නරියෙකුගේ කතාව

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,623
    13,317
    113
    නරියෙකුගේ කතාව

    JR%2Bwith%2Brajiv.JPG

    wimal%2527s%2Bcar.jpg

    කපටි සුත්තර කාර දේශපාලකයෙකු වූ ජේ ආර් . ජයවර්ධන මහතාට old fox කියා නමක් දැම්මේ ලංකාවේ ඉංග්‍රීසි පත්තරවිසිනි . ජේ ආර් . ජයවර්ධන මහතා නාකි නරියෙක් ලෙස නම් කරමින් පත්තර කාරයන් ලීවද ඔහු එය තුට්ටුවකටවත් ගණන් ගත්තේ නැත. වර්තමාන දේශපාලකයන් අතර වීරවංශ මහතාද නරියෙකු බව බොහෝ අයගේ මතයයි. විමල් වීරවංශ වනාහි නිකම්ම නරියෙකු නොව දේශප්‍රේමී නරියෙකු බව කියන්නෝද සිටිති.
    මා ලියන්නට යන්නේ ජේ.ආර්. ජයවර්ධන ගැන නොව වීමල් වීරවංස මන්ත්‍රී තුමා ගැනය. එතුමා දක්ෂයෙකි . දේශප්‍රේමී පෝස්ටරය ම්නිස්සුන්ගේ ඔලුවේ අලවා ඔවුන්ගේ සාක්කුවට විදීමට දක්ෂ කීප දෙනා අතර ඔහු පළමුවෙනියා නොව දෙවෙනියා බව සැලකුවාට වැරද්දක් නැත . බයිසිකලයෙන් දේශපාලන අරඹා කෝටි 4 ක් වටිනා වාහනයක අයිති කරුවෙකු විය හැක්කේ දක්ෂයෙකුට පමණි. කුඩා නිවසකින් ජීවිතය ඇරඹු ඔහු අද ජීවත්වන්නේ අඩි 10ක් 12 ක් උස තාප්පයකින් වට කරනු ලැබූ මහල් ප්‍රාසාදයකය .දේශප්‍රේමයට කප් ගැසූ ජවිපෙට මන්ත්‍රී කම් 6ක් පමණක් ලැබෙද්දී දේශප්‍රේමී ගුලිය ශ්‍රී ලංකා කාරයන්ට කවා ඔවුන්ගේ චන්ද පික්පොකට් ගසා මන්ත්‍රී ධුර 5ක් ලබා ගැනීමට වීරවංශ මහතා ශුර විය.

    කෙනෙකුගේ හරි විස්තරයක් ලියන විට ඔහුගේ උපතේ සිට ලිවිය යුතුය. කණගාටුවට කරුණ නම් වීරවංශ මහතාගේ උපතේ සිට ලිවීමට නොහැකි වීමය .හේතුව ඔහුට උපන් දින දෙකක් තිබීමය .එක උපන් දිනයක් 1965 මාර්තු 7 වන අතර අනිත් උපන් දිනය වන්නේ 1970 මාර්තු 7 ය. ඔහුගේ දරුවන්ගේ උප්පැන්න සහතිකවල ඔහුගේ උපන් දිනය ලෙස 1965 මාර්තු 7 ලෙස දක්වා ඇති නමුත් ඔහුගේ උපන් දිනය ලෙස පාර්ලිමේන්තු ලේඛනවල ඇතුලත් කර ඇත්තේ 1970 මාර්තු 7 ලෙසය.

    වීරවංශ මහතාගේ ඇඹේනියටද උපන් දින දෙකකි .මුලින් ඇයගේ උපන්නේ 1967 පෙබරවාරි 1 ය .පසුව ඇය 1971 පෙබරවාරි 3 යලි ඉපදී තිබේ. හැඳිනුම් පත් දෙකක්ද ඇයට තිබුණු අතර ඒවා භාවිතා කොට තානාපති ගමන් බලපත්‍රයක් ලබා ගැනීමටද ඇය දක්ෂ වුවාය .

    ලංකාවේ නීතිය විසින් වංචනික ලෙස උපන් දිනය වෙනස් කරන අය සඳහා අවුරුදු 7 සිර දඬුවමක් නියම කර තිබේ. එහෙත් දක්ෂයෙකු වන ඔහු විනිශ්චය කරුවන්ගේ කනෙන් රිංගා ගෙදර එනු ඇද්දැයි කීමට තවමත් කල් වැඩිය .
    වීරවංස මහතාට ඇත්තේ උපන් දින දෙකක් පමණක් නොවේ. ගමන් බල පත්‍ර දෙකක් (passport) දෙකක්ද තිබුනේය .. වරෙක පරණ ගමන් බලපත්‍රය අස්ථානගත වූ අතර තවත් විටෙක අලුත් ගමන් බලපත්‍රය අස්ථාන ගත විය . එව්වා අත්භූත බලයකින් යුක්ත විය පරණ පාස්පෝට් එක අස්ථාන ගත වනවිට අලුත් එක ප්රාතුර්භුත වේ. අලුත් ගමන් බලපත්‍රය අතුරු දහන් වෙන විට පරණ ගමන් බල පත්‍රය ඔහුගේ මේසයට පියඹා එන්නේය.

    උපන් දින දෙකක් පාස්පෝර්ට් දෙකක් පමණක් නොව භාර්යාවන් දෙදෙනෙකුද තබා ගැනීමට ඔහු උත්සාහ කළ බව සමහරු කියති ඒ පිලිබඳ කතාන්දරය මෙසේය වීරවංශ මහතා සහ නෝනා බලවත් ආර්ථික අමාරුකම් වලින් පෙළෙමින් සිටි සමයේ ආධාරරෝපකර කළ පොළොන්නරුවේ පවුලක අවුරුදු 24 ක තරුණියකට ලේක්හවුස් ආයතනයේ පරිගණක ක්‍රියා කරු තනතුරක් 2008 දී ලබා දුන් වීරවංශ මහතා ඔහුට හිමි නිවෙස් දෙකකින් එකක ඇයට නවාතැන්ද දුන්නේය. ඉන් පසුව විවිධ තැන් වලට යාමට පැමිණෙන ලෙස ඔහු ඇයට ආරාධනා කළ නමුත් ඇය එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහුගේ එම උත්සාහය වැරදී ගියේය. පසුව එම උත්සාහය පිළිබඳව කිසියම් පුවත්පතක පළවීම නිසා වියරුවට පත් වීරවංශ රාජපක්ෂ මහතාගේ කුණුහරුප පරදවන කුණුහරුපයෙන් ඇයට බැන වැදුනේය. ඉන්පසු වහා ක්‍රියාත්මක වන පරිදි ඇය අනුරාධපුරයට ස්ථාන මාරු කරනු ලැබූ අතර මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දී සහනයක් ලබා ගැනීමට එම තරුණිය උත්සාහ කළ නමුත් ඔහුගේ හදවත් උණු නොවුණු බැවින් ඇය අවසානයේදී රැකියාවෙන් ඉල්ලා අස්වූවාය.

    2008 දී ජනතා විමුක්ති පෙරමුණ වීරවංශ පක්ෂයෙන් නෙරපා හැරිමේදී එයට එක් හේතුවක් ලෙස දැක්වුයේ ඔහු සොර ගැහැනුන් තබා ගන්නා බව කියමිනි. ඉහත සිද්ධිය කල එලියට පැමිණියද වෙනත් අනියම් සම්බන්ධකම් ඔහුට තිබුණු බවට ඒ අනුව සැක කළ හැක.
    අපේ නරි මහතා කොපමණ දක්ෂ වුවද අන්තිමේදී බලාපොරොත්තු විරහිත ලෙස පඹ ගාලක පටලැව්නේය . අන්තිමේදී උසාවිය ඔහු සති දෙකකට රිමාන්ඩ් කළේය එහෙත් ඔහු හිර ගෙදරට ගියේ වීරයෙකු ලෙසිනි . හිරගෙදරට කොටු කිරීම තුට්ටුවකටවත් මායින් නොකරන බව ඇඟවීමට චිත්‍ර අඳින්නට පටන් ගන්නා බව කීවේය. මහා ග්‍රන්ථයක් ලියන්නට යන බව කීවේය. වැඩිම උනොත් මාසෙකින් හමාරකින් ආපසු තම නිවසට යාමට හැකිවෙනු ඇතැයි ඔහු සිතන්නට ඇත. එහෙත් අනපේක්ෂිත පරිදි සති දෙකෙන් දෙකට යලි යලි රිමාන්ඩ් හිර ගෙදර ජීවිතය දිගු වන්නට වීම නිසා අලුත් ගැටයක් ගසා වීරයෙකු ලෙස හිරෙන් එලියට ඒමට කල්පනා කළේය . මහජන කැළඹීමක් ඇති වෙතැයි නඩුකාරයා බය කොට හිර ගෙදරින් නිදහස් වීමේ අරමුණෙන් දෝ උපවාසයක් ඇරඹුවේය.

    එතෙත් වීරවංස මහතාගේ උපවාසය දෙස මිනිසුන් බලන්නේ තවත් උප්පර වැට්ටියක් ලෙස බව පෙනේ. මහජන කැළඹීමක් පෙනෙන තෙක් මානයේ නැති බැවින් දෝණියන්දෑ බලවත් ලෙස අසනීප වී ඇති බව කියමින් ඇප ඉල්ලු නමුත් විනිසිරුවරිය ඒ ගැන සලකා බැලීම අප්‍රියෙල් 3 වනදා තෙක් කල් දැමීම නිසා වීරවංශ මහතා ඇටවූ උගුලේ තව තවත් හිරවෙන්නට පටන් ගෙන තිබේ. ඔහු දැන් පත්ව සිටින්නේ ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී යන තැනටය.

    Source http://sudukukula.blogspot.com/2017/03/blog-post.html

    weerawansa.jpg
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,555
    28,429
    113

    උපන් දින දෙකක් පාස්පෝර්ට් දෙකක් පමණක් නොව භාර්යාවන් දෙදෙනෙකුද තබා ගැනීමට ඔහු උත්සාහ කළ බව සමහරු කියති ඒ පිලිබඳ කතාන්දරය මෙසේය වීරවංශ මහතා සහ නෝනා බලවත් ආර්ථික අමාරුකම් වලින් පෙළෙමින් සිටි සමයේ ආධාරරෝපකර කළ පොළොන්නරුවේ පවුලක අවුරුදු 24 ක තරුණියකට ලේක්හවුස් ආයතනයේ පරිගණක ක්‍රියා කරු තනතුරක් 2008 දී ලබා දුන් වීරවංශ මහතා ඔහුට හිමි නිවෙස් දෙකකින් එකක ඇයට නවාතැන්ද දුන්නේය. ඉන් පසුව විවිධ තැන් වලට යාමට පැමිණෙන ලෙස ඔහු ඇයට ආරාධනා කළ නමුත් ඇය එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහුගේ එම උත්සාහය වැරදී ගියේය. පසුව එම උත්සාහය පිළිබඳව කිසියම් පුවත්පතක පළවීම නිසා වියරුවට පත් වීරවංශ රාජපක්ෂ මහතාගේ කුණුහරුප පරදවන කුණුහරුපයෙන් ඇයට බැන වැදුනේය. ඉන්පසු වහා ක්‍රියාත්මක වන පරිදි ඇය අනුරාධපුරයට ස්ථාන මාරු කරනු ලැබූ අතර මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දී සහනයක් ලබා ගැනීමට එම තරුණිය උත්සාහ කළ නමුත් ඔහුගේ හදවත් උණු නොවුණු බැවින් ඇය අවසානයේදී රැකියාවෙන් ඉල්ලා අස්වූවාය.

    Oya kella ekka phone sex karala wife ta ahu unama moo marenna giya. Ekaale Irudina paththare headline giya :rofl:

    Weerawansa-Suiside-Letter.jpg
     
    Last edited: