(1. ඔන්න මුලින්ම - )
"බලන්න මෙහෙම ජීවිත් වෙන්න පුලුවන්ද කියලා?"...."ඒකනේ ගෑස් සිලින්ඩරෙත් ඊයේ රෑ..." ..." ඔව් අනේ දරුවට කිරි පිටි...." ..." සතියෙන් පඩිය ඉවරයි...එතකොට ලයිට් බිල්....".."දුවට ඒ කෝස් එක කරන්න තව සල්ලි මදිවගේ..!.. " එළවලු වල ඊයෙ තිබ්බ මිළ...!.".... "මුන් තව හිටියොත් නම් අපි...."...."ඔව්, ඔව් අපේම රීරි හූරන් කනවා...!
"සවන් දෙන්න...ජාතික ගීයට දමිළ වදන් පෙළක් එක් කිරීමට අප සැරසෙමු....!!!!!"
"ඇඩ්ඩෝව්...!....වරෙව්, නැගෙව්, නිදා සිටියා ඇතිව්, අහවල් එක කිරීම නවතව්, පිබිදෙව්, මගට බසිව්, වටලව්...!!...මේක අපේ මෙව්ව එක ඩෝ....!...තොපි එකෙක්ට වත් මේකෙ රඟන්න බෑ ඩෝ...!...චිරාත් කාලයක් තිස්සෙ මේකෙ රැඟුවෙ අපි විතරයි ඩෝව්...!...පඬු අබා ඉටිය මව් බිම ඩෝව්..!...මොන දෙමළ කෑලිද ඩෝව්...!..ඇර, ඇර වාන්සේ ඇර....!....පිබිදී මගට බෂිව්....!...සරම කරට ගනිව්...!...නැත්තන් හෙට හවස හතර විතර වෙන කොට වඳ වෙන්න සැරසෙව්...!"
(2. ඔය අතරේ - )
"මේක ගැන පුළුල් කතිකාවතක් ඇති කළ යුතුයි....ජාතික ප්‍රාගුණ්‍ය තුළ දමිළ සන්ධ්වනිකෘතය පිහිටීම නිසා, මෙහි නිෂේධනාකල්ප කතිප්රාධිකාරියට පත්ව, මෙවැනි උත්සාහයන් තුළින් ද්වි ද්වනිත ද්වෛදයන් බිහිවීම මගින් අප ඉදිරියට තල්ලු වෙනො....!"
" මොන කතිකාවතක් වත් බෑ...මේක කළොත් අපි මාළිගාව ඉස්සරාට ඇවිල්ලා වා බොනවා...!"
"ඔව් බුජ්ජිමත් ප්‍රේක්ෂකයිනි...!...අද අපි සාකච්චා කිරීමට බලාපොරොත්තු වන්නේ, ජාතික ගීය...."
"අපට දුරකථන ඇමතුමක් ලැබෙනවා ... කථා කරන්න.... " " ආ...මම මේ නන්දාවතී මහරගමින්...අනේ අපේ ජාතික ගීයට කෙළින්න එපා කියලා මම වැඳලා ඉල්....." " ටීප්...ටීප්..ටීප්..."..." ආ...මම මේ සමරතුංග කලුතරින්...මේක ඇත්ත වසයෙන්ම හොඳ දෙයක්...අපේ දොරේලට මතක් වෙන්නෙම මේ වගේ හොඳ දේවල් මයි..."
"...චන්ද්‍රයා හත් වැන්නේ ප්රමුඛව, අට වැන්නට කුජ පැමිණ තිබෙන නිසාත්, මාර්තු වෙන විට, මේ රටේ කේන්ද්‍රයේ නම වැන්නේ හිටින ග්‍රහයාව සෙනසුරුට ජනේලයෙන් පෙනීම නිසාත්, ජාතික ගීය වෙනස් වෙන්න ඉඩකඩ තියෙනො..."
(3. එතුමා සහ පිරිස පෙරට පැමිණ - )
"ජාතික ගීයට කිසිදු වෙනස් කමක් සිදු කරන්න පියාගේ හෝ පියාගේ රජයේ හෝ කිසිම අදාසක් නෑ...ජාතික ගීය පණ මෙන් සුරකින බවට එතුමා සාතික වෙනෝ....මේ ගීය අපේ හද ගැස්ම අනුව ලියැවිලා තියෙන්නෙ....මේ අසත්‍ය ප්රචාරයන්ට අවු වෙන්න එපා මෙයාලා...මේවා මේ දුර්දාන්ත විපස්සය කරන දූසිත කට කථා ප්‍රචාරයන්.."
" මගේ රටේ ජාතික ගීය මම පණ මෙන් සුරකිනවා....හාන්දුරුවනේ...!....එඩුවාන්ගල් උලෙයිවරුක්කුම් එන්ඩු පෝම්...!..."
(4. මේ සියල්ලටම පසුව - )
"බලන්න එතුමා කෝම හරි මේ තිරිසන්නුන්ගෙන් / දේශ ද්‍රෝහියන්ගෙන් / මාක්ස්වාදී වසලයන්ගෙන් / පර දෙමළුන්ගෙන් / හම්බයන්ගෙන් / කුමන්ත්‍රණ කාරයන්ගෙන් ජාතික ගීය බේර ගත්තු හැටි....!!...."..." දැක්කද ඊයේ ටී.වී. එකේ දුන්නු ටෝක්ස් එක...".... " ඒක නේන්නං..."..."පුරුසයා කෝමද ඉදිරියට ආපු හැටි.."... " මට පණ්ඩුකාභය මතක් උනා ඕයි....තාම ඇඬෙනො..."...." හසන්ත, අපි පින් කරළා, හසන්ත..."..." මෙන්න මිනිස්සු...!..අරූ හිටිය නම් බේරයිද ඔහොම...?"...."ඒකනෙ කියන්නෙ...මොනා උනත් ලේ කකියන මිනිහෙක් නේ..."....