නලින් ද සිල්වා ලිපි !!

dynamite1234

Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    නලින් ද සිල්වා ලිපි !!

    Prof. නලින් ද සිල්වා ලිපි


    (1)සිංහල බෞද්ධ සංස්කෘතියේ සුවිශේෂත්වය (2016 ජනවාරි 31`රිවිර ලිපිය)
    සිංහල බෞද්ධ සංස්කෘතියේ සුවිශේෂත්වය


    මෙහි සිංහල බෞද්ධ සංස්කෘතියේ සුවිශේෂත්වය යන්න සන්දර්භ දෙකකින් විස්තර වෙයි. එකක් ලෝක මට්ටමෙන් ය. අනෙක ලංකාව වශයෙනි. අපට වඩා දැනෙන්නේ ලංකාව සම්බන්ධයෙන් සිංහල බෞද්ධ සංස්කෘතියේ සුවිශේෂත්වය ය. එහෙත් ලෝක මට්ටමෙන් ද එහි ඇති සුවිශේෂත්වය නොදැන රටේ වත්මන් දේශපාලනය අවබෝධ කරගත නො හැකි ය. සිංහල බෞද්ධයනට ලෝක මට්ටමෙන් එහි ඇති සුවිශේෂත්වය අවබෝධ නො වේ. එසේ වුවත් මැවුම්කරුවකු ගැන විශ්වාස කරන බටහිර හා ඉන්දියානු සංස්කෘතිවලට ඒ සුවිශේෂත්වය හොඳින් ම දැනෙයි. ගුණදාස අමරසේකර මහතා වරක් කියා තිබුණේ එක්තරා තායිලන්ත උගතකුට අනුව නැවත බෞද්ධ සංස්කෘතියක රටක් කරවීමට හැකි රටවල් තුනක් තිබූ බව ය. අමරසේකර මහතාට අනුව ඒ උගතා කියා තිබුණේ ඒ රටවල් තුන ලංකාව, මියන්මාරය හා කාම්බෝජය යන ථෙරවාදී රටවල් බව ය.


    එහෙත් පොල් පොට්ගෙන් පසු කාම්බෝජයට ඒ කාර්යය කළ නො හැකි ය. පොල් පොට්ගේ ප්‍රශ්නය වූයේ ඔහු අනුගමනය කළ ක්‍රියා මාර්ගය ය. බටහිරයන්ට ඔහු නැතිකිරීමට ඒ ක්‍රියා මාර්ගය නිසා පහසු විය. නැතිවූයේ පොල් පොට් පමණක් නොවේ. එහි ථෙරවාද සංස්කෘතියට තිබූ ශක්තිය ද නැති වී ගියේ ය. මියන්මාරය ද අවුං සාන් සුකී මගින් අඩපණ කිරීමට බටහිරයන්ට හැකි විය. ලංකාව පමණක් තවමත් ඉතිරි වී තිබේ. එහෙත් ඉතා සුළු කරුණකින් ලංකාවට ඇති ශක්තිය ද නැති වී යෑමට ඉඩ ඇත. අප ප්‍රවේසම් නොවුණහොත් ලංකාවේ ථෙරවාද සංස්කෘතිය ද දුර්වල වනු ඇත. බොහෝ සිංහල බෞද්ධයනට නොතේරුණ ද අප බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුමට හා අශෝක බුද්ධාගමට ද විරුද්ධ වන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට වන අගතිය නැති කිරීීමට ය. ඇතැමුනට ඒ බව නොතේරුණ ද බටහිරෙන් හෝ ඉන්දියාවෙන් හෝ හැකිනම් හා අවශ්‍ය නම් යමක් සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය කරගැනීමට අප විරුද්ධ නැත. එහෙත් බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ හෝ ඉන්දීය සංස්කෘතියේ හෝ ආධිපත්‍යයට යට වී ඔවුන්ගේ දැනුම ඇතුළු සංස්කෘතිය අනුකරණය කිරීමට අපි විරුද්ධ වෙමු. ඒ ඒ දැනුම් අතර ඊනියා පාලම් නැත. පාලම්වලින් සිදුවන්නේ අධිපතිවාදී දැනුමට අනෙක් දැනුමක් යට වීම පමණකි. ලංකාවේ බෞද්ධ උගතුන් ඊනියා පාලම් තනා බුදුදහම ද විකෘති කර ඇති අන්දම උදාහරණ සහිත ව පෙන්වා දිය හැකි ය. ඒ විකෘති කිරීම්වලින් ඔවුන්ට මෙරට හා පිටරට මහාචාර්යකම් හා වෙනත් තනතුරු ලැබී ඇත්තේ සංස්කෘතික ආධිපත්‍යයට ඔවුන් යට වී ඇති බැවිනි.

    ලෝකයේ ඇත්තේ සභ්‍යත්ව ගැටුමක් යැයි සැමුවෙල් හංටින්ග්ටන් තම සභ්‍යත්ව ගැටුම (Clash of Civilizations) නම් පොතෙහි සඳහන් කරයි. සෝවියට් දේශයේ හා ඊනියා සමාජවාදයේ කඩාවැටීමෙන් පසු හංටින්ග්ටන්ට අනුව තිබෙන්නේ ධනවාදය හා සමාජවාදය අතර ගැටුමක් නොව සභ්‍යත්ව ගැටුමකි. ඔහු සභ්‍යත්වයක් ලෙස විස්තර කරන්නේ මනුෂ්‍යත්වය හැරුණු විට ලොව මිනිසුන් සාමූහික ව එකතුවන ඊළඟ ප්‍රවර්ගය ලෙස ය. ක්‍රිස්තියානි සභ්‍යත්වය, මුස්ලිම් සභ්‍යත්වය යනුවෙන් ඒ විවිධ වෙයි. බොහෝ මුස්ලිම්වරු ලෝකයේ කොහේ හිටියත් මුස්ලිම්වරුන් ලෙස සිතති. අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීන් අතර ලංකාවේ මුස්ලිම්වරු ද වෙති. හංටින්ග්ටන් තම පොතෙහි කියන්නේ මහායාන සභ්‍යත්වයක් ලෝකයේ තිබිණි ද ථෙරවාද සභ්‍යත්වයක් නැති බව ය. අපට ලෝකයේ ථෙරවාදීන් ලෙස සිතිය නොහැකිය යන්න ඉන් අදහස් වෙයි. එහි ඇත්තක් වෙයි. සිංහල බෞද්ධයන් බොහෝ දෙනා තායිලන්තයේ සංචාරය කරන්නේ භාණ්ඩ මිළ දී ගැනීමට හා වෙනත් ක්‍රියාවන්හි යෙදෙමින් පන්සිල් කඩා ගැනීමට ය.

    අප හන්ටිංග්ටන්ගේ සියළු අදහස් පිළිගත යුතු නො වේ. ලෝකයේ ඇත්තේ සභ්‍යත්ව ගැටුමක් නොව චින්තන හා සංස්කෘතික ගැටුමකි. එය සෝවියට් දේශය කඩා වැටීමට පෙර සිට ම විය. ඊනියා සමාජවාදය හා ධනවාදය අතර වූ ගැටුම ද සංස්කෘතික හා චින්තන ගැටුමක් විය. සෝවියට් දේශයේ කම්කරු පාංතික ආඥාදායකත්වයක් (මේ යෙදුම ද අද වන විට ව්‍යවහාරයෙන් ඈත්වෙමින් පවතියි) කිසි දිනෙක ඇති නොවිණි. ලෙනින් ඇතුළු පිරිස නැගෙනහිර කතෝලික චින්තනයෙහි (ඕතොඩොක්ස් පල්ලියෙහි) සාමූහික ප්‍රාග්ධනය එක්රැස් කරමින් රාජ්‍ය ධනවාදයක් පිහිටුවූහ. එය බටහිර යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි ඇති වූ පෞද්ගලික ප්‍රාග්ධනය එක්රැස් කිරීමෙන් වෙනස් විය. මාක්ස් ද පදනම් වූයේ කතෝලික චින්තනයෙහි බව අමතක නොකළ යුතු ය. අප සමාජවාදය ලෙස දකින්නේ සාමූහික ප්‍රාග්ධනය සහිත රාජ්‍ය ධනවාදයකි.

    ලංකාවේ තිබූ හෙළ බෞද්ධ සංස්කෘතිය වෙනුවට සිංහල බෞද්ධ සංස්කෘතිය පිහිටුවනු ලැබුයේ මූලික වශයෙන් අශෝක රජුගේ මැදිහත් වීමෙනි. එය ස්ථාවර වීමට අවුරුදු අටසියයක් පමණ ගත විය. කෙසේ වෙතත් මෙරට තිබූ හෙළ බෞද්ධ සංස්කෘතිය වෙනස්වීම විජය පැමිණි වකවානුවේ සිට කෙරී ගොස් ඇත. වෛදික බමුණෝ ඒ වෙනස් කිරීමට ගත් උත්සාහය අත් නො හැරියහ. ඔවුහු බෞද්ධයන් ලෙස ද ඒ කටයුත්තෙහි නිරත වූහ. පෘතුගීසිහු, ලන්දේසිහු හා ඉතා සියුම් ලෙස ඉංගිරිසිහු ද සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීමට බැරි නම් දුර්වල කිරීමට කටයුතු කළහ. අද ද ඉංගිරිසිහු හා ඉන්දියානුවෝ ඒ කටයුත්තේ යෙදී සිටිති. බටහිර යුදෙවු ක්‍රිස්තියානි ආධිපත්‍යය යටතේ ලෝකය විනාශ වෙමින් පවතියි. පුද්ගලිකත්වය දිනපතා වර්ධනය වෙයි. ලංකාවේ හා සෙසු ලෝකයේ අපරාධ වැඩිවන්නේ යුදෙවු ක්‍රිස්තියානි චින්තනය හේතුවෙනි. ඒ චින්තනයෙහි පරිසරය සුරැකිය හැකි නො වේ. මේ සම්බන්ධයෙන් මා පොතක් ලියා ඇති මුත් එය අද මුද්‍රණයේ නැත. පරිසරය රැකිම සම්බන්ධ ව පැරිසියේ පසුගිය දා පැවැත්වූ සම්මේලනය කිසිම ප්‍රතිඵලයක් නැති මාධ්‍ය සන්දර්ශනයක් පමණක් විය. ලංකාවේ ද මාධ්‍ය සන්දර්ශන පැවැත්වෙන්නේත් දේශපාලනය පුවත්පත් සාකච්ඡාවලට සීමාවන්නේත් බටහිර අනුකරණයෙනි.

    බටහිරයන්ට හා ඉන්දියානුවන්ට හැකිනම් සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීමට අවශ්‍ය වෙයි. අද ඉන්දියානුවෝ වේදිකාවේ කුමක් කීවත් ථෙරවාද බෞද්ධ දර්ශනයට විරුද්ධ වෙති. බටහිරයන් ද එසේ ම ය. බටහිර ඉතා සුළුවෙන් ව්‍යාප්ත වන්නේ ථෙරවාදයක් නොව දලයි ලාමාගේ මහායාන බුද්ධාගමකි. මැවුම්කරුවකු හෝ බටහිර විද්‍යාවේ මහා පිපිරුම (බිග් බෑන්) වැනි මැවීමක් හෝ නොමැති ථෙරවාදයට පමණක් ආධ්‍යාත්මික වශයෙන් බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට අභියෝග කළ හැකි ය. මුස්ලිම් සංස්කෘතිය හා යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය අතර ගැටුම මේ වන විට නැවතත් ආරම්භ වී ඇත. එය ලෝක යුද්ධයක් කරා විකාශය වීමේ භයානක ඉඩකඩක් වෙයි. ඒ සංස්කෘතික වෙනසක් නිසා ඇතිවන්නකි. ථෙරවාදී රටවල් එකතු කිරීමට නොහැකි වීමත්, ඔවුන් යුද්ධායුධ සම්බන්ධයෙන් ශක්තිමත් නොවීමත්් හේතුවෙන් ථෙරවාදයට එරෙහිව සෘජු යුද්ධ ක්‍රියා මාර්ගයකට එළඹීමට බටහිරයන්ට හා ඉන්දියානුවන්ට අවශ්‍ය නැත. එහෙත් සංස්කෘතික වශයෙන් ථෙරවාදය පරාජය කිරීමටත්, වක්‍ර ව දෙමළ ජාතිවාදය හා මුස්ලිම් ආගම්වාදය යොදා ගනිමින් තමන්ට ආධ්‍යාත්මික ව අභියෝගයක් විය හැකි සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීමට විවිධ අය විවිධ කටයුතු කරති.

    ප්‍රභාකරන් පමණක් නොව ඇතැම් සිංහලයෝ ද සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව යොදා ගැනෙති. ඊනියා රාජ්‍ය නොවන සංවිධාන යනු බටහිර විවිධ ප්‍රභේදවල ක්‍රිස්තියානි රාජ්‍ය හෝ සංවිධාන හෝ මගින් අප වැනි රටවල නඩත්තු කෙරෙන සංවිධාන වෙයි. මේ සංවිධානවල චින්තනය යුදෙවු ක්‍රිස්තියානි වෙයි. ඔවුහු සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව කටයුතු කරති. ඊනියා යුද්ධාපරාධ ගැන මේ බටහිර ගැත්තෝ කෑ ගසති. යුද්ධවල දී සිදුකරන ක්‍රියා සියල්ල පාරදෘශ්‍ය විය යුතු නො වේ. කොටි ඔත්තුකරුවන්ට ආධාරකරුවන්ට විරුද්ධව ඇතැම් පියවර ගැනීමට සිදු වී නම් එහි ඇති වරද කුමක් ද? බටහිර රටවල් හෝ ඉන්දියාව හෝ යුද්ධවල දී පාරදෘශ්‍ය ව කටයුතු කර ඇත් ද? අපේ දුර දිගු විහිදුම් බලකාය ගැන සෙවීමට එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කොමසාරිස්ට ඇති බලය හෝ රුදාව හෝ කුමක් ද? ඔහු බ්ලෙයාර්ගේ යුද්ධ කටයුතු හැන නිහඬ ය. එහෙත් මේ නිවට ආණ්ඩුව ඔහුටත් බ්ලෙයාර්ටත් අනෙක් බටහිරයන්ට හා ඔවුන්ගේ නියෝජිතයන්ටත් ලංකාවට පැමිණ සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව කටයුතු කිරීමට අවසර දෙයි. මේ ආණ්ඩුවට බටහිරයන් සහතික දෙන්නේ ආණ්ඩුවේ නිවට කමට ය.

    ශ්‍රී ල නි පක්‍ෂය මරාදැමීමට පළමුව ඒ හා එජාපක්‍ෂය අතර වූ ප්‍රධාන වෙනස වූයේ 1952 න් පමණ පසු ශ්‍රී ල නි ප සිංහල බෞද්ධ සංස්කෘතිය මත පදනම් වූ පක්‍ෂයක් වීමත් එ ජා ප ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය මත පදනම් වූ පක්‍ෂයක් වීමත් ය. ශ්‍රී ල නි පක්‍ෂය වෙනස් කිරීමට බටහිරයෝ විවිධ උත්සාහ දැරූහ. අනූවේ දශකයේ මුල චන්ද්‍රිකා කුමාරතුංග එංගලන්තයේ සිට මෙරටට ආනනය කරනු ලැබුයේ ශ්‍රී ල නි පක්‍ෂයේ සිංහල බෞද්ධ පදනම බිඳ දමා දෙමළ ජාතිවාදයට දොළ පිදේනි දීමට ය. එහෙත් ඒ සාර්ථක නො වී ය. එජාප හා ශී්‍ර.ල.නි.ප අතර ඊනියා සමගියක් ඇතිකර දෙමළ ජාතිවාදය හැසිරවීමට ඉන්දියාවට කාලයක් තිස්සේ අවශ්‍ය විය. අවසානයේ දී ඒ සඳහා මෛත්‍රිපාල සිරිසේන යොදාගනු ලැබිණි. එහෙත් ඔහු ශ්‍රී ල නි ප මරාදැමූ බැවින් ඉන්දියාවේ උපක්‍රමය සාර්ථක නො වී ය. මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් නව පක්‍ෂයක් අවශ්‍ය බව අප කිියා සිටියේ සංධානයේ නායකයන් ද එයට විරුද්ධ වූ කාලයක ය. එහෙත් අද කාට කාටත් ඒ අවශ්‍යතාව පෙනී ගොස් ඇත. මෛත්‍රිපාල සිරිසේනට තමා කළ වැරදීවලට වන්දි ගෙවිය හැක්කේ මහින්ද රාජපක්‍ෂට අගමැති කම ලබාදීමෙන් පමණකි. ඒ සඳහා ව්‍යවස්ථාවේ ඉඩ ඇති බව පෙන්වා දීමට හැකි ය.

    මෙරට සිංහලයන්ගේ සුවිශේෂත්වයට විරුද්ධ ව ව්‍යාජ කරුණු ඉදිරිපත් කිරීමට විවිධ පඬියන් ඉදිරිපත් වී ඇත. මෙරට ජාතියකට ඇත්තේ සිංහල පමණ ය. ඒ රටක පුරවැසියා ජාතිකයෙකි යන බටහිර අර්ථයෙන් නො වේ. සිංහල හැරුණු විට මෙරට ඇත්තේ ජනවර්ග ය. සිංහලයන් සුවිශේෂ වන අතර ඔවුහු අන්‍යයන් මෙන් සාංක්‍රමණිකයෝ නො වෙති. ඔවුුහු වෙනත් රටකින් නො පැමිණියෝ ය. සිංහල භාෂාව, දෙමළ හෝ අරාබි හෝ මෙන් නොව වෙනත් කිසිම රටක භාවිතා වන්නක් නො වේ. පාළි, සංස්කෘත, දෙමළ පමණක් නොව බටහිර භාෂාවල වචන ද සිංහලයෙහි වෙයි. එහෙත් සිංහලය (හෙළය) මෙරට නිෂ්පන්නිත භාෂාවකි. සිංහලයෝ මෙරටට ආවේණික වන අතර මෙරට ඉතිහාසය හා සංස්කෘතිය ගොඩ නැගුවෝ වෙති. අප වර්ධනය විය යුත්තේ සිංහල බෞද්ධ සංස්කෘතිය වටා ය. ඊනියා ථෙරවාද කතිකාවත මල්වත්ත හා කෝට්ටේ කුමක් කීව ද නිර්ථෙරවාදී ය.

    නලින් ද සිල්වා

    2016 ජනවාරි 28

    http://www1.kalaya.org/2016/01/2016-31.html
     
    Last edited:

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    (2)අප නැවතත් යටත්විජිතයක් වූ දා

    Flag.jpg



    අප රට නැවතත් යටත්විජිතයක් බවට පත්වූයේ අදින් අවුරුද්දකට පෙර 2015 ජනවාරි 8 වැනි දා ය. එයට සිංහල බෞද්ධයන්ගෙන් බහුතරය අකමැති වුවත් මෛත්‍රිපාල සිරිසේන දෙමළ හා මුස්ලිම් ජනයාගේ අති විශාල බහුතර ඡන්දයකින් ජනාධිපති ලෙස තේරී පත්විය. ඔහු සැබවින් ම ඉන්දියාවේ අපේක්‍ෂකයා විය. ඔහුට එංගලන්තයේත් ඇමරිකාවේත් සහාය ලැබිණි. අද මෙරට පාලනය කෙරෙන්නේ මේ රටවල් තුන මගිනි. ඉන්දියාවට අවශ්‍ය දෙමළ ජාතිවාදය ඔවුන්ට අවශ්‍ය ආකාරයට සිංහල බෞද්ධයනට විරුද්ධව මෙහෙයවීමට ය. ඔවුහු දහතුනට එහා යන සහසන්ධීය රාජ්‍යයක් පිහිටුවීමට කටයුතු කරති. දෙමළ ජාතිවාදය දේශපාලනයෙහි දී ආරම්භ කළ එංගලන්තය විසුරණු දෙමළ ජනතාව මගින් විග්නේෂ්වරන් උපයෝගී කරගනිමින් ඊළාම් දේශපාලනයක යෙදෙයි. ඇමරිකාව දෙමළ ජාතිවාදයට ආධාර කරන අතර රට ආර්ථික හා දේශපාලන වශයෙන් මෙහෙයවයි.


    අද ඊනියා ආර්ථික සම්මේලනයක් පවත්වන්නේ ද ඒ සඳහා ය. ඒ සම්මේලනයට සෝරොස් වැනි මංකොල්ලකාරයකුට ආරාධනා කෙරුණේ ඇමරිකාවේ මැදිහත් වීමෙනි. දෙමළ ජාතිවාදයට පක්‍ෂව කටයුතු කළ නෝර්වේහි විදේශ ඇමති ලංකාවට පැමිණෙයි. ලංකාව බ්ලෙයාර්ගේ ගෙදර බවට පත් වී ඇත. රනිල් වික්‍රමසිංහ විධායක අගමැති ලෙස එංගලන්තය හා ඇමරිකාව වෙනුවෙන් පෙනී සිටියි. මෛත්‍රිපාල සිරිසේන විධායක ජනාධිපති නොව චාරිත්‍රානුකූල ජනාධිපති කෙනකු පමණ ය. ඔහුට අද අත්හරින්නට බලයක් නැත. ඇමරිකාවේ පුවත්පතක පළ වූ ඉහත සඳහන් රූපයෙන් මේ සියල්ල ඉතා මැනවින් නිරූපණය වෙයි.

    නලින් ද සිල්වා

    2016 ජනවාරි 08

    http://www1.kalaya.org/2016/01/blog-post_8.html
     
    Last edited:

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    පොල්පොට් කෙමර් ගරිල්ලන්ගෙ නායකයා, පොර බෞද්ධයෙක් තමයි හැබැයි ෆැසිස්ට් වාදියෙක් කියල පිලිගන්නෙ. නලීන් සිල්ව ෆැසිස්ට් වාදීන්ට සපොර්ට් කරනවද?
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    පොල්පොට් කෙමර් ගරිල්ලන්ගෙ නායකයා, පොර බෞද්ධයෙක් තමයි හැබැයි ෆැසිස්ට් වාදියෙක් කියල පිලිගන්නෙ. නලීන් සිල්ව ෆැසිස්ට් වාදීන්ට සපොර්ට් කරනවද?

    hariyata kiyavanna mchn;

    "පොල් පොට්ගේ ප්‍රශ්නය වූයේ ඔහු අනුගමනය කළ ක්‍රියා මාර්ගය ය. බටහිරයන්ට ඔහු නැතිකිරීමට ඒ ක්‍රියා මාර්ගය නිසා පහසු විය. නැතිවූයේ පොල් පොට් පමණක් නොවේ. එහි ථෙරවාද සංස්කෘතියට තිබූ ශක්තිය ද නැති වී ගියේ ය. "
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් නව පක්‍ෂයක් අවශ්‍ය බව අප කිියා සිටියේ සංධානයේ නායකයන් ද එයට විරුද්ධ වූ කාලයක ය. එහෙත් අද කාට කාටත් ඒ අවශ්‍යතාව පෙනී ගොස් ඇත.

    මෛත්‍රිපාල සිරිසේනට තමා කළ වැරදීවලට වන්දි ගෙවිය හැක්කේ මහින්ද රාජපක්‍ෂට අගමැති කම ලබාදීමෙන් පමණකි. ඒ සඳහා ව්‍යවස්ථාවේ ඉඩ ඇති බව පෙන්වා දීමට හැකි ය.



    ලොකු ලොකු බර වචන හරඹ කරලා, දාර්ශණිකයින්ව ක්වෝට් කරලා අන්තිමට කියන්නේ " මහින්ද රාජපක්ෂ අගමැති කරනු.." කියලයි. අනේ මහාචාරිය තුමෝ!!! :P :P :P :P
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ආණ්ඩුවේ විජාතික සිංහල බෞද්ධ විරෝධය (2016 ජනවාරි 17 ඉරිදා රිවිර ලිපියේ මුල් පිටපත )
    ආණ්ඩුවේ විජාතික සිංහල බෞද්ධ විරෝධය


    පසුගිය නවවැනිදා සම්මත කරගැනීමට බලාපොරොත්තු වූ ව්‍යවස්ථා සංශෝධන කෙටුම් පත් පණත 12 වැනි දා දක්වා ද ඉන්පසු 26 වැනි දා දක්වා ද කල්තැබීමට ආණ්ඩුවට සිදු වී ඇත. ආණ්ඩුව එක් පියවරක් පස්සට ගෙන ඇත්තේ පසුව පියවර දෙකක් ඉදිරියට තැබීමට ද යන ප්‍රශ්නය අපට ඇත. ඒකාබද්ධ විපක්‍ෂය කළ යුත්තේ මේ කෙටුම් පත අස්කරගැනීමට ආණ්ඩුවට බල කර සිටීම ය. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද කෙටුම්පත කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කර අනුමත කර නැති බව ආණ්ඩුවේ ම ඇතැම් ඇමතිවරු කියති. ඉතා පැහැදිලිව ම කෙටුම්පත් පනත අගමැතිගේ අවශ්‍යතාවට ඉදිරිපත් කරන ලද්දකි. ඔහුට මේ මොහාතේ අවශ්‍ය විධායක ජනාධිපති බලතල අහෝසිකර ඒ අගමැතිට පවරා ගැනීමත් දෙමළ ජාතිවාදයට දොළ පිදේනි දෙන ව්‍යවස්ථාවක් එංගලන්තයේ අවශ්‍යතාව පරිදි සම්මතකර ගැනීමත් ය. ඉන්දියාවට ද දෙමළ ජාතිවාදය සනසන ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍ය වෙයි. එය එංගලන්තයට අවශ්‍ය සංශෝධනය ම වීම අනිවාර්ය නො වේ. ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ව අපි 2015 දෙසැම්බර් 30, 2016 ජනවාරි 03 හා 10 දිනවල රිවිර පුවත්පත මගින් සාකච්ඡා කෙළෙමු.


    අප ඒ ලිපිවල මූලික ව කියා සිටියේ අවුල් ආණ්ඩුව හෙවත් ඊනියා ජාතික ආණ්ඩුව පිහිටුවන ලද්දේ ප්‍රධාන චශයෙන් ම ඉන්දියාවේ හා එංගලන්තයේ අවශ්‍යතාවට බවත් ඒ පිටුපස වූයේ ඊනියා දෙමළ ප්‍රශ්නයට ව්‍යවස්ථාව මගින් ම විසඳුමක් ඉදිරිපත් කිරීම බවත් ය. එහෙත් කිසිවකු මේ විසඳන්නට යන ජාතික ප්‍රශ්නය යැයි කියන දෙමළ ප්‍රශ්නය කුමක් දැයි තවමත් කියා නැත. අප දශක දෙකහමාරකටත් වැඩි කලක් තිස්සේ අසන්නේ් දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම පමණක් සිදු වී ඇති අසාධාරණය කුමක් ද යන්න ය. ඉන්දියාව අඩුම තරමෙන් 2005 ජනාධිපතිවරණයේ සිට ශ්‍රී ල නි ප හා එ ජා ප එකතුකිරීමට වෑයම් කෙළේ ය. ඒ එක් පක්‍ෂයක් බලයට පත් වී ඊනියා ජාතික ප්‍රශ්නය විසඳීමට තැත්කළහොත් අනෙක් පක්‍ෂය එයට විරුද්ධ වන බැවින් ය. රෝ ඔත්තු සංවිධානය ද රෝ සංවිධානයේ සිංහල ඒජන්තයෝ ද පක්‍ෂ දෙක එකතු කර ඊනියා ජාතික ප්‍රශ්නයට විසඳුමක් දීමට උත්සාහ කළහ. ශ්‍රී ල නි පක්‍ෂය හා එ ජා පක්‍ෂය එකතුකිරීමේ වාහකය වූයේ මෛත්‍රිපාල සිරිසේන ය. එහෙත් ඔහු ශී්‍ර ල නි පක්‍ෂය අත්හැර ගියේ ශ්‍රී ල නි පක්‍ෂය මරාදමමිනි. අද ශ්‍රී ල නි පක්‍ෂයක් නැත. එබැවින් ඉන්දියාවේ බලාපොරොත්තුව ද ඉටු වී නැත. අද එ ජා පක්‍ෂය සමග එකතු වී ඇත්තේ ශ්‍රී ල නි ප නොව දේශපාලන මළමිනියකි.

    පසුගිය මැතිවරණයට පෙර අප කියා සිටියේ සංධානය වෙන ම පක්‍ෂයක් ලෙස තරග කළ යුතු බව ය. අපි ඒ බව ජී එල් පීරිස්, ඩලස් අලහප්පෙරුම, විමල් විරවංශ ආදීන් හමු වී කියා සිටියෙමු. එහෙත් මේ නායකයෝ අප කියන දෙයට සවන් නො දෙති. ඔවුන් කියා සිටියේ ඒ වන විට මෛත්‍රිපාල මහින්ද එකතුවක් ඇති වී තිබූ බවත් ඒ ජයග්‍රහණයක් බවත් එය තවදුරටත් වර්ධනය කළ යුතු බවත් ය. මෛත්‍රිපාල සිරිසේන ගැන විශ්වාසයක් අපට නොතිබුණ ද මේ නායකයන්ට එදා ඔහු විශ්වාස විය. දේශපාලන තීරණ ගැනීමේ දී එක්කෝ යම් ප්‍රචාදයක් (ප්‍රමාදයක් නො වේ) තිබිය යුතු ය. එසේත් නැත්නම් පරිණත අතීත අත්දැකීම් සහිතව අනාගතය දැකීමට හැකි විය යුතු ය. මේ නායකයන්ට ඒ එකක්වත් තිබිණි ද යන්න ගැන ඇත්තේ සැකයකි.

    නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමේ චේතනාවෙන් ආණ්ඩුව පසුගිය නවවැනි දා විවාදයට ඉදිරිපත් කළ කෙටුම්පත් පණතේ පූර්විකාවේ වෙනත් දේ අතර විධායක ජනාධිපති ධුරය අහෝසි කෙරෙන්නාවූ ද, ජාතික ප්‍රශ්නයට ව්‍යවස්ථාමය විසඳුමක් සපයන්නාවූ ද නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරගැනීමේ අවශ්‍යතාව මතු වී ඇතැයි කියැවෙයි. ආණ්ඩුවේ සිටින බොහෝ ඇමතිවරු විදේශික නියෝජිතයන්ට අවශ්‍ය කුමක් දැයි නො දනිති. බොහෝ විට ඔවුහු ලිපි ලේඛන නො කියවති. ඔවුන් දන්නේ ආණ්ඩුවේ ප්‍රධානීන් වාචිකව මැති ඇමතිවරුන්ට දැනගැනීමට සලස්වන දේ පමණ ය. කෙසේ වෙතත් ජාතික ප්‍රශ්නය යනු කුමක් දැයි අර්ථකථනය නොකර එය විසඳීමට යෑම සැකකටයුතු ය. මෛත්‍රිපාල සිරිසේන යනු වෙස්සන්තර කෙනකු යැයි නොසිතිය යුතු ය. ඔහු අවුරුදු පහකින් දේශපාලනික ව විශ්‍රාම යෑමට බලාපොරොත්තු නො වෙයි. ඔහු විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට කැමැත්ත දැක්වූයේ මීළඟ අවුල් ආණ්ඩුවේ අගමැති වීමේ බලාපොරොත්තුවෙන් බව පැහැදිලි ය.

    එහෙත් ප්‍රශ්නයක් මතු වී ඇත. අවුල් ආණ්ඩුවේ දීගය ගෙන යන්නේ හොඳින් නොවන බව පැහැදිලි ය. මෛත්‍රිපාල සිරිසේනගේ කණ්ඩායමේ මැති ඇමතිවරු හා එ ජා පක්‍ෂයේ මැති ඇමතිවරු කුලල් කා ගනිති. දීගය අවම වශයෙන් අවුරුදු දෙකක් ගෙන යෑමට බලාපොරාත්තු වූ නමුත් ඒ කළහැකි ද යන්න සැකසහිත ය. අත්හැරෙන දීගයේ සෙවණැල්ලත් ඇද බව විවාහකයකු නොවූවත් මංගල සමරවීර දන්නා බවට සැකයක් නැත. මීළඟ මැතිවරණයෙන් පසු ඊනියා ජාතික ආණ්ඩුවක තමන්ට අගමැතිකම නොලැබෙන බව මෛත්‍රිපාල සිරිසේන දනියි. එබැවින් ඔහු මහින්ද රාජපක්‍ෂ සමග සංධානගත වීමට කැමතිවනු ඇත. එහෙත් ඔහුට අවසාන වශයෙන් ක්‍රියාකිරීමට සිදුවනු ඇත්තේ ඉන්දියාවේ අවශ්‍යතාව අනුව ය.

    ආණ්ඩුවේ සිටින ශ්‍රී ල නි ප මළමිනිය උස්සාගෙන යන ඇමතිවරුන්ට හා එ ජා පක්‍ෂයේ සාමාන්‍ය මැති ඇමතිවරුන්ට රනිල් වික්‍රමසිංහගෙන් එතරම් තොරතුරු නොලැබෙන බව පැහැදිලි ය. අද ආණ්ඩුවට විදේශීය බලපෑම් නැතැයි මේ ඇමැත්තෝ කියති. ඒ ඇමැත්තන් හමුවීමට විදේශීය නියෝජිතයෝ නො පැමිණෙති. ඔවුන් ජෙනීවා ගියත් කළ හැක්කේ ආණ්ඩුවේ උපදෙස් මත ක්‍රියාකිරීම පමණකි. ආණ්ඩුව ක්‍රියා කරන්නේ බටහිර හා ඉන්දියාවේ අවශ්‍යතාව පරිදි ය. අද ආණ්ඩුව ක්‍රියා කරන්නේ ලන්ඩන්, දිල්ලි හා ජෙනීවා අවශ්‍යතා පරිදි ය. විදේශීය නියෝජිතයකු මෙරට නොමැති සතියක් නැත. මේ ලිපිය ලියන මොහොතේ ද ඉන්දීය විදේශ ලේකම් මෙරට ය. බ්ලෙයාර් ජීවත්වන්නේ යාපනයෙහි දැයි ඇසිය යුතුව ඇත. ඔවුන් එන්නේ මංගල සමරවීරගේ මුහුණ බැලීමට නොවන බව ඇමතිවරයා ද දනියි. එහෙත් ඉහත කී ඇමැත්තන්ට මේ සම්බන්ධකම් ගැන කිසිම වැටහීමක් නැත. එබැවින් ඔවුහු විදේශ බලපෑම් නැතැයි කියති.

    අර්ථදක්වා නොමැති ඊනියා ජාතික ප්‍රශ්නයක් විසඳීමට ව්‍යවස්ථාවක් ගෙන එන්නේ් සිංහල ජනතාවට අවශ්‍ය නිසා නොව විජාතිකයන්ට අවශ්‍ය බැවිනි. පසුගිය මැතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ හෝ මෛත්‍රිපාල සිරිසේන හෝ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට වරමක් නො පැතුවේ ය. එය 1970 මැතිවරණයේ දී බණ්ඩාරනායක මහත්මිය ක්‍රියා කළ ආකාරයෙන් වෙනස් ය. ඇය නව ව්‍යවස්ථාවක් ඇතිකිරීමට වරමක් පැතුවා පමණක් නො වේ. ඇයට ඒ සඳහා තුනෙන් දෙකක වරමක් ද ලැබිණි. එංගලන්ත පාර්ලිමේන්තුවේ සම්මත වූ සෝල්බරි ව්‍යවස්ථාව ඒ ව්‍යවස්ථාව මගින් ම වෙනස් කිරීම යෝග්‍ය නොවන බැවින් හා අවශ්‍ය නොවන බැවින් එදා පාර්ලිමේන්තුවෙන් පිට රැස්වූ ව්‍යවස්ථාදායක මණ්ඩලයක් අවශ්‍ය විය.

    එහෙත් අද තත්වය කුමක් ද? පසුගිය අගොස්තු මැතිවරණයෙහි දී රනිල් මෛත්‍රිපාල නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට වරමක් නො ඉල්ලූහ. දෙදෙනාටම අවශ්‍ය වූයේ විධායක ජනාධිපති ධුරය අහොසි කර විධායක අගමැතිවීමට ය. ඔවුන් වරමක් ඉල්ලුවේ නම් ඒ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ය. ජාතික හෙළ උරුමයට ඒ අවශ්‍ය වී ද යන්න වෙන ම ප්‍රශ්නයකි. අප නම් දැන් කලක සිට කියා සිටින්නේ දෙමළ ජාතිචාදය පරාජය කරන තුරු විධායක ජනාධිපති ක්‍රමය තිබිය යුතු බව ය. ඒ දෙමළ ත්‍රස්තවාදය පැරදවීම සමග පටළවා ගත යුතු නො වේ. දෙමළ ත්‍රස්තවාදය පැරදවීමේ දී ද ජනාධිපති ධුරය ආධාරයක් විය. එහෙත් දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් 1833 පමණ දේශපාලන වශයෙන් ඉංගිරිසි ක්‍රිස්තියානීන් විසින් බෞතීස්ම කරනු ලැබූ දෙමළ ජාතිවාදය අවසන් යැයි නොසිතිය යුතු ය. ඒ කෙසේ වෙතත් නව ව්‍යවස්ථාවක් ගෙන ඒමට නොව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටවත් ජනතාවගෙන් වරමක් රනිල් මෛත්‍රිපාල අවුලට නො ලැබිණි. මේ අවුල පෙනී සිටියේ සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව බව සිංහල බෞද්ධයෝ ඉවෙන් දැන සිටියහ. ඒ කෙසේ වුවත් රනිල් මෛතිපාල අවුලට සියයට පනහකවත් ඡන්ද නො ලැබිණි. සිරිසේන පසුගිය ජනවාරි නවවැනි දා ව්‍යවස්ථා විරෝධීව රනිල් අගමැති නොකරන්නට අද අවුල් ආණ්ඩුවක් නැත. ව්‍යවස්ථා සංශෝධනයක දී ශ්‍රෙෂ්ඨාධිකරණයට ජනතාව යන්නේ හුදෙක් ජනමත විචාරණයක් සම්බන්ධයෙන් පමණක් නොවන බව නොදන්නා නීතිඥ ඇමතියෝ ආණ්ඩුවේ සිටිති. ආණ්ඩුව ජනමතවිචාරණය ද පැවැත්වීමට යන්නේ සියළු යෝජනා එක පොදියට ගෙන ය. එය ද ව්‍යවස්ථා විරෝධී ය. ආණ්ඩුව ව්‍යවස්ථාවට ගරු නො කරයි.

    ජනාධිපතිවරණයේ දී මෛත්‍රිපාල සිරිසේනට සියයට පනහකට වැඩි ඡන්දයක් ලැබුණු නමුත් ඒ සිංහල බෞද්ධයන්ගෙන් නො වේ. සිරිසේනට ජනාධිපතිවරණයේ දී 52%ක් ඡන්ද ලැබිණි යැයි සිතමු. මෙරට ඡන්දය දීමේ දී ජනවාර්ගිකව සමජාතිය ව ඒ සිදුවන්නේ යැයි ද සිතමු. සිරිසේනට සිංහල බෞද්ධ නොවන ඡන්දවලින් 80%ක් ලැබිණි යැයි ද සිතමු. මේ ප්‍රතිශතය එයට වැඩි විය යුතු බව උතුරු පළාතේ, නැගෙනහිර පළාතේ, කඳුකරයේ, කොළඹ හා මීගමුව මධ්‍යස්ථානය කරගත් කතෝලික පෙදෙසෙහි ඡන්ද ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමේ දී පැහැදිලි වෙයි. මෙරට සිංහල බෞද්ධ නොවන අය 30%ක් පමණ වෙති. මෙයින් කියැවෙන්නේ සිරිසේනගේ ඡන්ද ප්‍රතිශතයෙන් 30 ශ 80/100 = 24ක්් ලැබී ඇත්තේ සිංහල බෞද්ධ නොවන්නන්ගෙන් බව ය. එවිට ඔහුගේ ඡන්ද ප්‍රතිශතයට සිංහල බෞද්ධයන්ගෙන් එකතු වී ඇත්තේ 52-24= 28කි. මෙය සිංහල බෞද්ධයන් වූ 70%කින් ලැබෙන්නකි. එබැවින් සිරිසේනට සිංහල බෞද්ධයන්ගෙන් ලැබී ඇත්තේ 28ශ100/70=40 ක ප්‍රතිශතයකි. වෙනත් වචනවලින් කියන්නේ නම් සිරිසේනට සිංහල බෞද්ධයන්ගේ ඡන්දවලින් 40%ක්වත් ලැබී නැත.

    මේ ආණ්ඩුව සිංහල බෞද්ධ විරෝධී බව සිංහල බෞද්ධයෝ ඉවෙන් මෙන් දනිති. නව ව්‍යවස්ථාව සිංහල බෞද්ධ විරෝධී දෙමළ ජාතිවාදයට දොළ පිදේනි දෙන එකක් බව ඉහත කී ඇමැත්තන් නොදන්නාවට සිංහල බෞද්ධයෝ දනිති. අද කාදිනල්වරයා ආගම්වාදී ජාතිවාදී පක්‍ෂ තහනම් කළ යුතු යැයි කියයි. ගොනා හැරෙන්නේ කුමකට දැයි පැහැදිලි ය. කාදිනල්වරයා පළමුව ජාතිවාදය හා ආගම්වාදය යන්නෙන් අදහස් කරන්නේ කුමක් දැයි පැහැදිලි කරන්නේ නම් මැනවි. ආණ්ඩුවේ සිංහල බෞද්ධ විරෝධය ඊනියා ථෙරවාද කතිකාවත් කෙටුම්පතින් ද පැහැදිලි වෙයි. මේ පිළිබඳ ව විස්තරාත්මක ව පසුව සඳහන් කළ යුතු ය. දැනට කිව යුත්තේ ආණ්ඩුව භික්‍ෂූන්වහන්සේ ක්‍රිස්තියානි රෝම ලන්දේසි නීතිය යටතට ගැනීමට උත්සාහ කරන බව ය. භික්‍ෂූන් වහන්සේට බලපාන බුද්ධ නීතියක් (විනයක්) ඇත. එය ක්‍රිස්තියානි රාජ්‍ය නීතියට යටකිරීමට ඉඩ දිය නො හැකි ය.

    නලින් ද සිල්වා

    2016 ජනවාරි 14


    http://www1.kalaya.org/2016/01/2015-17.html
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Prof. නලින් ද සිල්වා ලිපි

    මෙතුමා ප්‍රොෆෙසර් පට්ටම දක්වා ගත්තේ බටහිර විද්‍යාවට අනුව පර්යේෂණ කරලානෙ.

    ප්‍රොෆෙසර් කමක් නැතිනම් මහාචාර්ය පට්ටම ලැබෙන්නේ පර්යේෂණ විශාල සංඛ්‍යාවක් සිදුකර, එම පර්යේෂණ පත්‍රිකා දෙස් විදෙස් ශාස්ත්‍රීය ප්‍රකාශණවල පලවීමෙන් හා වෙනත් පර්යේෂණ හා ඉගැන්වීම් කටයුතුවලින්.

    බටහිර විද්‍යානුකූලව පර්යේෂණ කරලා ප්‍රොෆෙසර් පට්ටම ගත්ත මිනිහා බටහිර විද්‍යාව තුච්ඡ කරලා කෙස් පැලෙන තර්ක ගෙනාවත්, තවමත් බටහිර විද්‍යානුකූලව සිදුකරල පර්යේෂණ නිසා ලැබුනු ප්‍රොෆෙසර් පට්ටම අතහැරලා නැත්තේ ඇයි???

    ඉස්සෙල්ලම කරන්න ඕනෑ ඔය ප්‍රොෆෙසර් පට්ටමට පයින් ගහලා දාන එකනෙ.

    ඒක තියාගෙන, ඒකෙන් ගන්න පුලුවන් ආදායම, ගෞරවය හා වාසි සියල්ලම අරගන්න ගමන් බටහිට විද්‍යාවට පලුපැලෙන්ඩ බණින එක ආත්ම වංචාවක් නෙමෙයිද??
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    "බටහිර විද්යාව කියන්නේ බොරුවක්" "

    බටහිට විද්‍යාවෙන් බිහිවුනු අන්තර්ජාලය කියන්නෙත් බොරුවක්නෙ.......

    උඹේ සාක්කුවෙ තියන ස්මාර්ට් ෆෝන් එක දුන්නේ සම්‍යක්දෘෂ්ඨික බෞද්ධ දේවතාවෙක්ද?...........

    පිස්සු පුකාලා, නිකන් දොඩවනවා...
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    ප්‍රභාකරන් ඔහු ගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා (ප්‍ර ථම මුද්‍රණයේ පෙරවදන)


    දෙමළ ජාතිවාදය ඇතිවූයේ 1956 න් පසු ව ය යන්න අද සමාජයේ තහවුරු කර ඇති මතයකි. එය අද දැනුමක් බවට පත් වී ඇත. දැනුම බලය වේ ය යන්න බේකන් ගේ කාලයේ සිට ම සවිඥානික ව බටහිර බලපවත්නා මතයකි. එය ද දැනුමකි. දහසය වැනි සියවසේ සිට ලෝකය යටත් කර ගැනීමේ දී බටහිරට මේ දැනුම ද බලයක් විය.

    බටහිර සමාජ විද්‍යාවන් යනු බටහිර භෞතික විද්‍යාව පසුපස දුවන්නට තැත් කරන අංග විකල අවජාතක අගුටුමිට්ටකු වුව ද ඒ බව බටහිරින් කිසිවිටෙක ප‍්‍රකාශ නොවෙයි. පශ්චාත් නූතනවාදය යනුවෙන් අද එළි දකින්නේ ද මේ අංගවිකල භාවය ම යත මේ අගුටුමිටි භාවය ම ය. මේ අඟුටුමිටි භාවය - අංගවිකල භාවය මාක්ස්වාදයට ද උරුම වී තිබුණු බව ද මාක්ස්වාදයෙන් ද එය ම ප‍්‍රකාශ වන බව ද, මාක්ස්වාදය පිළිබඳ බටහිරින් ඉදිරිපත් කෙරෙන නිර්දය ම විවේචනයක වත් නොකියැවෙන්නේ මුළු මහත් බටහිර සමාජයීය විද්‍යාව ම ඒ බෙලහීනත්වයෙන් පෙළෙන බැවිනි. බෙලහීනත්වය වසන් කෙරීම තුළ ද බලයක් උපදින බව මොවුන් නොදන්නවා විය නොහැකි ය.

    මෙරට රාජ්‍ය නොවන ආයතනවල මෙන් ම විශ්වවිද්‍යාල හා වෙනත් ආයතනවල ද සේවය කරන ඊනියා සමාජ විද්‍යාඥයෝ (කිසි ම දිනෙක තමන් ගේ මතයක් ඉදිරිපත් කර නොමැති මොවුන් විද්‍යාඥයන්, බුද්ධිමතුන් වන්නේ කෙසේ ද යන්න ප‍්‍රශ්නයකි.* පාරිභාෂික වචන දමා ගැසීම මගින් බටහිර සමාජ විද්‍යාවේ බලය මත පදනම් වෙමින් අප සමාජයේ ආධිපත්‍යය පතුරුවති. මොවුන් ගේ ”දැනුම” බලයක් නොවන බව ද අප දැන ගත යුතු ය. බරව කකුලේ ශක්තියක් ඇතැයි අප සිතන්නේ එය බරව කකුලක් බව නොදන්නා බැවිනි. බටහිර සමාජ විද්‍යාවන් යනු බරව කකුලකට වඩා දෙයක් නොවේ.

    බටහිර සමාජ විද්‍යාඥයෝ සමස්තයක් ලෙස ගත් කල පාරිභාෂික වචනවලට මුවා වී බලයක් අත්පත් කරගන්නෝ වෙති. මොවුන් ගෙන් ඇතැමකුට පෙරදිග දර්ශන හරහා යම් යම් සාපේක්ෂතාවාදී අදහස් ලැබී ඇති බව සැබෑ ය. එහෙත් පෙරදිග දර්ශන පිළිබඳ, විශේෂයෙන් ම බෞද්ධ දර්ශනය පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගැනීමට ඔවුන් අසමත් වී ඇති බව පැහැදිලි ය. එබැවින් ම ඔවුන් ගේ සාපේක්ෂතාවාදී ප‍්‍රවාද විකෘත, අවවර්ධිත තත්ත්වයක පවතී.

    දෙමළ ජාතිවාදය යුග දෙකක් පසු කර අද තුන්වැනි යුගයක අවසානය දකිමින් සිටියි. මෙම තුන් වැනි යුගය වසන් වනු ඇත්තේ එක්කො පෙඩරල් රාජ්‍යයක් ඇති වී (පෙඩරල් රාජ්‍යයක් යනු පෙඩරල් ව්‍යවස්ථාවක් ඇති රාජ්‍යයක් බව අමුතුවෙන් කීමට අවශ්‍ය නොවන මුත් මෙරට සිටින ඊනියා දේශපාලන විද්‍යාඥයන්ට බටහිර තම ස්වාමිවරුන් ගේ මග පෙන්වීමක් නොමැති ව, එනම් ඔවුන් ගේ නිර්වචනයක් නොමැති ව, එවැන්නක් වත් තේරුම් ගැනීමට නොහැකි වී ඇත.* දෙමළ ජාතිවාදය හතර වැනි යුගයට එනම් කඳුකරය ද ඇතුළත් වූ තමිල් ඊළමක් දිනාගැනීමේ මාර්ගයට ඇද වැටී නොනවතින දේශ සීමා අරගලයක් ඇරැුඹීමෙනි. නැතහොත් අප සියල්ලට ම ඒකීය රාජ්‍යයක් තුළ, සිංහලයන් බහුතරය බව පිළිගැනෙන, රටේ ඉතිහාසයට පිටු නොපාන, සිංහල බෞද්ධ සංස්කෘතිය ප‍්‍රධාන සංරචකය වූ පොදු සංස්කෘතියක් ඇති ඔදවත් තෙදවත් ජාතියක කොටස්කරුවන් වීමට මග පාදමිනි. පළමු ක‍්‍රියා මාර්ගය අවසන් වනු ඇත්තේ අවසානයේ දී සිංහල අනන්‍යතාව මෙන් ම දෙමළ අනන්‍යතාව ද නැති කර ගැනීමෙනි. දෙවන ක‍්‍රියාමාර්ගය අනුගමනය කළහොත් පොදු සංස්කෘතිය තුළ දෙමළ අනන්‍යතාව ද රැුකෙනු ඇත; පළමු ක‍්‍රියාමාර්ගයට ඒ ඒ රටවල ජාතික අනන්‍යතාවන් නැති කෙරීමට කටයුතු කරන ජගත් අධිරාජ්‍යවාදයෙන් පූර්ණ අනුග‍්‍රහය ලැබෙයි.

    ජාතික අනන්‍යතාව ගැන ප‍්‍රශ්න කරන එවැන්නක් නැතැයි කියන මෙරට අනුකාරක උගත්තු තම පුද්ගලික අනන්‍යතාව රැුකගෙන පුද්ගලික ප‍්‍රතිරූප ගොඩනගා ගැනීමට මහත් උත්සාහයක් දරති. බටහිර ප‍්‍රචලිත වී ඇති මත තම ආචාර්ය උපාධිය සමග, මතය නිර්මාණය වී අවුරුදු විසිපහකට පසු ව ලංකාවට ගෙනවිත් ප‍්‍රතිරූප ගොඩනගා ගැනීමට උත්සාහ කරන මොවුන් අඩු ම තරමින් ප‍්‍රතිපත්තියක් ලෙස සියලූ අනන්‍යතාවන්ට විරුද්ධ නොවන්නේ මන්ද යන්න ප‍්‍රශ්න කළ යුතු ව ඇත. ඔවුන් ගේ කුහකත්වය හා ඔවුන් සේවය කරන්නේ කාට ද යන්න පමණක් ඔවුන් ගේ ක‍්‍රියාමාර්ගයෙන් හෙළිදරවු වෙයි.

    දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම සිදුවී ඇති අසාධාරණයන් කවරේ දැයි ඇසීම තරම් පැවසීම පහසු නොවන බව මෑතකදී මොවුන් ගෙන් එක් අයකු ප‍්‍රකාශ කර තිබුණි. එම අසාධාරණයන් කවරේ දැයි යන්න පැවසීම පහසු නොවනවා නොවේ. එය කළ නොහැකි දෙයක්, එයට හේතුව එවැනි අසාධාරණ නොමැති වීමයි. දෙමළ ජාතිවාදය ඇතිවූයේ දෙමළ ජනයාට වූ අසාධාරණයක් නිසා නොවන බව මෙම පොත් පිංචෙන් තවත් පැහැදිලි වනු ඇතැයි අපේක්ෂා කරමි.

    අසාධාරණයක් වී ඇත්තේ සිංහලයන්ට ය. සිංහලයන් සිංහලයන් වීම නිසා ඔවුන්ට පැරණි රුහුණු රටෙන් හා පිහිටි රටෙන් කොටසක්, එනම් වත්මන් උතුරු හා නැගෙනහිර පළාත් අහිමි වී ඇත. කිසි ම ඓතිහාසික සාධකයක් නොමැති නිජභූමි සංකල්පයත් සමග ජේ. ආර්. - රජිව් ගිවිසුම ප‍්‍රතික්ෂේප කෙරීම සඳහා ඊනියා ප‍්‍රබුද්ධයන් හැරෙන්නට අනෙක් සියලූ සිංහලයන් එකතු විය යුතු කාලය පැමිණ ඇත. ඊනියා ප‍්‍රබුද්ධයෝ තම තමන් විසින් ම සමාජය තුළ ”ප‍්‍රබුද්ධත්වයට” පත් කරගෙන ”කීර්තියට” පත් වීමෙන් හා රාජ්‍ය නොවන සංවිධාන හරහා දෙමළ ජාතිවාදයට සේවය කරමින් රටට ද්‍රෝහී වෙති.

    මෙම අනුකාරක උගතුන් නගන එක් තර්කයක් වී ඇත්තේ දෙමළ ජනයාට ඇති අසාධාරණයන් කවරේ දැයි කිව හැක්කේ දෙමළ නොවන්නන්ට නොව දෙමළ ජනතාවට බව ය. දෙමළ ජනයා තමන්ට සාපේක්ෂ ව අසාධාරණයක් ඇතැයි පවසන්නේ නම් ඒ බව අප පිළිගත යුතු යැයි මොවුහු ඊනියා සාපේක්ෂතාවාදයක නාමයෙන් පවසති. මොවුන් ගේ සාපේක්ෂතාවාදය බටහිර අවර්ධිත විකෘති සාපේක්ෂතාවාදය ම වේ.

    දෙමළ ජනතාව තමන්ට අසාධාරණයක් වී ඇතැයි පවසන විට සාපේක්ෂක දැනුමක් නිසා අප එය පිළිගත යුතු යැයි අනුකාරක උගත්තු කියති. එමෙන් ම සිංහලයන්ට ප‍්‍රශ්නය පෙනෙන ආකාරය යථාර්ථයක් ලෙස දෙමළ ජනතාව මත බලෙන් පැටවීම සාපේක්ෂතාවාදී ඥාන විභාගයකට ගැළපෙන්නෙ කෙසේ දැයි ඔවුහු ප‍්‍රශ්න කරති.

    මොවුන්ට බොහෝ දෑ මෙන් ම නිර්මාණාත්මක සාපේක්ෂතාවාදී ඥාන විභාගය ද අවබෝධ කර ගත නොහැකි ය. නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය අඳුරට සාපේක්ෂ ව එළිය ඇතැයි කියන වර්ගයේ සාපේක්ෂතාවාදයකට වඩා වැඩි දෙයකි. එහි පදනමේ ඇත්තේ දැනුම ඉන්ද්‍රිය පද්ධතියට මනසට හා සංස්කෘතියට සාපේක්ෂ ව නිර්මාණය කෙරෙන්නක් බවත්, අවිජ්ජා පච්චයා සංඛාර, එනම් දැනුම යනු අවිද්‍යාව හෙවත් නොදැනීම නිසා සංස්කරණය කෙරෙන්නක්, නිර්මාණය කෙරෙන්නක් බවත්, වාස්තවික යථාර්ථයක් නොමැති බවත් ය. එහෙත් මෙයින් කියැවෙන්නේ ඕනෑ ම අයකුට ඕනෑ ම දෙයක්, එය තමන්ට සාපේක්ෂක යැයි කියමින් ඉදිරිපත් කළ හැකි බව නොවේ. යම් මතයක්, ප‍්‍රවාදයක් ඉදිරිපත් කරන විට එය සාධක සමග සංගත ව ඉදිරිපත් කළ යුතු ය. සාධක ද අවසාන විග‍්‍රහයේ දී ප‍්‍රවාදය මත රැුඳෙන්නේ යැයි කියා සාධක ද ප‍්‍රවාදයට සාපේක්ෂක යැයි කෙනෙකුට කිව හැකි ය. එහෙත් සාධක හා ප‍්‍රවාද අතර ඇත්තේ එකක් අනෙක මත රඳා පවතින අන්‍යෝන්‍ය සම්බන්ධයකි. සාධක ප‍්‍රවාදයෙන් බැහැර කිරීමට නොහැකි බව සැබෑ ය. එමෙන්ම ප‍්‍රවාද ද සාධකවලින් බැහැර කළ නොහැකි ය. මෙහි දී වැදගත් වන්නේ ප‍්‍රවාද සාධක ඇතුළු සමස්ත පද්ධතියේ ම යම් සංගත බවක් තිබිය යුතු ය යන්න ය.

    දෙමළ ජාතිවාදයට සාපේක්ෂක යයි කියමින් ඈත අතීතයේ සිට ම මෙරට පැවතියේ දෙමළ රාජ්‍යයක් බවත් සිංහලයන් දොළොස් වැනි සියවසෙන් පසු ව මෙරට පැමිණි පිරිසක් බවත් කීමට නොහැකි ය. ඇතැම් ඉතිහාස මහාචාර්යවරුන් එවැනි මතයක් නිර්මාණය කරමින් සිටින්නේ ද යන්න ද විභාග කරලිය යුත්තකි. සංස්කෘතික ත‍්‍රිකෝණයේ වැඩ කටයුතුවල මූලික අරමුණ ඉතිහාසය සිංහල - විශේෂයෙන් ම සිංහල බෞද්ධ - නොවන ආකාරයකින් ප‍්‍රතිනිර්මාණය කිරීම ද යන්න ද එලෙසින් ම සොයා බැලිය යුතු ය.

    ඉතිහාසඥයන් විසින් ඉතිහාසය නිර්මාණය කෙරීමෙහි දී සම්පූර්ණයෙන් ම වර්තමානයෙන් නොගැළවෙන බව වාස්තවික යථාර්ථයක් ගැන කතා නොකරන නිර්මාණාත්මක සාපේක්ෂතාවාදීහු පිළිගනිති. එහෙත් නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය යනු ඕනෑ ම අයකුට ඕනෑ ම දෙයක් කීමට දී ඇති බලපත‍්‍රයක් නොවේ. කලින් සඳහන් කර ඇති පරිදි ඉදිරිපත් කෙරෙන ඉතිහාසය අදාළ දැනුම් පද්ධතිය සමග සංගත විය යුතු ය.

    යම් ප‍්‍රශ්නයක් පිළිබඳ ව සංගත හෝ අසංගත මත කිහිපයක් ඉදිරිපත් වූ විට ඒ ප‍්‍රශ්නය නිරාකරණය කර ගත හැකි එක් මගක් නම් සාකච්ඡුා පැවැත්වීමයි. එහෙත් සාකච්ඡුාවට පදනම් විය යුත්තේ, එනම් සාකච්ඡුාවට සහභාගී වන සියලූ දෙනා ගේ ම ආරම්භක එකඟත්වය ඇති විය යුත්තේ, කුමක් සම්බන්ධ ව ද යන ප‍්‍රශ්නය ද ඒ සමග පැන නගී. දෙමළ ජාතිවාදීන් විසින් අද ඉදිරිපත් කෙරෙන මතය කරුණු තුනක් මත පදනම් වේ. දෙමළ ජනයා වෙන ම ජාතියක් බව, දෙමළ ජාතියට ස්වයං නිර්ණ අයිතිය ඇති බව, උතුරු හා නැගෙනහිර පළාත් දෙමළ ජාතියේ නිජභූමි බව එම කරුණු තුනයි. එම කරුණු සාකච්ඡුාවට යටත් නොවන බව ද දෙමළ ජාතිවාදීහු පවසති. මෙයින් කියැවෙන්නේ ඒ කරුණු සාකච්ඡුාවට ගත නොහැකි බවත්, ඒවා සියලූ දෙනා විසින් පිළිගත යුතු බවත්, සාකච්ඡුා ඇරඹිය යුත්තේ ඒවා පදනම් කරගෙන බවත් ය.

    සාපේක්ෂක දැනුම් පද්ධති දෙකක් ඇති විටක එක් කණ්ඩායමකට අනෙක් කණ්ඩායමේ පද්ධතියේ ඇති විසංවාද පෙන්වා දීමට අවස්ථාවක් ලබා දීම සාකච්ඡුාවේ එක් අරමුණකි. ඇතැම් විටෙක එසේ විසංවාද පෙන්වනු ලැබූ විට, තම ප‍්‍රවාද සාධක පද්ධතිය සංගත නොවන බව පෙන්වනු ලැබූ විට, යම් කණ්ඩායමක් තම අදහස් වෙනස් කර ගැනීමට සූදානම් ව සිටිනවා විය හැකි ය. එවැනි අවස්ථාවල සාකච්ඡුා ඵලදායී විය හැකි ය.

    එසේ නොවන අවස්ථාවල කළ හැක්කේ කුමක් ද ? තමන් ගේ පද්ධතියේ විසංවාද පෙන්වූ විටෙක එම විසංවාදවලින් තොර ව පද්ධතියක් ගොඩනගා ගැනීමට බැරි වූ විටෙක (දෙමළ ජනතාවට දෙමළ වීම නිසා ම අසාධාරණයක් වී ඇති බව පෙන්වා දීමට නොහැකි වූ විට* යම් කණ්ඩායමක් තම පද්ධතියෙහි එල්ලී සිටින්නේ නම් සාකච්ඡුාව එතැනින් ම නිම වේ. එමෙන් ම අනෙක් පක්ෂයට සාකච්ඡුා කෙරීමට අවශ්‍ය ම වූ කරුණු සාකච්ඡුාවට භාජන කළ නොහැකි යැයි කණ්ඩායමක් කියන්නේ නම් එවැනි අවස්ථාවක දී සාකච්ඡුාවක් ආරම්භ කෙරීමක් වත් නොසිදු වේ. එවන් අවස්ථාවල සාකච්ඡුා නොවන ක‍්‍රියාමාර්ගවලට යෑමට සිදු වේ.

    කොටි සංවිධානය සහ අනෙක් දෙමළ ජාතිවාදී පක්ෂ ඉතා ම වැදගත් කරුණු තුනක් සාකච්ඡුාවට භාජන කළ නොහැකි යයි කියයි. ඒ අතර කොටි සංවිධානය වෙන ම රාජ්‍යයක් දිනාගැනීම සඳහා සටන් වැදී සිටියි. මෙවැනි අවස්ථාවක අප යුද්ධයට කෙතරම් අකැමැති වුවත් යුද්ධ නොකර බැරි ය. මිනිසුන් මිය යෑම යුද්ධ නොකිරීමට හේතුවක් ලෙස දක්වන්නන් එසේ කරන්නේ දෙමළ ජාතිවාදයට සිංහලයන් යට කෙරීමට ය.

    සාකච්ඡුා නොවන ක‍්‍රියාමාර්ග මෙම අනුකාරක උගත්තු ද වෙනත් අවස්ථාවල දී අනුගමනය කරති. වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග ගැනීම යන්නෙන් කියැවෙන්නේ සාකච්ඡුා මගින් ප‍්‍රශ්න නිරාකරණය කර ගැනීමට නොහැකි බව ය. ප‍්‍රශ්නය සාපේක්ෂක යයි කීමෙන් අනෙක් පාර්ශ්වයේ අදහස් පිළිගැනීමට එවැනි අවස්ථාවල දී ඔවුහු අකැමැති වෙති. විශ්වවිද්‍යාල ආචාර්යවරු ද වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග අනුගමනය කළ හ. ඔවුන් දැන් එසේ නොකරන්නේ නම්, එයට හේතුව ඊනියා සාපේක්ෂතා දර්ශනයක් අවබෝධ කරගැනීම නොවන බව නම් ඉඳුරා ම කිව යුතු ය.

    යමකු විසින් නිර්මාණය කරන දැනුම සමාජයට ඒත්තු ගැන්වීමේ දී දැනුම සමාජයේ ප‍්‍රචලිත කිරීමේ දී යොදා ගැනෙන්නේ තර්කය ම පමණක් නොවන බව බටහිර විද්‍යාවේ පියා ලෙස සැලකෙන ගැලීලියෝගේ ක‍්‍රියා කලාපයෙන් ම පැහැදිලි වෙයි. නිර්මාණාත්මක සාපේක්ෂතාවාදයෙහි මූලික ව තේරුම් ගැනීමට උත්සාහ කෙරෙන්නේ දැනුම නිර්මාණය කෙරෙන ආකාරය ය. දැනුම සමාජයේ ප‍්‍රචලිත කෙරීම, තහවුරු කෙරීම ආදිය සිදු වන්නේ කෙසේ ද යන්න ද එයට අදාළ කරුණු ය. මතවාද ප‍්‍රචලිත කෙරීමේ දී බලපාන එක ම සාධකය අදාළ දැනුම් පද්ධතියේ සංගත වීම නොවන බව ද නිර්මානාත්මක සාපේක්ෂතාවාදීහු දනිති. එහෙත් ඔවුහු සාකච්ඡුාවේ නාමයෙන් දැනුම් පද්ධතියක සංගත බව අවධාරණය කරති. ඔවුන් යම්කිසි ප‍්‍රශ්නයක දී යුද්ධ වැනි සාකච්ඡුා නොවන ක‍්‍රියාමාර්ග අනුමත කරන්නේ වෙනත් මගක් නොමැති විටක දී ය.

    ඕනෑ ම අයකුට ඕනෑ ම දෙයක් ඉදිරිපත් කෙරීමට නිදහස ඇතැයි යන ආකාරයෙන් සාපේක්ෂතාවාදී ඥාන විභාගය වරදවා තේරුම් ගෙන හෝ වරදවා තේරුම් කර දෙන අය අවසාන වශයෙන් යුද්ධය වෙනුවෙන් ම පෙනී සිටිති. යුද්ධයට විරුද්ධ යැයි කියමින් සාකච්ඡුා කළ යුතු බව පැවසුව ද ඔවුන් සාකච්ඡුා කළ යුතු යැයි කියන්නේ දෙමළ ජාතිවාදයේ මතය පිළිගනිමින් බැවින් ඔවුන් අවසාන වශයෙන් කියා සිටින්නේ දෙමළ ජාතිවාදයේ මතය අනෙක් සියලූ දෙනා ම පිළිගත යුතු බව ය.
    අද සිදුවන්නේ සිංහලයන් තම මතය දෙමළ ජනතාව මත බලෙන් පැටවීම උත්සාහ කෙරීමක් නොව දෙමළ ජාතිවාදීන් ඉතා ම විසංවාදී, ඉතිහාස විරෝධී අදහස් සිංහල ජනතාව මත බලෙන් පැටවීමකි. දෙමළ ජාතිවාදයේ පළමු යුග දෙකෙහි දී ඔවුහු තම මතය එසේ බලෙන් පැටවීම ගිනි අවි නොමැති ව එහෙත් මැතිවරණ වර්ජන, ඊනියා සත්‍යාග‍්‍රහ ආදී ආයුධ මගින් කෙරීමට උත්සාහ කළ හ. අද ඔවුහු එහි දී ගිනි අවි ද යොදා ගනිති. යුද්ධයට ප‍්‍රධාන හේතුව එය වෙයි.

    දෙමළ ජාතිවාදයේ පුරෝහිතයන් අපට කියන්නේ එවැනි අවස්ථාවක දී දෙමළ ජාතිවාදයේ මතය පිළිගෙන නිහඩ විය යුතු ය යන්න ය. ඔවුන් ගේ ඊනියා යුධ විරෝධය යනු සිංහලයන් දෙමළ ජාතිවාදය ඉදිරියේ දණ ගැස්සීම සඳහා යොදාගත් උපක‍්‍රමයක් පමණකි.

    රාජ්‍ය නොවන සංවිධාන මගින් මෙහෙයවෙන විශ්වවිද්‍යාල හා විශ්වවිද්‍යාල නොවන ඊනියා උගතුන් ගේ බරව කකුලට හෝ ඔවුන් ගේ ස්වාමිවරුන් ගේ අඟුටුමිටු සමාජ විද්‍යාවට මෙන් ම මුදල්වලට ද අපි යට නොවිය යුත්තෙමු. දෙමළ ජාතිවාදය හා එය පසුපස ඇති සියලූ බලවේග තේරුම් ගැනීමෙන් පමණක් අපට ජාතික අනන්‍යතාව රැුක ගත හැකි වනු ඇත.

    අද ප‍්‍රශ්නයෙහි ආරම්භයෙහි ඇත්තේ බිරිතානින් ගෙන් ජන අනුපාතයට නොසරිලන ආකාරයකින් තමන් ලත් වරප‍්‍රසාද හා බලය රැුක ගැනීමට උත්සාහ කළ උගත් දෙමළ ජනයා ය. ඔවුහු තම වරප‍්‍රසාද හා බලය රැුක ගැනීම සඳහා ම රටේ බහුතරය සිංහලයන් බව හදවතින් ම පිළිගැනීමට අකමැති වූ හ. වැඩි කලක් නොගොස් ම රටේ ඉතිහාසය යනු සිංහල ඉතිහාසය බව පිළිගැනීමට ද ඔවුහු අකැමැති වූ හ. එදා සිට අද දක්වා දෙමළ ජාතිවාදය විකාශය සිදු වී ඇති අයුරු මේ පොත් පිංචෙහි කෙටියෙන් විස්තර වෙයි. අද වන විට බහුතරය සිංහලයන් බව නොපිළිගැනීම ඊනියා බහුජාතික සංකල්පය දක්වා වර්ධනය කෙරී ඇති අතර ඇතැම් ඉතිහාස මහාචාර්යවරු හා සංස්කෘතික ත‍්‍රිකෝණ අධ්‍යක්ෂකවරු සිංහල ඉතිහාසය මකා දැමීමට කටයුතු කරති.

    දෙමළ ජාතිවාදය පරාජය කළ යුත්තේ හමුදා ක‍්‍රියාමාර්ගයකින් පමණක් නොවේ. එය දේශපාලන හා න්‍යායාත්මක තලවල ද පරාජය කළ යුතු ය. න්‍යායාත්මක තලයෙහි දැනට මත් පසු බා ඇති දෙමළ ජාතිවාදය මුළුමනින් ම පරාජය කෙරීමෙහි ලා මේ පොත් පිංච සුළු වශයෙන් හෝ දායක වනු ඇතැයි යන්න මගේ පැතුම වෙයි.

    පොත් පිංච මුද්‍රණය කළ විසිදුනු මුද්‍රණාලයෙහි කාර්ය මණ්ඩලයටත්, පිටකවරය නිර්මාණය කළ චන්දන ජයවර්ධන මහතාටත් මගේ ස්තූතිය හිමි වෙයි.

    නලින් ද සිල්වා

    2539 ඉල්/1995 නොවැම්බර් මස 15 වන දින
    මහරගම දී ය.

    http://www1.kalaya.org/2016/02/blog-post_27.html
     

    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    බටහිට විද්‍යාවෙන් බිහිවුනු අන්තර්ජාලය කියන්නෙත් බොරුවක්නෙ.......

    උඹේ සාක්කුවෙ තියන ස්මාර්ට් ෆෝන් එක දුන්නේ සම්‍යක්දෘෂ්ඨික බෞද්ධ දේවතාවෙක්ද?...........

    පිස්සු පුකාලා, නිකන් දොඩවනවා...
    ඔකා පිස්සෙක් බන්. කුකුල් කේන්තිකාරයෙක්. මේ ත්‍රේඩ් එක දාපු එකා වගේම පිස්සෙක්.. ඌ මලත් ඉන්ග්‍රිසි බේත් ගන්නේ නැලු.. දොරමඩලාවට ඇවිත් කිච උනා කිචවීමක් කතා නැ.. මිනිහා බටහිර විද්යාව බොරු කියන්න හෙන මාගලක් දිගහරින්න ගියේ. පොරට ඇස් පේන්නේ නැ, කන්නාඩි දෙක දාලා කියවන්න සෙට් උනාම, කාලො ෆොන්සේකා ඇහුවා, බටහිර විද්යාව බොරුනම් ඇයි කන්නාඩි දැම්මේ කියලා.. මල පැනලා බැනගෙන ගියා යැමක්. හසන්ත ක්ශනික ප්‍රදාන පාලක මැදිරියට දැම්මා අනුග්‍රහක බවතුන්ගේ දැන්වීම් වලට.
     
    • Like
    Reactions: DjAtrocity

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් නලින්ද සිල්ව විදුසර පත්තරේට ලිපි ලියන්නෑ :no: :no:
    කවුරුත් දන්නවද මොකද වුනේ කියල ටික කාලයක් කියවන්න බැරි වුනා මේ ලඟදි අරං බලද්දි නලීන්ද සිල්වත් නෑ නලීන්ට බැන බැන ලිපි ලිව්ව අශෝක අමරතුංග ගෙ ලිපිත් නෑ :no: :no:
     

    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    දැන් නලින්ද සිල්ව විදුසර පත්තරේට ලිපි ලියන්නෑ :no: :no:
    කවුරුත් දන්නවද මොකද වුනේ කියල ටික කාලයක් කියවන්න බැරි වුනා මේ ලඟදි අරං බලද්දි නලීන්ද සිල්වත් නෑ නලීන්ට බැන බැන ලිපි ලිව්ව අශෝක අමරතුංග ගෙ ලිපිත් නෑ :no: :no:
    දැන් නලින් ද සිල්වට පත්තරේ මන්ගල දැන්වීමක්වත් දෙන්නේ නැ එඩිටර්ලා. ඒ ජනවාරි 8ට කලින්..
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දැන් නලින් ද සිල්වට පත්තරේ මන්ගල දැන්වීමක්වත් දෙන්නේ නැ එඩිටර්ලා. ඒ ජනවාරි 8ට කලින්..

    බොරු කියන්න එපා බං 8වෙනිදට පස්සෙත් අගේට ලිපි ලිව්ව :dull: :dull:
     

    QRCode

    Banned
    Aug 31, 2016
    305
    29
    0
    නම සිල්වා හැබැයි බටහිර බොරුලු.. අනික බන්, බටහිර විද්යාව බොරුනම් අහවල් එකෙන්ද බන් මිනිහගේ ලිපි පත්තරේ ප්‍රින්ට් කොරන්නේ.
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    :P :P
    මේකද යහපාලනේ මාධ්‍ය නිදහස ? :rolleyes: :rolleyes:

    එහෙම වෙන්ඩැති...

    ඉස්සරනම් ඉතින් හැම සතියෙම පත්තර එඩිටර්ලා රාජ මන්දිරේට ගෙන්නලා, පැටිස් සෝටීස් කන්ඩ දීලා, එන සතියේ පත්තරවල හෙඩ් ලයින් යන්න ඕනෑ විධිය, ජනතා ප්‍රශ්ණ බැලන්ස් කරන විධිය, විපක්ෂෙට ගහන්ඩ ඕනෑ විධිය, රජතුමා පුම්බන විධිය එහෙම සාමූහිකව සාකච්ඡා කරලා, සමගිව විසිර යනවනෙ............

    දැන් කොහෙද මාධ්‍ය කාරයන්ට එච්චර සැළකිලි?
     
    • Like
    Reactions: DjAtrocity