නලින් ද සිල්වා
පාණදුරේදී 1944 ඔක්තෝබර් 20 දා උපන් නලින් ද සිල්වා මහතා පාණදුර වෑකඩ බෞද්ධාලෝක මිශ්‍ර පාසලේ තුන්වන පන්තිය
දක්වාත් නැවත දෙකේ පන්තියේ සිට (නිසි වයස නොපිරුණු නිසා යළි දෙකේ පන්තියට යොමු කර ඇත) පස්වන පන්තිය දක්වා
තර්ස්ටන් විදුහලෙන්ද සරසවි ප්‍රවේශය දක්වා කොළඹ රාජකීයයෙන්ද අධ්‍යාපනය ලබා පාසල් විය නිම කරන්නේ ශුද්ධ ගණිතයට
හා ව්‍යවහාරික ගණිතයට වැඩිම ලකුණු ලබා රාජකීය ත්‍යාගය ලබාගනිමිනි. එහි විවාද කණ්ඩායම් නායකයාද එතුමා විය. ලංකාවේ
ඉහළම ලකුණු ලැබූ දහදෙනාගෙන් එක් අයකු වශයෙන් ඉංජිනේරු පීඨයට ඇතුළත් වීමේ සුදුකම් තිබුණද විද්‍යාඥයකු වන අරමුණෙන්
ගණිතය හදාරනු පිණිස හෙතෙම ලංකා විශ්වවිද්‍යාලයේ පේරාදෙණි මණ්ඩපයට ඇතුළත්ව 1963 දී ගණිත අංශයෙන් ප්‍රථම පන්තියේ
ගෞරව සාමර්ථ්‍යයක් දිනා ගත්තේය. අනතුරුව වැඩි දුර අධ්‍යාපනය පිණිස ඔක්ස්ෆර්ඩ් හෝ කේම්බ්‍රිජ් යන ප්‍රසිද්ධ විශ්වවිද්‍යාලවලට
යෑමේ අවස්ථාව තිබියදී තමා රුචිකළ විශ්වවේදය විෂයට කීර්තියක් ඉසුළූ බ්‍රිතාන්‍යයේ සසෙක්ස් විශ්වවිද්‍යාලයට 1969 ජනවාරිවලදී ඇතුළත් විය.
එහිදී එතුමාගේ උපදේශකයා වූයේ රාජකීය තාරකා විද්‍යාඥයන්ගේ සංගමයේ සභාපතිවරයකු හා කීර්තිමත් විද්‍යාඥයකු වූ ශ්‍රීමත්
මහාචාර්ය විලියම් මැක්රේය FRS FRSE . ඔහු යටතේ අයින්ස්ටයිනුයානු ප්‍රවාදය ඔස්සේ තම පර්යේෂණ ආචාර්ය නිබන්ධය
(DPhil) 1970 දී නිම කළ අතර කෙටිකලෙකින් ආචාර්ය උපාධිය පිරිනැමීමට සරසවියේ උපාධි පටිපාටිය පවා සංශෝධනය
කරන්නට සනාතන සභාවට සිදුවිය. එතුමා සෛද්ධාන්තිකව පළකළ කල්පිතය අසූව දශකයේ අගභාගයේදී බ්‍රිතාන්‍ය ඇමරිකානු
ඒකාබද්ධ විද්‍යාඥ කණ්ඩායමක් විසින් සනාථ කරන ලදී. මේ කරුණු දෙකම පමණක් වුවත් එතුමාගේ බුද්ධිය සනාථ කරන්නට සමත්ය.
එංගලන්තයේ නතර වන්නට තිබූ ආරාධනා හැරදා ලංකාවට පැමිණි එතුමා පේරාදෙණියේ කනිටු ආචාර්යවරයකු ලෙස වසර පහක්
කටයුතු කෙළේය. මාක්ස් ට්‍රොට්ස්කිවාදියකු හා සෛද්ධාන්තික භෞතික විද්‍යාඥයකු වශයෙන් කටයුතු කරමින් සිටි එතුමා 1975 දී
විදෙස් ගතව ලංකාවට පැමිණියත් පේරාදෙණියේ ඉගැන්වීමේ අවස්ථාව අහිමි විය. 1979 දී කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිත අංශයට
එකතුවන එතුමා මාක්ස්වාදය න්‍යායාත්මකව ප්‍රශ්න කරමින් එයින් ඉවත් වූ අතර 1983 පටන් ජාතිකවාදී ප්‍රවේශයකට යොමු විය.
1986 වසර එතුමාගේ හැරවුම් ලක්ෂය වූයේ නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය යන දර්ශනය ලොවට හෙළි කළ මගේ ලෝකය
කෘතිය එළිදැක්වීමය. එතැනෙන් ඇරඹි නව ගමන ඔස්සේ අධ්‍යාපන හා දේශපාලන පෙරළියක් රට තුළ සිදු කරන්නට එතුමා මැදිහත් විය.
1992 දී කොළඹ විශ්වවිද්‍යාලයෙන් එතුමා වැඩතහනමකට ලක්වන්නේ ස්වාධීන දර්ශනයකින් යුතුව බටහිර දැනුම් ආධිපත්‍යය ප්‍රශ්න කළ
හෙයිනි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපතිත්වයද එතුමා දරා ඇත. සිය වැඩතහනමට විරුද්ධව තනිවම නීති මගින් කටයුතු
කළ එතුමා නිර්දෝෂී බව 2002 දී අධිකරණයෙන් තහවුරු වූ අතර එතුමා එම වසරේදී කැලණිය සරසවියේ ගණිත අංශයට සම්බන්ධ වූ
අතර එහි මහාචාර්යවරයකු හා අංශ ප්‍රධාන වශයෙන් කටයුතු කෙළේය. ඒ අතර තම දැනුම් පද්ධතිය වර්ධනය කළ අතර ආන්දෝලනාත්මක
රජරට වකුගඩු රෝගයට ආධ්‍යාත්මික විසඳුමක් සොයන්නට නායකත්වය එතුමා ගත්තේ කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පීඨාධිපතිවරයා
වශයෙනි. ඒ අතර එතුමාට කැබිනට් අනුමතයෙන් ගණිත අංශ මහාචාර්යවරයකු ලෙස සේවා දිගුවක්ද ලැබුණු අතර ආසනික් පර්යේෂණ අවසන් වූ
බැවින් එතුමා එම සේවා දිගුවෙන් වසර දෙකකට ආසන්න කලකට පෙර සමුගත්තේය. පසුව එතුමා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙහි සාමාජිකයකු
ලෙසද පත් වුණු අතර වත්මන් ජනපතිතුමා පත්වූ දිනයේදී එතුමා එයින් ඉල්ලා අස් විය.
නේචර් වැනි ඉහළම පර්යේෂණ සඟරාවල පවා එතුමාගේ ආරම්භක යුගයේදීම ලිපි පළ කළ එතුමා මේ වන විට විවිධ අංශ යටතේ රචනා කළ
ලිපි සංඛ්‍යාව 5000 ඉක්මවන අතර (කෘති රාශියක්ද රචනා කොට ඇත) එය ලෝක වාර්තාවක් බවට තර්කයක් නැත. එතුමා ගැන කෘතියක් වුව
රචනා කළ හැකි නමුත් මේ කෙටි නොවන දිගුත් නොවන ප්‍රවේශය එතුමා ලොවට හෙළි කළ දර්ශනය ගැන යමක් පැවසීමටයි. බටහිර විද්‍යාව
පට්ටපල් බොරුවක් යන්න නිර්භයව හෙළි කරන එතුමා සිංහල බෞද්ධකම වෙනුවෙන් පෙනී සිටිනවා පමණක් නොව සිංහල බෞද්ධ දැනුමක්
නිර්මාණය වෙනුවෙන් පෙනී සිටින ජාතික බලවේගයෙහි පුරෝගාමියාය. එපමණක් නොව ලංකාවෙන් ලොවට බිහි වූ එකම දාර්ශනිකයාය.
තිස්වසරක ත්‍රස්තවාදී ක්‍රියා නතර කරන්නට මුල්වුණේද එතුමාගේ ප්‍රවාදයකි.
(නාලක ජයසේන මහතාගේ කොමෙන්ටුවකින් උපුටා ගත්තකි.)