නව:අගමැතිවරයෙක්

cygnett

Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    නව:අගමැතිවරයෙක්

    ජනාධිපති වූ වහාම නව අගමැතිවරයෙක් පත් කරනවා – සජිත් ජාතිය අමතමින් කල කතාව. (Video)




    ගෞරවනීය ස්වාමින් වහන්ස, හින්දු, ඉස්ලාම්, කිතුනු ආගමික නායකයිනි,
    මිත‍්‍රවරුනි,

    පසුගිය සති කිහිපයේ මම මේ රටේ බොහෝ මැතිවරණ බලප‍්‍රදේශවල රැස්වීම් 125කට වඩා සහභාගී වුනා. විවිධ වෘත්තීයවේදීන්, ජන කණ්ඩායම් හා නායකයින්, සමාජ ක‍්‍රියාකාරීන් හා ආගමික නායකයින් සමග පුළුල් හා ගැඹුරු සංවාදයක නියැලෙන්නට මට හැකියාව ලැබුණා. එහිදී මට හැඟී ගියා අපගේ මව්බිම නව උපතකට සූදානම් වෙමින් පවතින බව. නව වෙනසකට අපේක්ෂාවන් දල්වාගෙන සිටින බව. එමෙන්ම අපගේ ජනතාව පැවතුනු පවුල්වාදී, ගජමිතුරුවාදීා දේශපාලනය වෙනස් කිරීමට අධිෂ්ඨාන කරගෙන ඇති බව.

    ශ‍්‍රී ලංකාවේ සිව් කොනේම ජනතාව මා සමග එක් වෙද්දී විශේෂයෙන්ම කාන්තාවන් හා තරුණයින් මගෙන් ඇසූ ප‍්‍රශ්ණ ගණනාවක් තිබෙනවා. මොනවාද ඔබ අපට ලබා දෙන අවස්ථාවන්, කවර ආකාරයක රැුකියා අවස්ථාවන් අපට ලැබෙයිද, අපගේ ජීවිත දියුණු කරගන්නට ජීවන බර අඩුකරගන්නට ඔබේ ප‍්‍රතිපත්ති මොනවාද?

    නමුත් තවත් එක් වැදගත් ප‍්‍රශ්ණයක් ඔවුන් සියළු දෙනාම මගෙන් ඇසුවා, ඒ තමයි දේශපාලකයින්, විශේෂයෙන්ම 225ක් වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් අපව තව වතාවක් රැුවටීමට ලක් කරයි ද? ඔවුන් නැවතත් පැරණි පුරුදු ක‍්‍රමයටම රට සූරාකමින් තමන්ගේ පවුල් තර කරගනියි ද? මේ ¥ෂිත ක‍්‍රමය වෙනස් කර ගැනීමට ඔබට ඇති වැඩපිළිවෙල හා අපට දෙන සහතිකය කුමක් ද?

    මුළු රටටම ඇති බලගතු පොදු අපේක්ෂාව නම් මේ කුණු වුණු දේශපාලන හා සමාජ ක‍්‍රමය වෙනස් කරගන්නේ කෙසේ ද යන්න බව මම තේරුම්ගත්තා.

    ප‍්‍රශ්ණ විසඳීමට කමිටු දැමීමෙන් වාඩිවී සිටීමෙන්, පොරොන්දු ලබා දීමෙන් හෝ වැඩි වැඩියෙන් පොරොන්දු ලබා දීමෙන් හෝ වැඩි වැඩියෙන් මුදල් යෙදවීමෙන් හෝ මේ සැඟවුණු ¥ෂිත ක‍්‍රමය වෙනස් නොවන බව මමද විශ්වාස කරනවා. ඒ සඳහා විසදුම දේශපාලන බලය හොබවන පුද්ගලයිනුත් දේශපාලන බලය හොබවන ආකාරයත් වෙනස් කරන එක කියලයි මම හිතන්නේ

    අපගේ ජනතාව අව්වෙන් වැස්සෙන් හා පරිසරයෙන් බැටකද්දී එකතැන පල්වෙන ආර්ථික ප‍්‍රතිපත්ති විසින් සූරාකද්දී, මහජනතාව සිය ගරුත්වය අහිමිවී වේදනාබරව සිටිත්දී සුළු පිරිසක් විසින් පවුල්වාදී ලෙසත්, ගජමිතුරුවාදී ලෙසත්, රටේ සාරය උරාගෙන, සතුටින් සිටීමේ දුෂ්ඨ චක‍්‍රය අවසන් කළ යුතුව තිබෙනවා. එය කළ හැක්කේ ඔබටයි! එළඹෙන 16 වැනිදා ඔබගේ වටිනා ඡන්දයෙන් මේ කුණු වුණ දේශපාලන ක‍්‍රියාවලිය අවසන් කර සමාජ විප්ලවයකට, සුභ පෙරළියකට පෙරමුණු ගත හැක්කේ ඔබටමය.

    මම ඔබගේ ලොක්කා නොව, නායකයා හා සේවකයා වීමට මම සූදානම් බවට මම ඔබට ප‍්‍රතිඥාවක් දෙනවා

    පැරණි පවුල්වාදී, ගජමිතුරුවාදී දේශපාලනය අවසන් කළ යුතුයි. පැරණි දේශපාලනය අවසන් කළ යුතුයි. එමෙන්ම බියකරු හා ප‍්‍රචණ්ඩ ලෙස බලයේ එල්ලී සිටීමේ ඒකාධිපති දේශපාලනය ද අවසන් කළ යුතුයි. මේ සියල්ල පසුපස ඇති බල තණ්හාව තීරණාත්මකව අවසන් කළ යුතුයි.

    ශ‍්‍රී ලංකාව භූගොලීය ලෙස වටිනා පිහිටීමක් ඇති රටක්ග ශ‍්‍රී ලංකාව ජීවමය අස්වැන්නෙන් පිරීගිය නිල්ල පිරුණු රටක්ග ශ‍්‍රී ලංකාව කුසලතාවයෙන්, නිපුණතාවයෙන් පිරීගිය මානව සම්පත් සහිත රටක්ග

    මගේ එකම අභිලාෂය කුඩා කල්ලියක බල තණ්හාවට මේ සුන්දර හැකියාපූර්ණ රට බිලි නොදී නිපුණතාවයට, කුසලතාවයට මුල් තැන දී ආරක්ෂිත, විනයගරුක, නිදහස්, සමෘද්ධිමත් රටක් බවට මේ රට පත්කිරීම කියලා මම ඔබතුමන්ලට ප‍්‍රකාශ කරන්න කැමතියි

    අපගේ ආගමික විශ්වාසයන් බෞද්ධ වේවා, හින්දු වේවා, ඉස්ලාම් වේවා, කිතුණු වේවා අපගේ ප‍්‍රධාන සතුරා වන්නේ මේ බල තණ්හාවයි. කුඩා කල්ලියක් විසින් මහ ජනතාවගේ අපේක්ෂාවන් සිර කර ඇති බල තණ්හාවයි. මගේ සමාජ විප්ලවය ඔබව එයින් නිදහස් කර ගැනීම ස`දහා ය කියන එක මම පැහැදිලිවම ඔබට ප‍්‍රකාශ කරන්න ඕනග

    වරක් බුදුන් වහන්සේ මෙසේ දේශනා කලා.

    ‘‘පාලකයා, එනම් රජු යුක්තිගරුක හා ධාර්මික වේ නම් ඇමතිවරු යුක්තිගරුක හා ධාර්මික වෙති. ඇමතිවරු යුක්තිගරුක හා ධාර්මික වේනම් රාජ්‍ය නිලධාරීන් යුක්තිගරුක හා ධාර්මික වෙති. එවිට සකල ජනතාවම යුක්ති ගරුක හා ධාර්මික වෙති එවිට පරිසරය ද යුක්තිගරුක හා ධාර්මික වේ.’’

    මගේ අරමුණ මේ යුක්තිගරුක හා ධාර්මික වෙනස පාලනයේ මුදුන් කොතෙන්ම එනම් ජනාධිපතිධූරයෙන්ම ආරම්භ කිරීම සහ බල කාමය මුලිනුපුටා දාලා පරාර්ථකාමය රටට ආදර්ශයක් ලෙස ලබා දෙන්න කියන එක මම බොහොම අධිෂ්ඨානශීලීව ප‍්‍රකාශ කරන්න ඕන.

    මම මෙය සිදුකරන්නේ තනි තීරණ ගන්නා ලොක්කෙකු ලෙස නෙමෙයි. නව තරුණ, අවංක, යුක්තිගරුක හා ධාර්මික අමාත්‍ය හා නිලධාරී කණ්ඩායමක් ද සමගයි කියන එක මම අවධාරණය කරනවා.

    මම අපගේ මැති ඇමතිවරුන්ට සිය දේශපාලන බලය යොදා ව්‍යාපාර කිරීමට තිත තබනවා.

    මම අපගේ මැති ඇමතිවරුන් සිය පවුලේ ඥාතීන්ගෙන් රාජ්‍ය ආයතන පිරවීමේ දුෂ්ට ක‍්‍රියාවලියට තිත තබනවාග මම වැදගත් උපායමාර්ග රාජ්‍ය ආයතන දේශපාලන හිතවතුන්ගේ පාලනයට නතු කිරීමේ ක‍්‍රියාවලියට තිත තබනවා.

    මම සිය වත්කම්, බැරකම් විවෘතව ප‍්‍රකාශ කරනා, වෘත්තියවේදී තරුණ ඇමති මණ්ඩලයක් නිපුණතාවයෙන් යුතු නිලධාරී මණ්ඩලයක් රටට හදුන්වා දෙන බවටත් සංවර්ධන හා සමාජ ඉලක්ක හ`දුන්වා දී ඒවා ස්වාධිනව සොයා බැලීමට හැකි විශේෂ ආයතනයක් ජනාධිපති කාර්යාලයේ පිහිටුවන බවත් ඔබට පොරොන්දු වෙනවා.

    මම හිංසකයින්ට, ජාවා රම්කරුවන්ට, උ ම තු ආ ග මි ක අ න්ත වා දීන්ට කිසිදු සමාවක් හෝ පවාකින් තොරව නීතිය ක‍්‍රියාත්මක කරනවා.
    මම මේ රටේ මන්ත‍්‍රීවරුන්ට වාහන බලපත‍්‍ර ලබාදීමේ හා ආරක්ෂාව ලබා දීමේ ප‍්‍රභූවාදී දේශපාලන සංස්කෘතිය සහමුලින්ම නතර කරන බවට ඔබ සැම ඉදිරියේ ප‍්‍රතිඥාවක් දෙනවාග

    ස්ත‍්‍රී යින්ට, ඞීල්කාරයින්ට, අ න්ත වාදී න්ගේ, පා තා ල ලෝකයේ අ පාය සහායකයින්ට දේශපාලන රැකවරණ ලැබීම අවසන් කිරීමට මම අධිෂ්ඨාන කරගෙන ඉන්නවා.

    මම මේ රටේ සැගවුණු දේශපාලන සංස්කෘතිය වෙනුවට, නැවුම්, තරුණ, පිරිසිදු, නිපුණතාවාදී දේශපාලන සංස්කෘතියකට ගමන් කිරීමට දැඩි හා ඍජු පියවර තබන්න මම සූදානම්.

    එහිදී, මා ජනාධිපතිධූරයට පත්වූ වහාම පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගත හැකි නව අග‍්‍රාමාත්‍යවරයෙක් පත්කරන බවට මම ඔබට ප‍්‍රකාශ කරන්න කැමතියි.

    මාගේ ඇමති මණ්ඩලයට අක‍්‍රමිකතා පිළිබද චෝදනා ලත් කිසිවෙක් ඇතුළත් කර ගන්නේ නැහැ. හැකිතාක් ඉක්මනින් සාධාරණ මැතිවරණයක් පවතවලා ස්ථාවර නව ආණ්ඩුවක් පිහිටුවන්න මම ක‍්‍රියා කරනවා. ජාතික ලයිස්තුව තුල වෘත්තීයවේදීන්ට කාන්තාවන්ට නිසි තැන දෙමින් අලූත් ආදර්ශයක් ලබා අපි ලබා දෙනවා.

    නව තරුණ අපේක්ෂකයින්ට මහා මැතිවරණය හා ඉන් පසුව පවත්වන පළාත් සභා මැතිවරණයේදී අවස්ථාව ලබා දෙනවා. එහිදී ද කාන්තාවන්ට නිසි තැන අපි ලබා දෙනවා.

    එමෙන්ම නව ව්‍යවස්ථාවක් තැනීමේ කාර්යය පාර්ලිමේන්තුවට සීමා නොකර ජනතාව අතරට ගොස්, ජනතා ව්‍යවස්ථාවකට අදහස් ලබාගෙන සියළුම ජන කණ්ඩායම්වලට තමා ශ‍්‍රී ලංකාවේ පුරවැසියෙක්ය යන හැගීම ඇති වන නව ව්‍යවස්ථාවකට අවශ්‍ය මහා සම්මුතිය පාර්ලිමේන්තුව තුළත්, ජනතාව තුළත් ගොඩ නගන්න මම අවංකවම කැපවෙනවා.
    ජනතාවගේ ඍජු කැමැත්ත ඒ ව්‍යවස්ථාව සදහා ලබාගෙන මිස එය ක‍්‍රියාත්මක කරන්නේ නැහැ.

    දශක ගණනාවක මාගේ දේශපාලන අත්දැකීමෙන් සහ ජනතාවගේ පසුගිය සති කිිහිපය තුළ මට ලැබුණු ආශ්වාදනීය ප‍්‍රතිචාර හා අදහස්වලට සිය දහස්වාරයක් ගරුත්වය දක්වමින් නව සමාජ විප්ලවයකට අපි ශ‍්‍රී ලංකාව එක්ව ඉදිරියට ගෙන යමු.









    16න් පසු සජිත් ප්‍රෙමදාසගේ දේශපාලන ජිවිතේ ඉවරයි, තමන්ගේ වල තමන් විසින් කපාගත්තා.
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Anuraya innakam Sajith ta oka karanna ba:D:yes::yes:;);):D:D Premadasa kara wage me jvp set eka ussala tyre tour ekak dunna nam 88/89 wage wade goda daganna puluwan:D:D:yes::yes:;);):D:D
     

    cygnett

    Well-known member
  • Dec 3, 2015
    338
    267
    63
    දැන් සජිත් ජනාදිපති නම් මොකටද කොටි ගනං සල්ලි වියදම් කරලා චන්ද තියන්නේ.


    ජනාධිපති වූ වහාම නව අගමැතිවරයෙක් පත් කරනවා.
    :D:D:rolleyes::rofl::rofl::rofl:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ පව් 17 එලි වෙද්දි මිනිහ බෙල්ලෙ වැලවත් දාගනීද මන්ද ඒ තරන් ඇදල ඉන්නෙ.... :lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: HKavinda

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    Mehema Jathiya amathanna puluwanda anith apekshakayantath...?? Meka methiwarana nithi ullanganaya kirimak neweda..?
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    දැන්මම ඉඳන් රනිල්ට වල කපන්න හැදුවොත් 17න් පස්සේ සජියත් වලේ තමා

    "පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගත හැකි නව අග‍්‍රාමාත්‍යවරයෙක්"
    බහුතරේ කාටද ඉතින්.:P
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka

    මාගේ ඇමති මණ්ඩලයට අක‍්‍රමිකතා පිළිබද චෝදනා ලත් කිසිවෙක් ඇතුළත් කර ගන්නේ නැහැ.


    Ekianne amathi mandaleta daanna ekekwath nene meka gaawa...
    :lol::lol:
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    "පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගත හැකි නව අග‍්‍රාමාත්‍යවරයෙක්"
    බහුතරේ කාටද ඉතින්.:P

    Ranilma thamayi,, ekane nokiya kiyanne..

    Sajith podi welawakata dunna athal eka kewa Akilaya...:lol::lol::lol:
    oya kiyanne..

     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,539
    72,748
    113
    මාලඹේ
    1ywgPbj.png
     

    Similar threads