අළුත් වැඩේ Gentleman නමින්
Gangnam Style මගින් යූ ටියුබ් වෙබ් අඩවියේ නව වාර්තාවක් තැබූ දකුණු කොරියානු පොප් තරුව PSY තවත් අළුත් නිර්මාණයක් මගින් එම වාර්තා කුඩු පට්ටම් කිරීමට සමත්ව තිබෙන බව වාර්තා වේ.
කතාව මෙසේය.
PSY විසින් නිර්මාණය කර තිබෙන ඔහුගේ නවතම ගීත වීඩියෝව වන Gentleman පසුගියදා ඔහු යූ ටියුබ් වෙබ් අඩවියට ඇතුළත් කළා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම වීඩියෝව එක් දිනක් තුළදී මිලියන 38 ක නරඹන්නන් පිරිසක් බලා තිබූ බවත් එය යූ ටියුබ් වෙබ් අඩවියේ දිනක් තුළ වැඩිම පිරිසක් නැරඹූ වෙබ් අඩවිය ලෙස වාර්තා අතරට මේ වනවිට එක්වී තිබෙන බවයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් යූ ටියුබ් හි, ප්‍රධානියෙකු පවසා තිබෙන්නේ මීට පෙර එක් දිනක් තුළ වැඩිම පිරිසක් නැරඹූ වීඩියෝව ලෙස වාර්තාව තබා තිබුණේ 2102 වසරේදී KONY නැමති කෙටි චිත්‍රපටය බවත් මිලියන 30 ක පිරිසක් එක් දිනක් තුළ එම වීඩියෝව නරඹා තිබූ බවයි.
මේ අතර, යූ ටියුබ් හි, මේ දක්වා වැඩිම පිරිසක් නැරඹූ වීඩියෝව ලෙස වාර්තා තබා තිබෙන්නේද PSY ගේ Gangnam Style වීඩියෝවයි. එය නරඹා තිබෙන පිරිස බිලියන 1.5 කි.
Gentleman වීඩියෝව මුල් දින හතරේදී මිලියන 100 ක පිරිසක් නරඹා තිබෙන අතර Gangnam Style වීඩියෝව මිලියන 100 ක පිරිසක් නැරඹීමට දින 50 කට වැඩි ගණනක් ගොස් තිබුණා.
PSY ගේ නවතම Gentleman වීඩියෝව මෙන්න