නවසීලන්තයෙන්

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    ශ්‍රී ලංකා ඇරයුම නවසීලන්තයෙන් ප්‍රතික්ෂේපයි


    නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතා විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනය ප්‍රතික්ෂේප කර තිබේ.

    හෙට දින කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නවසීලන්ත හා ශ්‍රී ලංකා කණ්ඩායම් තරගවදින අවසන් පූර්ව තරග‍ය නැරඹීමට එන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නවසීලන්ත අග්‍රාමාත්‍යවරයාට ආරාධනා කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් සඳහන් කර තිබිණි.

    එසේ වුවද නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනය ප්‍රතික්ෂේප කළ බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශකයා විසින් NZPA මාධ්‍යයට පවසා තිබේ

    :lol::lol::lol: nikan nodndi wenawa ape buwa
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    ආරාධනය ගැන සතුටු වුණාලු-ඒත් එන්න විදිහක් නෑලු..

    නවසීලන්ත හා ශ්‍රී ලංකා කණ්ඩායම් අතර හෙට(29)පැවැත්වෙන 2011 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගය නැරඹීම සඳහා පැමිණෙන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් කරන ලද ආරාධනය පිළිබඳ තමන් සතුටට පත්වන බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජෝන් කී මහතා විසින් දන්වා ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.

    එසේ වුවද නවසීලන්තයේ ප්‍රාන්ත රාජ්‍යයන්හි සංචාරයක නිරත වූ නවසීලන්ත අග්‍රාමාත්‍යවරයා වෙලිංග්ටන් අගනුවරට පැමිණි වහාම යළි සංචාරයක් කිරීම සඳහා කාලවේලාවක් නොමැති බව දන්වා ඇතැයි ජනාධිපති මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ ජෙනරාල් බන්දුල ජයසේකර මහතා අද දෙරණට කියා සිටියේය.

    එබැවින් අග්‍රාමාත්‍යවරයා නියෝජනය කරමින් ඉන්දියාවේ නවදිල්ලි නුවර සිටින නවසීලන්ත මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවට පැමිණෙන බව නවසීලන්ත විදෙස් කටයුතු අමාත්‍යංශය දන්වා ඇති බව ජයසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේය.
     
    • Like
    Reactions: flag au:

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    මේකත් ඉතින් ලොකු කරන් දගලනවනෙ.නවසීලන්තෙ අගමැතිට මොකක් හරි වැඩක් තියෙනව ඇති.
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    machan unta invite karana eka ape yuthukama , ena noyena eka unge wedak
    ape pathen wenna oona dey karala ney thiyenny

    අනේ මන්දා බන්...
    ආවෙ නෑයි කියලා අපිට නෝන්ඩියක් වෙන්නෙ නැහැනෙ....

    ජෝන් කී ට ඇවිල්ලා නෝන්ඩි වෙන්න බැරුව ඇති...

    සමහරක් බලන් ඉන්නෙ හැම මඟුලම ජනාධිපතිතුමාගෙ ඇඟේ ගහන්න...

    පාකිස්තාන් ජනාධිපතිටයි, අගමැතිටයි ආරාධනා කරලා තියෙන්නෙත් මන්මෝහන් සිං...

     

    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    අනේ මන්දා බන්...
    ආවෙ නෑයි කියලා අපිට නෝන්ඩියක් වෙන්නෙ නැහැනෙ....

    ජෝන් කී ට ඇවිල්ලා නෝන්ඩි වෙන්න බැරුව ඇති...

    සමහරක් බලන් ඉන්නෙ හැම මඟුලම ජනාධිපතිතුමාගෙ ඇඟේ ගහන්න...

    පාකිස්තාන් ජනාධිපතිටයි, අගමැතිටයි ආරාධනා කරලා තියෙන්නෙත් මන්මෝහන් සිං...


    ow bn sirawata
    hama reddatama deshapalayana
    moda harak tikak inne meke dan
     

    mahendra@etf

    Member
    May 15, 2007
    1,011
    17
    0
    The New Zealand High Commissioner (HC) in India will represent the New Zealand Prime Minister at the ICC World Cup 2011 semi-final match between Sri Lanka and New Zealand, Director General President’s Media Bandula Jayasekara told Daily Mirror online