නල ලිදක් ගහන්න ඉන්නවා නම් වැදගත් වේවි

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,675
    6,448
    113
    අපේ ගෙදර වතුර ලයිට් බිල් අසාමාන්‍ය විදියට වැඩි නිසා වියදම අඩු කරන්න කියල පටන් ගත්තා. වතුරෙන් පටන් ගත්තෙ. නල ලිදක් ගහන්න තීරණය කරා. අපේ ගෙදර කොයි මාලු ආසන්නව දැන් 100 ක් ඉන්නවා. ඔක්කොම අඩියකට වඩා ලොකු හරි ආසන්නයි. ගැලුම් 2000 ක ටැංකියක්. මාළුන්ට පිරිසිදු වතුර නිතර ඔ්න නිසා හැමදාම ලොකු වතුර ප්‍රමාණයක් වියදම් වෙනවා. මම මෙච්චර කාලයක් කලේ රූෆ්ටොප් ගාඩ්න් ඒකට පොකුනෙ වතුර ගහල මදි පාඩුව ටැප් වතුරෙන් පුරවන ඒක. ආසන්නව දවසකට ලීටර් 250 ක් විතර යනවා. ඒ්ත් ඒ් ප්‍රමාණය ටැංකිය පිරිසිදුව තියා ගන්න මදි නිසා දිනපතා තවත් වතුර ලීටර් 250 ක් විතර නිකරුනේ අයින් කරනවා.

    ඒ් වගේම නාන්න, රෙදි සෝදන්න, ගෙවල් පිරිසිදුව තියන්න තවත් ලොකු වතුර ප්‍රමාණයක් යන නිසා. නල ලිදක් ගැහුවා. නල ලිදක් ගහනවා නම් අඩු තරමේ ලගම ටොයිලට් වලට අඩි පනහක් වත් තියෙන්න ඔ්න. මම නල ලිද ගහපු තැනට අඩි පනහක් ඇතුලෙ වැසිකිලි වලක් නැති නිසා. වැඩේට සූදානම් උනා.

    මම ලිං ගහන ඒකෙක් හොයා ගත්තෙ නෙට් ඒකෙන්. කථා කරාම අඩියක් 1200 ක් වෙන්න ගහල දෙන්නම් කිව්වා. වල හාරනවා වගේම අවශ්‍ය බට උන්ගෙන්. පොම්පයක් අවශ්‍ය නැහැ. මෝටරයක් ගහන්න මම සූදානම් උනේ. කියල පහුවදා උදේ 8 වෙද්දි ලිං ගහන උන් ආව.

    ලිද පට පට ගාල ගැහුවා. අඩි 30 ක් යද්දි උන් කිව්ව මීට වඩා ගහන්න බෑ කියල. මොකද ලිද ගැහුවේ බොහොම පටු තැනක. ඒ් වගේම උන් කිව්වා ගද මැට්ටක් අහු උනා ඔයිට යටට ගැහුවොත් වතුර ගද වෙයි කියලා. උන් අඩි තිහක් ගැහුව කිව්වා. මම නූලක් දාල මැන්නම අඩි 25 යි. උන් කියන විදියට අඩියට 1200 බට වලින්ලු ගන්නෙ. බට අඩි 30ක් පාවිච්චි කලාලු. රුපියල් 6000 කට වලි දාගන්න කැමති නැති නිසා 36000 කින් වැඩේ කලා. අනිවාර්යෙන්ම ගණන් කථා කරද්දි අඩියක ගාන ගැබුරටද බට අඩි ගානටද කියල පැහැදිලිවම අහන්න. උන්ගෙ කපටි කමක් ඒ්ක.

    1670856823549.png

    ඔය තියෙන්නෙ ලිද. අඩි හයෙන් වතුර මතු උනා.

    වතුර ඉහලා ලිද සුද්ද කරන්න පටන් ගත්තා. ඒක දිගට පැය ගානක් මෝටරය ගහලත් අගලක් වත් වතුර අඩු වෙන්නෙ නෑ. වතුරෙන් ඇමෝනියා ගදක් ආපු නිසා ගද ඉවරවෙන කම්ම පැය හය හතක්ම වතුර ඇද්දත් කිසිම ගද අඩුවක් නෑ.

    1670856955185.png


    වතුර ලිදෙන් ඒලියට ඒද්දි පට්ටම ක්ලියර්. විනාඩි තිහක් වගේ යද්දි මලකඩ හැදෙනවා. වතුරේ යකඩ අයන දියවෙලා තිබිලා ගොඩට ආවම ඔක්සිජන් ඒක්ක ප්‍රතික්්‍රයා කරල මලකඩ හැදෙනවා. මේ වතුර කිසිම වැඩකට ප්‍රයෝජනයට ගන්න බෑ. මාලුන්ට අහිතකරයි. වතුර තද දුඹුරු නිසා මාලු ටැංකියට දැම්මොත් මාලු ඉන්නවද වත් හොයා ගන්න බැරි වෙනවා. ඇමෝනියා ගද විනාඩි කීපයකින් නැති උනත් ජලයෙ කවලම් වෙලා ඇති යම් මට්ටමක්. ඒ් මාලුන්ට අහිතකරයි.

    නාන්න ගන්න බෑ. වතුරෙන් යම් ගදක් ඒනවා. ටොයිලට් ෆ්ලෂ් කරන්න ගන්නත් බෑ. වතුර වැටෙන වැටෙන තැන මලකඩ පාර හිටිනවා. කොමඩ් ගන්න දෙයක් නැති වේවි. රෙදි හොදන්නත් බෑ.

    අන්තිමට ඉන්ටර් නෙටියෙ බලල බලල සමහර උන් කරල තියෙන විදියට මම මුළු ලිදටම ක්ලෝරින් පාරක් ගැහුවා. ක්ලෝරීන් ග්රෑම් 250 ක් ගැහුනා. දැන් වතුරෙ ගද ගිහින්. මලකඩ ගතියත් නෑ. හැබැයි තවම පැය ගානක් ඒක දිගට වතුර ඇදල බැලුවෙ නැති නිසා වැඩේ සාර්ථකද දන්නෙ නෑ.

    කවුරු හරි නල ලිදක් ගහන්න ඉන්නවා නම් මේ ගැන පොඩ්ඩක් හොයල බලන්න. වටේ පිටේ ලිංවල තත්වය ටිකක් හොයල බලන්න.

    1670857554594.png

    )
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඇමෝනියා බැලන්ස් කරන්න කොට්ටම් කොළ දාන්න පුළුවන් නේද මාළු ටැංකියට.... මුලින් වතුර යම් ප්‍රමානෙකට කොට්ටම් කොළ දාලා පොඩි මාලුවෙක් මොකෙක් හරි දාලා බලන්න...
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    අපරාදේ උබ වියදම් කරපු එකේ පොඩ්ඩක් ඉඩ කඩ තියෙන තැනකට ගහන්න එපැයි ඕක... ගලටම ගැහුවා නම් අවුලක් නෑ... හොද වතුර එනවා නේ... දැන් 36 වතුරේ නේ ඔය අස්සක ගහලා..

    මාලුවෙක් නිසා මූ කන කට්ටක්. වියදම.. හපෝ.. @Solo Rider වගේ බල්ලෙක් හැදුවා නම් ඔච්චර වියදමක් යන්නේ නෑ
    කෝයි එකෙක් ගේ ගණන් හොයලා බලපන්... මූ බිස්නස් එකක් කරන්නේ...
    ------ Post added on Dec 12, 2022 at 9:08 PM
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    නළ ලිං නම් සාපයක් බන්. ඕවගේ කාලයක් යද්දි වතුර නැ,. එපා වෙනවා. ඕවගෙ වතුර බොන්න හොද නැති කතාවකුත් තියනවා මළකඩ මිශ්‍රවෙන නිසා.
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,675
    6,448
    113
    වැදගත්... 👍👍👍


    වැඩ ගන්න පුලුවන් විදිහට හදාගත්තද...?
    ක්ලෝරීන් කරාට පස්සෙ බීමට අවුලක් නැද්ද...?
    තවම හරියට ෂුවර් නෑ. හෙට තමා බලන්න වෙන්නෙ හරියටම

    okkoma wiyadama kiyak wage giyada
    බට වියදම්, ස්ටොක් ටෑන්ක් වියදම් ඒක්ක බලද්දි 60 පැනල. මොටරය නම් ගෙදර තිබුන ඒකක්.

    අපරාදේ උබ වියදම් කරපු එකේ පොඩ්ඩක් ඉඩ කඩ තියෙන තැනකට ගහන්න එපැයි ඕක... ගලටම ගැහුවා නම් අවුලක් නෑ... හොද වතුර එනවා නේ... දැන් 36 වතුරේ නේ ඔය අස්සක ගහලා..


    කෝයි එකෙක් ගේ ගණන් හොයලා බලපන්... මූ බිස්නස් එකක් කරන්නේ...
    ------ Post added on Dec 12, 2022 at 9:08 PM
    අපේ වත්තෙ ඉඩ නෑ බං. පර්චම් 20 ක් වගේ තියෙන්නෙ. 20 ම ගෙදර. මෙ මාළු විකුනන්න නෙවේ බං. විකුනන්න කියල හදන මාලු ඉන්නෙ ගමේ. අඩියක කොයි මාළු ආසන්නව 5000 ක් විතර ඉන්නවා. මේ ඉන්නෙ ඒ් මාළුන්ගෙන් හොදම 100)

    මෝටර් එක දාලා වතුර ගන්න කොට ලයිට් බිල නගියි නේ වතුර බිලට වඩා
    වතුර අදින්න සෝලා ගහන්න යන්නෙ බං. ඒකටත් 1.5 ක් විතර ගියා. තවම සෝලා ගැහුවෙ නෑ. වියදම නම් කලා.

    Gala widala gahuwa nam 100% clear water ganna thibba ban.
    ඉඩ නෑ බං. ගල විදින්න නම් මැසිමකින් ගහන්න ඔ්න. මෙක අතින් ගැහුවෙ.
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    වතුර සාම්පල් එකක් අරන් ගිහින් පිළිගත් තැනකින් චෙක් කරගෙන බලන්න. ඇහැට නොපෙනන / නහයට නොදැනෙන දේවල් වතුරේ තියන නිසා.