දෙවියන් විදිහට උපතක් ලබන්නේ මනුෂ්‍යන් වෙලා ඉද්දි ගොඩක් ගුණ ධර්ම දිවුණු කරපු උදවිය. මම විශ්වාස කරන විදිහට කෙනෙක්ට දෙවියන්ගෙන් උදවුවක් ලැබෙනවා නම් උදවුවක් ලැබෙන්නෙත් ඒ විදිහටම ගුණ ධර්ම දිවුණු කරන කෙනෙක්ටමයි.
සරල උදාහරණයක් ගත්තොත් ගුණ ධර්ම දිවුණු කරන මනුස්සයෙක් දුසිරිතෙන් කල් ගෙවන මනුස්සයෙක් එක්ක ලගින් ආශ්‍රය කරන්න හෝ උදවු කරන්න අකමැතියි නේ? ඒ වගේ තමා ඉතින්.
අනික එහෙම ගුණ ධර්ම දිවුණු කරලා ඉන්න දෙවි කෙනෙක් ඉන්නවා නම් කෙනෙක්ට අයහපතක් කරන්න ඉදිරිපත් වෙයිද මට මෙහෙම කරපන් අර විදිහට කරපන් කියලා බන්නට?
දෙවියන්, පවු පින්, ඇස් දෙකෙන් දැකලා නැති නිසා විශ්වාස කරන්න බහ කියල බැහැර කරනවා මිනිස්සු. නමුත් අපිට නොපෙනෙන කොයි තරම් දේවල් මේ ලෝකේ තියනවද? මොහොතක් හිතන්න, දුරකතන, ගුවන් විදුලි, රුපවාහිනී සඥා ඇසට ගෝචර වෙන්නේ නැති උනාට අපි ඒ දේවල් වලින් ප්‍රයෝජනයක් ගන්නේ ඒවා ග්‍රහණය කර ගන්න උපාංග හදල තියන නිසා.
ඒ වගේම තමා අපිට නොපෙනෙන දේවල් සහ ඒ ලෝකය ගැන දන ගන්න තියන මග වෙන්නේ මුළු විශ්වය ගැනම අවබෝධයක් ඇත්තෙකුගේ ඥානයෙන් දේශනා කල දෙයක් විශ්වාස කිරීමයි.
එසේ වූ ඥානයක් ඇත්තේ එක් අසම සම වූ පිරිසකට පමණයි. ඒ අපගේ බුදු පියාණන් වහන්සේලාගේ අවබෝධයයි.