්නෙ ඇයි ? යමක් පෙරලා බලාපොරොත්තුවෙන් නේද ? නැත්තම් සිහි කොරනවද ? තමුංගෙ ළමිස්සිව මතක් කොරන්නෙ පෙම බලාපොරොත්තුවෙන් නේද ? අම්මව සිහි කොරන්නේ බඩගිනි වුනාම , ලෙඩක් හැදුනම ඒකට පිහිටක් බලාගෙන නේද ? තාත්තව සිහි කොරන්නෙ සල්ලි ඕන වුනාම නේද ? යාළුවෙක් මතක් වෙන්නෙ උදව්වක් ඕන වුනාම නේද ? කඩවර හාමුදුරුවො කියන්නෙ බොරුද ?
අපි යම් අයෙක්ව සිහි කොරන්නෙ යමක් පෙරලා බලාපොරොත්තුවෙන්. නැත්නම් එහෙම කොරන්නෙ නෑ.
එතකොට කුඩා දරු පැටව් ඉස්සෙල්ලම අත පොත් තබන මොහොතෙදි , අකුරු කියවන වෙලාවෙදි සැරයුත් මහ තෙරුන්ව සිහි නොකරන්නෙ ඇයි ? උන්නාන්සෙගෙ සලායතන ප්‍රහීනයි , එනිසා උන්නාන්සෙගෙ නාමරූප ප්‍රහීනයි. එනිසා උන්නාසේගෙ විඥ්ඥාණය ප්‍රහීනයි. කොටින්ම කිව්වොත් සාරිපුත්ත කියන නාමය පවා විඥ්ඥාණය ප්‍රහීන වීම නිසා නැති වෙලා තියෙන්නෙ. උන්නාන්සේගෙ ආත්මය පවතින්නෙ කාලය සහ අවකාශයට ඔබ්බෙන් , කාලය සහ අවකාශය තුල ඉන්න අයගෙ විඥ්ඥාණයට ගෝචර නොවෙන එහා සීමාවක. ඒනිසා උන්නාසේව කොච්චර සිහි කරත් උන්නාසේට නැවත පෙරලා කාලය සහ අවකාශය තුල ඉන්න අයට පිහිට වෙන්න බෑ.
ඉතිං අපි පිහිට බලාපොරොත්තුවෙන්න නම් කාලය සහ අවකාශය තුල ඉන්නාවු , එවගේම අපේ පිහිට දැනගන්න පුළුවන් වෙන කෙනෙක් සිහි කරන්න ඕනා. එතකොටයි අපේ සිහි කරල කරන පැතුම ඉෂ්ඨ වෙන්නෙ. මතක තියාගන්න සිහි කරලා ඒකෙන් ප්‍රතිපලයක් ලැබෙන්නෙ නැත්නම් ඒක ප්‍රඥාගෝචර නැත්තම් බෞද්ධ වන්නේ නෑ.
නියමාකාරයට පංචශීලය ආරක්ෂා කරමින් පිළිවෙතින් ඉන්න කෙනෙක් අල්පේශාක්ය දෙවාත්මයක ඉන්න කෙනෙක් සිහිකළ සැනින් ඒ දෙවියාගෙ අවධානය ඔහු වෙත යොමුවෙනවා. මහේශාක්ය දේවාත්මයක් නම් ඒ දෙවියට තව එක්කෙනෙක්ට වඩා අයට ( ගොඩක් දෙනෙක්ට ) අවධානය යොමු කරන්න පුළුවන්. උදාහරණයක් හැටියට ශක්‍ර දේවේන්ද්‍රයාට තමුන්ව සිහි කරන ඕනෑම කෙනෙක්ට අවධානය යොමු කිරීමේ හැකියාව තියෙනවා පිහිට වීම නොවීම කෙසේ වෙතත්. (විශ්වාස කොරන්න අමාරු වුනත් කාරණෙ හරි ).
ඉතිං පිහිටක් ඕන වුනාම පරිනිවාණයට පත්වුන කෙනෙක්ව සිහි නොකර දේවාත්මයක ඉන්න කෙනෙක් සිහි කොරන්නෙ ඇයි කියල නරලොව පෙරේරාට වැටහෙනවා ඇති. තව කිව්වොත් , "බුදු පිහිටයි" කියල නොකියා "බුදු සරණයි , සියළු දෙවි පිහිටයි" කියල කියන්නෙ ඇයි කියලා වැටහෙනවා ඇති.
පෙරේරාට දේව පණිවුඩය අවබෝධ වුනා නම් කඩවර පිදේනියක් ලෑස්ති කොරපිය.
හොර දෙවියෙක්.





, බුදුන් මතක් කරන්නෙ බුදු ගුන සිහිකරන්නෙ මොනවහරි ලබාගන්න නෙවෙයි අපිට බුදුහාමුදුරුවන් ගැන තියෙන ශ්‍රද්ධාවට,
