නල්ලූර් වෙඩි තැබීම
නල්ලූර් වෙඩි තැබීම අහඹු සිදුවීමක් - පොලිස් මාධ්‍ය ප්‍රකාශක
ඊයේ(22) සවස යාපනයේ නල්ලූර් හි සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය කලින් සැලසුම් කරන ලද්දක් නොවන බවත් අහඹු ලෙස සිදූවුවක් බවත් මෙතෙක් කරන ලද පොලිස් පරීක්ෂණ වලින් තහවුරු වී ඇතැයි අද පැවැති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
දැනට පොලීසිය විසින් සිදු කොට ඇති පරීක්ෂණ අනුව අනාවරණය වී ඇති අන්දමට ඊට මුල් වී ඇත්තේ යාපනය නල්ලූර් කෝවිල අද්දර ත්‍රිරෝද රථ ගාලේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකි.
මෙම සිද්ධියට පුද්ගලයන් තිදෙනෙකු සම්බන්ධ වී ඇති අතර ඉන් එක් අයෙකුට ත්‍රිරෝද රථයක් තිබී ඇත. එහෙත් ඔහු හා එම රථ ගාලේ සෙසු රියදුරන් අතර කලක සිට පැවැති විරසකයක් මුල් කොට ඔහුට එම රථ ගාලේ ත්‍රිරෝද රථය ගාල්කිරීමට ඉඩ ලැබී නැත.
ඊයේ පස්වරුවේ එම ත්‍රිරෝද රථ රියදුරු ඔහුගේ වැඩිමල් සොහොයුරා සහ ඥාති සොහොයුරෙකු සමඟ ඊට නුදුරු ස්ථානයක මත්පැන් පානය කොට තිබේ.
පසුව ඔහුගේ ත්‍රිරෝද රථය එම ගාලට ඇතුළු කිරීමට උත්සාහ කරන ලද අවස්ථාවේ ඔවුන් තිදෙනා සහ එහි සිටි සෙසු රියදුරන් හා ගැටුමකට මුල පිරී ඇත.
තම පොලිස් ආරක්ෂක නිලධාරීන් දෙදෙනාගේ යතුරු පැදිය පෙරටු කර ගනිමින් මහාධිකරණ විනිසුරු මානිකර්වාසගර් ඉලංචේලියන් මහතාගේ මෝටර් රථය එතනට පැමිණෙනුයේ එම රථවාහන තදබදය පවැති අතරේය.
එහිදී මිය ගිය පොලිස් සැරයන් වරයා මහාධිකරණ විනිසුරු වරයාගේ රථයට යාමට ඉඩ ලබා දීමට ගත් උත්සාහයේ දී එම ත්‍රිරෝද රථ රියදුර සහ සැරයන් වරයා අතර පොර බැදීමක් සිදුවී තිබේ.
සැරයන්වරයා සතුව තිබූ ගිනි අවිය ත්‍රිරෝද රථ රියදුරු අතට පත් වුයේ එම පොර බැදීමෙනි. ඉන් පසු සැරයන් වරයාගේ උදරය වෙඩි ප්‍රහාරය එල්ල කරන ත්‍රිරෝද රථ රියදුරු ගිනි අවිය එතනම දමා මහ මග යමින් තිබූ යතුරු පැදියක් පැහැරගෙන පලා ගොස් ඇති අතර ඒ මෙහොතේ ඔහු සමඟ සිටි ඔහුගේ වැඩිමල් සොහොයුරු සහ ඥාති සහෝදරයා පොලිස් අත්අඩංගුවට පත් වී තිබේ.
සිද්ධියේ ප්‍රධාන සැකකරු මේ වන විට අතුරුදහන් වී ඇති අතර ඔහු සෙවීම පිණිස විශේෂ පොලිස් පරීක්ෂණ ආරම්භ කොට ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ වරයා කියයි.
දමයන්ති ගමගේ්
http://www.lakbima.lk/index.php/2016-04-26-11-38-18/5510-%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96%E0%B6%BB%E0%B7%8A-%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92-%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8-%E0%B6%85%E0%B7%84%E0%B6%B9%E0%B7%94-%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92-%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%9A
විනිසුරුට වෙඩි තැබුවේ හිටපු කොටි සමාජිකයෙක්දැයි සැකයක්
(රොමේෂ් මධුෂංඛ)
යාපනය මහාධිකරණ විනිසුරුවරයාගේ ආරක්ෂක නිලධාරීන්ට වෙඩි තැබුවේ හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු බවට පොලිස් විමර්ශන කණ්ඩායම් සැක පළකරන බවත් ප්‍රධාන සැකකරුගේ ඥාතීන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බවත් යාපනය පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රධාන සැකකරුගේ වැඩිමහල් සොහොයුරකු හා තවත් ඥාතියකු වන අතර මේ වන විට ඔවුන්ගෙන් ප්‍රධාන සැකකරු පිළිබඳව වැඩි දුර ප්‍රශ්න කරමින් සිටින බවට වාර්තා වෙයි.
යාපනය පොලීසිය, රහස් පොලීසිය ඇතුළු පොලිස් විමර්ශන කණ්ඩායම් කිහිපයක් මේ වන විට අදාළ වෙඩි තැබීම කරන ලද පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරු රැසක් සොයාගෙන ඇතැයි කියති.
වෙඩි තැබීම සිදු කළේ යැයි සැක කෙරෙන පුද්ගලයා වෙඩි තැබීමට පෙර නල්ලූර් කොවිල අසල ත්‍රී රෝද රථ ගාලේ සිටි රියදුරන් සමගද ආරවුලක් ඇති කරගෙන ඇති අතරම එම පුද්ගලයා බීමතින් සිට ඇති බවටද කරුනු අනාවරණය වී ඇත.
මෙම සැකකරු යාපනය පුන්කුඩතිව් ප්‍රදේශයේ පදිංචිකරුවකුද වන අතර පුන්කුඩතිව් විද්‍යා ඝාතනයේ ප්‍රධාන සැකකරුවකු වූ ස්විස් කුමාර් නැමත්තා සමග සමීප ඇසුරක් පවත්වා ඇති බවටත් අදාළ නඩුව විභාගය කරන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ මානික්කවාසගර් ඉලංචේලියන් මහතාද සිටීම නිසා මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇතැයි ද යාපන පොලීසියට තොරතුරු ලැබී ඇත.
http://www.lankadeepa.lk/latest_news/%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%A7-%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92-%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%94%E0%B7%80%E0%B7%9A-%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94-%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92-%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%E0%B7%90%E0%B6%BA%E0%B7%92-%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A/1-515484

Last edited:
හැබැයි ඒකෙන් සාජන් මහත්තයෙගේ ජීවිත පරිත්‍යගේ අවතක්සේරු වෙනවනම් වැරදියි.