නවසීලන්ත සුදු නෝනා බදා වැළඳගත් 81 විහාරාධිපති අත්අඩංගුවට

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,947
    11,381
    113
    නවසීලන්ත ජාතික සංචාරක කාන්තාවකට ලිංගික අතවරයක් සිදුකළ බවට චෝදනා එල්ල වූ 81 හැවිරිදි විහාරාධිපති ස්වාමින්වහන්සේ නමක ඊයේ සවස කාලයේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි හෙලි කරයි. මෙම සිදුවීම උණවටුන ප්‍රදේශයේ පිහිටි විහාරස්ථානයක සිදුවී ඇත.


    සංචාරක කටයුතු සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින 41 හැවිරිදි නවසීලන්ත ජාතික කාන්තාවක් ඊයේ දිනයේ අදාළ විහාරස්ථානයට පැමිණ ඇත. ඇය විහාරස්ථානයට ගිය අවස්ථාවේ විහාරාධිපති ස්වාමින්වහන්සේ ඇයට ආහාර පාන සැපයීමෙන් අනතුරුව කාමරයකට යන ලෙස උපදෙස් දී ඇත.

    පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වන්නේ කාන්තාව කාමරයට ගිය විගසම විහාරාධිපති ස්වාමින්වහන්සේ ඇය පසුපස ගොස් ඇයව වැළඳගෙන ඇති බවයි. මෙම සිදුවීමෙන් පසු කාන්තාව උණවටුන සංචාරක පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ගොනුකර ඇත.
    උණවටුන සංචාරක පොලිසියට ලද පැමිණිල්ල මත පොලිස් සංචාරක කොට්ඨාස අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී ප්‍රභාත් විදානගමගේ මහතාගේ හා උණවටුන පොලිස් සංචාරක කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක අමිල ප්‍රියංකර යන අයගේ උපදෙස් පරිදි පොලිස් සැරයන් 681032 රණසිංහ නිලධාරියා ඇතුළු කන්ඩායමක් අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර පසුව හබරාදුව පොලිසිය වෙත භාරදී තිබේ.

    ලිංගික අතවරයට ලක්වූ නවසීලන්ත ජාතික කාන්තාව වෛද්‍ය පරීක්ෂණ සඳහා කරාපිටිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කරමින් සිටී.
    හිමි නම අධිකරණයවට ඉදිරිපත් කිරීමට නියමිතය.

    මුට දැන් කියන්නෙ චීවරදාරියා කියලාද? 81 වෙනකම් වහන්සෙ කියලා වැන්දා නෙද?
    ------ Post added on Jul 17, 2025 at 4:32 PM
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    Thattayo sasaneth kaala ,Ratath kanawa
    අයියෝ ඔව්වා මහනායකලාට අවුලක් නෑ.. හැබැයි බුදුන් උපන් දේශය ලංකාවයි කියලා කිව්වොත් එහෙමත් නැතිනම් "මම රහත්" කියලා හාමුදුරුවෝ කෙනෙක් කිව්වොත් එහෙම විනාසයි... කඩි ගුලක් ඇවිස්සුවා වගේ බෞද්ධයෝ දඟලන්නේ... :yes: :yes: :yes:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇයට ආහාර පාන සැපයීමෙන් අනතුරුව කාමරයකට යන ලෙස උපදෙස් දී ඇත.
    Dog Meme GIF by DogeBONK
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,478
    32,216
    113
    පළවෙනි දේ රාජ්‍යයි, ආගමයි කියන්නෙ දෙකක් කියල පිළිගන්න සුදානම් වෙන්න ඕන රටේ මිනිස්සු ඔක්කොම,
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,692
    5,536
    113
    Only left 10% of real/truthful monk who know/follow actual Buddhism.
    Don't fall/ entrap in to most of the preachers, who tell for their benefit of bad tattayas.
    Even Main, So Called Mahanayaka Thera Also Useless shits
     
    • Like
    Reactions: Yin And Yang

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,991
    5,672
    113
    පළවෙනි දේ රාජ්‍යයි, ආගමයි කියන්නෙ දෙකක් කියල පිළිගන්න සුදානම් වෙන්න ඕන රටේ මිනිස්සු ඔක්කොම,
    :yes::yes::yes::yes::yes:
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    පළවෙනි දේ රාජ්‍යයි, ආගමයි කියන්නෙ දෙකක් කියල පිළිගන්න සුදානම් වෙන්න ඕන රටේ මිනිස්සු ඔක්කොම,

    ඇයි දෙකක් නෙමෙයිද ඒක මෙච්චර කල්? 🙃

    "මම රහත්" කියලා හාමුදුරුවෝ කෙනෙක් කිව්වොත් එහෙම විනාසයි... කඩි ගුලක් ඇවිස්සුවා වගේ බෞද්ධයෝ දඟලන්නේ... :yes: :yes: :yes:

    🤣🤣
    ------ Post added on Jul 17, 2025 at 5:30 PM