නරියා සහ මිදි
නරියාගේ සහ මිදි වැලේ කතාව ඔබ එක් එක් ආකාරයට අසා ඇතුවාට සැක නැත. සරලව ගත්විට එයින් කියන්නේ මිදි කඩා ගැනීමට උත්සාහ කළ නරියකු තමා අසාර්ථක වූ විට ඒ සඳහා දැක් වූ ප්‍රතිචාරය යි. බඩගින්නේ ඇවිදමින් සිටි නරියාට මිදි වැලක එල්ලෙමින් තිබූ මිදි වල්ලක් දක්නට ලැබිණි. නරියා මිදි වල්ල කඩා ගැනීමට කීපවරක්ම උඩ පැන උත්සාහ කලත් අසාර්ථක විය. අවසානයේ නරියා ඇඹුල මිදිවලින් මට වැඩක් නැතැයි කියා සතුටින් එතැනින් නික්ම ගියේ ය. මිදි නොලැබුනා කියා නරියා දුක් වූයේ නැත. එසේම නරියාගේ බඩගින්න දුරු වූයේ ද නැත.
මේ කතාව අපි කුඩා කල පටන් අසා ඇති කතාවකි. මෙය අපගේ ජීවිතයට කෙතරම් නම් සම්බන්ධ කතාවක්දැයි සිතද්දී පැරැන්නන් ගැන ඇති වන්නේ මහත් වූ ආඩම්බරයකි. ජීවිතයේ ප්‍රශ්න නැත්නම් අප සතුටිනි. නමුත් ප්‍රශ්න නැති ජීවිතයක් කොහෙද? ජීවත්වීමම බහුතරයකට ප්‍රශ්නයකි. සමහරුන්ට මරණයද ප්‍රශ්නයකි.
පෙර කී නරියා අපට උගන්වන පාඩම පැරැන්නෝ උත්සාහ කලේ කුඩා කල පටන් ම ලබා දීමට ය. නමුත් ඔවුන් ඒ උත්සාහයේදී සාර්ථක වී ඇති බවක් නොපෙනේ.
හිතන්න. ඔබ ජීවිතයේ අවශ්‍යතා ඉටු කර ගැනීමට ගොස් අසාර්ථක වූ විට පසුතැවිලි වූ, දුක් වූ අවස්ථා කොතරම් ඇත් ද? සමහරුන්ට ඒ අසාර්ථකත්වය දරා ගැනීමට නොහැකි වූ කල සිය ජීවිතය පවා අහිමි කර ගන්නට සිතී ඇත.
අසාර්ථකත්වයට මුහුණ දීමට තරම් අපේ හිත් සවිමත් නැත. සිංහලයන්ට ඒ සඳහා ප්‍රධානම අඩුපාඩුව වී ඇත්තේ නමට බෞද්ධ වීමයි. ප්‍රතිපත්තියට බෞද්ධ වූවන්ට අසාර්ථකත්වය ගැටළුවක් නොවේ. බුදු දහම ආරම්භයේ පටන්ම උගන්වන්නේ ජීවත්වීමට ය. එහි මූලික පදනම චතුරාර්ය සත්‍යයි. දුක, දුකට හේතුව, දුක නැති කිරීම සහ දුක නැති කිරීමේ මාර්ගය එතුලින් විස්තර කෙරේ. චතුරාර්ය සත්‍යය තුළදී දුක පෙන්වා දෙයි. එසේ පෙන්වා දෙන්නේ දුක් විඳිමින් සිටීමට නොවේ. දුක හඳුනා ගෙන එයින් බැහැර වී සතුටින් සිටීමට ය. නරියා මිදිවල්ලට පනිමින් උත්සාහ කරන්නේ එය ලබා ගැනීමට ය. අපිත් නොයෙක් දේ ලබා ගැනීමට උත්සාහ කරන්නෙමු. නරියා අසාර්ථක වූ විට මිදිවල්ලට එය බාර දී අසාර්ථකත්වය තමුන්ගේ කර නොගෙන ජීවත් වූවේ ය. නමුත් අපි කරන්නේ ඊට පරිබාහිරව ඒ අසාර්ථකත්වය නැත්නම් නොලැබුන දේ මුල් කර ගෙන ජීවත්වීමය. මෙනිසා අපිට දුකින් මිදීමක් නැත. ඇත්තේ දුකම පමණි.
නරියාට කපටි රජා යැයි කියමින් දරුවන්ට උගන්වන අපට ඒ නරියාට ඇති සහ අපට නැති අවබෝධය ඉගැන්වීමට නොහැකිවීම පාඩුවකි. එයටත් වඩා පාඩුව වන්නේ දහමේ ප්‍රතිඵල ලැබීමට නොහැකි වීමයි.