නරියා සහ මිදිවැල

hpalpola

Well-known member
  • නරියා සහ මිදි

    නරියාගේ සහ මිදි වැලේ කතාව ඔබ එක් එක් ආකාරයට අසා ඇතුවාට සැක නැත. සරලව ගත්විට එයින් කියන්නේ මිදි කඩා ගැනීමට උත්සාහ කළ නරියකු තමා අසාර්ථක වූ විට ඒ සඳහා දැක් වූ ප්‍රතිචාරය යි. බඩගින්නේ ඇවිදමින් සිටි නරියාට මිදි වැලක එල්ලෙමින් තිබූ මිදි වල්ලක් දක්නට ලැබිණි. නරියා මිදි වල්ල කඩා ගැනීමට කීපවරක්ම උඩ පැන උත්සාහ කලත් අසාර්ථක විය. අවසානයේ නරියා ඇඹුල මිදිවලින් මට වැඩක් නැතැයි කියා සතුටින් එතැනින් නික්ම ගියේ ය. මිදි නොලැබුනා කියා නරියා දුක් වූයේ නැත. එසේම නරියාගේ බඩගින්න දුරු වූයේ ද නැත.

    මේ කතාව අපි කුඩා කල පටන් අසා ඇති කතාවකි. මෙය අපගේ ජීවිතයට කෙතරම් නම් සම්බන්ධ කතාවක්දැයි සිතද්දී පැරැන්නන් ගැන ඇති වන්නේ මහත් වූ ආඩම්බරයකි. ජීවිතයේ ප්‍රශ්න නැත්නම් අප සතුටිනි. නමුත් ප්‍රශ්න නැති ජීවිතයක් කොහෙද? ජීවත්වීමම බහුතරයකට ප්‍රශ්නයකි. සමහරුන්ට මරණයද ප්‍රශ්නයකි.

    පෙර කී නරියා අපට උගන්වන පාඩම පැරැන්නෝ උත්සාහ කලේ කුඩා කල පටන් ම ලබා දීමට ය. නමුත් ඔවුන් ඒ උත්සාහයේදී සාර්ථක වී ඇති බවක් නොපෙනේ.

    හිතන්න. ඔබ ජීවිතයේ අවශ්‍යතා ඉටු කර ගැනීමට ගොස් අසාර්ථක වූ විට පසුතැවිලි වූ, දුක් වූ අවස්ථා කොතරම් ඇත් ද? සමහරුන්ට ඒ අසාර්ථකත්වය දරා ගැනීමට නොහැකි වූ කල සිය ජීවිතය පවා අහිමි කර ගන්නට සිතී ඇත.

    අසාර්ථකත්වයට මුහුණ දීමට තරම් අපේ හිත් සවිමත් නැත. සිංහලයන්ට ඒ සඳහා ප්‍රධානම අඩුපාඩුව වී ඇත්තේ නමට බෞද්ධ වීමයි. ප්‍රතිපත්තියට බෞද්ධ වූවන්ට අසාර්ථකත්වය ගැටළුවක් නොවේ. බුදු දහම ආරම්භයේ පටන්ම උගන්වන්නේ ජීවත්වීමට ය. එහි මූලික පදනම චතුරාර්ය සත්‍යයි. දුක, දුකට හේතුව, දුක නැති කිරීම සහ දුක නැති කිරීමේ මාර්ගය එතුලින් විස්තර කෙරේ. චතුරාර්ය සත්‍යය තුළදී දුක පෙන්වා දෙයි. එසේ පෙන්වා දෙන්නේ දුක් විඳිමින් සිටීමට නොවේ. දුක හඳුනා ගෙන එයින් බැහැර වී සතුටින් සිටීමට ය. නරියා මිදිවල්ලට පනිමින් උත්සාහ කරන්නේ එය ලබා ගැනීමට ය. අපිත් නොයෙක් දේ ලබා ගැනීමට උත්සාහ කරන්නෙමු. නරියා අසාර්ථක වූ විට මිදිවල්ලට එය බාර දී අසාර්ථකත්වය තමුන්ගේ කර නොගෙන ජීවත් වූවේ ය. නමුත් අපි කරන්නේ ඊට පරිබාහිරව ඒ අසාර්ථකත්වය නැත්නම් නොලැබුන දේ මුල් කර ගෙන ජීවත්වීමය. මෙනිසා අපිට දුකින් මිදීමක් නැත. ඇත්තේ දුකම පමණි.

    නරියාට කපටි රජා යැයි කියමින් දරුවන්ට උගන්වන අපට ඒ නරියාට ඇති සහ අපට නැති අවබෝධය ඉගැන්වීමට නොහැකිවීම පාඩුවකි. එයටත් වඩා පාඩුව වන්නේ දහමේ ප්‍රතිඵල ලැබීමට නොහැකි වීමයි.
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    TFS.
    පොඩි එකාගෙ නර්සරි රයිම්ස් බලද්දි මටත් හිතුන දෙයක් තමා, කොයි කතාවෙත් නරියා (හෝ වෘකයා) පැරදිලා ගියාට, ඌ මාරම කික් එකේ නෙ ඊලඟ කතාවටත් enter වෙන්නෙ කියලා. ඌ තමා සතුටෙන්ම ඉන්නෙ. 😅
     
    • Like
    Reactions: Asmodeus

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,960
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    peter pan disney GIF
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,140
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    "අපි නොදන්න චෙස්" යන්න සිහලුන් අතර ප්‍රචලිත කතාවකි. චෙස් ක්‍රීඩා කරන මම මේ කතාවට බෙහෙවින් කැමතිය. සිසිලියන් ගැම්බිට් වල සිට බර්ඩ්ස් ඕපනින් දක්වා නොවක් චෙස් ආරම්භක උපායමාර්ග යොදාගෙන චෙස් ටුවනමන්ට් වල සෙල්ලම් කර ඇති මට චෙස් දන්නවායි අඟවා කැරම් ශොට් ඇඟිලිවලින් පෙන්වන උන් ගැන ඇතිවන්නේ උපහාසය මුසු සන්තාපයකි. නරි ගැනත් මිදි වැල් ගැනත් දුක ගැනත් ධරමය ගැනත් යමෙක් නොදන්නා දේ කියන්නේද මගේ ප්‍රතිචාරය එලෙසමය, එසේමය. මහනෙණි ලෝකය දුක මත පිහිටියේය යනුවෙන් ප්‍රකාශ කලේ අප මහ බුදු පියානෝය. මෙහි ලෝකය යනු පංච උපාධානස්කන්ධයය. ඒ දුක්ඛ ආරය සත්‍ය පසක් කල යුත්තකි. මිදි කඩා ගැනීමට බැරිවීමේ දුක ඒ ආර්ය සත්‍යට ගැට ගැසීම මහපොලොව නූසුලන පාපයකි. මිදි මෙන්ම නරියාද " ඇති බවට" ගැනීමම අවිද්‍යාවය. නැතැයි කීමද අවිද්‍යාවය. පෙර නොතීබීම හටගෙන ඉතුරු නැතුවම නැතිවන, නිරෝධයට පත් වන පටිච්ච සමුප්පන්න යතාභූත ස්වභාවය ග්‍රහනය කර ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. මෙවැනි බැරෑරුම් ධර්ම කරුනු නොදැනුවත් කම නිසාම ලෝකය තුල "ඇති" මඥ්ඥනාවන්ට ඈඳන්නට යාම ධර්මය දන්නා අයට නම් ඉල ඇදෙන විහිලුවකි. දහමේ ප්‍රතිපල ගැන කතා කිරීමට පෙර ධර්මය කුමක්ද යන්න තෝරා බෙරගන්නා තාක්, එවැන්නන් ධර්මය ගැන ටෝක්ස් දීමත් "අපි නොදන්න චෙස්" වැනි එපික් විහිලුවක් බව නොකියාම බැරිය.
     
    Last edited:

    hpalpola

    Well-known member
  • "අපි නොදන්න චෙස්" යන්න සිහලුන් අතර ප්‍රචලිත කතාවකි. චෙස් ක්‍රීඩා කරන මම මේ කතාවට බෙහෙවින් කැමතිය. සිසිලියන් ගැම්බිට් වල සිට බර්ඩ්ස් ඕපනින් දක්වා නොවක් චෙස් ආරම්භක උපායමාර්ග යොදාගෙන චෙස් ටුවනමන්ට් වල සෙල්ලම් කර ඇති මට චෙස් දන්නවායි අඟවා කැරම් ශොට් ඇඟිලිවලින් පෙන්වන උන් ගැන ඇතිවන්නේ උපහාසය මුසු සන්තාපයකි. නරි ගැනත් මිදි වැල් ගැනත් දුක ගැනත් ධරමය ගැනත් යමෙක් නොදන්නා දේ කියන්නේද මගේ ප්‍රතිචාරය එලෙසමය, එසේමය. මහනෙණි ලෝකය දුක මත පිහිටියේය යනුවෙන් ප්‍රකාශ කලේ අප මහ බුදු පියානෝය. මෙහි ලෝකය යනු පංච උපාධානස්කන්ධයය. ඒ දුක්ඛ ආරය සත්‍ය පසක් කල යුත්තකි. මිදි කඩා ගැනීමට බැරිවීමේ දුක ඒ ආර්ය සත්‍යට ගැට ගැසීම මහපොලොව නූසුලන පාපයකි. මිදි මෙන්ම නරියාද " ඇති බවට" ගැනීමම අවිද්‍යාවය. නැතැයි කීමද අවිද්‍යාවය. පෙර නොතීබීම හටගෙන ඉතුරු නැතුවම නැතිවන, නිරෝධයට පත් වන පටිච්ච සමුප්පන්න යතාභූත ස්වභාවය ග්‍රහනය කර ගැනීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. මෙවැනි බැරෑරුම් ධර්ම කරුනු නොදැනුවත් කම නිසාම ලෝකය තුල "ඇති" මඥ්ඥනාවන්ට ඈඳන්නට යාම ධර්මය දන්නා අයට නම් ඉල ඇදෙන විහිලුවකි. දහමේ ප්‍රතිපල ගැන කතා කිරීමට පෙර ධර්මය කුමක්ද යන්න තෝරා බෙරගන්නා තාක්, එවැන්නන් ධර්මය ගැන ටෝක්ස් දීමත් "අපි නොදන්න චෙස්" වැනි එපික් විහිලුවක් බව නොකියාම බැරිය.
    නොසෑහෙන්න ස්තුතියි යාළුවා