නලින් ද සිල්වාගේ නවතම දේශනය - 2014/12/17

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113

    යහපාලනය ඉස්මතු කරන්නේ රටේ නිදහස පිළිබඳ ප්‍රශ්නය යටපත්කිරීමට ය - Nalin De Silva

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    අතුරලියේ රතන, විමල් වීරවංස සහ චම්පික රණවක ගැන නලින් ද සිල්වා මහතාගේ විග්‍රහය, විනාඩි 22.05 සිට....
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    1395334_409898589160454_341089153684808427_n.jpg
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    නලින් ද සිල්ව කියන්නෙ කට හැරෙන හැරෙන පැත්තට කතා කරන පුද්ගලයෙක් ... ඕවට උදාහරණ අපි ඕන තරම් කතා කරල තියෙනව

    http://www.elakiri.com/forum/showthread.php?t=1589530

    ඔයාට ඒකට උත්තරේ දීල ඇති...ඕන නම් මෙතනත් දාන්නම්...

    http://www.elakiri.com/forum/showthread.php?t=1589421&page=14
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    මෙතුමා කොහොම හරි කරන්නේ යතාර්ථයට විරුද්ධව කතා කරල මෙතුමගේ අලුත් මතයක් ඉදිරිපත් කරන්න.

    යහපාලනය නැහැ කියන්නේ යහපාලනය නැති හින්ද,
    නිදහස පිළිබද ප්‍රශ්නයක් නෑ, නැති ප්‍රශ්න අැති කරන්න හදන්න එපා.
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මෙය ආරම්භය හෝ අවසානය හෝ නොවේ

    බොහෝ දෙනා සැලකිල්ලට නොගත්ත ද 2015 ජනධිපතිවරණය පැවැත්වෙන්නේ ශී‍්‍රලනි පක්ෂයේ නිර්මාතෘ බණ්ඩාරනායක මහතා උපන් දිනයෙහි ය. එමෙන් ම ජනවාරි 08 වැනි දා එජාප ආණ්ඩුව විසින් දඹරාවේ රතනසාර හිමියන් අපවත් කළ දිනය ද වෙයි.

    උන්වහන්සේ අපවත් වූයේ සිංහල විරෝධී එජාප ආණ්ඩුවේ (සෑම එජාප ආණ්ඩුවක්ම සිංහල විරෝධී වෙයි. එසේ වන්නේ එජාප මූලික වශයෙන් එංගලන්තය ප‍්‍රමුඛ බටහිර රටවල විජාතික බලවේගවල ප‍්‍රධාන නියෝජිතයා වන බැවිනි.) දෙමළ භාෂා විධිවිධාන පනතට එරෙහිව 1968 දී උද්ඝෝෂණ පෙළපාළියකට සහභාගි වන අතර වෙඩි පහරට ගොදුරු වීමෙනි.

    ඒ එජා පක්ෂයේ සිංහල විරෝධී ප‍්‍රතිපත්තියට මෙන්ම ඊනියා ප‍්‍රජාතන්ත‍්‍රවාදයට හා යහපාලනයට උදාහරණයකි. එජාප ආණ්ඩුවල වෙඩි පහරින් මිය ගිය හා මිය යන දේශපේ‍්‍රමීන් ගැන ඊනියා මානවහිතවාදීන්ගේ හද කම්පා නොවන්නේ ඔවුන් ද සිංහල විරෝධීන් වන බැවිනි.

    මෙවර පැවැත්තෙන ජනාධිපතිවරණය ද පසුගිය වතාවල මෙන්ම ජාතික හා විජාතික බලවේග අතර කෙරෙන සටනකි. ජාතික හා විජාතික බලවේග අතර සටන පෘතුගි‍්‍රසීන් පැමිණි දිනයේ සිට ම පැවැත්වෙයි. එදා ද විජාතිකයන්ගේ පැත්ත ගත් සිංහලයෝ සිටියහ.

    රනිල් වික‍්‍රමසිංහට 2005(6) දී පෘතුගී‍්‍රසින් පැමිණීමේ පන්සිය වසර සැමරීමේ දොළදුකක් උපන්නේ ඔහුගේ විජාතිකත්වය පිළිබිඹු කරමිනි. ගියවර ජනාධිපතිවරණයෙහි දී විජාතික බලවේගවල නියෝජිතයා වූයේ සුදු කොඩි කතාවේ සරත් ෆොන්සේකා ය. නන්දිකඩාල් සටනෙන් පසුව ඇමෙරිකාවට ගිය ඔහු ආපසු පැමිණියේ වෙනස් පුද්ගලයකු ලෙස ය. ඔහුට විරුද්ධව යුද්ධාපරාධ සම්බන්ධයෙන් ඇමෙරිකන් උසාවියක පවරා තිබූ නඩුවක් අස්කර ගැණුනේ ගෝඨාභය රාජපක්ෂ මහතා පමණක් එහි වගඋත්තරකරුවකු ලෙස තබා ගනිමිනි.

    ෆොන්සේකා සුදු කොඩි කතාව ඔස්සේ රාජපක්ෂ මහතාට එරෙහිව ඇසින් නොදුටු සාක්කියක් ගෙතුවේ ය. ඔහු එක් රැුයකින් වීරයෙක් විය. ඔහු ඊනියා පොදු අපේක්ෂකයා විය. ආණ්ඩු විරෝධී ජනමාධ්‍ය ඔහු පුම්බා නැති රැල්ලක් මැව්වේ ය. ඡන්ද ප‍්‍රතිඵල නිකුත් කරන තෙක් ජයග‍්‍රහණය කර තිබුණේ සරත් ෆොන්සේකා ය. එහෙත් ඔහු ඡන්ද දහඅට ලක්ෂයකින් පරාජයට පත්විය.

    අද මෛතී‍්‍රපාල සිරිසේන විජාතික බලවේගවල අපේක්ෂකයා වෙයි. ඔහු කාගේ පොදු අපේක්ෂකයා ද යන ප‍්‍රශ්නය යමකුට ඇත්නම් එයට පිළිතුර ඔහු එංගලන්තය ප‍්‍රමුඛ පොදු විජාතික බලවේගවල අපේක්ෂකයා බව ය. දේශීය වශයෙන් පොදු විපක්ෂයක් නැති තැන විපක්ෂයේ දේශීය පොදු අපේක්ෂකයෙක් නැත. එහෙත් මේ නොපොදු විපක්ෂයේ පොදු බව ලැබෙන්නේ ඔවුන්ගේ සිංහල විරෝධී පොදු බව මගිනි. ඒ පොදු බව ඇති කරන්නේ එංගලන්තය හා ඇමෙරිකාව ය. මෙරට සිංහල විරෝධී දෙමළ ජාතිවාදය ඉංගිරිසින්ගේ නිර්මාණයක් බවත් එය පවත්වාගෙන ගියේ හා යන්නේ ඉංගිරිසින් බවත් අපි අවුරුදු විසිපහකට වැඩි කලක් තිස්සේ කියා ඇත්තෙමු.

    එහෙත් තවමත් බහුතර සිංහලයන් එය වටහාගෙන ඇති බවක් නොපෙනෙයි. අද වන විට ඇමෙරිකාව එංගලන්තය සමඟ එක් වී ඇති අතර පසුගිය දශක කිහිපයෙහි මේ රටවල් දෙක කැනඩාව, ස්වීඩනය හා නෝර්වේ වැනි රටවල් සිංහලයන්ට විරුද්ධව යොදා ගත්තේ ය. මෛතී‍්‍රපාල සිරිසේන දෙමළ ජාතිවාදය. විසිරුණු දෙමළ ජනයා පරාජය කිරීම, දහතුන් වැනි සංශෝධනය, පොලිස් හා ඉඩම් බලතල, උතුරු හා නැගෙනහිර පළාත් එකතු කිරීම ආදිය ගැන කියන්නේ කුමක් දැයි දැනගනු කැමැත්තෙමු.

    ජාතික හෙළ උරුමය මෛතී‍්‍රපාල සිරිසේනට සහාය දීම හේතුවෙන් ඔහුගේ විජාතිකත්වය අඩු නොවේ. ජාතික හෙළ උරුමයේ අනුගාමිකයන්ට කෙසේ වෙතත් එහි නායකයන්ට කිසි දිනෙක ජාතිකත්වයක් නොතිබිණි. පාසල් වියේ ජවිපෙ ආධාරකරුවන් වූ ඔවුහු ඉතා කෙටි කලක් චින්තන පර්ෂදයට සම්බන්ධ වු සිටියහ. එහෙත් ඔවුහු නොබෝ කලකින් ජාතිය මළකඳක් යැයි කියමින් මංගල සමරවීර සමග රටවැසි පෙරමුණ ගොඩ නගා ගත්තෝ ය. ඔවුහු එකල යුද්ධයට විරුද්ධව ඊනියා සාමය වෙනුවෙන් පෙනී සිටියහ. එහෙත් නැවතත් ඔවුන් ජාතික දේශපාලනයට පැමිණියේ ජාතිකත්වයට ඉල්ලුමක් ඇතැයි යන පදනමෙන් මිස ජාතිකවාදීන් ලෙස නොවේ.

    අද ඔවුන් විජාතිකත්වයට ආපසු ගොස් ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා සිටින තෙක් ඔවුන්ට ජාතිකත්වයේ ධජය නොලැබෙන බව අවබෝධ කර ගනිමිනි. ඔවුන්ට අවශ්‍ය වන්නේ බලය හා බලය පමණකි. ඒ සඳහා ඔවුන්ට ප‍්‍රතිපත්ති වෙනස් කිරීම ඇඳුම් මාරුකිරීමට වඩා අසීරු කාරියක් නො වේ. අද එංගලන්තය ප‍්‍රමුඛ විජාතික බලවේගවලට අවශ්‍ය මහින්ද රාජපක්ෂ මහතා පරාජය කර ඔහු දංගෙඩියට යැවීම ය. ඒ මහතා රාජ්‍යය නායකයාව සිටිනා තෙක් එය කිරීම අපහසු බව ඔවුහු දනිති. එබැවින් මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය නායකත්වයෙන් පහ කිරීම විජාතික බලවේගවල අවශ්‍යතාවයකි. ඒ සඳහා ඔවුහු අභූත යුද්ධාපරාධිකරණ චෝදනා නගති.

    ඇසින් දුටු සාක්ෂිකරුවන් නොමැති වීම ඔවුන්ට ප‍්‍රශ්නයක් නොවේ. ඔවුන් එහි දී යොදා ගන්නේ පඬියන් හා ජඩමාධ්‍යවේදීන් ය. ඒ සියල්ලන්ටම පාහේ මුදලින් හා වෙනත් ක‍්‍රමවලින් ආධාර කිරීමට බටහිරයෝ අමතක නොකරති. බටහිරයනට සිංහලයන්ට එරෙහිව කරන සටනෙහි දී මහින්ද රාජපක්ෂ මහතා එලෙස දංගෙඩියට යැවීම මෙන්ම කිසි දිනෙක බටහිරයන්ට හා දෙමළ ජාතිවාදයට එරෙහිව කිසිම ආකාරයට නැගී සිටිය නොහැකි ජනාධිපතිවරයකු පත්කර ගැනීමේ අවශ්‍යතාව ද වෙයි. ඉතාම දුර්වල අපේක්ෂකයකු වූ මෛතී‍්‍රපාල සිරිසේන ඊනියා පොදු අපේක්ෂකයා වන්නේ මේ සන්දර්භයෙහි ය. එහෙත් මෛතී‍්‍රපාල සිරිසේනට දිනිය නොහැකි බව ඔවුහු දනිති.

    ඔහු ව්‍යාජ ජාතිකත්ව සළු පිළි පැළඳ ගත්ත ද රනිල් වික‍්‍රමසිංහට තරම්වත් ඡුන්ද නොලැබෙන බව ඔවුහු දනිති. එහෙත් ඔහු හැසිරවීම ඉතාම පහසු බව ද ඔවුහු දනිති. චන්ද්‍රිකා කුමාරතුංග මගින් බටහිරයෝ මෛතී‍්‍රපාලට ජනාධිපති අපේක්ෂකයා වීමේ වැදගත්කම ලබා දී ඔහු ඊනියා පොදු අපේක්ෂකයා කළහ.

    ජවිපෙ මුල දී කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත්වන ඡුන්දය නීති විරෝධී වන බැවින් එය වර්ජනය කළ යුතු බවය. ඔවුන්ට වුවමනා වූයේ ඒ මගින් ජනතාව වීදි කැඳවා අරාබි වසන්තයක් ඇතිකර ලේ විලක් නිර්මාණය කිරීම ය. එහෙත් අද ඔවුහු එය තරමක් වෙනස් කර ගායනා කරති. අද ඔවුන් කියන්නේ මහින්ද රාජපක්ෂ මහතා පරාජය කරන ලෙස ය. ඔවුහු දිනවන්නේ කවුරුන් දැයි නො කියති.

    එයට හේතුව මහින්ද රාජපක්ෂ මහතාට වඩා කිසිවකුට ඡන්ද ගැනීමට නොහැකි වීම ය. ඔවුන්ට අද අවශ්‍ය මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීම පමණකි. ඔවුන් එයින් අදහස් කරන්නේ ඒ මහතාට ඡුන්ද සියයට පනහක් ලබා නොදීම ය. එවිට දෙවැනි මනාපය ගණන් කිරීමට සිදුවෙයි. ඒ කාලය අරාජික නොනගත කාලයකි. බටහිරයන්ගේ අවශ්‍යතාව මත ජවිපෙ අරාබි වසන්තය අරඹන්නට යන්නේ මේ නොනගත කාලයෙහි ය. අරාබි වසන්තයෙහි ප‍්‍රතිඵලය ලෙස මෛතී‍්‍රපාල සිරිසේන පඹ ජනාධිපතිවරයා කිරීමේ අවශ්‍යතාව බටහිරයන්ට වෙයි.

    එහෙත් ජනතාව විජාතික බලවේගවල සියලූ සැලසුම් පරාජය කර මහින්ද රාජපක්ෂ මහතාට 55% ට වැඩි ඡන්ද ප‍්‍රතිශතයක් ලබා දෙනු ඇත. අපේ වෑයම විය යුත්තේ එය 65% දක්වා වැඩිකිරීම ය. ඒ බටහිරයන්ගේ ඊළඟ සැලසුම ද පරාජය කිරීමට පදනම දමා ගැනීම සඳහා ය.

    ඊනියා ජාත්‍යන්තර අධිකරණය මගින් හෝ ජවිපෙ - එජාප අරාබි වසන්තය මගින් හෝ මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට නොහැකි වුවත් බටහිරයන් තම වෑයම අත් නොහරිනු ඇත. ආර්ථික සම්බාධක ඔස්සේ රට අස්ථායී කිරීමටත් මහින්ද රාජපක්ෂ මහතා ඒකාධිපතියකු බවට ලෝකය පුරා ජනමතයක් ඇති කිරීමටත් එමගින් ඒ මහතා ඝාතනය කිරීමටත් බටහිරයන් උත්සාහ දරනු ඇත. අද වන විට ද බටහිරයන් ඒ සම්බන්ධයෙන් පියවර කිහිපයක් ගෙන ඇත. විජාතික බලවේගවල ඒ සියලූ උත්සාහයන් පරාජය කළ හැක්කේ මහින්ද රාජපක්ෂ මහතාගේ ඡුන්ද ප‍්‍රතිශතය හැකිතාක් වැඩිකර අප ජාතියක් ලෙස එක මතයක සිටින බව බටහිරයන්ට දැනගැනීමට සැලැස්වීමෙනි.

    නලින් ද සිල්වා

    2014-12-17
     
    Last edited:

    :lol::lol:

    මේව පිළිගන්න මිනිස්සුත් ඉන්නවනේ.

    අාණ්ඩුව තනිකරම විදේශ ප්‍රතිපත්තිය අවුල් කරගෙන,
    චීන හිතවාදී අනෙක් සියලු බටහිර බලවත් රටවල් වලට විරෝධී (ඉන්දියාව අැතුලු) ක්‍රියාමාර්ග අරගෙන දැන් විපක්ෂෙට බනිනවා මේ වගේ කුහක මිනිස්සු දාල.
    ඉතින් අපේ සමහරක් හිතන්නේ ඉතින් සුද්දා ඉස්සර ලංකාව අැල්ලුවා වගේ දැනුත් අල්ලන්න යන්නේ කියල. :rofl:

    අපේ අාණ්ඩුවෙ රෙද්දේ විදේශ ප්‍රතිපත්ති හින්ද තමා රටට කෙලවෙලා තියෙන්නේ (යුද්ධෙන් පස්සෙ ගත්ත).

    ඉන්දියාවට කීවෙ කොහොමද ? 13 නෙමේ 13+ දෙන්නම් කියල:dull:
    යූ.එන්. එකට කීවෙ මොකක්ද ? එල්.එල්.අාර්.සී. එක එහෙම්මම ක්‍රියාත්මක කරනව සත්තයි කීව.

    edit:
    විදේශ බලවේග කියන එවුන් දැන ගනියව් එකක්.
    අපේ රටේ GDP එකෙන් debt එක 80% විතර වෙනව.
    චයින වල ණයයි, මරාගෙ පරම්පරාව හොයා ගත්ත බූදලයයි එකතු කරල ගත්තොත් අපේ රට උකස් කරන්න වෙනව උන්ට.
    අනෙක් ණය ගත්ත රටවල් වලට ණය ගෙවීමේ හැකියාවක්වත් තියෙයි අඩුම තරමෙ. අපිට ඉතින් රට සින්නක්කර ලියල දෙන්න වෙන්නෙ.

    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    නොදකින් නාකියා. වල පයයි ගොඩ පයයි තියන් ඉන්න කාලේ පිනක් දහමක් කරගෙන ඉන්නේ නැතුව එනවා මෙතන බයිලා ගහන්න. ඔය තව ඉන්නේ මු වගේම හිවලෙක් අමාරසේකර කියල.
     
    :yes::yes: