නල ලිදක් ගහන්න ඉන්නවා නම් වැදගත් වේවි

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    කොරෝනා කාලේ තනියම නල ලිදක් කපපු කොලු කාරයාව මතක කාටද 😋
    හම්මටසිරි. ඒ ත්‍රෙඩ් එක සගෙසන් වල වැටිලා
     
    • Like
    Reactions: wpmanoj

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,300
    113
    ඇමෝනියා බැලන්ස් කරන්න කොට්ටම් කොළ දාන්න පුළුවන් නේද මාළු ටැංකියට.... මුලින් වතුර යම් ප්‍රමානෙකට කොට්ටම් කොළ දාලා පොඩි මාලුවෙක් මොකෙක් හරි දාලා බලන්න...
    UU billata denna neda hadanne :(
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,017
    2
    54,777
    113
    හම්මටසිරි. ඒ ත්‍රෙඩ් එක සගෙසන් වල වැටිලා

    මේ කියන්නෙ Suggestions වල වැටිලා කියල තේරුම් ගියාට පස්සෙ මම

    Albert Einstein Vintage GIF by US National Archives
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    ඕවගේ වතුර බොන්න හොද නැහැ කියලා කියනවා වකුගඩු වලට හොද නැහැ කියලා. මෙහෙ කිසි කෙනක් බොන්නේ නැහැ හොයලා බලන්න එකත්
     
    • Like
    Reactions: wpmanoj

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,253
    1
    2,931
    113
    අනුරාධපුර හැමෝම wage බොන්නේ nala lin වල වතුර filter ewa bila apita mona weyida bn
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,675
    6,448
    113
    ඔය වතුර පාට වෙන එකට උන් මොකද කීවේ
    නල ලිද ගහපු උන් නම් මොකුත් කිව්වෙ නෑ. ඒ් වෙලාවෙ බොර පාටට ආවම අපි හිතුවෙ වල මඩවෙලා කියල. පස්සෙ අපි දැනගත්තෙ සීන් ඒක. පයිප්පෙන් ක්ලියර් වැටෙනවා. ස්ටොක් ඒකේ මඩ පාටට තියෙනවා.

    ඕවගේ වතුර බොන්න හොද නැහැ කියලා කියනවා වකුගඩු වලට හොද නැහැ කියලා. මෙහෙ කිසි කෙනක් බොන්නේ නැහැ හොයලා බලන්න එකත්
    බොන්න නෙවෙයි ගැහුවෙ. බීම කෑම හැදිල්ල ඇර අනිත් වැඩ වලට. නාන්න, රෙදි සෝදන්න වගේ අනිත් වැඩ වලට
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    රතුපස්වල මිනිස්සුන්ගෙ වතුර වලත් ඔය ප්‍රශ්නෙ ඇවිල්ලා තමයි උද්ගෝෂණ කරේ. ලඟපාත මොනවහරි කෙමිකල් පාවිච්චි කරන කර්මාන්ත තියනවද?
     
    • Like
    Reactions: wpmanoj

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    අපේ ගෙදර වතුර ලයිට් බිල් අසාමාන්‍ය විදියට වැඩි නිසා වියදම අඩු කරන්න කියල පටන් ගත්තා. වතුරෙන් පටන් ගත්තෙ. නල ලිදක් ගහන්න තීරණය කරා. අපේ ගෙදර කොයි මාලු ආසන්නව දැන් 100 ක් ඉන්නවා. ඔක්කොම අඩියකට වඩා ලොකු හරි ආසන්නයි. ගැලුම් 2000 ක ටැංකියක්. මාළුන්ට පිරිසිදු වතුර නිතර ඔ්න නිසා හැමදාම ලොකු වතුර ප්‍රමාණයක් වියදම් වෙනවා. මම මෙච්චර කාලයක් කලේ රූෆ්ටොප් ගාඩ්න් ඒකට පොකුනෙ වතුර ගහල මදි පාඩුව ටැප් වතුරෙන් පුරවන ඒක. ආසන්නව දවසකට ලීටර් 250 ක් විතර යනවා. ඒ්ත් ඒ් ප්‍රමාණය ටැංකිය පිරිසිදුව තියා ගන්න මදි නිසා දිනපතා තවත් වතුර ලීටර් 250 ක් විතර නිකරුනේ අයින් කරනවා.

    ඒ් වගේම නාන්න, රෙදි සෝදන්න, ගෙවල් පිරිසිදුව තියන්න තවත් ලොකු වතුර ප්‍රමාණයක් යන නිසා. නල ලිදක් ගැහුවා. නල ලිදක් ගහනවා නම් අඩු තරමේ ලගම ටොයිලට් වලට අඩි පනහක් වත් තියෙන්න ඔ්න. මම නල ලිද ගහපු තැනට අඩි පනහක් ඇතුලෙ වැසිකිලි වලක් නැති නිසා. වැඩේට සූදානම් උනා.

    මම ලිං ගහන ඒකෙක් හොයා ගත්තෙ නෙට් ඒකෙන්. කථා කරාම අඩියක් 1200 ක් වෙන්න ගහල දෙන්නම් කිව්වා. වල හාරනවා වගේම අවශ්‍ය බට උන්ගෙන්. පොම්පයක් අවශ්‍ය නැහැ. මෝටරයක් ගහන්න මම සූදානම් උනේ. කියල පහුවදා උදේ 8 වෙද්දි ලිං ගහන උන් ආව.

    ලිද පට පට ගාල ගැහුවා. අඩි 30 ක් යද්දි උන් කිව්ව මීට වඩා ගහන්න බෑ කියල. මොකද ලිද ගැහුවේ බොහොම පටු තැනක. ඒ් වගේම උන් කිව්වා ගද මැට්ටක් අහු උනා ඔයිට යටට ගැහුවොත් වතුර ගද වෙයි කියලා. උන් අඩි තිහක් ගැහුව කිව්වා. මම නූලක් දාල මැන්නම අඩි 25 යි. උන් කියන විදියට අඩියට 1200 බට වලින්ලු ගන්නෙ. බට අඩි 30ක් පාවිච්චි කලාලු. රුපියල් 6000 කට වලි දාගන්න කැමති නැති නිසා 36000 කින් වැඩේ කලා. අනිවාර්යෙන්ම ගණන් කථා කරද්දි අඩියක ගාන ගැබුරටද බට අඩි ගානටද කියල පැහැදිලිවම අහන්න. උන්ගෙ කපටි කමක් ඒ්ක.

    View attachment 191712
    ඔය තියෙන්නෙ ලිද. අඩි හයෙන් වතුර මතු උනා.

    වතුර ඉහලා ලිද සුද්ද කරන්න පටන් ගත්තා. ඒක දිගට පැය ගානක් මෝටරය ගහලත් අගලක් වත් වතුර අඩු වෙන්නෙ නෑ. වතුරෙන් ඇමෝනියා ගදක් ආපු නිසා ගද ඉවරවෙන කම්ම පැය හය හතක්ම වතුර ඇද්දත් කිසිම ගද අඩුවක් නෑ.

    View attachment 191713

    වතුර ලිදෙන් ඒලියට ඒද්දි පට්ටම ක්ලියර්. විනාඩි තිහක් වගේ යද්දි මලකඩ හැදෙනවා. වතුරේ යකඩ අයන දියවෙලා තිබිලා ගොඩට ආවම ඔක්සිජන් ඒක්ක ප්‍රතික්්‍රයා කරල මලකඩ හැදෙනවා. මේ වතුර කිසිම වැඩකට ප්‍රයෝජනයට ගන්න බෑ. මාලුන්ට අහිතකරයි. වතුර තද දුඹුරු නිසා මාලු ටැංකියට දැම්මොත් මාලු ඉන්නවද වත් හොයා ගන්න බැරි වෙනවා. ඇමෝනියා ගද විනාඩි කීපයකින් නැති උනත් ජලයෙ කවලම් වෙලා ඇති යම් මට්ටමක්. ඒ් මාලුන්ට අහිතකරයි.

    නාන්න ගන්න බෑ. වතුරෙන් යම් ගදක් ඒනවා. ටොයිලට් ෆ්ලෂ් කරන්න ගන්නත් බෑ. වතුර වැටෙන වැටෙන තැන මලකඩ පාර හිටිනවා. කොමඩ් ගන්න දෙයක් නැති වේවි. රෙදි හොදන්නත් බෑ.

    අන්තිමට ඉන්ටර් නෙටියෙ බලල බලල සමහර උන් කරල තියෙන විදියට මම මුළු ලිදටම ක්ලෝරින් පාරක් ගැහුවා. ක්ලෝරීන් ග්රෑම් 250 ක් ගැහුනා. දැන් වතුරෙ ගද ගිහින්. මලකඩ ගතියත් නෑ. හැබැයි තවම පැය ගානක් ඒක දිගට වතුර ඇදල බැලුවෙ නැති නිසා වැඩේ සාර්ථකද දන්නෙ නෑ.

    කවුරු හරි නල ලිදක් ගහන්න ඉන්නවා නම් මේ ගැන පොඩ්ඩක් හොයල බලන්න. වටේ පිටේ ලිංවල තත්වය ටිකක් හොයල බලන්න.

    View attachment 191715
    )
    දැන් මොකද තත්වේ? :baffled:
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,675
    6,448
    113
    දැන් මොකද තත්වේ? :baffled:

    වතුර වල තත්වෙ මොකද දැන්? චෙක් කලාද සාම්පල්?

    දැන් වෙනදට වඩා හොදයි. හැබැයි තවම පාවිච්චියට ගන්න බෑ. දවසකට පැය දෙකක් විතර ඒක දිගට වතුර අදිනවා. හරි යයි කියල හිතෙනවා. ඒ්ත් කරපු ඉන්වෙස්ට්මන්ට් ඒක හොදටම පාඩුයි. )
     

    kapiladinirukshana

    Active member
  • Jan 21, 2011
    268
    76
    28
    Veyangoda
    මම අඩි 250 ක් නල ලිදක් ගැහුවා අඩිය 1000.00 වතුර ටෙස්ට් කලා බොන්න හොඳයි කියුවා නමුත් පොඩි මඩ ගදක් එනවා. මොකද කරන්නේ කියලා දන්නේ නැහැ
     
    • Like
    Reactions: wpmanoj

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,675
    6,448
    113
    මම අඩි 250 ක් නල ලිදක් ගැහුවා අඩිය 1000.00 වතුර ටෙස්ට් කලා බොන්න හොඳයි කියුවා නමුත් පොඩි මඩ ගදක් එනවා. මොකද කරන්නේ කියලා දන්නේ නැහැ
    ක්ලෝරීන් පාරක් ගහල පැය 24 තියල වතුර අයින් කරල බලපං.
     
    • Like
    Reactions: kapiladinirukshana