නලින් ද සිල්වා, තොටගමුවේ රාහුල හිමි සමග කත&#35

AnuradhaRa

Well-known member
  • කවුරු හෝ වේවා එ් පුද්ගලය ගැන විනිශ්චයක් දීමට මම සියල්ල දත් කෙනෙක් නොවෙමි...

    මේ හැම දේකම ඇත්ත නැත්ත, කවදා හෝ අනාගතයේ යම් දවසක අපිට වැටහේවි.. එතෙක් අපි අඳුරේ අතපත ගාමින්, එකිනෙකාට බැණ වදිමින් සිටිමු.. :yes:
     
    Last edited:

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කවුරු හෝ වේවා එ් පුද්ගලය ගැන විනිශ්චයක් දීමට මම සියල්ල දත් කෙනෙක් නොවෙමි...

    මේ හැම දේකම ඇත්ත නැත්ත, කවදා හෝ අනාගතයේ යම් දවසක අපිට වැටහේවි.. එතෙක් අපි අඳුරේ අතපත ගාමින්, එකිනෙකාට බැණ වදිමින් සිටිමු.. :yes:

    :yes::yes::yes:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රවි සමග හෙළුවෙන්

    රවි කරුණානායක මෙරට පත්කෙරුණු අදක්‍ෂතම මුදල් ඇමතිවරයායි. ඒ ඔහුගේ වරදක් ම නොවේ. ඇමතිවරුන්ගෙන් පිළිබිඹු වන්නේ ආණ්ඩුූවයි. මේ ආණ්ඩුව මෙරට ඇති වු අදක්‍ෂතම ආණ්ඩුවයි. මෙය වැඩ බැරි ටාසන්ලාගේ ආණඩුවකි. වැඩ බැරි ටාසන් යන්න කවුරු මුලින් ම කීවත් එය මේ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට තරම් වෙන කිසිවකුටවත් ගැලපෙන්නේ නැහැ. ඔවුන් දන්න එකම දේ ඊනියා රාජපක්‍ෂ රෙජිමයට බැන වැදීම පමණයි. අර නැපෝලියන් ලෝක යුද්ධ කාලෙදි හිටිය කිවුව රටේ අධ්‍යාපන ඇමති අකිල විරාජ් විරාජමාන වෙලා කියා තිබුනෙ සාලාවෙ හමුදා කඳවුර ගිනිගැනීම ගැනත් රාජපක්‍ෂලා වැරදි කාරයො කියලා.

    නැපෝලියන් අන්තිමට පැරදුනා. ඉංගිරිසි කාරයන් දිනුව. අර කතාවක් තියෙනවා ඉතිහාසය ලියන්නෙ දිනුව අය මිසක් පැරදිච්ච අය නෙවෙයි කියලා. අප පාසල් යන කාලෙ දැනගෙන හිටියෙ නැපෝලියන් මිටි මිනිහකු කියලා. එහෙම තමයි නැපෝලියන්ට ගරහන්නට සුද්දන් ඔවුන්ගෙ යටත්විජිතවල ශිෂ්‍යයන්ට කියලා දුන්නෙ. අප පාසල් යන කාලෙ අපට නිදහස කියන එකක් ලැබිල තිබුනට ඉගැන්නුවෙ සුද්දන් කියපු දේම තමයි. ඉන් අවුරුදු හැටකට විතර පස්සෙ දැන් කියල ලොකු වෙනසක් වෙලා නැහැ. කොහොම වුනත් පස්සෙ කාලෙක දි දැනගන්න ලැබුන නැපෝලියන් ඒ කිවුව තරම් මිටි නැහැ කියලා. දෙවැනි රාජසිංහ රජ්ජුරුවො ලන්දේසීන් එක්ක ගිවිසුම් අත්සන් කරන වෙලාවෙ ප්‍රංශයන් එක්ක ගිවිසුමක් අත්සන් කළා නම් අපට වෙන නැපෝලියන් කෙනකු ගැන ඉගෙන ගන්න තිබුණ. අකිල නැපෝලියන් ගැන මොනවා කිවුවත් මට ප්‍රශ්නයක් තියෙනවා. ඒ නැපෝලියන් ගැන නෙවෙයි. මහින්ද ගැනයි.

    බැරි වෙලාවත් ප්‍රභාකරන් ඊළම දිනාගත්ත නම් ප්‍රභාකරන් ගැන ඉංගිරිසි කාරයන් මොනව ලියන්න තිබුණ ද? ඔහු දෙමළ ජනයාට සිංහල බෞද්ධ ජාතිවාදීන්ගෙන් නිදහස ලබා දුන්න මානව හිතවාදී වීර පුරුෂයකු ලෙස ලියන්න තිබුණා. මේ ආණ්ඩුව ටික කලක් තිබුණොත් එහෙම කියන්න බැරි කමකුත් නැහැ. කොහොමත් දැන් කොටින් සමරනවා. ටික කලකට පෙර දැන් ලංකා සභාව කියලා හැඳින්වෙන එංගලන්ත (ඇංග්ලිකන්) සභාවෙ බිෂොප් වෙලා හිටිය කෙනත් ප්‍රනාන්දු ප්‍රභාකරන්ව හැඳින්නුවෙ මානවීය පුරුෂයකු කියලා. රනිල්ගෙ තාත්තා මේ සභාවෙ ආගම තමයි ඇදහුවෙ, බාප්ප ඒ සභාවෙ බිෂොප් වෙලා හිටියා.

    රනිල්ගෙ ආණ්ඩුව ටික කාලයක් තිබුණොත් මහින්ද හොරකු, දූෂිතයකු, භීෂකයකු කියලා ඉතිහාසෙ ලියාවි. ඒ බව ලියන්න වාල්මිකීලව ඕන තරම් විශ්වවිද්‍යාලවලින් ඊනියා පර්යේෂණ ආයතනවලින් හොයාගන්න පුළුවන්. මෛත්‍රිපාලව විභීෂණ කරාවි. රාම රනිල් තමයි. පොඩි අඩුවකට තියෙන්නෙ සීතා නැති එකයි. පහුගිය දා නුවරඑළියේ සීතාඅම්මාන් කෝවිල කියන එකේ පූජාවකට ආපු පූජකවරයාට කිවුව නම් සමහර විට සීතා කෙනෙකු හොයලා දේවි. ඒ සිතාඅම්මාන් කෝවිල සීතගෙ කාලෙ ඉඳලා තියෙන එකක් නෙවෙයි. ඒක ඉංගිරිසි කාරයන් කඳුකරයට අර්ධ වහල් සේවයට ගෙනාපු දෙමළ කම්කරුවන් හදාගත්තු කෝවිලක්.

    රවිට විරුද්ධව ගෙනාපු විශ්වාසභංගෙ පැරදුණ එක පුදුමයක් නෙවෙයි. කොහොමටත් විශ්වාසභංග ගෙනෙන්නෙ දිනන්න ම නෙවෙයි. ආණ්ඩුව හෙළිදරවු කරන්නයි. පාර්ලිමේන්තුවෙ තුනෙන් දෙකක ඡන්දයක් තිබෙන කම් ආණ්ඩුව පරද්දන්න බැහැ. ඒකාබද්ධ විපක්‍ෂය සමහරවිට බලන් ඉන්න ඇති මැති ඇමතිවරුන් කිහිප දෙනකු විශ්වාසභංගයට පක්‍ෂ වෙයි කියලා. එහෙත් එහෙම වුනෙ නැහැ. එහෙම වෙන්නෙත් නැහැ. ජෝන් සෙනෙවිරත්න නම් ඡන්දෙ දෙන්න ඇවිල්ල තිබුණෙ නැහැ. එයාට දැන් මොනව හිතනව ද කියලා දැනගන්න බටහිර මනෝ විශ්ලේෂකයකුට පුළුවන් ද?

    විශ්වාසභංගෙන් පැහැදිලි වෙන කාරණයක් තියෙනවා. මෛත්‍රීපාල කිසිදාක මේ ආණ්ඩුව කඩන්න ඉඩ දෙන්නෙ නැති බව. මෛත්‍රිපාලට ඕන වුනත් කැමරන්ලා හා මෝදිලා එයට ඉඩ දෙන්නෙ නැහැ. ඔහු තමන්ගෙ පැත්තෙ දැන් ඉන්න, කලින් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂෙ හිටපු, මැති ඇමතිවරුන්ව තර්ජනය කරල හරි ආණ්ඩුව පැත්තෙ තියාගන්නවා. ඒ මැති ඇමතිවරු ඉඳහිට ඒකාබද්ධ විපක්‍ෂෙ අය එක්ක එකතුවෙලා ඒ ඒ අයගෙ අගමැතිත්වයෙන් ආණ්ඩු පිහිටුවන සුරංගනා කතා කියනවා. ඒ ඔක්කොම ඒකාබද්ධ විපක්‍ෂය නිදි කරවන්න කියන කතා. ඒකාබද්ධ විපක්‍ෂෙ ඉන්න අයත් 2015 මහා මැතිවරණ කාලෙ ඉඳලම සූරංගනා කතා අහනවා. සුරංගනා කතා කාරයෙන් විශ්වාසභංගෙට විරුද්ධ වෙලා ආණ්ඩුව ආරක්‍ෂා කෙරුවා. රවි එක්ක හෙළුවෙන් හිටගත්තා. ජාතික හෙළ උරුමය හිටගත්තෙ අතින් හෙළුව වහන්න වෑයම් කරමින් බොරුවට උතුර ගැන මතක් කරමින්.

    බැරි වෙලාවත් කවද හරි දවසක මීළඟ මැතිවරණය කිට්ටු වෙලා ඔය සුරංගනා කතා කාරයො ආණ්ඩුව අත්හැරලා ඒකාබද්ධ විපක්‍ෂෙට කිට්ටු කළොත් ඔවුන්ව ගන්න ඉඩ තියෙනවා. මේ ගනුදෙනු (ඩීල්) දේශපාලනයේ හැටි එහෙම තමයි. ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය අනුව ගනුදෙනු දේශපාලනයෙන් බැහැර වෙන්න බැහැ. මේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයෙන් ජනතාව මුළා කරන්න පහසුයි. අද විග්නේෂ්වරන්ට අහමඩ්ට විරුද්ධව කතා නොකරන අය හෙට සිංහලයේ උරුමක්කාරයන් වේවි. ජනතාවට පුළුවන් අවුරුදු පහකට හයකට වරක් මුළාවෙළා හරි කා නමුත් පත්කරගෙන අවුරුදු පහක් හෝ හයක් හෝ නියවගෙන ඉන්න.

    ජ වි පෙ මෙච්චර කල් හෙළුවෙන් හිටගෙන දැන් අමුඩ හොයනවා. විශ්වාසභංගෙට පක්‍ෂව ඡන්දෙ දීලා. මේ ආණ්ඩුවට කඩේ ගිය ජ වි පෙරමුණට දෙන්න අමුඩ නැහැ. ජ වි පෙ අවස්ථාවාදය අතින් දෙවැනි වෙන්නෙ ජාතික හෙළ උරුමයට පමණයි.

    මේ ලිපිය තමන්ට අවශ්‍ය පරිදි මගේ තෝරාගත් ලිපි පමණක් පළකරන පුවත්පත්, වෙබ් අඩවි ආදිය සඳහා ඉදිරිපත් කරන්නේ නැහැ. එහෙත් කිසිවකුට තම මිතුරන්ට එය ඉදිරිපත් කිරීමේ බාධාවක් නැහැ.

    මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද කියවිය හැකි යි.


    (https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/)
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,152
    9,488
    113
    නලින් සර් ගෑන මෙහෙම clips එකක් දේකක් බලල තීරන ගන්න එපා කොල්ලනේ. සර්ගෙන් ඉගෙනනත්ත උන්ගෙන් අහලා දෑනගනින්.

    mugen igenagaththu un muuta ambaanaka baninawa ban ,
    ugannana eka hariyata karanne na lu uni eke
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    තොත්ත බබා;20522358 said:
    mugen igenagaththu un muuta ambaanaka baninawa ban ,
    ugannana eka hariyata karanne na lu uni eke
    කිව්වේ කැම්පස් එකේ ටොයිලට් හෝදන එකා වෙන්න ඇති...
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    Dr නලින්දගේන් කුලක ඉගෙන ගත්ත අය ඉන්නවද?....අර දේවානම් පියතිස්ස සහ නෑදෑයෝ කුලකය