නවක මංත්‍රීවරු දූෂිතයි
මැතිසබයේ නවකයෝ රැසක් වාහන ආනයන
බලපත් කෝටි ගණන්වලට විකුණලා
ලාල් ගුණසේකර
පාර්ලිමේන්තුවට අලුතින් පත්වූ මන්ත්‍රීවරුන්ගෙන් සියයට හැටක් (60%) පමණ දෙනා සිය තීරුබදු රහිත වාහන ආනයන බලපත්‍ර විකුණා ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
වසර පහක් යනතුරු අන් සතු කළ නොහැකි මෙම බලපත්‍ර යටතේ ඇමරිකානු ඩොලර් 50,000 කට අධික වටිනාකමකින් යුත් වාහන තීරුබදු රහිතව ආනයනය කළ හැකිය.
මෙම වාහන බලපත් මාස දෙකකට පමණ පෙර නැවත මන්ත්‍රීවරුන්ට නිකුත්කර තිබේ.
ආණ්ඩු පක්ෂයේත් විපක්ෂයේත් නවක මන්ත්‍රීවරුන් රැසක් තමුන්ට හිමිවූ තීරුබදු රහිත වාහන ආනයන බලපත්‍ර ව්‍යාපාරිකයන්ට අලෙවි කර ඇත.
මෙම බලපත්‍රය යටතේ වෙළෙඳ පොළේ රුපියල් ලක්ෂ 300 ක් පමණ වන වාහනයක් රුපියල් ලක්ෂ 150 ක් පමණ මුදලකට මිලදී ගත හැකිය.
බස්නාහිර පළාතෙන් පාර්ලිමේන්තුවට පත්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරියක් සිය වාහන ආනයන බලපත්‍රය රුපියල් දශ ලක්ෂ 12.5 කට අලෙවිකර ඇති අතර සන්ධානයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙක් සිය වාහන බලපත්‍රය රුපියල් දශලක්ෂ 16.5 කට අලෙවිකර ඇතැයි වාර්තා වේ.
ඇතැම් මන්ත්‍රීවරු සිය තීරුබදු රහිත වාහන ආනයන බලපත්‍රය යටතේ මිලදීගත් වාහන රුපියල් දශලක්ෂ 25 ත් 27 ත් අතර මුදලට ව්‍යාපාරිකයනට අලෙවිකර ඇත.
මේ අතර නවක මන්ත්‍රීවරු කිහිප දෙනකු සිය වාහන ආනයන බලපත්‍ර රුපියල් කෝටි ගණනකට අලෙවි කිරීම සඳහා ව්‍යාපාරිකයන් සමග සාකච්ඡා පවත්වා ඇතැයිද වාර්තා වේ.