ඕකට රැග් කරන උනුත් එයි රැග් කරන උන්ව එලවන්න.
ඊයේ ජගත් මහත්තයා අලුත් ආපන ශාලාවක් විවෘත කරා නේද දමින්දලට තේ වතුර බොන්න? ගියේ නැද්ද බයික්කේ?
....
අප මිත්‍ර රංජි මනෝජ් කියන්නෙ දේශපාලන ක්‍රියාකාරිකයෙක් හා ව්‍යාපාරිකයෙක්. ඔහු යම් ව්‍යාපාරයක් ආරම්භ කරන්නෙ හැකි උපරිම ශක්තිය යොදවලායි. කැෆේ බයි ටිල්මා ආරම්භ කරන්නට ඔහු රටරටවල ගිහින් හොඳම උපකරණ ගෙන ආවා. ඔහු ආමන්ත්‍රණය කරන්නට උත්සාහ කරන්නෙ මතුගම වැදගත් හිස් තැනකට.
ඩීසන්ට් විදියට කෑම ටිකක් කන්න, කෝපි එකක්, තේ එකක් බොන්න මතුගම තැනක් නැහැ. මතුගම කලුතර පාරෙ Cafe by Tilma දැන් ඒ අඩුව සපුරන්නට සූදානම්.
ඊයේ සොඳුරු සැඳෑවක ඒ මනරම් කැෆේ එක සුහද මිතුරු හමුවක් සමග සජබ මන්ත්‍රී ජගත් විතාන අතින් විවෘත වුණා.
රංජි මාලිමාවට බොහෝ උපකාර කරන කෙනෙක්. ඉතින් දේශපාලන මිතුරන් බොහෝ දෙනෙකුත් එහිදී හමු වුණා. ඔවුන්ගේම ටිල්මා නිෂ්පාදනයක් වන බර්ලෝ බබල් ටී එකක වෙල්කමිං රසය විඳ විඳ මං අල්ලාප සල්ලාපයක වැටුණෙ මන්ත්‍රී සංජීව රණසිංහ එක්ක.
ගෙදර යන්න කලින් හන්දියෙ රෑ කඩෙන් ප්ලේන්ටියක් බීලා සිගරැට්ටුවක් බිව්වෙ මාලිමා පළාත් පාලන මැතිවරණ අපේක්ෂක ජගත් මද්දගේ එක්ක.
රසවත් කෑම වේලකට, තේ එකකට ඔබත් යන්න Cafe by Tilma.
-ajith perakum jayasinghe-